අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 05,
- සීනි 250g,
- පොල් පලුවකට ටිකක් අඩුවෙන් උකු කිරි,
- වැනිලා ,
- උනුවතුර 200ml
සාදන ක්‍රමය
- පලමුව සීනි 50g ක් පමණ දමා අඩු ගින්දරේ තද දුබුරු පැහැය වන තුරු කැරමල් කරන්න. (ගින්දර වැඩි උනොත් සීනි කරවෙලා තිත්ත රසක් එන්න බලනව)
- එය දුබුරු පැහැය වූ විට එයට උනු වතුර ටික දමා ගන්න. (ඇල් වතුර උනත් කමක් නෑ. ) පසුව ඉතුරු සීනි ටිකත් එයට දමා සීනි පැනි එක හදාගෙන එය හොදින් නිවෙන්න තබන්න.
- බිත්තර විනාඩි 5ක් පමණ හැන්දකින් ගසා ගන්න පසුව එයට හොදින්ම නිවුනු පැනි එක දමා හොදින් මිශ්‍ර කර එයටම පොල් කිරි හා වැනිල ටිකක් දමා මිශ්‍ර කරගන්න.
- බටර් ගා ගත්ත තැටියකට එම මිශ්‍රණය දමා හුමාලයෙන් තම්බා ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.










