Lunch

July 2, 2023
220.jpeg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බාස්මතී හාල් කෝප්ප 2ක් 300
  • ගිතෙල් මේස හැඳි 2ක්
  • තලාගත් ඉඟුරු සහ සුදු ලූණු 
  • කපාගත් ලූනු ගෙඩි 1ක් 
  • රම්පෙ
  • කරපිංචා
  • කුරුදු පොතු කැබැල්ලක්
  • කරද මුංගු
  • කරාබු නැටි  
  • රස අනුව ලුණු

සාදන ක්‍රමය 

  • මුලින්ම හාල් ටික සෝදාගන්න.
  • ඉන්පසු  පෑන් එකක් ලිපෙන් තියලා  ගී තෙල් එකතු කරන්න.
  • ඉන්පසු තලාගත් ඉගුරු සුදු ළූණු ළූණු කරපිංචා රම්පේ කරාබු නැටි කරදමුංගු කුරුදු පොතු එකතුකර රන්වන් පාට වනතුරු බැදගන්න.
  • ඉන්පසු මේ තෙම්පරාදු මිශ්‍රණය  රයිස් කුකර් එකේ සහල් ටිකටට එකතු කරන්න.
  • ඉන් පසුව කහ සහ ලුණු එකතු කරමින් වතුර එකතු කරන්න.
  • දැන් රයිස් කුකර් එක ඔන් කරන්න.
  • බත ඉදුණු පසු කැමති ආකාරයකට  පිළිගන්වන්න.

July 1, 2023
219-1280x720.jpeg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ලොකු ලූනු ගෙඩි 3ක්
  • කෑලි මිරිස් තේ හැදි 4ක්
  • සීනි තේ හැඳි 3ක්
  • කරදමුන්ගු ඇට 3ක්
  • කරාබුනැටි ඇට  4ක්
  • උම්බලකඩ ස්වල්පයක්
  • රම්පේ
  • කරපිංචා
  • කුරුදු පොතු කැබැල්ලක්
  • තෙල් ස්වල්පයක්
  • රස අනුව ලුණු

සාදන ක්‍රමය 

  • මැටි ඇතිලියකට මේ සියල්ලම එකතු කරගන්න.
  • ඉන්පසු හොඳින් කලවම් කරගන්න.
  • ලූනුවුණු වල වතුර එනකම්ම හොදින්  කලවම් කර ගන්න.
  • පසුව මඳ ගින්නේ විනාඩි විස්සක් විසිපහක් හොඳින් පිසගන්න.
  • දැන් කැමති ආකාරයට  පිළිගන්වන්න .

June 29, 2023
302.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

හාල් කිලෝ 1 ක්,

ලොකු ළූණු ග්‍රෑම් 250 ක්,

කරදමුංගු කරල් 8 ක්,

කරාබු නැටි නැටි 6 ක්,

කහ ස්වල්පයක් ,

සුල්තානා ග්‍රෑම් 200 ක්,

ගිතෙල් මේස හැඳි 4 ක්,

ගම්මිරිස් ඇට තේ හැඳි 2 ක්

සාදන ක්‍රමය 

  • බදුනක් ලිප තබා එයට ගිතෙල් දමා ලියාගත් ළූණු ටිකත් දෙකට තුනට කඩාගත් ගම්මිරිස්, කරදමුංගු, කරාබුනැටි සහ කහ දමා ගරාගත් හාල් ද දමා තෙම්පරාදු කරන්න. 
  • එය තෙම්පරාදු වන විට වතුර හෝ ස්ටොක් දමා බත පිසන්න. 
  • සුල්තානා බටර්වල දමා තෙම්පරාදු කරන්න. ඉතිරිය ලූනු ග්‍රෑම් 100 ත් බටර්වල තෙම්පරාදු කරන්න. 
  • දැන් පළමුව පිසගත් බත් වලට තෙම්පරාදු කරගත් ලූණු සහ සුල්තානා කලවම් කරන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 29, 2023
298.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොතු ඉවත් කරගත් ඉස්සො 300g,
  • කහ තේ හැඳි 1/2,
  • මිරිස් කුඩු තේ හැන්දයි,
  • ලුණු තේ හැන්දයි,
  • ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැන්දයි,
  • බ්ලෙන්ඩ් කරගත්ත ළූණු කප් 1/2,
  • ගරම් මසාලා තේ හැඳි 1/4,
  • යෝගට් හෝ මීකිරි මෙශරින් කප් 1,
  • චොප් කරගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2,
  • ගැඹුරු තෙලේ බැදගත් ළූණු කප් 1/4,
  • බෙරි නොවෙන්න පිස ගත් බාස්මතී බත් කප් 1 1/2

 

සාදන ක්‍රමය 

  • කහ, ලුණු, මිරිස්, ගරම් මසාලා, ඉඟුරු, සුදුළූණු, ළූණු පේස්ට් සහ මීකිරි කප් එකෙන් භාගයක් ඉස්සන් හා මිශ්‍ර කර, පැයක් පමණ මැරිනේට් වෙන්න තියාගන්න.
  • තෙල් හෝ ගී ටිකක් රත් වෙන්න තියල, ඒකට මැරිනේට් කරගත්ත ඉස්සන් මිශ්‍රණය එකතු කරල, රන්වන් පාට වෙනකම් පිසගන්න.
  • පසුව ලිපෙන් ඉවත් කර ඉතිරි මීකිරි භාගය, කොත්තමල්ලි කොළ සහ බැදගත් ළූණුවලින් භාගයක් එක් කරල මිශ්‍ර කරගන්න.
  • බටර් තවරාගත් භාජනයකට බත් වලින් කොටසක් ලේයර් කර, ඊට උඩින් සාදාගත් ඉස්සන් මිශ්‍රණය දමාගෙන, ඉතිරි ළූණු ටික ඉසගන්න. 
  • එයට උඩින් අනිත් බත් ටික දමා හොඳින් හැන්දකින් තද කර, විනාඩි 8ක් පමණ අඩුම ගින්දරේ පියනකින් වසා පිසගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 23, 2023
52-1280x720.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හාල් ග්‍රෑම් 750 
  • කුකුල් මස් කිලෝ 1 ක් (පොතු ගලවා සුද්ද කර කුඩා කැබලි වලට කපා )
  • කුකුළු හෝ වෙනත් පීකුදු ග්‍රෑම් 200 ක් 
  • කපාගත් මාළු මිරිස් කෝප්ප 1/2 
  • ග්‍රීන් පීස් ඇට කපාපු කෝප්ප 1/2
  • ස්ටොක්  පීරිසි කෝප්ප 1/2 
  • සිහින්ම කැබලි කර ගත් තක්කාලි කෝප්ප 1/2 
  • ඔලිව් ඔයිල් තෙල් කෝප්ප 1/2 
  • සුදු ලූණු මේස හැඳි 1 ක් 

සාදන ක්‍රමය

  • භාජනයකට තෙල් දමා රත්කර ගන්න.එය රත්වනවිට කුකුල් මස් නමා දමා මදක් බැඳුණු පසු සුදු ළූණු, ළූණු, පීකුදු ආදී සියල්ල දමා සහල් එකතු කර විනාඩි දහයක් පිසගන්න.
  • ඉන්පසු ස්ටොක් එකතුකර උතුරන්නට හරින්න .
  • එය භාගයකට තැනූ විට වතුර සහ බත් එක ප්‍රමාණයකට විට මූඩියක් සහිත දෙසීයකට බත් සියල්ල දමා මිරිස් හා ඉස්සන්, පොකිරිස්සන්, ග්‍රීන්පීස් ආදිය ක්‍රමවත්ව අසුරා තක්කාලි උඩින් දමා  පියනෙන් වසා සාමාන්‍ය උෂ්ණත්වය මත විනාඩි තිහක් බේක් කරගන්න .

June 21, 2023
307.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස් 500g ,

යෝගට් කෝප්ප 2 අමුමිරිස් කරල් 2,

ඉඟුරු කෑල්ලක්, 

මිරිස් කුඩු තේ හැදි 1 1/2, 

සුදුළූණු බික් 2,

විනාකිරි තේ හැද 2 ,

ලුණු 

සාදන ක්‍රමය

  • කුකුල් මස් සෝදා කැබලි කපාගන්න. ඉඟුරු සුදුළූණු හා අමුමිරිස් අඹරා එයට යෝගට් මිශ්‍රකර කැබලි කැපූ කුකුල් මස් වලට  දමන්න. 
  • මිරිස්කුඩු, විනාකිර,ලුණු ද එම මිශ්‍රණයට දමන්න. වතුර ස්වල්පයක් දමා පැය 1 1/2  පමණ පසෙකින් තබන්න. ඊට පසු මෙය අවන් එකක දමා විනාඩි 20ක් පමණ බේක් කරගන්න. 
  • අධි ශීතකරණයේ තබා පසුව පිසගන්න .
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 21, 2023
40.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සම්බා හාල් ග්‍රෑම් 200 ක් 
  • උණු වතුර කෝප්ප 1 1/2
  • මාළු ග්‍රෑම් 100 ක්  
  • ඉස්සෝ ග්‍රෑම් 100 ක්  
  • කුඩාවට කපාගත් ලොකු ළූණු ගෙඩි එකක්
  • සුදු ළූණු බික් තුනක් 
  • ඉඟුරු කැබැල්ලක් 
  • සූදුරු තේ හැඳි එකක් 
  • කුඩාවට කපාගත් තක්කාලි ගෙඩි එකක් 
  • තක්කාලි සෝස් මේස හැඳි එකක් 
  • රස අනුව ලුණු 
  • තෙල් මේස හැඳි දෙකක් 
  • දෙහි ඇඹුල් තේ හැඳි එකක් 

සාදන ක්‍රමය 

  • සාමාන්‍ය ආකාරයට බත උයන්න
  • තෙල් ලිප තබා රත්වන විට ලුණු එකතු කර ගන්න.කුඩාවට කපාගත් මාළු හා කුඩාවට කපාගත් ඉස්සන් එක්කර බදින්න ඉඟුරු සුදුලූනු සුදුළූණු වියළි මිරිස් කැබලි හා සූදුරු ආදිය එයට එක්කර බදින්න.
  • කපාගත් තක්කාලි හා තක්කාලි සෝස් එක්කර ගන්න. බත් ටික ටික දමා තෙම්පරාදු කරන්න.කුඩාවට කපාගත් ළූණු කොල දමා සරසා ගන්න.දෙහි ඇඹුල් ස්වල්පයක් බත් එක් කිරීමෙන් පසු එක් කිරීමෙන් වඩා රසවත් වේ.
  • මෙම වත සාදා නිම කළ විට වියළි ගතියෙන් තිබිය යුතුය.

June 20, 2023
299.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඔළුව කඩල ඉවත් කරගත්ත හාල්මැස්සො කප් 1,
  • හීනියට කපාගත්ත ළූණු ගෙඩියක් හෝ දෙකක් කැමැත්ත අනුව,
  • සුදුළූණු, රම්පෙ, කරපිංචා, අමුමිරිස්
  • කෑලි මිරිස් සැර අනුව,
  • කහ චුට්ටක්,
  • ලුණු,
  • සියඹලා ඉස්ම හෝ දෙහි ඇඹුල්,
  • තෙල්

සාදන ක්‍රමය 

  • හාල්මැස්සො ටික විනාඩි දහයක් විතර පෙඟෙන්න තියල හොඳට සෝදගන්න. වතුර බේරෙන්න පැත්තකින් තියන් ඒ අතරතුර ළූණු ටිකට තෙල් හැර අනෙක් සියළුම දේවල් දාල අනාගන්න. 
  • සියඹලා වෙනුවට දෙහි ගන්නව නම් දෙහි ටික දාගන්න එපා.
  • තෙල් ටික රත් වෙන්න තියල ඒකට වතුර බේරගත්ත හාල්මැස්සො ටික එකතු කරගන්න. ටිකක් බැදෙන්න ඇරල ළූණු මිශ්‍රණය එකතු කරගන්න. ළූණු ටික මැලවිලා දුඹුරු පාටට එනකොට ලිප නිවල ටිකකින් දෙහි ඇඹුල් එක් කරගන්න සියඹල නොදානව නම්.
  • කරවල තෙල් දාන්නෙත් මේ විදියටමයි. හාල් මැස්සො වෙනුවට කරවල ගන්න. හැබැයි කරවල ගනිද්දි දාන ලුණු ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න. කරවල කොහොමත් ලුණු රසයි. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 19, 2023
35.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බාස්මතී ග්‍රෑම් 500 
  • රතු මිරිස් කරල් 2 ක්  
  • බී ළුණු ගෙඩි 2- 3
  • සුදුළූණු ස්වල්ප වශයෙන් 
  • අමු ඉඟුරු ස්වල්ප වශයෙන් 
  • ඉස්සො ග්‍රෑම් 100 ක්
  • කටු රහිත කුකුළු මස් ග්‍රෑම් 100 ක් 
  • ලුනු ගම්මිරිස් කුඩු තේ හැදි 2 ක් 
  • සීනි තේ හැඳි බාගයක් 
  • ලපටි බෝංචි කරල් ග්‍රෑම් 75 

සාදන ක්‍රමය

  • පළමුවෙන්ම බැරි නොවන සේ නියමිත පදමට බත පිසගන්න .
  • එයට පසු රතු මිරිස් කරල් ළුණු, ලූණු, සුදු ළුණු, අමු ඉඟුරු එකතුකර හොඳින් අඹරා ගන්න.
  • ඉස්සන් කපා සෝදා පොතු ඉවත්කර ඉවත් කර කුකුල් මස් කොටස්  සෝදා පොඩි කැබලි වලට කපා ගන්න.
  • ඉන්පසු තෙල් ස්වල්පයක් අඩු ගින්දර රස්නයට රත්වන්නට තබා පළමුව ඉස්සන් සහ මස් කැබලි දමා බැද ගන්න .අනතුරු අඹරා ගත් මිශ්‍රණය එයට එක්කර එයට පසු බෝංචි දමා බැදගෙන සීනි මිශ්‍ර කරගන්න .අවසානේ උයාගත් බත තෙලට එක්කර හොඳින් හොඳින් කලවම් කරගන්න .

June 14, 2023
213.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කීරි සම්බා හෝ බාස්මතී හාල් 500g,
  • කරදමුංගු කරල් 6,
  • කුරුඳු පොතු අඟල් දෙකක කෑල්ලක්,
  • බේලීෆ් එකක් (තියෙනවා නම්),
  • බත පිස ගැනීමට චිකන් ස්ටොක් හෝ සුප් කැටයක් දිය කරගත් වතුර,
  • ලුණු,
  • කහ,
  • චොප් කරගත් ළූණු කප් 1/4,
  • රම්පෙ,
  • සිහින්ව කපා ගැඹුරු තෙලේ බැදගත් ළූණු, අල,
  • ගැඹුරු තෙලේ බැදගත් කරපිංචා,
  • බැදගත් කජු හෝ රට කජු,
  • තම්බාගත් ග්‍රීන් පීස්,
  • බටර් මේස හැඳි 2ක් සහ තෙල් තේ හැන්දක්

 

සාදන ක්‍රමය

  • චිකන් ස්ටොක් එක්කර බත බෙරි නොවන සේ පිස ගන්න. බටර් සහ තෙල් වෙනම භාජනයකට දමා රත් වෙන්න තියාගෙන ඒකට කරදමුංගු, කුරුඳු, බේලීෆ්, රම්පෙ, ළූණු, කහ සහ ලුණු එකතු කරගෙන තෙම්පරාදු කරගන්න.
  • සුවඳ එන තරමට තෙම්පරාදු උනාට පස්සෙ පිසගත් බත් ඇර අනිත් සේරම එකතු කරල හොඳින් මිශ්‍ර කරගෙන, අවසානයට බත් එකතු කරගෙන කලවම් කරගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!