Dinner

May 25, 2023
177.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

ආප්ප මිශ්‍රණය සඳහා,

  • හාල්පිටි කෝප්ප 2 1/2,
  • සීනි තේ හැඳි 2,
  • ලුණු තේ හැඳි 3/4,
  • මිටි කිරි කෝප්ප 1/2,
  • බේකින් සෝඩා තේ හැඳි 1/4,
  • පොල් වතුර 1/2,
  • කිරිපිටි මේසහැඳි 1,

සිරප් එක සඳහා,

  • හකුරු 250g,
  • දිය කිරි කෝප්ප 2,
  • මිටිකිරි කෝප්ප 1,
  • තලාගත් සුදුළූණු බිකි 3,
  • ගම්මිරිස් කුඩු මේසහැඳි 1/2,
  • බැදපු හාල්පිටි මේසහැඳි 2

 

සාදන ක්‍රමය

  • ඉස්සෙල්ලම හාල්පිටි ටික භාජනයකට දාලා ඒකට පොල් වතුර ටිකින් ටික හිමීට දාලා අතින් අනන්න ඕනි. ඊට පස්සේ සීනි තේ හැන්දක් දාන්න. මේකත් තලපයක් එන විදියට අනාගන්න. දැන් මේ මිශ්‍රණය පැය 6ක් පිපෙන්න තියන්න. 
  • ඊට පස්සේ මේකට මිටිකිරි කෝප්ප 1/2 එකතු කරන්න. එක පාරට ම නැතුව ටික ටිකයි දාන්න ඕනි. මේක අනාගත්තාට පස්සේ ලුණු ප්‍රමාණය දාගන්න. 
  • ඒ වගේම සීනි තේ හැන්දකුත් බේකින් සෝඩා තේ හැඳි 1/4ත් දාලා කලවම් කරන්න. කිරිපිටි මේසහැන්ද ඊළඟට එකතු කරගන්න. මේ මිශ්‍රණය පැය භාගයක් තියෙන්න අරින්න. දැන් මිශ්‍රණය හදලා ඉවරයි.
  • ඒ අතරතුර පොල්පැණි සිරප් එක හදාගන්න. භාජනයක් ලිප තියලා ඒකට දියකිරි කෝප්ප 1 1/2ක් දාන්න. මේකට හකුරු 150g එකතු කරගන්න. අඩු ගින්දරේ දියකරගන්න. දියවුණාට පස්සේ ඉතුරු හකුරු ටික එකතු කරන්න. ඒකත් දිය වුණාට පස්සේ මේ ද්‍රාවණය පෙරාගන්න ඕනි. 
  • පෙරාගත්තු මිශ්‍රණය භාජනයකට දාලා ලිපේ තබන්න. එයට ගම්මිරිස්, සුදුළූණු දාලා කලවම් කරලා ටික වෙලාවක් ලිප තියාගන්න. මිටිකිරි කෝප්පයෙන් ටිකක් එක් කරගන්න. බැදපු හාල්පිටි මේසහැඳි 2 මෙයට එක් කරන්න. හොඳින් හැඳි ගාලා විනාඩි කීපයක් ලිප මත මද ගින්නේ තබන්න. ලුණු ඩිංගක් එකතු කරගන්න.
  • අඩු ගින්දරේ තාච්චියක් ලිප තියලා කී රොටී ටික හදාගන්නේ මෙහෙමයි. අඩු ගින්දරේ තෙල් ගාපු තාච්චියට මිශ්‍රණයෙන් ඩිංග ඩිංග එකතු කරලා රොටිය හදාගන්න. මේකට සාමාන්‍ය ආප්පයක් හදනවාට වඩා කාලයක් යනවා. 
  • ටික වෙලාවකින් තාච්චියේ පියන ඇරලා ඇඟිලි තුඩුවලට වතුර ටිකක් අරගෙන ඉහින්න. ආයෙත් පියනෙන් වහලා තම්බගන්න. එක පැත්තක් විතරයි තම්බගන්නේ. කී රොටිය හොඳට තැම්බුණාට පස්සේ කලින් හදාගත්තු සිරප් එක ඇතුළට රොටිය දාන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
183.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

හාල් පිටි ග්‍රෑම් 100ක්, 

සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 80ක් ,

ලුණු ස්වල්පයක් 

සාදන ක්‍රමය

  • පොල්වලට  ලුණු ඉස පිටි සමඟ හොඳින් කලවම් කරන්න. 
  • මෙය පිට්ටු බම්බුවට හෝ  ස්ටීමරයට දමා හොදින් හුමාලයෙන් තම්බා ගන්න.

May 24, 2023
163-1280x1066.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

රුලං කෝප්ප 1 ක්,

දිය කිරි කෝප්ප 1 ක්,

කුඩාවට කපාගත් කැරට් ග්‍රෑම් 50 ක්,

කුඩාවට කපාගත් බොංචි ග්‍රෑම් 50 ක්,

කුඩාවට කපාගත් ලීක්ස් ග්‍රෑම් 50 ක්,,

කපාගත් ළූණු ග්‍රෑම් 30 ක් ,

හීනියට කපාගත් කරපිංචා ටිකක් ,

වියළි මිරිස් කරල් 2 ක් ,

තලාගත් ඉඟුරු තේ හැඳි 1/2 ක් ,

තලාගත් සුදු ළූණු තේ හැඳි 1/2 ක්,

කපාගත් අමු මිරිස් කරල් 2 ක් ,

අබ ඇට ටිකක් ,

අවශ්‍ය පමණ ලුණු ,

එළවළු තෙල් හෝ එළඟිතෙල් මේස හැදි 1 ක් 

සාදන ක්‍රමය

  • රුලං ටික රන්වන් වන්නට බැදගන්න. භාජනයක් ලිපේ තබා එළඟි තෙල් රත් කරන්න . අබ ඇට ටික දමා පුපුරවා ගන්න ඉන්පසු ළූණු, අමු මිරිස් , කරපිංචා ,ඉඟුරු , සුදුළූණු, වියළි මිරිස් කෑලි දමා බැද ගන්න.
  • ඉන්පසු එයට කැරට්, ලීක්ස්, බෝංචි ටික එක්කරන්න.
  • මේවා හොඳින් බැදී ගෙන එන විට දිය කිරි වලට ලුණු කලවම් කර මෙයට එක් කරන්න.
  • ඉන්පසු මෙය උතුරාගෙන එන විට ගින්දර අඩුකර රුලං ටික හෙමින් ටික ටික දමමින් හැඳිගාන්න.
  • එසේ හැඳි ගාන විට හැදුනු ලිහිල්  වූ අපූරු පිටුවක් සාදා ගත හැක.
  • අවශ්‍ය නම් මිරිස් කුඩු ටිකක් දෙහි ටිකක් එක්කර ගත හැක.

May 24, 2023
161.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

බැදගත් පිටි ග්‍රෑම් 500, 

ගාගත් හකුරු ග්‍රෑම් 250 ,

ලුණු තේ හැඳි කාලක් ,

වතුර

සාදන ක්‍රමය 

  • හාල් පිටි බැදගන්න. එයට හකුරු කලවම් කර ලුණු එකතු කර මිශ්‍ර කරන්න. වතුරෙන් පිට්ටු මල් කරන්න.
  • අච්චුවට දමා ඉතිරි හාල්පිටි දවටා ගන්න.
  • ස්ටීමරය ලිප තබා උතුරන විට පිට්ටු සාදාගන්න.

May 24, 2023
155.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

හාල් පිටි  හුණ්ඩු 1/2 බැදගත් ,

බඩඉරිඟු පිටි හුන්ඩු 1/2 යි,

පොල් කෝප්ප 1/2 යි,

අවශ්‍ය තරමට ලුණු වතුර හෝ පොල්කිරි

සාදන ක්‍රමය 

  • පිටි වර්ග දෙක එක් කර හොඳින් හලාගන්න . 
  • භාජනයක් ගෙන පොල් කෝප්ප 1 හමාර , 1 හමාර දමා එයට ලුණු මිශ්‍රකර හලාගත් පිටි මිශ්‍රණය ටිකෙන් ටික දමමින් පොල් කිරි හෝ වතුරෙන් පිට්ටු මල් කරන්න.
  • පිට්ටු පොල් බෝල්කන් අනා ගත් විට මෘදු බවක් මෙන් රසය වැඩිවේ.
  • පිට්ටු තම්බා ගෙන පොල්කිරි ටිකක් ඉස කෑලි කපා ගෙන ආහාරයට ගන්න.

May 24, 2023
154.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

බැදගත්  හාල් හුන්ඩු 1 ක්,

බඩඉරිඟු පිටි හුන්ඩු 1 ක්,

අවශ්‍ය තරමට  ලුණු සහ වතුර 

සාදන ක්‍රමය 

  • බඩඉරිඟු පිටි රෙදි කැබැල්ලක ගැටගසා විනාඩි 20ක් පමණ තම්බා ගන්න.
  • එය උණුසුම්ම තිබියදීම තුන් වරක් පමණ හලාගෙන හාල් පිටි මිශ්‍ර කර නැවතත් හලා ගන්න.
  • එම මිශ්‍රණය භාජනයකට දමා ලුණු කලවම් කර  උණු වතුර ටිකෙන් ටික දමමින් පදමට අනාගන්න.
  • ඉන්පසු තට්ටුවලට ඉදියාප්ප සාදාගෙන ඉදි ආප්ප සාදා ගෙන හොඳින් තම්බා ගන්න.
  • මෙම මිශ්‍රණයෙන් ඉඳිආප්ප 30 ක් පමණ සාදා ගත හැකිය.

May 24, 2023
6-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කපාගත් කැරට් 50g
  • කපාගත් ලීක්ස් 30g
  • කපාගත් ගෝවා 50g 
  • කපාගත් ලූනු 5g 
  • කපාගත් සුදු ලූණු බික් 2
  • කපාගත් සැල්දිරි 10g 
  • තම්බාගත් පැස්ටා 20g 
  • තක්කාලි පේස්ට්30g 
  • පාස්ලි ස්වල්පයක්  
  • ස්ටොක් 1L
  • කපාගත් බේකන් කැබැලි 1
  • ලුණු රස පදමට ගම්මිරිස් රස පදමට
  • පාමේසන් චීස් (ගාගත්) 20g 
  • බටර් මේස හැඳි
  • තෙල් මේස හැඳි 1

සාදන ක්‍රමය

  • කැරට්, ලීක්ස්, ගෝව, සැල්දිරි, බේකන් කැබලි පෙයිසැන් ක්‍රමයට (තුන්හුලස් හැඩයට) කපාගන්න . බදුනකට බටර් සහ තෙල් දමා රත් කරගෙන ලොකු ලූණු, සුදු ලූණු, තෙම්පරාදු කරන්න. 
  • එයට එළවළු, බේකන් දමා පිසගන්න. පසුව ස්ටොක් වතුර එක් කරන්න. 
  • දියකර ගත් තක්කාලි පේස්ට් පැස්ටා  හා රස පදමට ලුණු, ගම්මිරිස් දමා ලිපෙන් බාගෙන උඩින් පාස්ලි ස්වල්පයක් ඉසින්න. 
  • පසුව පිළිගන්වන විට පාමේසන් චීස් සමග පිළිගන්වන්න.

May 24, 2023
5-1-1280x720.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කපා ගත් ලොකු ලූනු 250g 
  • ස්ටොක්  වතුර1L
  • ලුණු රස පදමට ගම්මිරිස් රස පදමට   
  • බේ කොළ 1
  • පාන්පෙත්තක් 
  • තෙල් හෝ බටර් 20g
  • චීස් 40g

සාදන ක්‍රමය 

  • තෙල් හෝ බටර් බදුනකට දමා රත් කරගෙන ලූනු තද දුඹුරු පැහැයට එන තෙක් බැද ගන්න 
  • ස්ටොක් වතුර, බේ කොළ දමා තැම්බීගෙන එන විට ටිෂු කොලයක් භාවිත කර තෙල් ඉවත් කරගන්න. 
  • රස පදමට ලුණු, ගම්මිරිස් දමා ගෙන ලිපෙන් බාගන්න. පාන් පෙත්තක් මත චීස් දමා ග්‍රිල් කරගෙන සුප් සමග පිළිගන්වන්න.

May 24, 2023
3-1280x853.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුකුල් මස් ස්ටොක් වතුර  1L
  • කුඩා කොටු කපාගත් කුකුල් මස් 40g
  • කපා ගත් ලොකු ළුණු 20g
  • කපා ගත් සුදු ලූනු 5g
  • කපාගත් ලූනු කොළ 
  • ක්‍රීම් කෝන් 20 ml
  • කෝන් පිටි 5g
  • ලූණු රස පදමට 
  • ගම්මිරිස් රස පදමට 
  • චිකන් ස්ටොක් පවුඩර් තේ හැඳි 1/2  
  • තල තෙල් බිංදු කිහිපයක් 
  • තෙල් හෝ මාගරින් තෙම්පරාදුවට 

සාදන ක්‍රමය 

  • බදුනකට තෙල් දමා රත් කරගෙන ලොකු ලූනු සුදුණු සුදු ලූණු තෙම්පරාදු කරගන්න. 
  • ස්ටොක් වතුර එකක් එක්කර කුකුල් මස් දමා තැම්බෙන්නට හරින්න. 
  • එයටම  කෝන් ක්‍රීම්  දියකරගත් කෝන්පිටි ස්ටොක් පවුඩර් දමා උකු පදමට සාදා ගන්න. 
  • රස පදමට ලුණු, ගම්මිරිස් දමා ලිපෙන් බාගෙන පිළිගන්වන විට තල තෙල් බිංදු කිහිපයක් උඩින් දමා ලුණු කොළ උඩින් දමා පිළිගන්වන්න .

May 24, 2023
2-1.jpg

අවශ්‍ය දේවල් 

  • ඔලිව් හෝ කොන් ඔයිල් කප් 1/3ක්‌ (75ml)
  • සුදූ ළුණු බිකි 4 ක්‌ 
  • පොඩියට කපාගත් වේලිච්ච මිරිස් කරල් 2ක්‌ 
  • කැලි මිරිස් ඔබ‍ට අවශ්‍ය සැර අනුව 
  • තම්බාගත් ස්පැගට්  ග්‍රෑම් 400ක්‌ 
  • පර්මසාන් චීස් ස්වල්පයක්
  • චොප් කරගත් පාස්ලි ග්‍රෑම් 25ක්‌  

සාදන ක්‍රමය

  • සාමාන්‍ය ගින්දරේ පැන් එකක් ලිපේ තබා එයට ඔලිව් තෙල් එකතු කරන්න.. දැන්  එය රත් වුනාම.එයට‍ සුදූ ළුණු වේලිච්ච මිරිස් එකතු කරගෙන කවලම් කරමින් මද වෙලාවක් කුක් කරගන්න.
  • ඉන්පසු එයට කැලි මිරිස් ඔබ‍ට අවශ්‍ය සැර අනුව තම්බාගත් ස්පැගට්  ටික එකතු කරගෙන කවලම් කර කුක් කරගන්න  (විනාඩි 1-2ක්‌). 
  • දැන් එය හොදට කවලම් කරගත් පසු එයට චොප් කරගත් පාස්ලි සහ රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කරගෙන කවලම් කර ලිපෙන් බාගන්න.
  • ඉන්පසු එය උඩින් පාමසන් චීස් ටිකක් එකතු කර ආහාරයට ගන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!