Lunch

May 22, 2023
2.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අමු අඹ ගෙඩි 5ක්,
  • රතු ළුණු ගෙඩි 6ක් පොඩියට කපලා,
  • සීනි මේස හැදි 4ක් 5ක්,
  • තෙල් මේස හැදි 2ක් 3ක්,
  • කහ තේ හැදි 1/2,
  • ගම්බිරිස් තේ හැදි 1/2,
  • උලුහාල් තේ හැදි 1/4,
  • කුරැදු කුඩු තේ හැදි 1,
  • රම්පේ කරපිංචා,
  • මිරිස් කුඩු තේ හැදි 5,
  • වතුර කොප්ප 1,
  • ඉගුරැ අගලක කැබැල්ලක් හිනියට ලියලා,
  • ලුණු කුඩු තේ හැදි 1 1/2,
  • බැදපු තුනපහ තේ හැදි 1 ½

සාදන ක්‍රමය

  • මුලින් භාජනයක් අරගෙන එකට අඹ ටික කපලා දාන්න. අඹ කපනකොට ඇටෙත් එක්කම කපන්න බලන්න. එතකොට තැම්බෙන කොට බෙරි වෙන්නේ නැහැ. එකටම ඉගුරැ , රතු ළුණු , රම්පේ කරපිංචා , කුරුදු කුඩු , කහ , ගම්බිරිස් , ලුනුකුඩු , බැදපු තුනපහ , උලුහාල් දලා හොදට කලවම් කරන්න.
  • පැත්තකින් තියලා තියන්න අඹ වලට ලුණු ඇඹුල් අල්ලන්න.
  • ඉන්පසු හට්ටියකට තෙල් ටික දලා රත්වෙනකොට ඉහත සිනි ප්රමාණයෙන් මේස හැදි 1 දලා රන්වන් පාට එනතෙක් බදින්න. හැබැයි මේක දලා වෙන වැඩ වලට යන්න එපා. 
  • සිනි කරවෙන්න දෙන්නත් එපා මද ගින්නේ නොනවත්වා හැදි ගාන්න ඔනා. සිනි ටික රන්වන් පාට වෙලා උතුරන කොට එකට මිරිස්කුඩු දලා කලවම් කරන්න. 
  • අඹ ටික තැම්බෙන්න වතුර දලා කලවම් කරන්න. වතුර ගොඩාක් ඔනා වෙන්නේ නැ අඹ කියන්නේ ඉක්මනින් තැම්බෙන්න දෙයක් නේ. එක නිසා අඹ වැහෙනකම් වතුර දාන්න එපා එතකොට ගොඩාක් බෙරි වෙයි.
  • ටිකක් වෙලා ගිහිලා (විනාඩි 5 කට පස්සේ වගේ) ඉතිරි සිනි ටිකත් දලා කලවම් කරන්න. දැන් කරි එක සැරින් සැරේ හැදි ගාමින් වහලා අඹ තැම්බෙනකන් උයා ගන්න. අවසානයේ ලිපෙන් බාන්නට පෙර ලුණු රස සිනි රස ඇති යන්න බලලා ලිපෙන් බාන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!