Lunch

May 24, 2023
123.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අල ග්‍රෑම් 400 යි (පොතු ඉවත් කර කුට්ටි කපාගන්න),
  • උම්බලකඩ කුඩු මේස හැඳි 1 යි,
  • කහ ස්වල්පයක්,
  • රම්පෙ, කරපිංචා,
  • කපාගත් අමුමිරිස් කරලක්,
  • උළු හාල් ස්වල්පයක්,
  • පොල් බෑයක මිටිකිරි හා දියකිරි,
  • රතු ළූණු ගෙඩි 6 යි. (සිහින්ව ලියාගන්න),
  • ලූණු අවශ්‍ය පමණ

සාදන ක්‍රමය

  • කපාගත් අමුමිරිස් කරල, රම්පෙ, කරපිංචා කුඩාවට කපාගෙන ඇතිළියකට දමන්න.
  • ඊට උම්බලකඩ, උළු හාල් ස්වල්පයක්, රතුළූණු සහ කහ එක් කරන්න. ඊලඟට අල කැබලි දමා ඒවා වැසෙන තෙක් කිරි වර්ග දෙකම වත්කරන්න. ඔබේ රස අනුව ලුණුද එකතු කර ගන්න.
  • සුවඳ හමන තුරු හා අල තැම්බෙන තුරු හොද්ද පිස ගන්න. හොද්ද උකු වැඩි නම් වතුර ටිකක් එක්කර නටවාගන්න (පිස ගන්න).
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
121.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • තක්කාලි ගෙඩි 4 යි,
  • දෙහි බෑවක්,
  • බී ළූණු ගෙඩි 2 යි,
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්,
  • ලුණු කුඩු ස්වල්පයක්

සාදන ක්‍රමය

  • භාජනයකට මිරිකා ගත් දෙහි, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, අවශ්‍ය පරිදි දමා කළවම් කරන්න. 
  • පෙති කපාගත් තක්කාලි හා බී ළූණු වලට මේ මිශ්‍රණය පොඩි නොවන සේ කළවම් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
119-1280x720.jpg

අවශ්‍ය දුව්‍ය

  • සම්බා කිලෝ 2 යි,
  • ඉස්සන් ග්‍රෑම් 500,
  • ළූණු කොළ ග්‍රෑම් 400,
  • රට ළූණු ග්‍රෑම් 200,
  • එළඟිතෙල් ග්‍රෑම් 200,
  • ගම්මිරිස්,
  • කරාඹුනැටි,
  • එනසාල් (අඹරාගත්) මේස හැඳි 1 1/2,
  • ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමය

  • ඉස්සන් සුද්ද කරගෙන තම්බා ගන්න. එළඟිතෙල් නටවාගෙන ඉස්සන්, ළූණු කොළ, රට ළූණු සමග ගම්මිරිස් මිශ්‍රණය හොඳින් තෙම්පරාදු කරගන්න. 
  • ඊලඟට හාල්ද ඊට උඩින් ඉස්සන් තැම්බූ වතුරද, අවශ්‍යනම් තවත් වතුරද ලුණුද එකතුකර බත තම්බාගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
116-1280x957.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බීට්රූට් ග්‍රෑම් 100 යි,
  • කැරට් ග්‍රෑම් 100 යි,
  • ලොකු ළූණු ගෙඩි 2 යි,
  • තක්කාලි ගෙඩි 2 යි,
  • දෙහි ස්වල්පයක්,
  • අබ ස්වල්පයක්,
  • ලුණු ස්වල්පයක්,
  • සීනි ස්වල්පයක්,
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්,
  • විනාකිරි මේස හැඳි 1 ක්

සාදන ක්‍රමය

  • බීට්රූට් හා කැරට් වෙන වෙනම තම්බා පොතු ඉවත්කර කුඩා හතරැස් කැබලි වලට කපාගන්න. ලුනු හා තක්කාලි ද කුඩා හතරැස් කැබලි වලට කපාගන්න.
  • බීට්රූට්, කැරට්, ලොකු ළූණු, තක්කාලි හැර අනෙක් සියළුම ද්‍රව්‍ය බඳුනකට දමා මිශ්‍රණය සාදා ගන්න. ඉන්පසුව බීට්රූට් ඇතුළු අනෙක් ද්‍රව්‍යද කළවම් කරන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
114.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • දෙහි ගෙඩි 40 ක් පමණ,
  • ලුණු කැට ග්‍රෑම් 500 යි,
  • කෑලි මිරිස් කුඩු ග්‍රෑම් 100 යි

සාදන ක්‍රමය

  • දෙහි ගෙඩි 25 ක් පමණ ගෙන හතරට පලන්න (එක් එක් කොටස් වෙන් නොවන්න වගබලාගන්න) දැන් මෙසේ කපාගත් දෙහි මැදට ලුණු කැට හා කෑලි මිරිස් කුඩු ද දමන්න.
  • දැන් කඩදාසියක් මත දෙහි තබා දින කිහිපයක් තද අව්වේ තබන්න. (දිනපතා අව්වේ වේලීමට පෙර එම දෙහි තීරු මතට මිරිකාගත් දෙහි යුෂ හා ලුණු එකතු කරන්න.)
  • සතියක් පමණ දෙහි අව්වේ වේලාගෙන ඉතිරි දෙහි මිරිකා සාදාගත් දෙහි යුෂ වලට පදමට ලුණු එකතු කර ද්‍රාවණයක් සාදාගන්න. 
  • අව්වේ දමා පදම් කරගත් ලුණු දෙහි ඇතිළියකට දමා ඒවා වැසෙන්නට මෙම ද්‍රාවණය වත්කර ගෙන කට වසා දුම් මැස්සේ තබන්න. සතියකින් පමන පසු හොඳි ගතිය හිඳුන විට පාවිච්චියකට ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
112.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • හතු ග්‍රෑම් 300 යි,
  • අමු මිරිස් කරල් 4 යි (සිහින්ව ලියාගන්න),
  • එළවළු තෙල් මේස හැඳි 1 යි,
  • මිරිස් කුඩු තේ හැඳි 1 යි,
  • කහ ස්වල්පයක්,
  • කෝන් පිටි තේ හැඳි 2 යි,
  • ලුණු පදමට,
  • වතුර කෝප්ප 1/2 යි

සාදන ක්‍රමය

  • හතු සෝදා කැබලි කඩා හෝ කපා ගන්න. අමු මිරිස්, කහ, මිරිස් කුඩු, කෝන් පිටි (කෝන් පිටි අත්‍යවශ්‍යම නැත) සහ ලුණු එකට අනා හතුද මේ මිශ්‍රණයට එකතු කොට අනාගන්න. 
  • තෙල් ලිප තබා නටන විට හතු මිශ්‍රණය ඊට දමා එහා මෙහා පෙරළා ගන්න. සුවඳ හමන විට වතුර එකතු කර භාජනය වසා මද ගින්නේ පිසගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
111.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අල ග්‍රෑම් 500 යි,
  • රතු ළූණු ගෙඩි 8 යි,
  • අමු මිරිස් කරල් 4 යි,
  • මිරිස් කුඩු මේස හැඳි 2 යි,
  • උම්බලකඩ කුඩු මේස හැඳි 2 යි,
  • කහ කුඩු සුවල්පයක්,
  • රම්පෙ, කරපිංචා,
  • පොල් තෙල් මේස හැඳි 1 1/2 යි,
  • ලුණු සහ දෙහි

සාදන ක්‍රමය

  • අල සෝදා තම්බාගන්න. පසුව පොතු ඉවත්කර කුට්ටි කපාගන්න. රතුළූණු සහ අමු මිරිස් සිහින්ව ලියාගන්න. 
  • මිරිස් කුඩු, උම්බලකඩ කුඩු, කහ, රම්පෙ, කරපිංචා, ලියාගත් රතුළූණු සහ අමු මිරිස් සමග පදමට ලුණු සහ දෙහි එක්කර අල කැබැලි වල හොඳින් තැවෙරෙන සේ වතුර ස්වල්පයකින් අනාගන්න. 
  • ඇතිලියකට තෙල් දමා ලිප තබා නටන විට අල මිශ්‍රණය දමා හොඳින් පෙරළමින් සුවඳ හමන තුරු බැදගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
110.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • නොමේරූ කන්කුන් මිටි 1 යි,
  • රතුළූණු ගෙඩි 10 යි (තීරු කපාගන්න),
  • අමු මිරිස් කරල් 3 යි (සිහින්ව ලියාගන්න),
  • කහ ස්වල්පයක්,
  • ලුණු ස්වල්පයක්,
  • මිරිස් කුඩු තේ හැඳි 1 යි,
  • උම්බලකඩ කුඩු මේස හැඳි 1 යි,
  • වතුර කෝප්ප 1/2 යි,
  • තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය

  • කන්කුන් කුඩා තරමක් කුඩා කර කපාගන්න. කපාගත් කන්කුන් රතුළූණු, අමු මිරිස්, ලුණු, කහ, මිරිස් කුඩු, උම්බලකඩ කුඩු සමග අනාගන්න.
  • සියල්ල ඇතිළීයකට දමා වතුර කෝප්ප 1/2 ක් එකතු කරමින් හොඳින් පිසගන්න. පසුව ඇතිළියකට තෙල් දමා රත්වූ පස් එම තෙලට කලින් පිසගත් කන්කුන් එකතු කර තෙම්පරාදු කරගන්න.

ඔබට මෙය මෙසේද හැදිය හැක

  • තෙල් ටිකක් ලිප තබා කපාගත් කන්කුන් රතුළූණු, අමු මිරිස්, කහ, මිරිස් කුඩු, උම්බලකඩ කුඩු සමග අනාගත් සියල්ල තෙලෙන් ස්වල්ප මොහොතක් තම්බා එයට වතුර කෝප්ප භාගයක් හෝ කාලක් දමා පිස ගන්න. යන්තම් ඉස්ම හිදීගෙන එනවිට ලුණු බලා ලිපෙන් බා ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
109-1280x853.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • දැල්ලන් ග්‍රෑම් 250 යි,
  • තුනපහ කුඩු,
  • ගම්මිරිස් කුඩු,
  • රතු ළූණු ග්‍රෑම් 50 යි,
  • අමු මිරිස් කරල් 2 යි,
  • රම්පෙ, කරපිංචා,
  • සුදු ළූණු බික් 2 යි,
  • අමු ඉඟුරු කැබැල්ලක්,
  • තක්කාලි ගෙඩි 2 යි,
  • ලුණු ස්වල්පයක්,
  • කහ ස්වල්පයක්,
  • පොල් බෑවක කිරි,
  • දෙහි යුෂ

සාදන ක්‍රමය

  • දැල්ලන් හොඳින් සෝදා කපාගන්න. රතු ළූණු සහ අමු මිරිස් ලියාගන්න. අමු ඉඟුරු හා සුදු ළූණු ගලේ දමා අඹරාගන්න.
  • රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු, තුනපහ හා මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු හා තක්කාලි, දියකිරි හා ලුණූ දමා ළිප තබන්න. මද ගින්නේ තැම්බුණ පසු මිරිකිරි දමා ඉස්ම හිඳුන පසු ළිපෙන් ඉවත් කරන්න. ඉන්පසු දෙහි යුෂ ස්වල්පයක් දමාගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
105.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • වැව්මාළුග්‍රෑම් 500 යි,
  • ලොකුළූණුගෙඩි 3 යි,
  • මුරුංගාකොළ,
  • අමුමිරිස්කරල් 5 යි,
  • ලුණූ ස්වල්පයක්,
  • ගම්මිරිස් ස්වල්පයක්,
  • කෑලි මිරිස් ස්වල්පයක්,
  • සුදු ළූණූ බික් 6-7ක්,
  • තක්කාලි ගෙඩි 1 යි,
  • කහ ස්වල්පයක්,
  • කරපිංචා, සේර, රම්පෙ, කුරුඳු ස්වල්පය බැගින්

සාදන ක්‍රමය

  • වැව් මාළු හම ගලවා කටු වලින් බේරාගන්න.
  • ළූණූ, අමු මිරිස්, රම්පෙ, කරපිංචා,යනාදිය සිහින්ව ලියා තෙලෙන් බැදගන්න, එයට තරමක් ලොකුවට කපා ගත් සුදුළූණූ එකතු කරන්න.
  • කැබලි කපා ගත් තක්කාලිද එකතු කරන්න. කහ, කෑලි මිරිස්, ගම්මිරිස්, ලුණූ පමනට එකතු කොට කලවම් කරන්න. මේ සියල්ල යන්තම් බැදීගෙන එනවිට හම,කටු ඉවත් කර සූදානම් කරගත් වැව්මාළු දමා තවත් ටික වේලාවක් බැදගන්න.
  • එයට මුරුංගා කොළ ටිකද එකතු කොට මාළු තැම්බී ඇතිනම් ලුණු බලා ලිපෙන් බා ගන්න.
  • ඔබට මුරුංගා කොළ වෙනුවට කංකුන්ද යොදා ගත හැක.(මාළු නිතර හැදි ගාන්න එපා. හැදිගෑමෙන් මාළු කුඩා කුඩා කැබලි වලට කැඩී යයි. එම නිසා වලඳ සොලවමින් කලවම් කර ගන්න.)
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!