Dinner

June 22, 2023
291.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  • තම්බාගත් නූඩ්ල්ස් ග්‍රෑම් 500,
  • පෙති කපාගත් සොසේජස් ටිකක් ,
  • ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 2,
  • මීකිරි මේස හැඳි 2,
  • කපාගත් ළූණු ගෙඩි 2,
  • කපාගත් තක්කාලි ගෙඩි 2,
  • කපාගත් අමුමිරිස් කරල් 2,
  • කරදමුංගු ඇට 2,
  • කුරුඳු පොතු කෑලි 2,
  • සීනි තේ හැඳි 2,
  • බිරියානි මසාලා පව්ඩර් තේ හැඳි 2,
  • මිරිස්කුඩු තේ හැඳි 1,
  • කහකුඩු තේ හැඳි 1/2,
  • ගම්මිරිස් ඇට 4-5,
  • එළවළු තෙල් ටිකක්,
  • බැදගත්ත කජු ටිකක්

 

සාදන ක්‍රමය 

  • භාජනයක් ලිපේ තියලා රත්වෙනකොට තෙල් ටික දාගන්න. මේකට ඉඟුරු සුදුළූණු පේස්ට්, ගම්මිරිස්, කරදමුංගු, කුරුඳු, අමුමිරිස් හා ළූණු එකතු කරන්න.
  • ළූණු රන්වන්පාට වේගෙන එනකොට තක්කාලි හා සොසේජස් ටික දාගෙන තෙම්පරාදු කරගන්න.
  • සොසේජස් යන්තම් බැදිල තෙම්පරාදු උනාම බිරියානි මසාලා, මිරිස්කුඩු, කහකුඩු, සීනි හා ලුණු එකතු කරලා මීකිරි දාගන්න. 
  • විනාඩියක් දෙකක් පිසෙන්න ඇරල අන්තිමට නුඩ්ල්ස් එකතු කරලා හොඳට කලවම් කරගන්න. කජු ටිකක් උඩින් ඉහගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 22, 2023
283-1280x832.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  • පාන්පිටි හෝ ආටාපිටි ග්‍රෑම් 200,
  • ලියාගත් කරපිංචා ටිකක්,
  • තෙල් හෝ බටර් මේස හැන්දක්,
  • ලුණු ටිකක්,
  • බැදගැනීමට තෙල්

 

සාදන ක්‍රමය

  • පූරි හරියටම හදන්නෙ ආටා පිටි වලින්. ආටා වල රසට අකමැති අයට පාන්පිටි වලිනුත් හදන්න පුළුවන්. මුලින්ම පිටි වලට කරපිංචා, ලුණු හා බටර් දාලා හොඳට අනාගන්න.
  • දැන් ඒකට වතුර ටික ටික දාලා අතේ නොඇලෙන මෝලියක් හදාගන්න.
  • හොඳට අත් ගහලා මෝලිය හදන් පිටි ඉහගත්ත ලෑල්ලක රෝලින් පින් එකෙන් තුනී කරගන්න. 
  • දැන් රවුම් කටර් එකක් අරන් රවුම් කපාගෙන කරලා ගැඹුරු තෙලේ බැදගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 21, 2023
40.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සම්බා හාල් ග්‍රෑම් 200 ක් 
  • උණු වතුර කෝප්ප 1 1/2
  • මාළු ග්‍රෑම් 100 ක්  
  • ඉස්සෝ ග්‍රෑම් 100 ක්  
  • කුඩාවට කපාගත් ලොකු ළූණු ගෙඩි එකක්
  • සුදු ළූණු බික් තුනක් 
  • ඉඟුරු කැබැල්ලක් 
  • සූදුරු තේ හැඳි එකක් 
  • කුඩාවට කපාගත් තක්කාලි ගෙඩි එකක් 
  • තක්කාලි සෝස් මේස හැඳි එකක් 
  • රස අනුව ලුණු 
  • තෙල් මේස හැඳි දෙකක් 
  • දෙහි ඇඹුල් තේ හැඳි එකක් 

සාදන ක්‍රමය 

  • සාමාන්‍ය ආකාරයට බත උයන්න
  • තෙල් ලිප තබා රත්වන විට ලුණු එකතු කර ගන්න.කුඩාවට කපාගත් මාළු හා කුඩාවට කපාගත් ඉස්සන් එක්කර බදින්න ඉඟුරු සුදුලූනු සුදුළූණු වියළි මිරිස් කැබලි හා සූදුරු ආදිය එයට එක්කර බදින්න.
  • කපාගත් තක්කාලි හා තක්කාලි සෝස් එක්කර ගන්න. බත් ටික ටික දමා තෙම්පරාදු කරන්න.කුඩාවට කපාගත් ළූණු කොල දමා සරසා ගන්න.දෙහි ඇඹුල් ස්වල්පයක් බත් එක් කිරීමෙන් පසු එක් කිරීමෙන් වඩා රසවත් වේ.
  • මෙම වත සාදා නිම කළ විට වියළි ගතියෙන් තිබිය යුතුය.

June 20, 2023
192.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳ කෙසෙල් මුවයක් (ග්‍රෑම් 250),
  • උම්බලකඩ,
  • කොච්චි මිරිස් කරල්,
  • රතු ළූණු,
  • කරපිංචා,
  • පරිප්පු (ග්‍රෑම් 250),
  • පොල් තෙල්

සාදන ක්‍රමය

  • කෙසෙල් මුවය හොඳට සෝදා ඉතා සිහින් ලෙස කපා උතුරණ වතුරට දමන්න.
  • විනාඩි 5 ක් පමණ කාලයක් කපාගත් කෙසෙල් මුව තම්බාගන්න. තම්බාගත් කෙසෙල් මුව වතුර මිරිකාහැර මිරිස්ගලක හෝ වංගෙඩියක දමා තරමක් තලාගන්න.
  • සුළු මොහොතක් පරිප්පු පෙඟෙන්නට හැර සෝදා ගලෙන් අඹරාගන්න. ඊටපසු ලියාගත් ලූණු, කරපිංචා, කොච්චි, උම්බලකඩ, අඹරාගන්නා ලද පරිප්පු සියල්ල කෙසෙල් මුව වලට දමා ලුනු එකතුකරමින් හොඳින් සියල්ල එකට මිශ්‍රවන සේ අනාගන්න.
  • පසුව තමන් කැමති ප්‍රමාණයට (වඩයක ප්‍රමාණයට) මිශ්‍රණයෙන් ගුලියක් ගෙන මදක් පැතලි කොට හොඳින් රත්වූ තෙල් තාච්චියකට දමා රන්වන්පැහැ වන තුරු බැදගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 19, 2023
191.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

කුරක්කන් පිටි ග්‍රෑම් 100 ක්,

රතු කැකුළු හාල් පිටි ග්‍රෑම් 50 ක්,

පොල් ග්‍රෑම් 80 ක්,

ලුණු ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • පිටි දෙවර්ගයම එකට කලවම් කරන්න.
  • පොල් වලට ලුණු හිස පිටි සමග කලවම් කරන්න.
  • ස්ටීමරය ලිප තබා උතුරන විට පිට්ටු සාදාගන්න.

June 15, 2023
139.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • ගෝවා ගෙඩි 1,
  • අඹරාගත් චිකන් ග්‍රෑම් 200,
  • ඉඟුරු, සුදුළූණු පේස්ට් මේස හැඳි 1,
  • චොප්කරගත් ළූණු ගෙඩි 1,
  • කපාගත් ළූණු කොළ ටිකක්,
  • සෝයා සෝස් මේස හැඳි 1,
  • බිත්තර 1,
  • චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්,
  • මිරිස්කුඩු තේ හැඳි 1,
  • කෑලිමිරිස් තේ හැඳි 1,
  • ලුණු හා ගම්මිරිස්කුඩු,
  • පාන්පිටි කෝප්ප 1

 

සාදන ක්‍රමය

  • ගෝවා ගෙඩියෙන් කොළෙන් කොළය ඉරෙන්නෙ නැතුව පරිස්සමට ගලවගන්න. 
  • බෝල් එකක් අරගෙන ගෝවා කොළ දාලා ඒක පිරෙන්න වතුර දාලා ලුණු ටිකක් දාලා විනාඩි 5ක් විතර තම්බගන්න.
  • චිකන් වලට ඉඟුරු සුදුළූණු පේස්ට්, ළූණු, ළූණු කොළ, බිත්තරය, සෝයාසෝස්, මිරිස්කුඩු, කෑලිමිරිස්, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. අන්තිමට කොත්තමල්ලි කොළ දාලා කලවම් කරගන්න.
  • දැන් ගෝවා කොළ එකින් එකඅරන් ෆිලින් එකෙන් ටිකක් තියලා දෙපැත්ත නවලා රෝල් කරගන්න. ස්ටීමරයක තියල හොඳට ස්ටීම් කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා ස්ටීම් කරගත්ත රෝල් ටික දාගෙන වටේ ටිකක් පෑන් ෆ්‍රයි කරලා කෑමට ගන්න.

June 15, 2023
131.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • මෘදු ස්ටොක් සාරය ලීටර් 1 1/2 ක්,
  • චීස් ග්‍රෑම් 250 යි ,
  • ලුනු ස්වල්පයක් ,
  • ගම්මිරිස් ඇට 6යි ,
  • පාන් පිටි 2යි ,
  • බටර් ස්වල්පයක් ,
  • බිත්තර කහ මද 2ක් ,
  • කිරි කෝප්පයක් 

සාදන ක්‍රමය 

  • පාන් කුඩා කැබලි කපන්න. තැටියකට බටර් දමා ලිප තබා නටන විට පාන් කැබලි එකතු කර රන්වන් පාට වනතුරු බැදගන්න. 
  • ඊටම ස්ටොක් සාරය සිහින් පෙති කපාගත් චීස් ද සමග එකතු කරන්න. ලුණු ගම්මිරිස් එකතු කරන්න. හොඳින් කලවම් කර පැය භාගයක් පමණ නටවා ගන්න. 
  • බිත්තර හොඳින් ගසා ගෙන ඊට කිරි එකතු කර සුප් මිශ්‍රනයට ටිකෙන් ටික එකතු කරමින් හැඳි ගා ගන්න. අවශ්‍ය නම් තෙම්පරාදු කර ගෙන උණුවෙන් මේසයට යවන්න.

June 14, 2023
213.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කීරි සම්බා හෝ බාස්මතී හාල් 500g,
  • කරදමුංගු කරල් 6,
  • කුරුඳු පොතු අඟල් දෙකක කෑල්ලක්,
  • බේලීෆ් එකක් (තියෙනවා නම්),
  • බත පිස ගැනීමට චිකන් ස්ටොක් හෝ සුප් කැටයක් දිය කරගත් වතුර,
  • ලුණු,
  • කහ,
  • චොප් කරගත් ළූණු කප් 1/4,
  • රම්පෙ,
  • සිහින්ව කපා ගැඹුරු තෙලේ බැදගත් ළූණු, අල,
  • ගැඹුරු තෙලේ බැදගත් කරපිංචා,
  • බැදගත් කජු හෝ රට කජු,
  • තම්බාගත් ග්‍රීන් පීස්,
  • බටර් මේස හැඳි 2ක් සහ තෙල් තේ හැන්දක්

 

සාදන ක්‍රමය

  • චිකන් ස්ටොක් එක්කර බත බෙරි නොවන සේ පිස ගන්න. බටර් සහ තෙල් වෙනම භාජනයකට දමා රත් වෙන්න තියාගෙන ඒකට කරදමුංගු, කුරුඳු, බේලීෆ්, රම්පෙ, ළූණු, කහ සහ ලුණු එකතු කරගෙන තෙම්පරාදු කරගන්න.
  • සුවඳ එන තරමට තෙම්පරාදු උනාට පස්සෙ පිසගත් බත් ඇර අනිත් සේරම එකතු කරල හොඳින් මිශ්‍ර කරගෙන, අවසානයට බත් එකතු කරගෙන කලවම් කරගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 13, 2023
99.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • වට්ටක්කා 300g යි,
  • වතුර ලීටර් 1 යි,
  • සේර කැබැල්ලක්,
  • කැරට් අලයක්,
  • රට ළූණු ගෙඩි 1 යි,
  • එල කිරි කෝප්පයක්,
  • අවශ්‍ය පමනට ලුනු,
  • සීනි මේස හැදි 1 යි,
  • බටර් මේස හැදි 1 යි

සාදන ක්‍රමය

  • වට්ටක්කා සහ කැරට් අලය හොදින් සෝදා සිහින් කැබලි කපා ගන්න.ළූණු ගෙඩියද සිහින්ව කපා ගන්න. භාජනයක් ලිප තබා එයට තෙල් සුවල්පයක් එයතු කර ළූණු තෙම්පරාදු කර ගන්න.
  • එයට සේර කැබැල්ල පිටින්ම දමන්න.
  • දැන් පිළිවෙලින් කැරට් සහ වට්ටක්කා එකතු කර තෙලෙන් බැද ගන්න. එයට වතුර එකතු කර මඳ ගින්නේ පිස ගන්න. වරින් වර හැදිගාන්න.
  • සියල්ල හොදින් තැම්බුනු පසු ලිපෙන් බා මදක් නිවුනු සේර කැබැල්ල පමනක් ඉවත් කොට තම්බාගත් වට්ටක්කා සහ කැරට් හොදින් බ්ලෙන්ඩර් එකකින් පොඩිකර ගන්න.
  • බ්ලෙන්ඩර් එකක් නොමැති නම් එළවලු කුඩාවට නොකපා ගේටර් එකක් මගින් ගා ගන්න. පසුව තම්බාගත් එම එළවලු පෙනේරයකට ගෙන හැන්දකින් පොඩි කරමින් පෙරා ගන්න.
  • දැන් එයටම කිරි කෝප්පය සහ සීනි හැන්ද එකතුකර, සියල්ලම නැවත ලිප තබා අවශ්‍ය ප්‍රමානයට ලුනු හා ගම්මිරිස් යොදා හැදි ගාමින් විනාඩි 5 පමන පිස ගන්න. දැන් ඔබ සාදාගත් රසවත් වට්ටක්කා සුප් උණු උණුවේම මේසයට පිලිගන්වන්න.

June 13, 2023
47.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හාල් කිලෝ 1 ක් 
  • ලුණු තේ හැඳි 2 ක් 
  • මුදවපු කිරි මේස හැඳි 5ක් 
  • වතුර කෝප්ප 5 ක්
  • සුදුරු ඇට තේ හැඳි 4 ක් 
  • කරාබු නැටි10 ක් 
  • එළු මස් හෝ කුකුල් මස් ග්‍රෑම් 750
  • රතු ළූණු හෝ ලොකු ළූණු කෝප්ප 1 ක් 
  • සුදු ළූණු බික් 10 ක්
  • ඉඟුරු සිහින්ව ලියාගත් තේ හැඳි 2 ක් 
  • කහ කුඩු තේ හැදි1/2 
  • මාජරින් මේ හැඳි 3 ක්

සාදන ක්‍රමය 

  • හාල් ගරා සෝදා ගත් පසු විනාඩි පහළොවක් පහලොවක් පමන වතුරේ තබන්න .
  • එළු මස් හෝ කුකුල් මස් කුට්ටි වලට කපා විනාඩි විස්සක් පමණ මුදවාපු කිරි වල දමා තබන්න.
  • සූදුරු සුදු ළූණු ඉඟුරු සිහින්ව අඹරන. ළූණු ලියන්න. බඳුනක් ගෙන එයට මාජරින් දමා රත් කරන්න.
  • එය රත් වූ පසු ලියාගත් ළූණු දමා රන්වන් පැහැවන තෙක් බදින්න.
  • එයට කරාඹු නැටි කරදමුංගු කුරුඳු සහ මස් එකතු කර බැදගන්න .
  • එය දුඹුරු පැහැ වන තෙක් බදින්න.
  • වතුරේ දමා ඇති සහල් බේරා එක්කර ගන්න. සහල් ඉතා ස්වල්ප වෙලාවක් බැදගන්න .ඉන්පසු බතට වතුර එක් කරන්න. දැන් හාල් ඉදෙන තෙක් පිසින්න.
  • බත තුන් කාලකට තැම්බුණු පසු කහ කුඩු තේ හැඳි භාගයකට දමා මදගින්නේ පිසින්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!