අවශ්‍ය ද්‍රව්‍ය
- ගී කෝප්ප 1/4,
- කිරි 120ml,
- කිරිපිටි 250g,
- අයිසින් ෂුගර් 40g,
- චොප්කරගත් ආමන්ඩ් හා පිස්ටාචියො ඇට ටිකක්
සාදන ක්‍රමය
- ට්‍රේ එකක් බටර් ග්ලේස් කරගෙන පැත්තකින් තියාගන්න.
- පෑන් එකක් ලිපේ තියලා ගී ටික දාගන්න. ඒක රත් වෙනකොට කිරි ටික දාගන්න.
- හොඳට හැඳි ගාන්න. ටිකකින් කිරිපිටි ටික දාගන්න. හැඳිගානගමන් ටික ටික තමයි එකතු කරන්න ඕනේ. එතකොට කැටි ගැහෙන්නෙ නෑ. තික් පේස්ට් එකක් එනකල් විනාඩි 5ක් විතර හැඳිගාන්න.
- අඩියෙ නොඇලෙන තික් බැටර් එකක් ආවම අයිසින් ෂුගර් එකතු කරන්න. තව විනාඩි 5ක් හැඳිගාන්න. දැන් එක ගුලියක් වගේ එනකොට ලිපෙන් බාගන්න.
- ට්‍රේ එකට දාලා තුනී කරගන්න. උඩින් චොප්කරගත් ආමන්ඩ් හා පිස්ටාචියෝ ටිකක් ඉසගන්න. පැයක් ෆ්‍රිජ් එකේ දාල කෑලි කපාගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.




