Snacks Dinner

May 24, 2023
97-1280x959.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කකුළුවන් කූරු 4 ක් (කුඩා කැබලිවලට කපා)
  • මෙයොනීස් කෝප්ප 1/3
  • ඉරා දැමූ චීස් කෝප්ප 1/3
  • සුදුළූණු 1, කැඩුණු
  • ලුණු සහ ගම්මිරිස්
  • parsley මේස හැඳි 1යි

සාදන ක්‍රමය

මධ්ය භාජනයක් තුළ කකුළුවන්, මෙයොනීස්, චීස්, සුදුළූණු, ලුණු, ගම්මිරිස් සහ parsley ඒකාබද්ධ කරන්න. හොඳින් මිශ්ර කරන්න. පාන් මත පැතිරෙන්න


May 24, 2023
86.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කඩල පිටි 250g,
  • පාන්පිටි 100g,
  • ලුණු තේ හැදි 1/2,
  • මිරිස් කුඩු තේ හැදි 1-1/2,
  • මද රස්නෙ වතුර අඩු කෝප්ප 1/2,
  • පොල්තෙල්,
  • සුදුරු ඇට කිහිපයක්

සාදන ක්‍රමය

  • භාජනයකට කඩල පිටි,පාන් පිටි,ලුණු,මිරිස් කුඩු සුදුරු දමා මිශ්‍ර කරන්න.
  • එම මිශ්‍රණයට වතුර ටික ටික දමා ඩෝ (Dough) එකක් සාදා ගන්න.(ඉදි ආප්ප මිශ්‍රණයේ පදමට)
  • ඉන්පසු මුරුක්කු වං ගෙඩියක් හෝ ඉදි ආප්ප වංගෙඩියට මුරුක්කු අච්චුව සවි කර හෝ එසේත් නැතිනම් ඉදි ආප්ප වංගෙඩියට සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් දමන්න.
  • දැන් තෙල් තාච්චියක් ලිප තබා මද ගින්නේ තෙල් රත් වූ පසු මුරුක්කු වංගෙඩියෙන් තෙලට රවුම් ආකාරයට වක් කරන්න.
  • ලා පැහැයට බැදී ගෙන එන විට මුරුක්කු තාච්චියෙන් ඉවත් කර තෙල් බේරෙන්න හරින්න. පිළිගන්වන්න.
  • වැඩි මුරුක්කු සුලං නොවදින සේ අසුරන්න.

May 24, 2023
82.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොළොස් 500g,
  • අරතාපල් 200g,
  • රතු ළුණු   ගෙඩි 10  (සිහින්ව  කපා ගන්න ලද ),
  • කැලි මිරිස්‌ මේස හැදී 02,
  • මිරිස් කුඩු මේස හැදී 1/2,
  • ගම්මිරිස් කුඩු තේ හැදී 1,
  • අමුමිරිස්‌ කරල් 04,
  • උම්බලකඩ  කුඩු මේස හැදී 02,
  • එනසල් කරල්  02
  • සුදුළුණු  බික් 02 (සිහින්ව කපා ගන්න ලද ),
  • කරපිංචා  ස්වලපයක්  සහ ලුණු,
  • කහ කුඩු  ,
  • පාන්පිටි  250g,
  • බිස්කට්  කුඩු 200g
  • බැදගැනීමට  අවශ්‍ය  තෙල් 

සාදන ක්‍රමය

  • ප්‍රථමයෙන්  කටු ඉවත් කර පොළොස්  කැබලි වලට කපා මැටි වළදක්  ගෙන එයට ගොරකා  ඉති 02/03 දමා ප්‍රමාණවත්  පරිදි වතුරද  ලුණුද දමා  හොදින් තම්බගන්නඅනතුරුව   අර්තාපල් ද  හොදින් තම්බගන්න.
  • අනතුරුවතම්බාගත්පොළොස්  සහ අර්තාපල් වෙන වෙනම  පොඩි කර ගන්න , ඉන්පසු  භාජනයක්  ලිප තබා  එයට තෙල්  ස්වලපයක්  දමා රත්වූ  පසු  එයට සකසා ගත්  සුදුලුනු, රතුළුණු ,කරපිංචා, දමා තෙම්පරාඩුකර ගන්න.
  • අනතුරුව  එයට  උම්බලකඩ කුඩු ද එකතු කර විනාඩියකට පසු  සකසා ගත් පොළොස්  සහ අර්තාපල් එකතු කර  හොදින්  කලවන් කර ටික වෙලාවකට පසු එයට මිරිස් කුඩු,කැලි, සහ ගම්මිරිස් කුඩු දමා රස පරිදි ලුණුද එකතු කර ලිපෙන් බාගන්න.
  • අනතුරුව ප්ලාස්ටික්  භාජනයක් ගෙන එය වතුර එකතු කර පාන්පිටි  එය එකතු කර  කහ කුඩු ස්වලපයක් දමා හොදින් මිශ්‍ර කර බැටරයක් සදා ගන්න.  ඉනන්තුරුව  ඔබ සකසා ගත් පොළොස් මිශ්‍රනය  අතින් පොඩි රවුම් ගුලි සේ සකසා ගන්න දැන් ඔබ එය  බැටර්එකේ  දමා  බිස්කට්කුඩු  තවරා ගන්න. අනතුරුව  භාජනයක් ලිප තබා රත්වූ පසු තෙල් දමා  තෙල් රත්වූ පසු සදා ගත් පොළොස් කට්ලට්  එයට දමා හොදින් රන්පැහැය වනතුරු  බැදගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
72.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අවශ්‍ය පරිදි සමෝසා ෂීට්,
  • චිකන් 250g (අස්ථි රහිත),
  • ලුණු රස හෝ රස,
  • රතු මිරිස් කුඩු තේ හැඳි1 ,
  • දුරු කුඩු ¼ ,
  • ගරාම් මසාලා කුඩු තේ හැඳි ½ ,
  • ලූනු 1 මාධ්‍යය (පෙති කපන ලද),
  • අමු මිරිස් 4-6,
  • පිටි / බිත්තර ,
  • බැදගන්න තෙල්

සාදන ක්‍රමය

පිරවීම සඳහා

  • භාජනයකට කුකුළු මස්, ලුණු, රතු මිරිස් කුඩු, දුරු කුඩු සහ වීදුරු ජලය එක් කරන්න.
  • වතුර වියළී කුකුල් මස් පිසින තෙක් ආවරණය කර උයන්න.
  • ගරාම් මසාලා කුඩු එක් කරන්න, එය මිශ්ර කරන්න. එය සිසිල් වීමට ඉඩ දෙන්න.
  • දැන් ආහාර සකසනයක කුකුළු මස්, ළූණු සහ අමු මිරිස් එකතු කර ගන්න.

පැටිස් සකස් කිරීම

  • සමෝසා ෂීට් දිගින් අඩක් කපන්න.
  • 1 තීරුවේ එක් පැත්තක පිටි පේස්ට් / බිත්තර යොදන්න.
  • පේස්ට් මත බී තීරු සකසන්න. එය මත හැන්දක් පිරවීම.
  • පිරවීම ආවරණය වන පරිදි 1 ට වඩා දෙවන තීරුව. දැන් එය පෙරළා 2 1 ට වඩා නැමෙන්න.
  • අවසානයේ ළඟා වන තුරු එය නැවත කරන්න. දැන් පිටි පේස්ට් / බිත්තර සේදීම මගින් තීරු දෙකම පැටිස් සමඟ සුරක්ෂිත කරන්න.
  • සියලුම කුඩා පැටිස් එකම ආකාරයකින් සාදන්න.
  • තෙල් රත් කර රන්වන් පැහැ වන තුරු මධ්යම තාපය මත බැදගන්න.  
  • උණුසුම්ව ආහාරයට ගන්න.

May 23, 2023
65-1280x853.jpeg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ස්ප්‍රින්ග් ෂීට්,
  • සැමන් (ලොකු හෝ කුඩා ටිං 01ක්),
  • අල ( සැමන් එකට අවශ්‍ය ප්‍රමාණයට ),
  • ලූනු ගෙඩියක්,
  • මිරිස් ( අවශ්‍ය නම් ),
  • ගම්මිරිස් ( අවශ්‍ය ප්‍රමාණයට ),
  • කෑලි මිරිස් ( අවශ්‍ය ප්‍රමාණයට ),
  • ලුනු රස අනුව,
  • සුප් කැටයක් ,
  • තෙල් පොඩ්ඩක්,
  • අබ ස්වල්පයක්

සාදන ක්‍රමය

  • අල හොදට හොදලා තැම්බෙන්න තියන්න. ඒ අතර තුර මිරිස් පොඩියට කපා ගන්න, ළූණුත් පොඩියට කපා ගන්න. සැමන් එක කඩලා භාජනයකට දාගෙන පොඩි කරගන්න.
  • අල තැම්බුනාට පසේ පොත්ත ඇරලා පොඩි කරගන්න. (රස්නෙයි පරිස්සමෙන් කරන්න ) තෙල් ටිකක් ලිපේ තියලා රත් වී ගෙන එද්දි අබ ටික දාන්න ඊට පස්සේ ළූණු ටික ඒවා බැදීගෙන එද්දි අල සැමන් මිරිස් එකතු කරන්න.
  • කැමති නම් සැමන් එකේ වතුර එකත් එකතු කරන්න පුලුවන්. කෑලි මිරිස් ගම්මිරිස් කුඩු ලුනු එකතු කරලා හොදින් කලවම් කරගන්න. සුප් කැටෙත් එකතු කරන්න ( අර කට්ලට් වලට හදන්නේ ඒ වගේ )
  • පදමට ආවාම ලිප ඕෆ් කරලා බාගන්න. ඉන්පසු ස්ප්‍රින්ග් ෂීට් එකක් ගෙන අපි හදාගත් අල සැමන් මිශ්‍රනයෙන් පොඩ්ඩක් ස්ප්‍රින්ග් ෂීට් එකේ තියාගෙන රෝල් කරගන්න. ( අයින හරියෙන් වගේ තියලා එක සැරයක් රෝල් කරලා දෙපැත්තෙන් නමලා ආයේ රෝල් කරන්න. නැත්තම් ගොට්ට හදන විදියට මුල්ලකින් තියලා රෝල් කරන්න. කැමති විදියට හැඩයක් හදාගන්න පුලුවන්.)
  • එහෙම හැදු රෝල් තෙල් තාච්චියක් ලිපේ තියලා තෙල් රත් උනාට පස්සේ බැදලා ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
64.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පෙති පාන් 10,
  • බිත්තර 02,
  • බැදපු සොසේජස් 10,
  • නැවුම් කිරි 50ml ( fresh milk),
  • ලුනු (රස අනුව),
  • චීස් ස්ලයිස් ( චීස් පෙති) 05,
  • තෙල් පොඩ්ඩක්

සාදන ක්‍රමය

  • ඉක්මනින් හදාගන්න පුලුවන් කෑමක් වේ.
  • පෙති පාන් ගෙන හතර පැත්තෙ වාටිය කපාගන්න ඊට පස්සේ රෝලින් පින් එකක් ආදාරයෙන් පාන් පෙති තුනි කරගන්න. (රෝලින් පින් එකක් නැත්තම් රෝල් කරගන්න පුලුවන් දෙයක් යොදාගන්න)
  • බිත්තර, කිරි, ලුනු සේරම පොඩි භාජනයට දාගෙන හොදින් කලවම් කරගන්න ( ගම්මිරිස්,මිරිස් අවශ්‍ය නම් යොදාගන්න )
  • දැන් තුනී කරගත් පාන් පෙත්ත උඩින් චීස් පෙති භාගයක් කපාගෙන තියන්න (කැමති නම් පෙත්තම යොදාගන්න) ඊට පසේ බැදපු සොසේජස් එකක් තියන්න.
  • පසුව චීස් හා සොසේජස් තිබු පාන් පෙත්ත අතින් රෝල් කරන්න ( රෝල්ස් වගේ) ඉන්පසු කිරි,බිත්තර,ලුනු දැමු භාජනයේ හොදින් පොගවා ගෙන පිගනක් මත තබා ගන්න.
  • තෙල් ස්වල්පයක් දැමු සෝස් පෑන් එකක් අඩු ගින්දරේ ලිපමත තබා රත්වු පසු අපි රෝල් කර සාදාගත් රෝල් ටික සෝස්පෑන් එකෙ තියා බැදගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 22, 2023
17.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අල ගෙඩි  දෙකක් 
  • ලුනු ස්වල්පයක් 
  • බැදීමට තෙල්

සාදන ක්‍රමය

  • අල පොතු හැර සොදා ගන්න 
  • පසුව  එය තීරූ හැඩයට කපා ගන්න.
  • හොඳින් සෝදා ලුනු දමා ගත් ජලයේ මද වෙලවක්  තම්බා ගන්න .
  • මෙය ජලයෙන් ඉවතට ගෙන  කිචන් ටිසූ හෝ කිචන් ටවල් එකක් මත හොදින් වියලා ගන්න.
  • පසුව ගැබුරු තෙලේ පාට වෙනස් වන තුරු බැද ගන්න.
  • බැදගන්නා ලද අල හොඳින් තෙල් බේරෙන්නට හරින්න විනාඩි 20 ක් පමන තබා නැවත ගැඹුරු තෙලේ රන් වන් පාට වන තෙක් බැද ගන්න.
  • පසුකාලීනවබාවිතයටගැනීමටඅවශ්‍යනම්එක්වරක්බැදගන්නාලදඅල  ඉටි කොල බෑගයක දමා අදිශීතකරනයේ තබන්න.
  • දැන් පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!