අවශ්‍ය ද්‍රව්‍ය
- මෘදු ස්ටොක් සාරය ලීටර් 1 1/2 ක්,
- චීස් ග්‍රෑම් 250 යි ,
- ලුනු ස්වල්පයක් ,
- ගම්මිරිස් ඇට 6යි ,
- පාන් පිටි 2යි ,
- බටර් ස්වල්පයක් ,
- බිත්තර කහ මද 2ක් ,
- කිරි කෝප්පයක්
සාදන ක්‍රමය
- පාන් කුඩා කැබලි කපන්න. තැටියකට බටර් දමා ලිප තබා නටන විට පාන් කැබලි එකතු කර රන්වන් පාට වනතුරු බැදගන්න.
- ඊටම ස්ටොක් සාරය සිහින් පෙති කපාගත් චීස් ද සමග එකතු කරන්න. ලුණු ගම්මිරිස් එකතු කරන්න. හොඳින් කලවම් කර පැය භාගයක් පමණ නටවා ගන්න.
- බිත්තර හොඳින් ගසා ගෙන ඊට කිරි එකතු කර සුප් මිශ්‍රනයට ටිකෙන් ටික එකතු කරමින් හැඳි ගා ගන්න. අවශ්‍ය නම් තෙම්පරාදු කර ගෙන උණුවෙන් මේසයට යවන්න.








