Latest Recipes

Bring to the table win-win survival strategies to ensure proactive domination. At the end of the day, going forward, a new normal that has evolved from generation.
June 20, 2023
181.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බැදගත් කොස් ඇට 30,
  • ගා ගත් පොල් කෝප්ප 1,
  • සීනි 100g,
  • ලුණු,
  • ගම්මිරිස්,
  • වතුර,
  • කොස් ඇට 30කට වඩා ඕනි නම් සීනි ප්‍රමාණ වෙනස් කරගන්න වෙනවා

 

සාදන ක්‍රමය

  • ඉස්සෙල්ලා ම කොස්ඇට ටික  වංගෙඩියකට දාලා කොටාගන්නවා. ඊට පස්සේ පොල් කෝප්පය දාලා ආයෙත් කොටාගන්නවා. 
  • මේ මිශ්‍රණය භාජනයකට දාලා ඒකට අවශ්‍ය පමණට ලුණු, ගම්මිරිස් කුඩු සහ වතුර එකතු කර හොඳට අනාගෙන අග්ගලා ගුලි හදාගන්නවා.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 19, 2023
35.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බාස්මතී ග්‍රෑම් 500 
  • රතු මිරිස් කරල් 2 ක්  
  • බී ළුණු ගෙඩි 2- 3
  • සුදුළූණු ස්වල්ප වශයෙන් 
  • අමු ඉඟුරු ස්වල්ප වශයෙන් 
  • ඉස්සො ග්‍රෑම් 100 ක්
  • කටු රහිත කුකුළු මස් ග්‍රෑම් 100 ක් 
  • ලුනු ගම්මිරිස් කුඩු තේ හැදි 2 ක් 
  • සීනි තේ හැඳි බාගයක් 
  • ලපටි බෝංචි කරල් ග්‍රෑම් 75 

සාදන ක්‍රමය

  • පළමුවෙන්ම බැරි නොවන සේ නියමිත පදමට බත පිසගන්න .
  • එයට පසු රතු මිරිස් කරල් ළුණු, ලූණු, සුදු ළුණු, අමු ඉඟුරු එකතුකර හොඳින් අඹරා ගන්න.
  • ඉස්සන් කපා සෝදා පොතු ඉවත්කර ඉවත් කර කුකුල් මස් කොටස්  සෝදා පොඩි කැබලි වලට කපා ගන්න.
  • ඉන්පසු තෙල් ස්වල්පයක් අඩු ගින්දර රස්නයට රත්වන්නට තබා පළමුව ඉස්සන් සහ මස් කැබලි දමා බැද ගන්න .අනතුරු අඹරා ගත් මිශ්‍රණය එයට එක්කර එයට පසු බෝංචි දමා බැදගෙන සීනි මිශ්‍ර කරගන්න .අවසානේ උයාගත් බත තෙලට එක්කර හොඳින් හොඳින් කලවම් කරගන්න .

June 19, 2023
191.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

කුරක්කන් පිටි ග්‍රෑම් 100 ක්,

රතු කැකුළු හාල් පිටි ග්‍රෑම් 50 ක්,

පොල් ග්‍රෑම් 80 ක්,

ලුණු ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • පිටි දෙවර්ගයම එකට කලවම් කරන්න.
  • පොල් වලට ලුණු හිස පිටි සමග කලවම් කරන්න.
  • ස්ටීමරය ලිප තබා උතුරන විට පිට්ටු සාදාගන්න.

June 19, 2023
148.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

කිරි පිටි මේස හැදි 3ක්, 

අඟල් 6 ක පමණ උස වීදුරුවකින් උණු වතුර 1ක්,

සීනි මේස හැඳි 3ක්,

රෝස සිරප් ඉහත ගත් වීදුරුවෙන් 1/4 ක්,

රෝස් එසන්ස් තේහැදි 1/4 ක්

සරසා ගැනීමට,

කපාගත් ලෙලි කැබලි කස කසා ඇට ,

වැනිලා අයිස් ක්‍රීම් 

සාදන ක්‍රමය

  • වීදුරුවට රෝස සිරප් ටිකක් දමාගන්න. වෙනත් වීදුරුවකට උණු වතුරේ සහ කිරිපිටි සීනි කලවම් කර කිරි එකක් සාදාගන්න. 
  • මේ රෝස සිරප් වීදුරුවට දමන්න. දැන් රෝස් එසන්ස් දමන්න. ඉන්පසුව පොඟවා ගත් කස කසා ඇට කැබලි සහ වැනිලා අයිස් ක්‍රීම් වලින් සරසා ගන්න. 
  • ෆලුඩා පිළිගැන්වීමට පැය 2 පමණ කලින් කස කසා ඇට ඇල් වතුරෙ දමා පෙඟෙන්නට තැබිය යුතුයි.

June 16, 2023
126-1280x1600.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කිලෝ 1ක් ,

ඊස්ට් ග්‍රෑම් 15 ක් (මේස හැඳි 1 1/2 ක්),

ලුණු ග්‍රෑම් 15 ක්,

සීනි ග්‍රෑම් 50 ක්,

බටර් හෝ මාගරින් ග්‍රෑම් 50 ක් ,

කිරිපිටි ග්‍රෑම් 50 ක්,

අයිස් වතුර මිලිලීටර් 500 ක්

සාදන ආකාරය

  • බදුනකට පිටි, සීනි ,ලුණු, ඊස්ට්, කිරි පිටි දමා මිශ්‍ර කරන්න. ඊට වතුර එකතු කර අතේ නොඇලෙන ප්‍රමාණයට අනා අවසානයේ බටර් දමා අනන්න.
  • අත්තේ ඇලේ නම් තෙල් ටිකක් ගා මිශ්‍රණය විනාඩි 10ක් පමණ අතින් අනන්න. එය විනාඩි 45ක් පිපෙන්න තබන්න .
  • මෙම මිශ්‍රණය තෙත රෙදි කැබැල්ලකින් වසන්න. දැන් මෙම මිශ්‍රණය ග්‍රෑම් 75 බර කොටස් වලට කපා එය රෝල් කර විනාඩි 10ක් තබන්න.
  • ඉන්පසු කිඹුලා බනිස් හැඩේට සාදාගෙන උඩින් වතුර ටිකක් ගාන්න.
  • සීනි කොලයකට එක දමා එය බනිස් ගෙඩිය උඩ තවරා පිපීමට විනාඩි 15ක් සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයකින් විනාඩි 15ක් බේක් කරන්න.

June 16, 2023
115.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

සූදුරු ග්‍රෑම් 250 ක්,

කොත්තමල්ලි ග්‍රෑම් 50ක් ,

කුරුඳු පොතු කැබැල්ලක් ,

කරාබු නැටි කරල් 15 ක්,

සාදික්කා ගෙඩි මදය පෙති කපා ගන්න ,

වසාවාසි කෑලි 3 ක් ,

කලු ගම්මිරිස් මේස හැදි 3 ක් ,

අබ තේ හැඳි එකක් 

සාදන ක්‍රමය

  • මේ සියල්ල වෙන වෙනම කබලේ දමා බදින්න.

  • ඊළඟට සියල්ල එක භාජනයක දමා කුඩුකර ගන්න.

  • වියළි බෝතලයකට අසුරා තබා ප්‍රයෝජනයට ගන්න .

June 15, 2023
50.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සුදු කැකුළු කිලෝ 1 ක්
  • වතුර කෝප්ප 8 ක්
  • මිටිකිරි කෝප්ප 4 ක් 
  • ලුණු අවශ්‍ය පරිදි 

සාදන ක්‍රමය 

  • හාල් ගරා සෝදා නියමිත ප්‍රමාණයට වතුර දමා ලිප තබන්න
  • තද ගින්දර දමා වතුර උතුරන විට මදගින්නේ උයනවා. බඳුන වැසීමට සිහි තබා ගන්න.
  • බඳුනේ වතුර සිඳී ගෙන එන විට ලුණු එක් කළ කිරි එයට දමන්න. මිනිත්තු හතරක් හෝ පහක් මදගින්නේ කලවම් කරමින් තබා පසුව ළිපෙන් ලිපෙන් ඉවත් කර කැමති ආකාරයකට කැබලි කපා ගන්න.

June 15, 2023
139.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • ගෝවා ගෙඩි 1,
  • අඹරාගත් චිකන් ග්‍රෑම් 200,
  • ඉඟුරු, සුදුළූණු පේස්ට් මේස හැඳි 1,
  • චොප්කරගත් ළූණු ගෙඩි 1,
  • කපාගත් ළූණු කොළ ටිකක්,
  • සෝයා සෝස් මේස හැඳි 1,
  • බිත්තර 1,
  • චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්,
  • මිරිස්කුඩු තේ හැඳි 1,
  • කෑලිමිරිස් තේ හැඳි 1,
  • ලුණු හා ගම්මිරිස්කුඩු,
  • පාන්පිටි කෝප්ප 1

 

සාදන ක්‍රමය

  • ගෝවා ගෙඩියෙන් කොළෙන් කොළය ඉරෙන්නෙ නැතුව පරිස්සමට ගලවගන්න. 
  • බෝල් එකක් අරගෙන ගෝවා කොළ දාලා ඒක පිරෙන්න වතුර දාලා ලුණු ටිකක් දාලා විනාඩි 5ක් විතර තම්බගන්න.
  • චිකන් වලට ඉඟුරු සුදුළූණු පේස්ට්, ළූණු, ළූණු කොළ, බිත්තරය, සෝයාසෝස්, මිරිස්කුඩු, කෑලිමිරිස්, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. අන්තිමට කොත්තමල්ලි කොළ දාලා කලවම් කරගන්න.
  • දැන් ගෝවා කොළ එකින් එකඅරන් ෆිලින් එකෙන් ටිකක් තියලා දෙපැත්ත නවලා රෝල් කරගන්න. ස්ටීමරයක තියල හොඳට ස්ටීම් කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා ස්ටීම් කරගත්ත රෝල් ටික දාගෙන වටේ ටිකක් පෑන් ෆ්‍රයි කරලා කෑමට ගන්න.

June 15, 2023
131.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • මෘදු ස්ටොක් සාරය ලීටර් 1 1/2 ක්,
  • චීස් ග්‍රෑම් 250 යි ,
  • ලුනු ස්වල්පයක් ,
  • ගම්මිරිස් ඇට 6යි ,
  • පාන් පිටි 2යි ,
  • බටර් ස්වල්පයක් ,
  • බිත්තර කහ මද 2ක් ,
  • කිරි කෝප්පයක් 

සාදන ක්‍රමය 

  • පාන් කුඩා කැබලි කපන්න. තැටියකට බටර් දමා ලිප තබා නටන විට පාන් කැබලි එකතු කර රන්වන් පාට වනතුරු බැදගන්න. 
  • ඊටම ස්ටොක් සාරය සිහින් පෙති කපාගත් චීස් ද සමග එකතු කරන්න. ලුණු ගම්මිරිස් එකතු කරන්න. හොඳින් කලවම් කර පැය භාගයක් පමණ නටවා ගන්න. 
  • බිත්තර හොඳින් ගසා ගෙන ඊට කිරි එකතු කර සුප් මිශ්‍රනයට ටිකෙන් ටික එකතු කරමින් හැඳි ගා ගන්න. අවශ්‍ය නම් තෙම්පරාදු කර ගෙන උණුවෙන් මේසයට යවන්න.

June 14, 2023
96.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

1 බහාලුම් ෆිලඩෙල්ෆියා චීස්

2 පැකට් ප්‍රංශ විලාසිතාවේ ලේඩිෆින්ගර් කුකීස්

4 මේස හැඳි කුඩු සීනි

1 බහාලුම් විප් ක්‍රීම්

2 1⁄2 කෝප්ප තද උණුසුම් නෙස්කැෆේ සීනි

පැණිරස නොකළ කොකෝවා කුඩු,

1 ෆොස්ෆේට් වැනිලා වෙන් කිරීම සඳහා

සාදන ක්‍රමය

කෝපි පෙරන්න.

මධ්යම භාජනයක් තුළ, මෘදු කඳු මුදුන් ඇති වන තුරු විදුලි මික්සර් සමඟ චීස් හා සීනි ගසන්න. වෙනම භාජනයක් ගෙන විප් ක්‍රීම් ගසන්න. ක්‍රීම් චීස් වලට විප් ක්‍රීම් සහ වැනිලා එකතු කර නමා ගන්න.

තවත් භාජනයක් තුළ උණුසුම් කෝපි වත් කර කුකීස් දමන්න. පැණිරස ක්‍රීම් සමග ලේයර් කුකීස්

පතුලේ ඉහළින් දෙපැත්තට ඉක්මනින් පිළිවෙලට තැබීම

සහ තවත් කුකීස් කට්ටලයක් සමඟ ලේයරින් කිරීම දිගටම කරගෙන යන්න (ස්ථර තුනකට ඉඩ දෙනු ඇත).

ලේයරින් කිරීම සිදු කළ විට, ශීතකරණයක් තබා එය සැකසීමට අවම වශයෙන් පැය 8 ක් වත් ඉඩ දෙන්න. (රාත්‍රිය පුරා ඊටත් වඩා හොඳයි). 


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!