Exotic Curries Lunch

June 9, 2023
287.jpg

අවශ්‍ය ද්‍රව්‍ය
  • කෑලි කපා දෙහි සහ ලුණු දමා සීසන් කරගත් චිකන් 1kg,
  • තලාගත් ඉඟුරු තේ හැන්දයි,
  • තලාගත් සුදු ළූණු බික් 3,
  • කොත්තමල්ලි කුඩු තේ හැන්දයි,
  • ගරම් මසාලා තේ හැන්දයි,
  • කුරුඳු කුඩු තේ හැඳි 1/2,
  • කපාගත් ළූණු ගෙඩි 4,
  • කපාගත් තක්කලි ගෙඩි 5,
  • දෙහි බෑයක යුශ,
  • ගම්මිරිස් කුඩු රස අනුව
සාදන ක්‍රමය
  • තෙල් හෝ ගී ටිකක් රත් වෙන්නට හැර ඒකට ළූණු, ඉඟුරු, සුදුළූණු එක් කර ලුණු ස්වල්පයක් දමා ළූණු මැලවෙන තුරු තෙම්පරාදු කරගන්න.
  • ළූණු තෙම්පරාදු වූ පසු එයට තක්කලි, ගරම් මසාලා, කුරුඳු කුඩු සහ කොත්තමල්ලි කුඩු එක් කර හොඳින් මිශ්‍ර කරගෙන එයට කපා ගත් චිකන් එක් කරගන්න.
  • ළූණු සහ තක්කලි වල තෙතමනයෙන් චිකන් එක අඩුම ගින්දරේ තැම්බෙන්නට හරින්න.
  • අවසානයට රස අනුව ගම්මිරිස් සහ ලුණු එකතු කර, දෙහි යුශ දමා ලිපෙන් ඉවත් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 5, 2023
38.jpg

අට දෙනෙක් සඳහා 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සම ඉවත් කර ගත් කුකුල් මස් ග්‍රෑම් 500 ක් 
  • බාස්මතී හාල් කිලෝ ග්‍රෑම්ක් 
  • බැදගත් කෝන් පිටි ග්‍රෑම් 500 
  • බැදගත් වම්බටු කිලෝ 1 ක් 
  • වියලි දෙහි ගෙඩි 1 ක් 
  • තක්කාලි ග්‍රෑම් 200 ක් 
  • සිහින්ව කපාගත් බී ලූනු බීලූනු ග්‍රෑම් 200 ක්  
  • කුරුදු පොතු කැබැල්ලක් 
  • ලුණු හෝ ගම්මිරිස් පදමට 
  • මාගරින් ග්‍රෑම් 150 ක්
  • සුප් කැට එකක් (අවශ්‍ය නම් පමණක් )

සාදන ක්‍රමය 

  • ප්‍රථමයෙන් කපාගත් කුකුළු මස් ටික හොඳට සෝදා ලුණු මිස්ට වතුර මත හොඳින් තම්බා ගන්න. දැන් මෙයට සෝදාගත් ඉතිරි සියලුම ද්‍රව්‍ය එක්ක හොඳට හොදට කලවම්කර උතුරුවා ගන්න.
  • දැන් මූඩිය කින් වසා විනාඩි 12 -20 අතර කාලයක් බත  පිසගන්න.මෙම බත පිස ගත් පසු එම බත් එක විශාල බඳුනක් මතට අනෙක් අතට හරවා පිළිගැන්වීම මෙහි සාම්ප්‍රදායික ක්‍රමයයි .
  • අවසානයට චොප් කරගත්  පාස්ලි ස්වල්පයක් දමා පිළිගන්වන්න . මෙය අරාබි කරයේ විශේෂ උත්සව අවස්ථා සඳහා පිළිගන්වන ආහාරකි.

May 29, 2023
267.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අඹරාගත් කුකුල් මස් 250g,
  • බිත්තර කහමද 1ක් ,
  • වතුරේ පොඟවා ගත් පාන් පෙත්තක් ,
  • රස අනුව ලුණු සහ ගම්මිරිස්,
  • සාදික්කා කරදමුංගු කරාබුනැටි ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • අඹරාගත් මස්, පාන්, බිත්තර, කහමද, සුවඳ කුඩු, ලුණු, ගම්මිරිස් එකට දමා අනා ගන්න. හොඳින් අනා ගෙන බෝල සාදා ශීතකරණයේ තබා ප්‍රයෝජනයට ගන්න. 
  • මෙම ප්‍රමාණය බෝල 18 ක් සාදා ගත හැක.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 28, 2023
204-1280x960.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳින් තම්බාගත් බිත්තර 4,
  • චීස් වෙජස් 2,
  • ගම්මිරිස් කුඩු,
  • ලුණු කුඩු,
  • චොප් කරගත් ළූණු,
  • චොප් කරගත් පාස්ලි කොළ,
  • පොඩි රතු අල ගෙඩියක්

 

සාදන ක්‍රමය

  • බීට් ගෙඩිය පොඩි කෑලි වලට කපාගෙන බඳුනකට දමා, එයට වතුර එක් කර උතුරුවා ලිප නිවා ගන්න. තම්බා ගත් බිත්තර වල කටු ඉවත් කරගන්න. බීට් තම්බාගත් වතුරට බිත්තර එක් කර විනාඩි 10ක් තියාගන්න.
  • බිත්තර ඉවතට ගෙන අයිස් වතුරෙන් සෝදා දෙකට පලාගන්න. සුදු මදය කැඩෙන්නෙ නැති වෙන්න පරිස්සමින් කහ මදය ඉවත් කරගන්න.
  • වෙනම භාජනේකට කහමද, චීස්, ලුණු, ගම්මිරිස්, ළූණු සහ පාස්ලි කොළ එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • පයිපින් බෑග් එකකට සාදාගත් මිශ්‍රණය දමාගෙන බිත්තර සුදු මද වලට පුරවා ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
198.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් භාගයක්,
  • සොසේජස් 4,
  • ළූණු ගෙඩියක්,
  • මාළුමිරිස් කරලක්,
  • තක්කාලි ගෙඩියක්,
  • ගම්මිරිස් කුඩු,
  • ලුණු කුඩු,
  • බිත්තර 3

 

සාදන ක්‍රමය

  • භාජනයක් ලිපේ තියල එකට තෙල් ටිකක් එකතු කරන් පොඩියට කපාගත්ත සොසේජස් දාල බැදගන්න.
  • ඒ ටික බැදුනම ඒකටම කපාගත්ත ළූණු, මාළුමිරිස්, තක්කාලි එක්ක ගම්මිරිස් කුඩු, ලුණු කුඩු ටිකක් එකතු කරල කලවම් කරගෙන, ඒකට පාන් පොඩියට කඩල එකතු කරගන්න.
  • කැමති නම් තම්බල බැදගත්ත හතු ටිකක් හෝ මස් වර්ගයක් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. මේ මිශ්‍රණය බටර් ගාපු තැටියකට දාගෙන පැතලි කරන් ඒකට උඩින් හොඳින් ගසාගත්තු බිත්තර වත් කරගන්න. දැන් මේක සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත්ත අවන් එකක විනාඩි 20-30 බේක් කරගන්න උඩ දුඹුරු පාට වෙනකම්. (ගන්න ප්‍රමාණ අනුව අවන් එකේ තියන වෙලාව වෙනස් වෙනව. මතුපිට රන්වන් පාට වෙලා එන ගාණට තිබ්බම ඇති)
  • අවන් නොකර හදාගන්න නම් නන්ස්ටික් පෑන් එකක එළවළු තෙම්පරාදු කරගෙන ඒකටම පාන් ටිකත් එකතු කරන් ඒ පෑන් එකටම බිත්තර එකතු කරල අඩුම ගින්දරේ පියනකින් වහල තියන්න විනාඩි 20ක්.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
197.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පෙති 8,
  • ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටිකිරි,
  • ලුණු,
  • පාස්ලි කොළ,
  • ගම්මිරිස් කුඩු,
  • තම්බගත්ත අල ගෙඩියක්,
  • චීස් කැමති වර්ගයකින්,
  • බිත්තරයක්,
  • පාන් කුඩු

 

සාදන ක්‍රමය

  • පාන් පෙති වාටි ඉවත් කරල පොඩි කෑලි වලට කඩල අරගන්න. මේක රොටි පදමට අනාගන්න පුළුවන් ගාණට කිරි එකතු කරන්න. මේකටම ලුණු පෝඩ්ඩක්, හීනියට කපාගත්ත පාස්ලි කොළ (අවශ්‍යම නැහැ), ගම්මිරිස් කුඩු පොඩ්ඩක්, පොඩි කරගත්තු අල දාල හොඳින් අනාගන්න.
  • මේ මිශ්‍රණයෙන් ටිකක් අතට අරන් රවුම් හැඩේට පැතලි කරල මැදට චීස් කෑල්ලක් තියල හොඳට ඔතල බෝලයක් හදාගන්න. 
  • මෙහෙම හදාගත්තු බෝල බිත්තර සාරු වල දවටල, පාන් කුඩු තවරල ගැඹුරු තෙලේ අඩු ගින්දරේ රන්වන් පාට වෙනකම් බැදගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
191-1280x720.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඔලිව් තෙල් තේ හැඳි 2,
  • ලසංඥා ෂීට් පැකට් 01,
  • සිහින්ව කපාගත් බෙල්පෙපර් කෝප්ප 02,
  • සිහින්ව කපාගත් වම්බටු කෝප්ප 02,
  • සිහින්ව කපා තම්බාගත් අල කෝප්ප 2,
  • කපාගත් රටලූනු කෝප්ප 01,
  • සිහින්ව ලියාගත් සුදුලූනු කෝප්ප 1/2,
  • තක්කාලි පේස්ට් තේ හැඳි 4,
  • වතුර කෝප්ප 1 1/2,
  • ගම්මිරිස් තේ හැඳි 1/4,
  • කැබැලි මිරිස් මේස හැඳි 01,
  • සූදුරු කුඩු මේස හැඳි 01,
  • සිහින්ව කපාගත් මොසරැල්ලා චීස් අවශ්‍ය තරම්,
  • බිත්තර 01,
  • කළු ගම්මිරිස් තේ හැඳි 01,
  • ඔරිගානෝ තේ හැඳි 1/4,
  • රිකෝටෝ චීස් කෝප්ප 1/4

සාදන ක්‍රමය

  • භාජනයක් ළිප තබා වතුර හා ලුණු ස්වල්පයක් එක්කර ලසංඥා ෂීට්ස් ටික විනාඩි 8ක් හෝ 10ක් හොඳින් තම්බා ගන්න. 
  • එම ෂීට් හොඳින් නිවුණු පසු සීතල වතුරේ දමා ගන්න. 
  • නැත්නම් තෙල් කඩදාසියක් මත තබා ශීතකරණයේ තබන්න. 
  • පසුව භාජනයක් ළිප තබා ඔලිව් තෙල් එක්කර එයට ලූනු දමා රන්වන් පැහැ වනතෙක් බැදගන්න.
  • අනතුරුවඑයටසුදුලූනු, රතු, කහ, කොළ බෙල් පෙපර්, වම්බටු, අල එකතු කරන්න. 
  • පසුව තක්කාලි, තක්කාලි පේස්ට්, ගම්මිරිස්, කැබැලි මිරිස්, සූදුරු එක්කර රසවත් මිශ්‍රණයක් සාදා ගන්න. 
  • ඉන්පසු තවත් භාජනයක් ගෙන මොසරැල්ලා චීස්, රිකෝටෝ චීස්, බිත්තර, ඔරිගානො එක්කර තවත් මිශ්‍රණයක් සාදා ගන්න. 
  • පසුව තරමක බෝල් එකක් ගෙන එහි අඩියට ලසංඥා ෂීට් එකක් දමන්න. 
  • ඉන්පසු එළවළු මිශ්‍රණයත් චීස් මිශ්‍රණයත් පිළිවෙළින් එක්කරන්න. නැවතත් ලසංඥා ෂීට් එකක් දමා කැමැති නම් උඩින් මොසරැල්ලා චීස් සිහින්ව ගාගෙන එක් කරන්න. 
  • ඉන්පසු එම බෝල් එක හොඳින් වසා සෙල්සියස් අංශක 190ක උෂ්ණත්වයක විනාඩි 40ක් පමණ බේක් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
70.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සුදු මාළු (මලට්, කටු ඉවත් කර ග්‍රෑම් 450ක්),
  • අර්තාපල් ග්‍රෑම් 450 ක්(තම්බා පොඩිකර ගන්න),
  • හාඩ් බටර් මේස හැදි 2 ක් (සිහින් කෑලි තබන්න ),
  • කුඩාවට කපාගත් පාස්ලි මේස හැදි 3ක් ,
  • බිත්තර 1ක් (සුදු මද කහ මද වෙන් කරන්න),
  • පාන් කුඩු කෝප්පයක් ,
  • ගම්මිරිස් ලුණු රස අනුව ,
  • බැද ගැනීමට තෙල් 

සාදන ක්‍රමය

  • මාළු සිහින්ව පොඩි කරන්න.බදුනකට ගෙන එයට පොඩි කරගත් මාළු, අර්තාපල්, බටර් පාස්ලි, බිත්තර කහ මද, ලුණු, ගම්මිරිස් දමා මිශ්‍රණය ගෑරුප්පුවක අධාරයෙන් කලවම් කරන්න.
  • දැන් මෙම මිශ්‍රණය කොටස් කිහිපයකට වෙන් කරන්න.එම කොටස් පැතිලි හැඩයකට අඟල් 1/2 ක් පමණ ඝනකමට තුනී කරන්න. දැන් ඉතිරි බිත්තර සුදු මදය හා අනෙක් බිත්තරය බදුනකට දමා හොඳින් ගසන්න. 
  • දැන් සාදාගත් ෆිෂ් කේක්  බිත්තර වල දවටා පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බදින්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
50.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලසඤ්ඤා නූඩ්ල්ස් කැබලි 12,
  • අඹරපු මස් 500 g,
  • (POLLy – O)රිකෝටා 450ml චීස් ටින් 1,
  • මොසරෙල්ලා චීස් කප් 3 1/2,
  • ග්‍රේට් කරගත් පමසන් චීස් කප් 3/4,
  • හීනියට කපාගත් පාස්ලි කප් 1/4,
  • ගසා ගත් බිත්තර 1,
  • ස්ෆැගති සෝස් 700 ml බෝතලයක්,
  • වතුර කප් 1

සාදන ක්‍රමය

  • මුලින්ම පෑන් එකක් ලිප තබා මස්ටික දමා තැම්බෙන්නට තබන්න .
  • මස් වල ඇති වතුර එලියට විත් මස් දුඹුරු පැහැ ගැන්වී මස් සහ වතුර වෙන්වූ පස මස්ටික පෙරා වතුර සම්පූර්ණයෙන්ම ඉවත්කර නැවතත් මස්ටික පෑන් එකට දමා එයට සෝස් එකකරන්න.
  • දැන් වතුර කප් එක සෝස් බෝතලය තුලට දමා මූඩිය හොඳින් වසා හොඳින් කලවම්කර එයද මස් මිශ්‍රණයට දමා ඉතා හොඳින් කලවම් කර විතාඩියක් පමණ පිසගන්න.
  • දැන් වීදුරු බෝල් එකක් ගෙන එයට පොලයි ඕ රෙකෝටා චීස් ටින් එක , මොසරෙල්ලා චීස් කප්2, පමශන් චීස් 1/2, පාස්ලි හා බිත්තර දමා ඉතාහොදින් කළවම් කරන්න .
  • දැන් අවන් එකේ දැමිය හැකි ගැඹුරු තැටියක් ගෙන මුලින්ම එයට මස් මිශ්‍රණයෙන් තට්ටුවක් දමන්න .
  • දැන් ලසන්න්‍යා නූඩ්ල්ස් තට්ටුවක් දමන්න .
  • ඉන්පසු එයට උඩින් සාදාගත් චීස් මිශ්‍රණයෙන් තට්ටුවක් දමන්න මෙලෙස තට්ටු තුනක දාගන්න .
  • ඉන්පසු එයට උඩින් මොසරෙල්ලා චීස් 1 1/2 හා පමශන් චීස් කප් 1/4 දමා කුකින්ස්ෆ්‍රේ ගැසූ ඇලුමිනියම් ෆොයිල් එකකින් හොඳින් වසා සෙල්සියස් අංශක 350 උෂ්ණත්වයේ පැයක් පිසගන්න. විනාඩි 15 පමණ නිවෙන්නට තබා පිළිගන්වන්න.

May 22, 2023
10-1280x1280.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි 300g,
  • බේකින් පවුඩර් තේ හැඳි 1/2ක්,
  • ලුණු තේ හැඳි 1ක්,
  • මාජරින් තේ හැදි 3යි,
  • කිරි කෝප්ප 3/4ක්,

පිරවුමට,

  • සැමන් ටින් 1ක්,
  • මාජරින් තේ හැදි 2,
  • කුකිං සෝස් මේස හැඳි 1ක්,
  • රස අනුව ලුණු,
  • ගම්මිරිස් තේ හැඳි 1ක්,
  • තක්කාලි ගෙඩි 1ක්,
  • ඉගුරු හා සුදුළුණු තේ හැඳි 2ක බැගින් 
  • අමුමිරිස් කරල් 3ක්,
  • කුඩාවට කැපු බී ළුණු ගෙඩි 1,
  • මිරිස් කුඩු තේ හැඳි 1/2ක්

සාදන ක්‍රමය

  • පිටි බේකින් පවුඩර් හා මාජරින් එකට දමා අනා ගන්න. 
  • මෙයට ලුණු එකතු කරගන්න හොඳින් කළවම් වූ පසු කිරි ටික ටික දමා අනා ගන්න.

පිරවුම සාදන ක්‍රමය

  • මාජරින් රත්කර එයට ඉඟුරු සුදු ලූනු දමා බැඳුණු පසු අමුමිරිස් අමු මිරිස් , ළුණු එකතු කර ගන්න. හොඳින් තෙම්පරාදු වූ පසු තක්කාලි දමන්න ලුණු, ගම්මිරිස් ,මිරිස් කුඩු හා සෝස් දමන්න. 
  • ටික වේලාවකින් කුඩු කර ගත් සැමන් දමා කලවම් කරන්න.
  • ඉන්පසු පෙර සෑදු පේස්ට්‍රිය තුනීකර ඒ මැදට පිරවුම තබා නවා ගන්න. 
  • බටර් ගාගත් දීසියක තබා බිත්තර කහමද උඩින් ගා 200° උශ්ණත්වයේ විනාඩි 45ක් බේක් කරන්න.
  • දැන් පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!