Rice Lunch

May 24, 2023
258.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හාල් අවශ්‍ය ප්‍රමාණයට (සම්බා ),
  • දුන් තෙල් හෝ බටර් ,
  • රට ලූනු රතු ලුණු අවශ්‍ය ප්‍රමාණයට ,
  • කැරට් ලීක්ස් ගෝවා වැනි එළවළු අවශ්‍ය ප්‍රමාණයට ,
  • අර්තාපල් ,
  • කරාබු නැටි,
  • කරද මුංගු, 
  • රම්පෙ

සාදන ක්‍රමය 

  • හාල් ගරා සෝදා පසෙකින් තබන්න.
  • දුන් තෙල් හෝ බටර් සාස්පානකට දමා ලිප තබා කුඩා කැබලි වලට කපා ගත් රතු ළූණු ,රම්පෙ ,කරාබු නැටි හා කරදමුංගු එයට දමන්න.
  • මේ ද්‍රව්‍ය රන්වන් පාට වන විට සේදූ හාල් දමා විනාඩි 10ක් පමණ වේලාවක් තබා බැදෙන්න හරින්න. 
  • ඊට පසු බත තැම්බෙන්නට සෑහෙන වතුර ප්‍රමාණයක් වත් කරන්න. 
  • වෙනත් භාජනයකට දුන් තෙල් ටිකක් දමා රට ලූනු පෙති ගසා එය එක් කරමින් ලිප තබන්න .
  • කුඩා කැබලි වලට කපාගත් කැරට් දමා පසුව ගෝවා කැබලි හීනි තීරු වලට කපා ගත් කපාගත් ලීක්ස් හා අවශ්‍ය පමණට ලුණු එයට එක් කරන්න .
  • තෙම්පරාදු කරගත් මේ එළවළු වලින් සෑහෙන පමණ බතට දමා හොඳහැටි කලවම් කරන්න .පැතිලි දීසියකට බත බෙදා සිහින්ව ලියා තෙලින් බැදගත් අල හා ඉතිරි කරගත් එළවළු මිශ්‍රණය  උඩින් ඉසින්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
257.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සම්බා සහල් ,
  • කැට් උම්බලකඩ ග්‍රෑම් 100ක්,
  • ගම්මිරිස් ඇට 20ක්-25ක්,
  • කරපිංචා ,රම්පේ, සේර,
  • ලුණු ,
  • දුන්තෙල් ,
  • රතු ලූනු පෙති අවශ්‍ය පමණ,
  • කරාබු නැටි 7ක් – 8ක් ,
  • කරද මුංගු කරල් 15ක් ,
  • බත් පාට කිරීමට අවශ්‍ය කහ,
  • පොල්කිරි අවශ්‍ය පමණ 

සාදන ක්‍රමය

  • සාස්පානක් හෝ හට්ටියක දමා දුන්තෙල් රත්කොට රම්පෙ, කරපිංචා, සේර කුඩා කැබලි වලට කපා සපයා ගත් රතු ළූණු පෙති වලින් 1/3 පමණ ගෙන එයත් සමග බදින්න .
  • ලූණු බැදුණා ට පසු සෝදන ලද හාල් ද එහි දමා විනාඩි 3ක් පමණ කලවම් කර කරදමුංගු හැර අනෙක් ද්‍රව්‍ය සියල්ලම මිශ්‍ර කර පොල්කිරි වත් කරන්න .
  • හාල් මඳක් තැම්බුණු පසු කරද මුංගු එකතු කළ යුතුයි . 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
213.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කීරි සම්බා හෝ බාස්මතී හාල් 500g,
  • කරදමුංගු කරල් 6,
  • කුරුඳු පොතු අඟල් දෙකක කෑල්ලක්,
  • බේලීෆ් එකක් (තියෙනවා නම්),
  • බත පිස ගැනීමට චිකන් ස්ටොක් හෝ සුප් කැටයක් දිය කරගත් වතුර,
  • ලුණු,
  • කහ,
  • චොප් කරගත් ළූණු කප් 1/4,
  • රම්පෙ,
  • සිහින්ව කපා ගැඹුරු තෙලේ බැදගත් ළූණු, අල,
  • ගැඹුරු තෙලේ බැදගත් කරපිංචා,
  • බැදගත් කජු හෝ රට කජු,
  • තම්බාගත් ග්‍රීන් පීස්,
  • බටර් මේස හැඳි 2ක් සහ තෙල් තේ හැන්දක්

 

සාදන ක්‍රමය

  • චිකන් ස්ටොක් එක්කර බත බෙරි නොවන සේ පිස ගන්න. බටර් සහ තෙල් වෙනම භාජනයකට දමා රත් වෙන්න තියාගෙන ඒකට කරදමුංගු, කුරුඳු, බේලීෆ්, රම්පෙ, ළූණු, කහ සහ ලුණු එකතු කරගෙන තෙම්පරාදු කරගන්න.
  • සුවඳ එන තරමට තෙම්පරාදු උනාට පස්සෙ පිසගත් බත් ඇර අනිත් සේරම එකතු කරල හොඳින් මිශ්‍ර කරගෙන, අවසානයට බත් එකතු කරගෙන කලවම් කරගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
212.png

අවශ්‍ය ද්‍රව්‍ය

  • බාස්මතී හෝ කීරි සම්බා 600g,
  • කටු රහිත චිකන් 500g,
  • කපාගත් ළූණු ගෙඩි 2,
  • තලාගත් ඉඟුරු සුදු ළූණු මේස හැඳි 1,
  • සූදුරු මේස හැඳි 2,
  • කහ තේ හැඳි 1/2,
  • කරදමුංගු 6,
  • කුරුඳු අඟල් 3ක කෑල්ලක්,
  • මිංචි කොළ කප් එකක්,
  • ගරම් මසාලා තේ හැඳි 2,
  • කපාගත් තක්කලි ගෙඩි 3,
  • රස අනුව ලුණු, ගම්මිරිස්,
  • වියලි මිදි,
  • අවශ්‍ය නම් බැදගත් කජු

 

සාදන ක්‍රමය

  • සහල් හොඳින් සෝදා වතුර බේරා පසෙකින් තබාගන්න. තෙල් හෝ ගී ටිකක් රත් වෙන්න තියාගෙන ඒකට ළූණු, ඉඟුරු සුදුළූණු සහ සූදුරු එක් කර තෙම්පරාදු කරගන්න.
  • මේකටම සෝදා කපාගත් චිකන් ටික එකතු කරගෙන චිකන් ටික බැදෙනකම් පෙරලමින් තෙම්පරාදු කරගන්න. මේ බඳුනටම කහ, කරදමුංගු, කුරුඳු පොතු, මිංචි සහ ගරම් මසාලා එක් කර මිශ්‍ර කරගෙන උතුරන වතුර මිලිලීටර් 450ක් එකතු කරගන්න. 
  • ගින්දර අඩු කර විනාඩි 25ක් පමණ පිසගන්න.
  • විනාඩි 25කට 30කට පසු පියන හැර එයට තක්කලි, ලුණු ගම්මිරිස් සහ සෝදා දිය බේරාගත් හාල් එක් කරගන්න. 
  • හොඳින් මිශ්‍ර කරගෙන භාජනය දෙපැත්තට සොලවා මිශ්‍රණය සමබර කරගන්න. බත ඉදෙන්නට අවශ්‍ය පමණට වතුර එක් කර පියනකින් වසා පිසගන්න. පිසුණු බතට කජු සහ වියලි මිදි එක් කර, මිශ්‍ර කර වසා තබන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
119-1280x720.jpg

අවශ්‍ය දුව්‍ය

  • සම්බා කිලෝ 2 යි,
  • ඉස්සන් ග්‍රෑම් 500,
  • ළූණු කොළ ග්‍රෑම් 400,
  • රට ළූණු ග්‍රෑම් 200,
  • එළඟිතෙල් ග්‍රෑම් 200,
  • ගම්මිරිස්,
  • කරාඹුනැටි,
  • එනසාල් (අඹරාගත්) මේස හැඳි 1 1/2,
  • ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමය

  • ඉස්සන් සුද්ද කරගෙන තම්බා ගන්න. එළඟිතෙල් නටවාගෙන ඉස්සන්, ළූණු කොළ, රට ළූණු සමග ගම්මිරිස් මිශ්‍රණය හොඳින් තෙම්පරාදු කරගන්න. 
  • ඊලඟට හාල්ද ඊට උඩින් ඉස්සන් තැම්බූ වතුරද, අවශ්‍යනම් තවත් වතුරද ලුණුද එකතුකර බත තම්බාගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
87-1280x852.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බී ලූනූ ගෙඩි 2ක් පමණ කොටු කපා,
  • කුඩාවට කපාගත් තක්කාලි ගෙඩියක්,
  • එඵමස් ස්ටොක්එඵමස් වතුර දමා තම්බීමෙන්  හදාගත් වතුර,
  • සුදුඵනු කුඩාවට කපාගත් බික් 3,
  • කරපිංචා කුඩාවට කපාගත්,
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්,
  • බේකන්,
  • එඵමස්
  • එළවඵ තෙල්,
  • බාස්මතී හාල්,
  • green peas

සාදන ක්‍රමය

  • පෑන් 1ක්  එක රත් කර තෙල් ස්වල්පයක් දමා එයට බේකන් හා බී ඵැණු දමා බැදගන්න.බැදුනු පසු එය වෙනම භාජනයකට දමන්න.
  • දැන් එම පෑන් එකටම (නැවත තෙල් දාන්න එපා කලින් බැදගත් තෙලටම) සුදුඵැණු ,එඵමස්, කරපිංචා දමන්න.බාස්මතී හාල් හා එඵමස් ස්ටොක් ද ලුණු හා ගම්මිරිස් සවල්පයක්ද දමා පෑන් 1ක වසන්න.
  • විනාඩි 8ක් පමණ ගිය පසු (බත සෑහෙන පමණට ඉදුනු පසු) green peas හා තක්කාලි එකතු කරන්න.විනාඩි 2ක් පමණ ගිය පසු බැදගත් බේකන් හා සුදුඵැණු මිශ්‍රණය එකතු කරන්න.
  • ලිපෙන් බා ගන්න. පිළිගන්වන්න.

May 24, 2023
81.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සම්බා 01kg,
  • එළවලු   තෙල් ස්වල්පයක්  ,
  • සිහින්ව ලියාගත්   කැරට් 100g,
  • සිහින්ව  ලියාගත් ලිස් කොළ 100g,
  • සිහින්ව ලියාගත් සුදුළුනු බික් 02,
  • සුප් කැට  01,
  • රස පරිදි ලුණු,
  • සොයාසෝස් මේස හැදී 02,
  • තල තෙල් තේ හැදී 1/2,
  • එන්සාහල්  කරල්  03,
  • සිහින්ව  ලියාගත්  ඉගුරු  කැබැල්ලක්

සාදන ක්‍රමය

  • පළමුව සහල් හොදින් 3 වරක් සෝදා පසෙක තබන්න   ඉන් අනතුරුව  භාජනයක්  ලිප තබා  එයට අවශ්‍ය  පමණ වතුර  එකතු කර මද වෙලාවකින්  එළවළු තෙල් ස්වල්පයක් එයට එකතු කර  වතුර උතුරන විට සෝදා පිළියෙළ  කරගත් සහල්  එකතු කර එන්සහාල් කරල් , සහ ලුණු  දමා  නිවසේ  ඔබ පිසගන්නා ආකාරයට බත  පිස ගන්න  පිස ගත්  බත් වෙනත් භාජනයකට වෙන් කර ගන්න .     
  • අනතුරුව  නැවත භාජනයක් ලිප තබා  රත් වූ පසු එයට එළවලු තෙල් එකතු කර  තෙල් රත්වූ පසු සකසා ගත් සුදුළුණු, ඉගුරු ,එකතු කර   ලිපේ ගින්දර මදක් අඩු කර  ඉන් පසු එයට  කැරට් එකතු කර සුළු වෙලාවක් පිස නැවතත්  එයට සොයා සෝස්  සහ සුප්කැට, ලුණු  එකතු කරගන්න .
  • දැන් ඔබ ලිපේ ගින්දර නිවා විනාඩියකට පසු  සිහින්ව ලියාගත් ලිස් කොළ වලින් භාගයක්  එයට එකතු කර කලවන් කර ගන්න. 
  • ඉන් පසු ඔබ පිස ගත්, බත් තෙම්පරාදු  කරගත් එළවළු සමග හොදින් මිශ්‍ර කරගන්නා  අතරේ ඉතිරි ලිස්කොල ටික කෙමෙන් කෙමෙන්  එයට එකතු කර ගනිමින් හොදින් මිශ්‍ර කර ගන්න .අනතුරුව ඔබට අවශ්‍යනම් පමණක්  චිලීපේස්ට් සමගින්  ආහාරයට  ගන්න . 
  • ඔබට රසය වැඩි කර ගැනීමට  මෙයට  ගම්මිරිස්  කුඩු සහ කැලි මිරිස්  ස්වල්පයක්   එකතු කර ගත හැක ඔබට අවශ්‍යනම්  මෙයට බෝංචි , ගෝවා, එකතු කර ගත හැක  නමුත්  මතක තියාගන්න  ඔබ  බෝංචි ,ගෝවා එකතු කර ගැනීමේදී  රසය, බතේ පැහැය  වෙනස් වීමට පුළුවන් එක නිසා බෝංචි , ගෝවා එකතු කරනවිට   ලිපෙන් ඉවත් කර ගැනීමට විනාඩියකට පෙර  හොදින් මිශ්‍ර කර ලිපෙන් බාගන්න .එසේ පිළියෙළ කර ගන්නා ලද බතක් කැමට ප්‍රිය වෙයි .
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!