අවශ්‍ය ද්‍රව්‍ය
- ඔලිව් තෙල් තේ හැඳි 2,
- ලසංඥා ෂීට් පැකට් 01,
- සිහින්ව කපාගත් බෙල්පෙපර් කෝප්ප 02,
- සිහින්ව කපාගත් වම්බටු කෝප්ප 02,
- සිහින්ව කපා තම්බාගත් අල කෝප්ප 2,
- කපාගත් රටලූනු කෝප්ප 01,
- සිහින්ව ලියාගත් සුදුලූනු කෝප්ප 1/2,
- තක්කාලි පේස්ට් තේ හැඳි 4,
- වතුර කෝප්ප 1 1/2,
- ගම්මිරිස් තේ හැඳි 1/4,
- කැබැලි මිරිස් මේස හැඳි 01,
- සූදුරු කුඩු මේස හැඳි 01,
- සිහින්ව කපාගත් මොසරැල්ලා චීස් අවශ්‍ය තරම්,
- බිත්තර 01,
- කළු ගම්මිරිස් තේ හැඳි 01,
- ඔරිගානෝ තේ හැඳි 1/4,
- රිකෝටෝ චීස් කෝප්ප 1/4
සාදන ක්‍රමය
- භාජනයක් ළිප තබා වතුර හා ලුණු ස්වල්පයක් එක්කර ලසංඥා ෂීට්ස් ටික විනාඩි 8ක් හෝ 10ක් හොඳින් තම්බා ගන්න.
- එම ෂීට් හොඳින් නිවුණු පසු සීතල වතුරේ දමා ගන්න.
- නැත්නම් තෙල් කඩදාසියක් මත තබා ශීතකරණයේ තබන්න.
- පසුව භාජනයක් ළිප තබා ඔලිව් තෙල් එක්කර එයට ලූනු දමා රන්වන් පැහැ වනතෙක් බැදගන්න.
- අනතුරුවඑයටසුදුලූනු, රතු, කහ, කොළ බෙල් පෙපර්, වම්බටු, අල එකතු කරන්න.
- පසුව තක්කාලි, තක්කාලි පේස්ට්, ගම්මිරිස්, කැබැලි මිරිස්, සූදුරු එක්කර රසවත් මිශ්‍රණයක් සාදා ගන්න.
- ඉන්පසු තවත් භාජනයක් ගෙන මොසරැල්ලා චීස්, රිකෝටෝ චීස්, බිත්තර, ඔරිගානො එක්කර තවත් මිශ්‍රණයක් සාදා ගන්න.
- පසුව තරමක බෝල් එකක් ගෙන එහි අඩියට ලසංඥා ෂීට් එකක් දමන්න.
- ඉන්පසු එළවළු මිශ්‍රණයත් චීස් මිශ්‍රණයත් පිළිවෙළින් එක්කරන්න. නැවතත් ලසංඥා ෂීට් එකක් දමා කැමැති නම් උඩින් මොසරැල්ලා චීස් සිහින්ව ගාගෙන එක් කරන්න.
- ඉන්පසු එම බෝල් එක හොඳින් වසා සෙල්සියස් අංශක 190ක උෂ්ණත්වයක විනාඩි 40ක් පමණ බේක් කරගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.










