Lunch

June 13, 2023
47.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හාල් කිලෝ 1 ක් 
  • ලුණු තේ හැඳි 2 ක් 
  • මුදවපු කිරි මේස හැඳි 5ක් 
  • වතුර කෝප්ප 5 ක්
  • සුදුරු ඇට තේ හැඳි 4 ක් 
  • කරාබු නැටි10 ක් 
  • එළු මස් හෝ කුකුල් මස් ග්‍රෑම් 750
  • රතු ළූණු හෝ ලොකු ළූණු කෝප්ප 1 ක් 
  • සුදු ළූණු බික් 10 ක්
  • ඉඟුරු සිහින්ව ලියාගත් තේ හැඳි 2 ක් 
  • කහ කුඩු තේ හැදි1/2 
  • මාජරින් මේ හැඳි 3 ක්

සාදන ක්‍රමය 

  • හාල් ගරා සෝදා ගත් පසු විනාඩි පහළොවක් පහලොවක් පමන වතුරේ තබන්න .
  • එළු මස් හෝ කුකුල් මස් කුට්ටි වලට කපා විනාඩි විස්සක් පමණ මුදවාපු කිරි වල දමා තබන්න.
  • සූදුරු සුදු ළූණු ඉඟුරු සිහින්ව අඹරන. ළූණු ලියන්න. බඳුනක් ගෙන එයට මාජරින් දමා රත් කරන්න.
  • එය රත් වූ පසු ලියාගත් ළූණු දමා රන්වන් පැහැවන තෙක් බදින්න.
  • එයට කරාඹු නැටි කරදමුංගු කුරුඳු සහ මස් එකතු කර බැදගන්න .
  • එය දුඹුරු පැහැ වන තෙක් බදින්න.
  • වතුරේ දමා ඇති සහල් බේරා එක්කර ගන්න. සහල් ඉතා ස්වල්ප වෙලාවක් බැදගන්න .ඉන්පසු බතට වතුර එක් කරන්න. දැන් හාල් ඉදෙන තෙක් පිසින්න.
  • බත තුන් කාලකට තැම්බුණු පසු කහ කුඩු තේ හැඳි භාගයකට දමා මදගින්නේ පිසින්න.

June 12, 2023
240.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පිටි ග්‍රෑම් 100 යි,
  • සෙල්ෆ් රේසිං පිටි ග්‍රෑම් 100 යි,
  • ලුණු තේ හැඳි 1 යි ,
  • සුදු ගම්මිරිස් තේ හැදි කාලයි ,
  • වතුර කෝප්ප එකහමාරයි, 
  • ඉස්සො ,
  • බී ලූණු ගෙඩි 1 යි ,
  • සුදු ළූණු බික් 2 යි ,
  • ලූණු කොළ ඉති කිහිපයක් ,
  • කර්නල් කෝන්ස්

සාදන ක්‍රමය 

  • පළමුවෙන්ම ඉස්සන් ඔලු කපා සෝදා පොතු ඉවත් කර ගන්න.  ලූනු කොල,  බී ළූණු, සුදු ළූණු, සියල්ල වෙන වෙනම සිහින්ව කපාගන්න. 
  • පසුව පාන් පිටි හා  සෙල්ෆ් රේසිං  පිටි එකට මිශ්‍රකර මිශ්‍ර කර හොඳින් කලවම් කර එයට ලුණු, සුදු ගම්මිරිස් සහ වතුර දමා හොඳින් අනා ගන්න.
  • ඉන් පසුව කපාගත්  බී ළූණු, සුදු ළූණු ,ලූනු කොල , කර්නල් කෝන්ස්  ද එයට මිශ්‍ර කර හොඳින් අනා ගන්න . 
  • අවසානයේ සාදාගත් මිශ්‍රණය ටිකෙන් ටික ගෙන ගුලි සාදා ඒවා එකිනෙකට ඉස්සෙක් බැගින් දවටා ගැඹුරු තෙලේ බැදගන්න . ( කර්නල් කෝන්ස් හා ග්‍රීම්ස් පේස්ට් සුපිරි වෙළඳසැල්  වලින් ලබා ගත හැක ). 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 9, 2023
287.jpg

අවශ්‍ය ද්‍රව්‍ය
  • කෑලි කපා දෙහි සහ ලුණු දමා සීසන් කරගත් චිකන් 1kg,
  • තලාගත් ඉඟුරු තේ හැන්දයි,
  • තලාගත් සුදු ළූණු බික් 3,
  • කොත්තමල්ලි කුඩු තේ හැන්දයි,
  • ගරම් මසාලා තේ හැන්දයි,
  • කුරුඳු කුඩු තේ හැඳි 1/2,
  • කපාගත් ළූණු ගෙඩි 4,
  • කපාගත් තක්කලි ගෙඩි 5,
  • දෙහි බෑයක යුශ,
  • ගම්මිරිස් කුඩු රස අනුව
සාදන ක්‍රමය
  • තෙල් හෝ ගී ටිකක් රත් වෙන්නට හැර ඒකට ළූණු, ඉඟුරු, සුදුළූණු එක් කර ලුණු ස්වල්පයක් දමා ළූණු මැලවෙන තුරු තෙම්පරාදු කරගන්න.
  • ළූණු තෙම්පරාදු වූ පසු එයට තක්කලි, ගරම් මසාලා, කුරුඳු කුඩු සහ කොත්තමල්ලි කුඩු එක් කර හොඳින් මිශ්‍ර කරගෙන එයට කපා ගත් චිකන් එක් කරගන්න.
  • ළූණු සහ තක්කලි වල තෙතමනයෙන් චිකන් එක අඩුම ගින්දරේ තැම්බෙන්නට හරින්න.
  • අවසානයට රස අනුව ගම්මිරිස් සහ ලුණු එකතු කර, දෙහි යුශ දමා ලිපෙන් ඉවත් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 8, 2023
29.jpeg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බාස්මතී සහල් ග්‍රෑම් 500 
  • කැමති මස් වර්ග කිහිපයකින් ග්‍රෑම් 50 බැගින් 
  • තලාගත් ඉගුරු සුදුලූනු 
  • එනසාල් කරාඹුනැටි 
  • හීනියට කපාගත් කැරට් ,ලීක්ස් ,බී ළූණු ලුණු ස්වල්පය බැගින් 
  • සොයා සෝස් 
  • අවශ්‍ය පමණ ලුණු 
  • කොටුව ආකාරයට කපා ගත් වියළි මිරිස් කරල් කිහිපයක් 
  • මාගරින් ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • පළමුව බත පිසගන්න. ඉන් පසු භාජනයක් ලිප තබා භාජනයට දමා රතු මස් කැබලි දමා බැදෙන්නට හරින්න.
  • ඉන්පසු පලාගත් ඉඟුරු සුදු ලූනු දමා අනතුරුව එළවළු මිශ්‍ර කරන්න.
  • වියලි මිරිස් සෝයා සෝස් ලුණු රස අනුව එක්කර අවසන් වශයෙන් බත් ටික දමා කලවම් කරන්න .

June 7, 2023
332.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

ලපටි නෙළුම් අල ,

බී ළුණු ගෙඩි 1 ක්,

අමු මිරිස් කරල් කිහිපයක් ,

මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්,

රටකජු ස්වල්පයක්,

සීනි ස්වල්පයක් ,

ලුණු (රස අනුව),

ලුණු දෙහි ස්වල්පයක්

සාදන ක්‍රමය 

  • පළමුව නෙළුම් අල ගෙන සුද්ද කර සිහින් පෙති කපා ගැඹුරු තෙලේ බැදගන්න. බී ළූණු, අමුමිරිස් සිහින් කැබලි වලට කපා ගන්න. 
  • ඉන්පසු කට පළල මැටි බඳුනක් හෝ දීසියක් ගෙන කපාගත් බී ළූණු, අමුමිරිස්, මිරිස්කුඩු එයට එක්කර හොඳින් අනාගන්න.
  • අනතුරුව ලුණුදෙහි, සීනි, ලුණු රස අනුව එකතු කර අවසානයේ බැදගත් නෙළුම් අල, රටකජු මද ද මිශ්‍ර කර නැවතත් අනාගන්න. (නෙළුම් අල වෙනුවට කොහිල අල ද භාවිතයට ගත හැකිය. සුදු කැකුළු බත සමඟ කදිම එකතුවකි.) 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 7, 2023
304.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

හාල් කිලෝ 1ක් ,

ලුණු තේ හැඳි 2ක්,

මුදවපු කිරි මේස හැඳි 5ක් ,

වතුර කෝප්ප 5 ක්,

සුදුරු ඇට තේ හැඳි 4ක්,

කරාබු නැටි 10ක්,

කුකුල් මස් ග්‍රෑම් 750,

රතු ළූණු හෝ ලොකු ළූණු කෝප්ප 1ක් ,

සුදු ළූණු බික් 10ක්,

ඉඟුරු සිහින්ව ලියාගත් තේ හැඳි 2ක් ,

කහ කුඩු තේ හැදි 1/2 ක්,

මාජරින් මේ හැඳි 3ක්

සාදන ක්‍රමය 

  • හාල් ගරා සෝදා ගත් පසු විනාඩි 15 පමන වතුරේ තබන්න .
  • කුකුල් මස් කුට්ටි වලට කපා විනාඩි 20ක් පමණ මුදවාපු කිරි වල දමා තබන්න. සූදුරු සුදු ළූණු ඉඟුරු සිහින්ව අඹරන. ළූණු ලියන්න. බඳුනක් ගෙන එයට මාජරින් දමා රත් කරන්න.එය රත් වූ පසු ලියාගත් ළූණු දමා රන්වන් පැහැවන තෙක් බදින්න.
  • එයට කරාඹු නැටි කරදමුංගු කුරුඳු සහ මස් එකතු කර බැදගන්න . එය දුඹුරු පැහැ වන තෙක් බදින්න.
  • වතුරේ දමා ඇති සහල් බේරා එක්කර ගන්න . සහල් ඉතා ස්වල්ප වෙලාවක් බැදගන්න . ඉන්පසු බතට වතුර එක් කරන්න . දැන් හාල් ඉදෙන තෙක් පිසින්න.
  • බත තුන් කාලකට තැම්බුණු පසු කහ කුඩු තේ හැඳි භාගයකට දමා මදගින්නේ පිසින. දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 5, 2023
38.jpg

අට දෙනෙක් සඳහා 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සම ඉවත් කර ගත් කුකුල් මස් ග්‍රෑම් 500 ක් 
  • බාස්මතී හාල් කිලෝ ග්‍රෑම්ක් 
  • බැදගත් කෝන් පිටි ග්‍රෑම් 500 
  • බැදගත් වම්බටු කිලෝ 1 ක් 
  • වියලි දෙහි ගෙඩි 1 ක් 
  • තක්කාලි ග්‍රෑම් 200 ක් 
  • සිහින්ව කපාගත් බී ලූනු බීලූනු ග්‍රෑම් 200 ක්  
  • කුරුදු පොතු කැබැල්ලක් 
  • ලුණු හෝ ගම්මිරිස් පදමට 
  • මාගරින් ග්‍රෑම් 150 ක්
  • සුප් කැට එකක් (අවශ්‍ය නම් පමණක් )

සාදන ක්‍රමය 

  • ප්‍රථමයෙන් කපාගත් කුකුළු මස් ටික හොඳට සෝදා ලුණු මිස්ට වතුර මත හොඳින් තම්බා ගන්න. දැන් මෙයට සෝදාගත් ඉතිරි සියලුම ද්‍රව්‍ය එක්ක හොඳට හොදට කලවම්කර උතුරුවා ගන්න.
  • දැන් මූඩිය කින් වසා විනාඩි 12 -20 අතර කාලයක් බත  පිසගන්න.මෙම බත පිස ගත් පසු එම බත් එක විශාල බඳුනක් මතට අනෙක් අතට හරවා පිළිගැන්වීම මෙහි සාම්ප්‍රදායික ක්‍රමයයි .
  • අවසානයට චොප් කරගත්  පාස්ලි ස්වල්පයක් දමා පිළිගන්වන්න . මෙය අරාබි කරයේ විශේෂ උත්සව අවස්ථා සඳහා පිළිගන්වන ආහාරකි.

June 5, 2023
77.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

කිලෝ 1 පමණ කුකුළෙක් ,

සෝයා සෝස් තේ හැඳි 2 ක් ,

ලුණු කුඩු තේ හැදි 1 ක් ,

මී පැණි තේ හැදි 1 ක්

මිරිස් කුඩු තේ හැදි ½ ක් ,

තෙල් මේස හැදි 2 ක්,

අබ ක්‍රීම් තේ හැඳි 1 ක්

සාදන ක්‍රමය 

  • සෝයා සෝස් ලුණු කුඩු මී පැණි අබ ක්‍රීම් මිරිස් කුඩු මිරිස්කුඩු තෙල් යන සියල්ල භාජනයකට දමා හොඳින් කලවම් කරගන්න .

  • සෝදා  තෙත මාත්තු කර ගත් කුකුළාට මේ මිශ්‍රණය තවරා අවන් එකක 175 – 200C අතර විනාඩි 40- 60 අතර බේක් කර ගන්න.

  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 1, 2023
51.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • චිකන් වින්ස් 900g,
  • බොම්බයි ලූණු ගෙඩි 1,
  • බිත්තර 1,
  • සෝයාසෝස් මේසහැදි 3,
  • ඔයිස්ට සෝස් මේසහැදි 4,
  • බාබක්‍යු සෝස් මේසහැදි 2,
  • ටොමෑටෝ කෙචප් මේසහැදි 3,
  • කෝන් පිටි මේසහැදි 1,
  • පාස්ලි අතු 5-6,
  • සුදුලූණු බික් 5,
  • අගලක පමණ ඉගුරු කැබැල්ලක්,
  • කෑලිමිරිස් මේසහැදි 1,
  • තෙල් මේසහැදි 1 1/2,
  • වතුර කප් 1/2,
  • ලුනු

සාදන ක්‍රමය

  • මුලින්ම මස්ටික හොඳින් සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසු සුදුලූණු ගා ඉගුරු ටික ග්ලයින්ඩ කරගන්න. දැන් තරමක් ලොකු වීදුරු බෝල් එකක් ගෙන එයට මස්ටික දමන්න. 
  • පසුව එයට ග්ලයින්ඩ කරගත් සුදුලූණු ඉගුරු , සෝයාසෝස් , ඔයිස්ට සෝස් , කෑලිමිරිස්, යන්තම් බීට් කරගත් බිත්තර හා කෝන් පිටි දමා හොඳින් කළවම් කර විනාඩි 30 පමණ තබන්න. 
  • දැන් පෑන් එකක් ලිප තබා එයට තෙල් දමා තෙල් රත්වූ පසු හීනියට කපාගත් බොම්බයිලූණු එක්කරන්න. බොම්බයි ලූණු ටික තැම්බීගෙන එන විට එයට මස් මිශ්‍ර දමා පසුව වතුර එක්කර මස්ටික තැම්බෙන තෙක් පියනකින් වසා පිස ගන්න.
  • පසුවපියනඉවත්කරහොදටමතික්ග්‍රේවීඑකක්වූපසුටොමෑටෝකෙචප්එක්කරහොඳින්කළවම්කරන්න. තවත් විනාඩියක් පමණ පිස ලිපෙන් ඉවතට ගැනීමට ප්‍රථමයෙන් පොඩි කපාගත් පාස්ලි ටික එක්ක හොඳින් කළවම් කර ලිපෙන් ඉවතට ගෙන දැන් ඔබ කැමති ආකාරය පිළිගන්වන.

May 30, 2023
308.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස් 500g ,

හතු 150g,

පෙති කැපූ කැරට් අල 2 ,

ලියාගත් බොම්බයි ලූනු ගෙඩි 2 ,

පාස්ලි ඉත්තක් ,

තුන පහ ස්වල්පයක්,  

මිරිස් කුඩු ස්වල්පයක්, 

මස් තැම්බූ වතුර කෝප්ප 1,

ගම්මිරිස් කුඩු මේස හැඳි 1 1/2 ,

විනාකිරි කෝප්ප 1/4, 

ලුණු හා තෙල් ස්වල්පයක් 

සාදන ක්‍රමය

  • මස් කෑලි කපා සෝදා අවශ්‍ය පමණ ලුණු එක්කර පසෙකින් තබන්න. භාජනයකට තෙල් දමා රත්වන විට එයට මස් දමා බැදගන්න. කැරට් පෙති කපාගන්න. 
  • ළූණු සිහින්ව ලියාගන්න. බඳුනකට හත, ගම්මිරිස්, පාස්ලි , ලූණු, තුනපහ, මිරිස් ,කැරට්, විනාකිරි, ලූණු හා මස් තැම්බූ වතුර කෝප්ප 1ක් එක්කර විනාඩි 7ක් පමණ මද ගින්නේ තම්බා ගන්න. 
  • තැම්බුණු පසු මෙයට කුකුළු මස් මිශ්‍රණය ද දමා ඉතිරි මස් වතුර දමා මද ගින්නේ තම්බා ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!