Dinner

May 30, 2023
248.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • උදු ඇට ග්‍රෑම් 50ක් ,
  • අමුමිරිස් හෝ කොච්චි මිරිස් ග්‍රෑම් 50ක් ,
  • ලුණු ග්‍රෑම් 50ක්,
  • ගම් මිරිස්, 
  • රම්පෙ, 
  • කරපිංචා ස්වල්පයක් බැගින් ,
  • බැද ගැනීමට තෙල් 

සාදන ක්‍රමය 

  • උළුදු ඇට දිනක් පෙඟෙන්නට හරින්න .එහි පියලි ඉවත් කරන්න .වතුර සියල්ල බේරා හොඳින් අඹරන්න.
  • ලුනු, රම්පෙ, කරපිංචා කුඩාවට කපා ගන්න .
  • අඹරාගත් උළිඳු වලට කපාගත් ල ගත් ළූණු, රම්පෙ, කරපිංචා ද ගම්බිරිස් හා ලුණු ද එක්කර කලවම් කරගන්න .කුඩා බෝල සාදා මැද සිදුරක් තනා රන්වන් පැහැය වන තෙක් බැදගන්න.
  • වඩේ 15ක් – 20ක් පමණ සෑදිය හැකිය.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 30, 2023
228.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • පාන් පිටි කෝප්ප 02,
  • කිරිපිටි තේ හැඳි 01,
  • ඔලිව් තෙල් මේස හැඳි 02,
  • ලුණු තේ හැඳි 1/2,
  • යීස්ට් තේ හැඳි 1,
  • සීනී තේ හැඳි 1,
  • මද උණු වතුර කෝප්ප 1/2,
  • තක්කාලි සෝස් අවශ්‍ය පමණ,
  • කපාගත් තක්කාලි,
  • කැරට්/මාළු මිරිස් අවශ්‍ය පමණ,
  • බෙල් පෙපර් අවශ්‍ය පමණ,
  • බී ළුණු ගෙඩි 1ක් (ලොකුවට කැපූ),
  • ගම්මිරිස් ස්වල්පයක්,
  • ගා ගත් මොසරැල්ල චීස්

 

සාදන ක්‍රමය

 

බෝල් එකක් ගෙන යන්තමින් රස්නේ ඇති උණු  වතුර කෝප්ප 1/2 හා සීනී තේ හැන්ද එයට දමා දියකරගන්න. එයට යීස්ට් තේ හැන්ද දියකරගෙන විනාඩි 10ක් පමණ පිපෙන්න වහලා තියන්න.

 

පීසා ඩෝ එක සඳහා

 

  • තව බෝල් එකකට පාන්පිටි, කිරිපිටි හා ලුණු ටික දමා කලවම් කරන්න. සාදාගත් යීස්ට් සහ සීනි මිශ්‍රණය දමා හොඳට අනා ගන්න. එම පිටි මෝලිය හොඳට විනාඩි 15ක් පමණ අනන්න. 
  • මෝලිය වීදුරු බෝල් එකකට දමා එයට උඩින් ඔලිව් තෙල් ටිකක් ගා, එය ඩබල් සයිස්  වෙනකන් ලන්ච් ෂීට් එකකින් හෝ හොඳට වසා තබන්න. 
  • නන්ස්ටික් පෑන් එකක් ගෙන පිටි මෝලිය පෑන් එකේ ප්‍රමාණයට කඩා හොඳට සිහින්ව රොටියක් සාදන ආකාරයට අතින් වඩන්න. එහි වටේ පොඩි ගැට්ටක් පවතින පරිදි සකසාගන්න. 
  • ගෑරුප්පුවකින් රොටිය පුරාම සිදුරු කරන්න. රොටිය වටේ ගැට්ටේ නොගෑවෙන පරිදි තක්කාලි සොස් හොඳට තවරගන්න. මොසරැල්ලා චීස් එයට උඩින් දමන්න. කපාගත් එළවළු ඊට උඩින් ලස්සනට දමන්න. එයට උඩින් තවත් චීස් තට්ටුවක් දමන්න.
  • මල්ටිපර්පස්කුකර්එකකටපීසාඑකදමාසෙල්සියස්අංශක 140 දමා විනාඩි 20-25 පමණ තියා ගන්න අවශ්‍ය ප්‍රමාණයට. නැති නම් නන්ස්ටික් පෑන් එකකට පීසා එක දමා හොඳින් රත්වෙන පියනකින් වසා විනාඩි 20-25ක් අඩුම ගින්දරේ ලිපේ තබා පුළුස්සා ගන්න.

May 30, 2023
256.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සොසේජස් කීපයක් ,
  • බේකන් හෝ හැම්,
  • තක්කාලි ,
  • බෙල්පෙපර්

සාදන ක්‍රමය 

  • සොසේජස් තරමක කැබලි කපා බේකන් තීරුවල ඔතා ගන්න .පසුව දිග ඉරටු කැබලි ගෙන බෙල්පෙපර්, තක්කාලි කැබලි ,සොසේජස් මිශ්‍ර බේකන් රෝල් ගෙන පිළිවෙලින් ග්‍රිල් කර තසිමක තබා සරසා මේසෙට යවන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 29, 2023
267.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අඹරාගත් කුකුල් මස් 250g,
  • බිත්තර කහමද 1ක් ,
  • වතුරේ පොඟවා ගත් පාන් පෙත්තක් ,
  • රස අනුව ලුණු සහ ගම්මිරිස්,
  • සාදික්කා කරදමුංගු කරාබුනැටි ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • අඹරාගත් මස්, පාන්, බිත්තර, කහමද, සුවඳ කුඩු, ලුණු, ගම්මිරිස් එකට දමා අනා ගන්න. හොඳින් අනා ගෙන බෝල සාදා ශීතකරණයේ තබා ප්‍රයෝජනයට ගන්න. 
  • මෙම ප්‍රමාණය බෝල 18 ක් සාදා ගත හැක.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 29, 2023
265.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පිටි ග්‍රෑම් 250 ක්,
  • ඊස්ට් තේ හැඳි භාගයක්,
  • ලූණු තේ හැඳි භාගයක්,
  • මාගරින් මේස හැඳි 2ක්,
  • වතුර ,
  • ස්ටොක්සාරය කෝප්ප 1 1/2ක්,
  • තක්කාලි සෝස් මේස හැදි 4ක්,
  • සීනි තේ හැදි 1/2 ක්,
  • කෝන්පිටි මේස හැදි 1ක්,
  • ඔරිගාගෝ  තේ හැදි 1/2,
  • බී ලුණු ස්වල්පයක්,
  • සුදුළූණු, අමු ඉඟුරු  ,
  • ඉස්සෝ 250g

සාදන ක්‍රමය 

  • පළමුවෙන් පිටි මිශ්‍රණය සාදා ගැනීමේදී පිටි වලට ලුණු, වතුර සහ මාගරින් දමා හොඳින් අනා මද වේලාවක් පිටි ගුලියට අත් ගසන්න. 
  • පසුව එය පැය භාගයක් පමණ පිපෙන්නට තබන්න. ඉන්පසු තෙල් ස්වල්පයක් අඩු ගින්දර රස්නයට ලිප තබා සුදුළූණු, අමු ඉඟුරු එයට දමා බැදගන්න. 
  • පසුව බී ළූණු , සෝස් , සීනි, ස්ටොක් සාරය ,වතුර ස්වල්පයක් දමා දියකර ගත් කෝන් පිටි ලුණු පිළිවෙලින් දමා හොදින් කලවම් කර උකු වූ පසු ඔරිගාගෝ මිශ්‍ර කරන්න. 
  • අනතුරුව පිටි මිශ්‍රණය ගෙන තුනීවට රවුම් හැඩ සාදා ඔරිගාගෝ  මිශ්‍රණය සමග කැමති පිරවුමක් දමා ඊට උඩින් මොසරැල්ලා චීස් ද සූරා දමා අවසානයේ උදුනක බහා විනාඩි 20-30ක් පමණ බේක් කරන්න. 
  • පීසා සඳහා පිරවීම පිළියෙල කිරීමේදී මාලු මිරිස් ,බීලූනු ,තක්කාලි, ඉස්සෝ එකතු කරගත්  මිශ්‍රණය තෙම්පරාදුවට සාදාගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 28, 2023
204-1280x960.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳින් තම්බාගත් බිත්තර 4,
  • චීස් වෙජස් 2,
  • ගම්මිරිස් කුඩු,
  • ලුණු කුඩු,
  • චොප් කරගත් ළූණු,
  • චොප් කරගත් පාස්ලි කොළ,
  • පොඩි රතු අල ගෙඩියක්

 

සාදන ක්‍රමය

  • බීට් ගෙඩිය පොඩි කෑලි වලට කපාගෙන බඳුනකට දමා, එයට වතුර එක් කර උතුරුවා ලිප නිවා ගන්න. තම්බා ගත් බිත්තර වල කටු ඉවත් කරගන්න. බීට් තම්බාගත් වතුරට බිත්තර එක් කර විනාඩි 10ක් තියාගන්න.
  • බිත්තර ඉවතට ගෙන අයිස් වතුරෙන් සෝදා දෙකට පලාගන්න. සුදු මදය කැඩෙන්නෙ නැති වෙන්න පරිස්සමින් කහ මදය ඉවත් කරගන්න.
  • වෙනම භාජනේකට කහමද, චීස්, ලුණු, ගම්මිරිස්, ළූණු සහ පාස්ලි කොළ එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • පයිපින් බෑග් එකකට සාදාගත් මිශ්‍රණය දමාගෙන බිත්තර සුදු මද වලට පුරවා ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
191-1280x720.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඔලිව් තෙල් තේ හැඳි 2,
  • ලසංඥා ෂීට් පැකට් 01,
  • සිහින්ව කපාගත් බෙල්පෙපර් කෝප්ප 02,
  • සිහින්ව කපාගත් වම්බටු කෝප්ප 02,
  • සිහින්ව කපා තම්බාගත් අල කෝප්ප 2,
  • කපාගත් රටලූනු කෝප්ප 01,
  • සිහින්ව ලියාගත් සුදුලූනු කෝප්ප 1/2,
  • තක්කාලි පේස්ට් තේ හැඳි 4,
  • වතුර කෝප්ප 1 1/2,
  • ගම්මිරිස් තේ හැඳි 1/4,
  • කැබැලි මිරිස් මේස හැඳි 01,
  • සූදුරු කුඩු මේස හැඳි 01,
  • සිහින්ව කපාගත් මොසරැල්ලා චීස් අවශ්‍ය තරම්,
  • බිත්තර 01,
  • කළු ගම්මිරිස් තේ හැඳි 01,
  • ඔරිගානෝ තේ හැඳි 1/4,
  • රිකෝටෝ චීස් කෝප්ප 1/4

සාදන ක්‍රමය

  • භාජනයක් ළිප තබා වතුර හා ලුණු ස්වල්පයක් එක්කර ලසංඥා ෂීට්ස් ටික විනාඩි 8ක් හෝ 10ක් හොඳින් තම්බා ගන්න. 
  • එම ෂීට් හොඳින් නිවුණු පසු සීතල වතුරේ දමා ගන්න. 
  • නැත්නම් තෙල් කඩදාසියක් මත තබා ශීතකරණයේ තබන්න. 
  • පසුව භාජනයක් ළිප තබා ඔලිව් තෙල් එක්කර එයට ලූනු දමා රන්වන් පැහැ වනතෙක් බැදගන්න.
  • අනතුරුවඑයටසුදුලූනු, රතු, කහ, කොළ බෙල් පෙපර්, වම්බටු, අල එකතු කරන්න. 
  • පසුව තක්කාලි, තක්කාලි පේස්ට්, ගම්මිරිස්, කැබැලි මිරිස්, සූදුරු එක්කර රසවත් මිශ්‍රණයක් සාදා ගන්න. 
  • ඉන්පසු තවත් භාජනයක් ගෙන මොසරැල්ලා චීස්, රිකෝටෝ චීස්, බිත්තර, ඔරිගානො එක්කර තවත් මිශ්‍රණයක් සාදා ගන්න. 
  • පසුව තරමක බෝල් එකක් ගෙන එහි අඩියට ලසංඥා ෂීට් එකක් දමන්න. 
  • ඉන්පසු එළවළු මිශ්‍රණයත් චීස් මිශ්‍රණයත් පිළිවෙළින් එක්කරන්න. නැවතත් ලසංඥා ෂීට් එකක් දමා කැමැති නම් උඩින් මොසරැල්ලා චීස් සිහින්ව ගාගෙන එක් කරන්න. 
  • ඉන්පසු එම බෝල් එක හොඳින් වසා සෙල්සියස් අංශක 190ක උෂ්ණත්වයක විනාඩි 40ක් පමණ බේක් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
271.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ස්ටීම් කරගත් ඕට්ස් කප් 1,
  • චිකන් කරි සහ කැබලි,
  • කැරට්,
  • ලීක්ස්,
  • සුදුළූණු,
  • ළූණු,
  • රස අනුව ලුණු, ගම්මිරිස්,
  • බිත්තරයක්

 

සාදන ක්‍රමය

  • තෙල් ටිකක් රත් වෙන්න තියාගෙන ඒකට එළවළු සහ ළූණු, සුදුළූණු එකතු කර තෙම්පරාදු කරගන්න.
  • එයට බිත්තරය එකතු කර ස්ක්‍රැම්බල් කරගෙන චිකන් කැබලි එක් කරගන්න.
  • ලුණු සහ ගම්මිරිස් සමඟම ස්ටීම් කරගත් ඕට්ස් එකතු කරගෙන කැමැත්ත පරිදි හොදි එක් කර මිශ්‍ර කරගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
160.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • හීනියට කපා තම්බාගත් කොස්,
  • කපාගත් කැරට්,
  • කපාගත් ලීක්ස්,
  • කපාගත් ළූණු,
  • තලාගත් ඉඟුරු සුදු ළූණු,
  • කරපිංචා කොළ ටිකක්,
  • කෑලි මිරිස්,
  • සෝයා සෝස් ටිකක්,
  • සකසාගත් තක්කාලි හොද්දක්

සාදන ක්‍රමය

  • තෙල් ටිකක් රත් වෙන්න හැර ඒකට කරපිංචා, ඉඟුරු සුදු ළූණු එක් කරගෙන තෙම්පරාදු කරගන්න. එයටම ළූණු සහ කැරට් එක් කර තෙම්පරාදු වෙන්නට හරින්න.
  • එයට කෑලි මිරිස් සහ සෝයා සෝස් එක් කරගෙන, එයටම තක්කාලි හොද්ද අවශ්‍ය පමණ එක් කර, හොඳින් කලවම් කරගෙන ලීක්ස් සහ තම්බා ගත් කොස් එක් කර කලවම් කරගෙන ලිපෙන් ඉවත් කරගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
215.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බාගත් බතල අල හතරක්,
  • පාන් පිටි කප් 2,
  • පොල් කප් 1/2 (අත්‍යාවශ්‍ය නෑ),
  • රස අනුව ලුණු,
  • චොප් කරගත් ළූණු, 
  • අමුමිරිස්,
  • වතුර අවශ්‍ය නම්

 

සාදන ක්‍රමය

  • බතල ටික කෑලි නොහිටින්න පොඩි කරගන්න. ඒකට පිටි හැර අනෙක් දේවල් සේරම එකතු කරල හොඳින් අනාගෙන පිටි ටිකත් එකතු කරගෙන නැවත අනාගන්න.
  • රොටි පදමට අනාගන්න අවශ්‍ය නම් විතරක් වතුර ස්වල්පයක් එකතු කරගන්න. කොටස් හයකට වෙන් කරන්, බටර් හෝ පොල් තෙල් ගාගත් පිඟානක තබා තුනී කර දෙපැත්තම පුච්චගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!