Lunch

May 25, 2023
229.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කතුරුමුරුංගා කොළ,
  • රතුළූණු,
  • අමුමිරිස්,
  • ගාගත් පොල්,
  • උම්බලකඩ,
  • ලුණු,
  • තෙල්

සාදන ක්‍රමය

  • කොළ ටික හොඳින් හෝදලා වතුර බේරුණාට පස්සේ හීනියට ලියාගන්න ඕනි (පෑනෙන් නෙවේ පිහියෙන්). ඒකට කපාගත්තු රතුළූණුයි අමුමිරිසුයි උම්බලකඩයි එකතු කරනවා.
  • ඊට පස්සේ පෑන් එකක් අරන් තෙල් චුට්ටම චුට්ටක් දාලා, රත්වෙනකොට ඒකට ගාගත්තු පොලුයි ලුණුයි දාන්න තියෙන්නේ. පොල් ටික මැලවේගෙන එනකොටම අපේ කොළ මිශ්‍රණය දාලා මද ගින්නේ මලවගන්න.
  • රහ වැඩි කරන්න කහ කුඩු චුට්ටකුයි කුරුඳු කුඩුයි එකතු කරන්න පුළුවන්. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
86-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

කෙහෙල්මුව 1 ක් ,

රතු ළූණු ගෙඩි 15 ක් ,

සුදුළූණු අමු ඉඟුරු ස්වල්පයක්,

අඹරාගත් අබ මේස හැඳි 1 ක් ,

විනාකිරි කෝප්ප ¼ ක්,

මිරිස් කුඩු තේ හැඳි 1 ක්

අමු මිරිස් කරල් 10 ක් ,

අවශ්‍ය නම් පමණක් සීනි

සාදන ක්‍රමය

  • කෙහෙල්මුව එහි ළපටි කොටස ගෙන සිහින්ව කපා එයට ලුණු සහ දෙහි මිශ්‍ර කර උතුරන වතුර වක්කර විනාඩි 5ක් පමණ තම්බා පසුව හොඳින් වතුර මිරිකා ගන්න.

  • රතු ළූණු, අමුමිරිස් දෙකට පලා පසෙකින් තබන්න.

  • විනාකිරි භාජනයකට දමා එයට සුදු ළූණු අඹරාගත් අබ, අමු මිරිස්, කහ, මිරිස් කුඩු, ලුණු අවශ්‍ය නම් සීනි එක් කර හොඳින් කලවම් කරන්න.
  • අවසානය කෙසෙල්මුව රතු ළූණුසහ අමුමිරිස් ඊට මිශ්‍ර කරන්න.

May 24, 2023
85-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

රතුළූණු ග්‍රෑම් 150 ක් ,

අමු මිරිස් ග්‍රෑම් 75 ක් ,

කැරට් ග්‍රෑම් 50 ක් ,

අමු ගස්ලබු ග්‍රෑම් 50 ක්,

අබ ස්වල්පයක් ,

මිරිස් කුඩු ස්වල්පයක් ,

විනාකිරි අවශ්‍ය පමණ ,

සුදු ළූණු ඉගුරු ස්වල්පයක් ,

ලුණු කුඩු ස්වල්පයක්

සීනි ස්වල්පයක්

කහ කුඩු ස්වල්පයක් ,

ගම්මිරිස් කුඩු ස්වල්පයක් ,

වතුර ස්වල්පයක්

සාදන ක්‍රමය

  • රතු ලූනු සුද්ද කර සුද්ද කර සෝදා දෙකට පලා ගන්න .දිග අතට පලාගන්න.
  • කැරට් ගස්ලබු සෝදා සුද්ද කර සිහින්ව කපා ගන්න.

  • අබ විනාකිරි වලින් සිහින්ව අඹරා ඉඟුරු, සුදු ළූණු, මිරිස්කුඩු, කහකුඩු, ගම්මිරිස් කුඩු, එකට දමා වතුර සමග හොඳින් නටවා ගන්න.

  • කොන්දෙන් වුණු පසු මිශ්‍රණයට රතු ළූණු ආදී සියලුම ද්‍රව්‍යයන් දමා එක් වර කලවම් කරගන්න. ඉවතට ගෙන ද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කර මැටි භාජනයකට දමා දින දෙකක් පමණ තබා කෑමට ගන්න.

May 24, 2023
84-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

බීට්රූට් ග්‍රෑම් 250 ,

විනාකිරි කෝප්ප 1 ක් ,

ලුණු තේ හැඳි 1 ක්,

කරාබුනැටි තේ හැදි 5 ක් ,

කුරුඳුපොතු කෑලි  1 ක්,

සීනි මේස හැඳි 1 ක්,

පොතුහැර සෝදා ගත් බීට් රූට් රවුම කපාගන්න 

සාදන ක්‍රමය 

  • භාජන එකට විනාකිරි ලුණු කරාබු නැටි කරාබුනැටි කුරුඳුපොතු සහ සීනි එකතු කර ලිප තබන්න.

  • එය කීප වරක් නටන විට ලිපෙන් ඉවතට ගෙන එයට බීට් රූට් ගවුම් දමා හොඳින් වසා තබන්න.

  • දින තුනකට පසුව කෑමට ගන්න .

May 24, 2023
83-1-1280x854.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

ඇඹරැල්ලා ග්‍රෑම් 450 ක් ,

විනාකිරි කෝප්ප බාගයක්,

අඹ අඹරාගන්න මේස හැඳි 1 ක් ,

වියළි මිරිස් ග්‍රෑම් 50 ක් ,

සුදුළූණු අමු ඉඟුරු අඹරා මේස හැදි 1 ක් ,

රස අනුව ලුණු ,

රස අනුව සීනි 

සාදන ක්‍රමය 

  • පළමුවෙන් ඇඹරැල්ලා පොතු හැර කැබලි කපා විනාකිරෙන් තම්බා ගන්න .

  • පසුව විනාකිරි ස්වල්පයක් ගෙන වෙනම බඳුනකට දමා බදුනකට දමා එයට අබ වියලි මිරිස් සුදුළූණු අමු ඉඟුරු ලුණු සහ සීනි මිශ්‍ර කරගන්න .

  • අවසානයේ තම්බාගත් ඇඹරැල්ලා විනාකිරි මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරන්න .

  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
82-1-1280x1320.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

රතු ළූණු 100 g,

හාල්මැස්සන් 100 g,

අමුමිරිස්  50 g,

විනාකිරි 30 ml,

අඹරන ලද අබ 25 g,

කහ සීනි ලුණු ,

තෙල්  

සාදන ක්‍රමය 

  • පළමුව රතු ළූණු සුද්ද කර පසෙක තියන්න අමුමිරිස් බාගෙට නැටි යාන්තමට කපා පසෙක තබන්න.
  • ඉන්පසු හාල් හාල්මැස්සන්ගේ ඔලුව සුද්ද කර සුද්දකර සෝදා පසෙක තබන්න.
  • පළමුව තෙල් ටිකක් ලිප තබා රත් වුණාට පසු අමුමිරිස් ටිකක් දමා පැහැය වෙනස් නොවෙන්න යන්තම් උණුසුම් කරගන්න.
  • ඉන්පසු ලූණු ටික එම තෙල් එම යන්තමින් උණුසුම් කරගන්න.වැඩියෙන් තැම්බෙන්න දෙන්න එපා.ඉන්පසු හාල් මැස්සෝ ටික හොඳින් බැදගන්න.
  • අඹරන ලද  අබ විනාකිරි සීනි සහ ලුණු ගම්මිරිස් කුඩු දමා එකට කලවම් කර ලුණු ඇඹුල් බලා ඉහත තෙලේ තම්බා ගත් ළූණු හාල්මැස්සන් අමු මිරිස් දමා කලවම් කරන්න.
  • අතින් අල්ලන්න එපා .
  • වතුර නැති හොඳ පිරිසුදු පිරිසිදු භාජනයකට දමා මුඩිය වසා තබන්න.
  • තුන් හතර මාසයක් වුණත් කල් තබා ගත හැකිය.

May 24, 2023
258.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හාල් අවශ්‍ය ප්‍රමාණයට (සම්බා ),
  • දුන් තෙල් හෝ බටර් ,
  • රට ලූනු රතු ලුණු අවශ්‍ය ප්‍රමාණයට ,
  • කැරට් ලීක්ස් ගෝවා වැනි එළවළු අවශ්‍ය ප්‍රමාණයට ,
  • අර්තාපල් ,
  • කරාබු නැටි,
  • කරද මුංගු, 
  • රම්පෙ

සාදන ක්‍රමය 

  • හාල් ගරා සෝදා පසෙකින් තබන්න.
  • දුන් තෙල් හෝ බටර් සාස්පානකට දමා ලිප තබා කුඩා කැබලි වලට කපා ගත් රතු ළූණු ,රම්පෙ ,කරාබු නැටි හා කරදමුංගු එයට දමන්න.
  • මේ ද්‍රව්‍ය රන්වන් පාට වන විට සේදූ හාල් දමා විනාඩි 10ක් පමණ වේලාවක් තබා බැදෙන්න හරින්න. 
  • ඊට පසු බත තැම්බෙන්නට සෑහෙන වතුර ප්‍රමාණයක් වත් කරන්න. 
  • වෙනත් භාජනයකට දුන් තෙල් ටිකක් දමා රට ලූනු පෙති ගසා එය එක් කරමින් ලිප තබන්න .
  • කුඩා කැබලි වලට කපාගත් කැරට් දමා පසුව ගෝවා කැබලි හීනි තීරු වලට කපා ගත් කපාගත් ලීක්ස් හා අවශ්‍ය පමණට ලුණු එයට එක් කරන්න .
  • තෙම්පරාදු කරගත් මේ එළවළු වලින් සෑහෙන පමණ බතට දමා හොඳහැටි කලවම් කරන්න .පැතිලි දීසියකට බත බෙදා සිහින්ව ලියා තෙලින් බැදගත් අල හා ඉතිරි කරගත් එළවළු මිශ්‍රණය  උඩින් ඉසින්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
257.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සම්බා සහල් ,
  • කැට් උම්බලකඩ ග්‍රෑම් 100ක්,
  • ගම්මිරිස් ඇට 20ක්-25ක්,
  • කරපිංචා ,රම්පේ, සේර,
  • ලුණු ,
  • දුන්තෙල් ,
  • රතු ලූනු පෙති අවශ්‍ය පමණ,
  • කරාබු නැටි 7ක් – 8ක් ,
  • කරද මුංගු කරල් 15ක් ,
  • බත් පාට කිරීමට අවශ්‍ය කහ,
  • පොල්කිරි අවශ්‍ය පමණ 

සාදන ක්‍රමය

  • සාස්පානක් හෝ හට්ටියක දමා දුන්තෙල් රත්කොට රම්පෙ, කරපිංචා, සේර කුඩා කැබලි වලට කපා සපයා ගත් රතු ළූණු පෙති වලින් 1/3 පමණ ගෙන එයත් සමග බදින්න .
  • ලූණු බැදුණා ට පසු සෝදන ලද හාල් ද එහි දමා විනාඩි 3ක් පමණ කලවම් කර කරදමුංගු හැර අනෙක් ද්‍රව්‍ය සියල්ලම මිශ්‍ර කර පොල්කිරි වත් කරන්න .
  • හාල් මඳක් තැම්බුණු පසු කරද මුංගු එකතු කළ යුතුයි . 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
213.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කීරි සම්බා හෝ බාස්මතී හාල් 500g,
  • කරදමුංගු කරල් 6,
  • කුරුඳු පොතු අඟල් දෙකක කෑල්ලක්,
  • බේලීෆ් එකක් (තියෙනවා නම්),
  • බත පිස ගැනීමට චිකන් ස්ටොක් හෝ සුප් කැටයක් දිය කරගත් වතුර,
  • ලුණු,
  • කහ,
  • චොප් කරගත් ළූණු කප් 1/4,
  • රම්පෙ,
  • සිහින්ව කපා ගැඹුරු තෙලේ බැදගත් ළූණු, අල,
  • ගැඹුරු තෙලේ බැදගත් කරපිංචා,
  • බැදගත් කජු හෝ රට කජු,
  • තම්බාගත් ග්‍රීන් පීස්,
  • බටර් මේස හැඳි 2ක් සහ තෙල් තේ හැන්දක්

 

සාදන ක්‍රමය

  • චිකන් ස්ටොක් එක්කර බත බෙරි නොවන සේ පිස ගන්න. බටර් සහ තෙල් වෙනම භාජනයකට දමා රත් වෙන්න තියාගෙන ඒකට කරදමුංගු, කුරුඳු, බේලීෆ්, රම්පෙ, ළූණු, කහ සහ ලුණු එකතු කරගෙන තෙම්පරාදු කරගන්න.
  • සුවඳ එන තරමට තෙම්පරාදු උනාට පස්සෙ පිසගත් බත් ඇර අනිත් සේරම එකතු කරල හොඳින් මිශ්‍ර කරගෙන, අවසානයට බත් එකතු කරගෙන කලවම් කරගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
212.png

අවශ්‍ය ද්‍රව්‍ය

  • බාස්මතී හෝ කීරි සම්බා 600g,
  • කටු රහිත චිකන් 500g,
  • කපාගත් ළූණු ගෙඩි 2,
  • තලාගත් ඉඟුරු සුදු ළූණු මේස හැඳි 1,
  • සූදුරු මේස හැඳි 2,
  • කහ තේ හැඳි 1/2,
  • කරදමුංගු 6,
  • කුරුඳු අඟල් 3ක කෑල්ලක්,
  • මිංචි කොළ කප් එකක්,
  • ගරම් මසාලා තේ හැඳි 2,
  • කපාගත් තක්කලි ගෙඩි 3,
  • රස අනුව ලුණු, ගම්මිරිස්,
  • වියලි මිදි,
  • අවශ්‍ය නම් බැදගත් කජු

 

සාදන ක්‍රමය

  • සහල් හොඳින් සෝදා වතුර බේරා පසෙකින් තබාගන්න. තෙල් හෝ ගී ටිකක් රත් වෙන්න තියාගෙන ඒකට ළූණු, ඉඟුරු සුදුළූණු සහ සූදුරු එක් කර තෙම්පරාදු කරගන්න.
  • මේකටම සෝදා කපාගත් චිකන් ටික එකතු කරගෙන චිකන් ටික බැදෙනකම් පෙරලමින් තෙම්පරාදු කරගන්න. මේ බඳුනටම කහ, කරදමුංගු, කුරුඳු පොතු, මිංචි සහ ගරම් මසාලා එක් කර මිශ්‍ර කරගෙන උතුරන වතුර මිලිලීටර් 450ක් එකතු කරගන්න. 
  • ගින්දර අඩු කර විනාඩි 25ක් පමණ පිසගන්න.
  • විනාඩි 25කට 30කට පසු පියන හැර එයට තක්කලි, ලුණු ගම්මිරිස් සහ සෝදා දිය බේරාගත් හාල් එක් කරගන්න. 
  • හොඳින් මිශ්‍ර කරගෙන භාජනය දෙපැත්තට සොලවා මිශ්‍රණය සමබර කරගන්න. බත ඉදෙන්නට අවශ්‍ය පමණට වතුර එක් කර පියනකින් වසා පිසගන්න. පිසුණු බතට කජු සහ වියලි මිදි එක් කර, මිශ්‍ර කර වසා තබන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!