Dinner

June 12, 2023
240.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පිටි ග්‍රෑම් 100 යි,
  • සෙල්ෆ් රේසිං පිටි ග්‍රෑම් 100 යි,
  • ලුණු තේ හැඳි 1 යි ,
  • සුදු ගම්මිරිස් තේ හැදි කාලයි ,
  • වතුර කෝප්ප එකහමාරයි, 
  • ඉස්සො ,
  • බී ලූණු ගෙඩි 1 යි ,
  • සුදු ළූණු බික් 2 යි ,
  • ලූණු කොළ ඉති කිහිපයක් ,
  • කර්නල් කෝන්ස්

සාදන ක්‍රමය 

  • පළමුවෙන්ම ඉස්සන් ඔලු කපා සෝදා පොතු ඉවත් කර ගන්න.  ලූනු කොල,  බී ළූණු, සුදු ළූණු, සියල්ල වෙන වෙනම සිහින්ව කපාගන්න. 
  • පසුව පාන් පිටි හා  සෙල්ෆ් රේසිං  පිටි එකට මිශ්‍රකර මිශ්‍ර කර හොඳින් කලවම් කර එයට ලුණු, සුදු ගම්මිරිස් සහ වතුර දමා හොඳින් අනා ගන්න.
  • ඉන් පසුව කපාගත්  බී ළූණු, සුදු ළූණු ,ලූනු කොල , කර්නල් කෝන්ස්  ද එයට මිශ්‍ර කර හොඳින් අනා ගන්න . 
  • අවසානයේ සාදාගත් මිශ්‍රණය ටිකෙන් ටික ගෙන ගුලි සාදා ඒවා එකිනෙකට ඉස්සෙක් බැගින් දවටා ගැඹුරු තෙලේ බැදගන්න . ( කර්නල් කෝන්ස් හා ග්‍රීම්ස් පේස්ට් සුපිරි වෙළඳසැල්  වලින් ලබා ගත හැක ). 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 12, 2023
247.webp

අවශ්‍ය ද්‍රව්‍ය 

  • උඳු ඇට ග්‍රෑම් 500 යක්,
  • සහල් කිලෝ 1ක් ,
  • බේකින් පවුඩර් ග්‍රෑම් 20ක්,
  • ලුණු ස්වල්පයක්,
  • ජලය ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • උදු ඇට සහ සහල් වෙන වෙනම ගෙන පැය 12 ක් පමණ පොඟවා ගන්න. උදුපියලි ඉවත් කරගන්න. 
  • ජලය ඉතා ස්වල්පයක් එක් කොට උදු ඇට සහල් වෙන වෙනම ඉතා සිහින් අඹරා ගන්න .
  • පසුව ඉහත මිශ්‍රණ දෙක සමග මිශ්‍ර කොට පැය හයක් අටක් පසෙක තබා ඉට්ලි  තැටියට මිශ්‍රණය එක්කොට තම්බා ගන්න .පසුව උණුසුම්ව චට්නි, සාම්බාරු , අල ව්‍යංජනය සමග පිළිගන්වන්න . 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 9, 2023
264.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ස්පැගටි පැකට් 1ක්,
  • සොසේජස් ග්‍රෑම් 250 ක්,
  • චීස් මේස හැඳි 4ක්,
  • සෝස් මේස හැඳි 4ක්,
  • ලුණු, 
  • ගම්බිරිස්,
  • පාස්ලි ,
  • බී ළුණු ගෙඩි 1ක් 

සාදන ක්‍රමය 

  • පළමුව ස්පැගටි ලුණු මිශ්‍ර වතුරෙන් තම්බා ගන්න. පසුව තෙල් ස්වල්පයක් ලිප තබා සොසේජස් කැබලි කුඩාවට කඩා බැදගන්න. 
  • ඉන් පසු කපාගත් බීලූනු හා ගම්බිරිස් එකට මිශ්‍රකර කර සෝස් තම්බාගත් ස්පැගටි, චීස්,පාස්ලි ,ඔරිගාගෝ  පිළිවෙලින් එක්කර කලවම් කර මද වෙලාවකට පසු ලිපෙන් ඉවතට ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 8, 2023
29.jpeg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බාස්මතී සහල් ග්‍රෑම් 500 
  • කැමති මස් වර්ග කිහිපයකින් ග්‍රෑම් 50 බැගින් 
  • තලාගත් ඉගුරු සුදුලූනු 
  • එනසාල් කරාඹුනැටි 
  • හීනියට කපාගත් කැරට් ,ලීක්ස් ,බී ළූණු ලුණු ස්වල්පය බැගින් 
  • සොයා සෝස් 
  • අවශ්‍ය පමණ ලුණු 
  • කොටුව ආකාරයට කපා ගත් වියළි මිරිස් කරල් කිහිපයක් 
  • මාගරින් ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • පළමුව බත පිසගන්න. ඉන් පසු භාජනයක් ලිප තබා භාජනයට දමා රතු මස් කැබලි දමා බැදෙන්නට හරින්න.
  • ඉන්පසු පලාගත් ඉඟුරු සුදු ලූනු දමා අනතුරුව එළවළු මිශ්‍ර කරන්න.
  • වියලි මිරිස් සෝයා සෝස් ලුණු රස අනුව එක්කර අවසන් වශයෙන් බත් ටික දමා කලවම් කරන්න .

June 8, 2023
290.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉඳිආප්ප 50ක් විතර,
  • තම්බා කැබලි කරගත් චිකන්,
  • තම්බාගත් ග්‍රීන් පීස්,
  • ගරම් මසාලා තේ හැන්දක්,
  • මිරිස් කුඩු තේ හැන්දක්,
  • කහ ටිකක්,
  • කරදමුංගු 5,
  • කරාබුනැටි 6,
  • කුරුඳු පොතු කෑල්ලක්,
  • ස්ටාර් අනීස් (තියෙනව නම්),
  • බේ ලීෆ් එකක්,
  • ෆ්‍රෙශ් මිල්ක් කප් 1/4,
  • චොප් කරගත් ළූණු,
  • ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැන්දක්,
  • කොත්තමල්ලි කොළ මිටක්,
  • බැදගත් කජු,
  • බැදගත් ළූණු

සාදන ක්‍රමය

  • ඉඳිආප්ප ටික පොඩියට කඩාගෙන ෆ්‍රෙශ් මිල්ක් ටික ඉඳිආප්ප වලට ඉස ගෙන පැත්තකින් තියාගන්න.
  • ගී ටිකක් රත් වෙන්න තියල ඒකට ඉඳිආප්ප, කජු, කොත්තමල්ලි කොළ සහ බැදගත් ළූණු හැර අනික් සියළු ද්‍රව්‍ය එකතු කරන්න. 
  • සුවඳ එනතුරු තෙම්පරාදු කරගෙන මේ මිශ්‍රණයට ඉඳිආප්ප ටික එකතු කරගන්න.
  • හොඳින් මිශ්‍ර කර කජු, ළූණු සහ කොත්තමල්ලි කොළ උඩින් ඉස පිළිගන්වන්න.

June 8, 2023
270.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අවශ්‍ය පමණ පාන් පෙති,
  • තම්බා තරමක කෑලි හිටින්න පොඩි කරගත් අල ගෙඩි 2,
  • තම්බාගත් ග්‍රීන් පීස් කප් 1/4,
  • කජු මද 10,
  • චොප් කරගත් ළූණු මේස හැඳි 2,
  • වියලි මිදි මේස හැන්දක්,
  • සූදුරු තේ හැඳි 1/4,
  • අබ තේ හැඳි 1/4,
  • රස අනුව ලුණු,
  • ගරම් මසාලා තේ හැඳි 1/2

 

සාදන ක්‍රමය

  • තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට අබ ටික එකතු කරගන්න. අබ පුපුරන කොට සූදුරු සහ ළූණු එකතු කරගන්න. 
  • ළූණු රන්වන් පැහැ වන විටම ග්‍රීන්පීස්, වියලි මිදි, ලුණු, කජු සහ ගරම් මසාලා එක් කරගෙන විනාඩියක් පමණ තෙම්පරාදු කරගන්න. අවසානයට අල එක් කර මිශ්‍ර කරගන්න.
  • පාන් පෙති වල වාටි කපා ඉවත් කර රෝලින් පින් එකකින් පාන් පෙති තලාගන්න. 
  • සමෝසා මිශ්‍රණය මැදට තබා ත්‍රිකෝණාකාරව ඔතාගෙන, වතුරෙන් හෝ බිත්තර සාරු වලින් කොන් අලවාගෙන, ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක් බැදගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

 link


June 7, 2023
304.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

හාල් කිලෝ 1ක් ,

ලුණු තේ හැඳි 2ක්,

මුදවපු කිරි මේස හැඳි 5ක් ,

වතුර කෝප්ප 5 ක්,

සුදුරු ඇට තේ හැඳි 4ක්,

කරාබු නැටි 10ක්,

කුකුල් මස් ග්‍රෑම් 750,

රතු ළූණු හෝ ලොකු ළූණු කෝප්ප 1ක් ,

සුදු ළූණු බික් 10ක්,

ඉඟුරු සිහින්ව ලියාගත් තේ හැඳි 2ක් ,

කහ කුඩු තේ හැදි 1/2 ක්,

මාජරින් මේ හැඳි 3ක්

සාදන ක්‍රමය 

  • හාල් ගරා සෝදා ගත් පසු විනාඩි 15 පමන වතුරේ තබන්න .
  • කුකුල් මස් කුට්ටි වලට කපා විනාඩි 20ක් පමණ මුදවාපු කිරි වල දමා තබන්න. සූදුරු සුදු ළූණු ඉඟුරු සිහින්ව අඹරන. ළූණු ලියන්න. බඳුනක් ගෙන එයට මාජරින් දමා රත් කරන්න.එය රත් වූ පසු ලියාගත් ළූණු දමා රන්වන් පැහැවන තෙක් බදින්න.
  • එයට කරාඹු නැටි කරදමුංගු කුරුඳු සහ මස් එකතු කර බැදගන්න . එය දුඹුරු පැහැ වන තෙක් බදින්න.
  • වතුරේ දමා ඇති සහල් බේරා එක්කර ගන්න . සහල් ඉතා ස්වල්ප වෙලාවක් බැදගන්න . ඉන්පසු බතට වතුර එක් කරන්න . දැන් හාල් ඉදෙන තෙක් පිසින්න.
  • බත තුන් කාලකට තැම්බුණු පසු කහ කුඩු තේ හැඳි භාගයකට දමා මදගින්නේ පිසින. දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 5, 2023
38.jpg

අට දෙනෙක් සඳහා 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සම ඉවත් කර ගත් කුකුල් මස් ග්‍රෑම් 500 ක් 
  • බාස්මතී හාල් කිලෝ ග්‍රෑම්ක් 
  • බැදගත් කෝන් පිටි ග්‍රෑම් 500 
  • බැදගත් වම්බටු කිලෝ 1 ක් 
  • වියලි දෙහි ගෙඩි 1 ක් 
  • තක්කාලි ග්‍රෑම් 200 ක් 
  • සිහින්ව කපාගත් බී ලූනු බීලූනු ග්‍රෑම් 200 ක්  
  • කුරුදු පොතු කැබැල්ලක් 
  • ලුණු හෝ ගම්මිරිස් පදමට 
  • මාගරින් ග්‍රෑම් 150 ක්
  • සුප් කැට එකක් (අවශ්‍ය නම් පමණක් )

සාදන ක්‍රමය 

  • ප්‍රථමයෙන් කපාගත් කුකුළු මස් ටික හොඳට සෝදා ලුණු මිස්ට වතුර මත හොඳින් තම්බා ගන්න. දැන් මෙයට සෝදාගත් ඉතිරි සියලුම ද්‍රව්‍ය එක්ක හොඳට හොදට කලවම්කර උතුරුවා ගන්න.
  • දැන් මූඩිය කින් වසා විනාඩි 12 -20 අතර කාලයක් බත  පිසගන්න.මෙම බත පිස ගත් පසු එම බත් එක විශාල බඳුනක් මතට අනෙක් අතට හරවා පිළිගැන්වීම මෙහි සාම්ප්‍රදායික ක්‍රමයයි .
  • අවසානයට චොප් කරගත්  පාස්ලි ස්වල්පයක් දමා පිළිගන්වන්න . මෙය අරාබි කරයේ විශේෂ උත්සව අවස්ථා සඳහා පිළිගන්වන ආහාරකි.

June 2, 2023
157.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • හතු 100g,
  • කෝන් පිටි 100g,
  • ලුණු තේ හැඳි 1\4,
  • කහ ස්වල්පයක්,
  • චොප් කරගත් සුදු ළූණු,
  • බටර් මේස හැඳි 1,
  • සීනි තේ හැඳි 1\2,
  • චිලි පේස්ට් මේස හැඳි 1,
  • තෙල් තේ හැඳි 1,
  • කපාගත් මාළු මිරිස් කරලක්,
  • දිගට කපාගත් ළූණු කොළ ටිකක්,
  • කපාගත් වියලි මිරිස් කරල් කීපයක්,
  • දියාරුවට සාදාගත් කට්ලට් බැටර් එක

සාදන ක්‍රමය

  • හතු ලුණු වතුරේ දමා සෝදා, හොඳින් දිය මිරිකා තීරු වලට ඉරාගන්න.
  • කෝන් පිටි වලට ලුණු සහ කහ ඇඟිලි තුඩින් ගන්න තරම් ප්‍රමාණ දෙකක් විතර දාල මික්ස් කරගන්න.
  • හතු වලට කට්ලට් බැටර් එක එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. කෝන් පිටි වල හතු තීරු දවටා රත් වූ ගැඹුරු තෙලේ ක්‍රිස්පි ගතියට එනතුරු බැදගන්න.
  • වෙනම භාජනයක් රත් වෙන්න තබා එයට තෙල් තේ හැන්දක් එක් කර එයට සුදු ළූණු, බටර්, චිලි පේස්ට්, තෙල්, සීනි එක් කර මිශ්‍ර කරගන්න.
  • එයට බැදගත් හතු, මාළු මිරිස්, වියලි මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. ලිප නිවා ළූණු කොළ එක් කර මිශ්‍ර කරගන්න.
  • මස් මාළු නොකන බිත්තර විතරක් පාවිච්චි කරන අයට මේ රෙසිපි එකේ කට්ලට් බැටර් එක වෙනුවට බිත්තර සුදු මදයක් ගන්න පුළුවන්. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 1, 2023
254.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • අර්තාපල් ග්‍රෑම් 150ක් (තම්බා පොඩි කරගත් ),
  • මස් ග්‍රෑම් 500ක් ,
  • අඹරාගත් සුදු ලූනු ග්‍රෑම් 400ක් ,
  • පාන් පිටි ග්‍රෑම් 100ක් ,
  • පාන් කුඩු ග්‍රෑම් 200ක්,
  • සුදු ලුනු තේහැදි 1/2 ක්,
  • බිලිං මේස හැඳි 1/2ක්,
  • කරි කුඩු මේස හැඳි  1ක් ,
  • කහ කුඩු මේස හැදි 1/2ක්,
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්,
  • කරද මුංගු කරල් 2ක් ,
  • කරාබු නැටි 2ක්,
  • බිත්තර 2ක්,
  • තෙල් බෝතලයක් ,
  • පෑන් කේක් තලප 15 ක්,
  • රම්පේ කැබැල්ලක් ,
  • සේර පොඩි කැබැල්ලක්,
  • ඉඟුරු පොඩි කැබැල්ලක් ,
  • කුරුදු පොතු කැබැල්ලක්, 
  • කරපිංචා කිනිත්තක් ,
  • ලුණු 

සාදන ක්‍රමය 

  • භාජනයක් ලිප තබා තෙල් දමා රත් කර ළූණු, රම්පෙ ,කරපිංචා, අමුමිරිස් රන්වන්  පැහැ වන තෙක් තෙලේ බැදගන්න.
  • එයටම සුදුළූණු ,අමු ඉඟුරු ,කරි කුඩු ,සේර, කහ ,ගම්බිරිසමිරිස්, බිලිං, ලුණු, මිරිස්කුඩු, කරද මුංගු ,කරාබු නැටි දමා තරමක් බැදෙන්න හරින්න .
  • එසේ බැඳී ගෙන එන වදී ගෙන එන විට මස් එක්කොට ඉක්මනින් හැඳිගාන්න . මස් තැම්බී ගෙන ඉස්ම හිඳුන පසු තම්බා පොඩි කරගත් අල එකතු කරන්න .
  • දැන් පෑන් කේක් එකක් ගෙන එහි මැදට තුනී දිගට සිටින සේ සාදා ගත් මිශ්‍රණය ටික ටික දමන්න දෙපැත්ත නමා රෝල් කරගන්න පාන් පිටි බිත්තර මිශ්‍ර කර එම මිශ්‍රනේ දවටා පාන්කුඩු දවටා ගැඹුරු තෙලේ බදින්න .
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!