Desserts and Sweets

May 23, 2023
62.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • චොකලට් 50g,
  • මාෂ්මෙලෝස් 10,
  • කිරි කෝප්ප 1,
  • චොක්ලට් පවුඩර් මේස හැදි 2,
  • මිලික්මේඩ් මේස හැදි 1

සාදන ක්‍රමය

  • මුලින්ම චොක්ලට් ටික සිහින්ව ග්‍රේට් කරගන්න.
  • දැන් කිරි ටික ලිපේ තියලා මිලික්මේඩ් මේස හැදි 1 ත් දාලා ඒකටම මාෂ්මෙලෝස් 10 විතර දාලා දියවෙනකල් නොනවත්වා මදගින්නෙ විස්ක් එකකින් කවලම් කරන්න.
  • රත් වූ කිරි මිශ්‍රණය ග්‍රේට් කරගත් චොක්ලට් ටික ට දාලා එයට චොක්ලට් පවුඩර් ටිකත් දාලා හොඳින් දියවෙනකල් විස්ක් එකකින් කවලම් කරගන්න .
  • දැන් මෙසේ මූස් එක ඔයාලා ගෙ ඩෙසර්ට් කප්ස් වලට දාලා ෆ්‍රිජ් එකේ යට කොටසේ තියලා සෙට් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
59.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සව් කප් 1/2 ක්,
  • වතුර කප් 3 1/2 ක්,
  • Fresh milk 500ml ක්,
  • කස්ටර්ට් පව්ඩර් මේස හැදි 2 ක් (කිරි කප් කාලක දියකරගන්න ),
  • ටින් කිරි හෝ සීනි කප් 1 ක්,
  • ගී හෝ බටර් මේස හැදි 2 ක්,
  • කජු,
  • වියලි මිදී,
  • කෑලි කපාගත් පලතුරු වර්ග කප් භාගය බැගින්. (අඹ, කෙසෙල්, මිදි, දෙලුම් ඇපල් )

සාදන ක්‍රමය

  • පලමුව සව් හොඳින් සෝදා පැය 2ක් පමණ පෙගෙන්නට තියන්න.
  • භාජනයකට වතුර දමා ලිපේ තබා හොඳින් හොඳින් නටන කොට එයට පොගවා පෙරාගත් සව් එක් කර විනාඩි 15 මද් ගින්දරේ තම්ම්බා ගන්න
  • මෙයට කිරි එක් කරන්න. මද ගින්නෙ නටවා ගන්න
  • දැන් සීනි හෝ ටින් කිරි එක්කරගන්න.
  • සදා ගත් කස්ටර්ට් මිශ්‍රණය දමා කලවම් කරන්න විනාඩි 5ක් පමණ මද ගින්නෙ පිස ගන්න ලිපෙන් ඉවත් කරන්න.
  • වෙනම පොඩි භාජනයකට ගී හෝ බටර් ලිපේ තබා එයට කජු සහ වියලි මිදී දමා බැදගන්න එය බැදගෙන කිරි මිශ්‍රණයට එක් කරන්න හොඳින් කලවම් කර සම්පූර්ණයෙන් නිවෙන්නට හරින්න.
  • පසුව කපාගත් පලතුරු එක් කර ශීතකරණයෙ පැය 2ක් පමණ තබා ආහාරයට ගන්න .

May 23, 2023
58.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි  කොප්ප 1,
  • කොකෝවා කුඩු කොප්ප 1/2,
  • බටර් කෝප්ප 1/4,
  • අයිසින් සිනි කොප්ප 1 (සීනි බ්ලෙන්ඩ් කරලා),
  • බිත්තර 2ක්,
  • වැනිලා තේ හැදි 1,
  • බෙකිං පවුඩර් තේ හැදි 1,
  • කෝපි තේ හැදි 1,
  • උණු කිරි කොප්ප 1/2,
  • Fresh ක්‍රීම් හෝ විපිං ක්‍රීම් මේස හැදි 3 ( තියෙනවා නම් විතරක් ),
  • ලුණු කුඩු ස්වල්පයක් 

සාදන ක්‍රමය

  • මුලින්ම කේක්පිටි වලට කෝකෝවා කුඩු බෙකිං පවුඩර් දලා පෙනෙරයකින් හලලා ගන්න. එකටම ලුණු අයිසින් සිනි දලා කලවම් කරන්න.
  • ඊලගට උණු කිරි වලට කෝපි කුඩු දලා කලවම් කරගෙන පැත්තකින් තියාගන්න. බටර් හෝ තෙල් අරගෙන එකට බිත්තර දලා හොදට බිට් කරන්න. වැනිලාත් දලා කලවම් කරන්න.
  • දැන් සදාගත් බටර් බිත්තර මිශ්‍රණයට කිරි කෝපි ටිකත් දලා හොදට කලවම් කරගන්න. ඔයා ලග ෆේශ් ක්‍රීම් හෝ විපිං ක්‍රීම් තියෙනවා නම් එ ටිකත් මේ වෙලවේ දලා කලවම් කරන්න. එයටම කේක්පිටි ටික ටික දමමින් කලවම් කරන්න.
  • දැන් මේ සදාගත් කේක් මිශ්‍රණය කප්කේක් මෝල්ඩ් වල දලා 160 උෂ්ණත්වය යටතේ විනාඩි 15- 25 අතර තබේක් කරන්න. බෙක් කරන්න දාන්න ඉස්සෙල්ලා අවන් එක preheate වෙන්න ඔනා විනාඩි 15ක් වගේ. කේක් එක ගොඩාක් බේක් කරන්න එපා එතකොට වෙලිලා වගේ වෙනවා.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
57.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කිරි කෝප්ප 1( full cream, evaporated හෝ උකු පොල් කිරි ),
  • බිත්තර 1,
  • දිය කරගත් බටර් මේස හැදි 3,
  • සීනි කෝප්ප 3/4,
  • පාන් පිටි කෝප්ප 1,
  • බේකින් පවුඩර් තේ හැදි 3/4,
  • ලුනු ස්වල්පයක්

සාදන ක්‍රමය

  • මුලින්ම කිරි ටික භාජනයකට දමා ගන්න. එයටම බිත්තර, සීනි සහ බටර් එකතු කර, සීනි දිය වන තෙක් හොදින් කලවම් කරන්න. 
  • දැන් පෙනේරයකට පිටි, බේකින් පවුඩර් සහ ලුනු දමා කිරි මිශ්‍රණයට පිටි හලා ගන්න. දැන් හොදින් මිශ්‍ර කරන්න.මිශ්‍රණය කුඩා කප් වලට දමා විනාඩි 25-30 වාෂ්පයෙන් තම්බා ගන්න.
  • අවශ්‍ය නම් ජෑම් හෝ වෙනත් දෙයක් යොදා සරසා ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
56.jpg

අවශ්‍ය ද්‍රවය

  • ඔට්ස් ( කැබලි කරගත් oats ) 1 1/4 Cup ( 100g ),
  • පාන් පිටි  Cup 3/4 (90g) ,
  • කුරුදු කුඩු තේ හැදි 1/2 ( අවශ්‍ය නම් පමනක්),
  • බේකින් පවුඩර් 1 1/2 තේ හැදි ,
  • ලුණු තේ හැදි 1,
  • පිරිසුදු පොල්තෙල් හෝ බටර්  මේස හැදි 2,
  • මාපල් සිරප් Cup 1/3 ( 106g )( මාපල් සිරිප් නැතිනම් මී පැනි හෝ කිතුල් / පොල් පැනි) මා යොදාගත්තේ මාපල් සිරප්,
  • වැනිලා තේ හැදි 1/2,
  • ලොකු බිත්තර 1,
  • චොකලට් චිප්ස් Cup 1/2 ( 90g). -( තිබේනම් පමනක්)

සාදන ක්‍රමය

  • මුලින්ම වියලි අමුද්‍රව්‍ය සියල්ල බාජනයකට දමා හොදින් මිශ්‍ර වනතුරු කවලම් කරගන්න .
  • පසුව දියර අමුද්‍රව්‍ය වෙනම බාජනයකට දමා කවලම් කරගන්න.
  • පසුව දියර මිශ්‍රණය වියලි ද්‍රවය භාජනයකට දමා හොදින් කවලම් කරන්න.
  • පසුව මෙය පියනකින් වසා පැය බාගයක් ශිතකරනයේ සාමාන්‍යය කොටසේ තබන්න .
  • අවන්එක 170 C උශ්නත්වයට රත්කරගන්න.( Pre heater )
  • මිශ්‍රණය එලියට ගෙන කුඩා බෝල සාදා tray එකකට පාච්මන් හෝ ෆොයිල් පේපර් එකක් දමා ඉඩ ඇති ආකාරයට අසුරා , බෝල ගතිය පැතලි විමට යන්තම් හැන්දකින් තද කරගන්න.
  • දැන් රත්වු අවන් එකට දමා විනාඩි 12 -15 කාලයක් බේක් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
52.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඕල්පපස් පිටි කප් 1 1/2,
  • කන්ඩෙන්ස්ඩ් කිරි කප් 1/4,
  • බිත්තර 1,
  • ෆ්‍රෙශ් කිරි කප් 1,
  • යෝගට් කප් 1/4,
  • කෝන් පිටි මේසහැදි 4,
  • බේකින් පවුඩර් තේහැදි 1,
  • බේකින් සෝඩා තේහැදි 1/4,
  • දියකරගත් බටර් 1/4,
  • ලුනු තේහැදි 1/2,
  • වැනිලා තේහැදි 1

සාදන ක්‍රමය

  • මුලින්ම ලොකු බෝල් එකක් ගෙන ඕල්පපස් පිටි, කෝන් පිටි, බේකින් පවුඩර් , බේකින් සෝඩා හා ලුනු දමා හොඳින් කළවම් කරන්න. 
  • පසුව වෙනමම බෝල් එකකට බිත්තර දමා එයට කිරි දමා ඉතාහොදින් මිශ්‍ර කරන්න. දැන් පිටි මිශ්‍රණයට යෝගට් හා දියකරගත් බටර් දමා හොඳින් කළවම් කර පසුව කිරි මිශ්‍රණයෙන් ටික ටික දමමින් විස්ක් එකෙන් හොඳින් කළවම් කරමින් බැටර් එක සාදාගන්න. 
  • අවසානයේ වැනිලා ටිකද එක්කර කළවම් කරන්න.පසුව waffles maker එකට මිශ්‍ර දමා සාදාගන්න.(සැන්විච් ටෝස්ට් එකට ආපු වෝෆල් තැටි දෙක දාලා සැන්විච් ටෝස්ට එක භාවිතා කරලා මං හැදුවේ ) වෝෆ්ල්ස් උඩින් මීපැණි හෝ මේබල් සිරප් දමා එයට උඩින් අයින් ශුගර් දමා ස්ට්‍රෝබෙරි සමඟ කෑමට ගැනීමෙන් එහි රසය තවත් වැඩිවේ.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
48.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කිරි කප් 3 ක්,
  • කෝන්පිටි කප් 1/2 ක්,
  • බටර් කප් 1/3 ක්,
  • බිත්තර 1 ක්,
  • බිත්තර කහමද 1 ක්,
  • දුඹුරු සීනි කප් 1 ක්,
  • වැනිලා තේහැදි 1 ක්,
  • කජු ( අවශ්‍ය නම් පමණක් ),
  • චොකලට් ස්ප්‍රින්කල්ස්

සාදන ක්‍රමය

  • මුලින්ම බෝල් එකක් ගෙන එයට කෝන් පිටි දමා පසුව කිරි ටිකෙන් ටික එක්කර මින් හොඳින් කළවම් කරන්න. පසුව එයට බිත්තරය හා බිත්තර කහමදය එක්කර හොඳින් කළවම් කරන්න. 
  • දැන් භාජනයක් ලිප තබා එයට සීනි දමා සීනි කැරමල් කරගන්න. සීනි ටික කැරමල් වූ විගස එයට බටර් ටික එක්කර හොඳින් මිශ්‍ර කරන්න. 
  • දැන් සාදාගත් කිරි මිශ්‍රණ එක්කර වික්ස් එකකින් හොඳින් කළවම් කරමින් ඉතා තික් ක්‍රීම් එකක් වෙනතෙක් පිසගන්න. 
  • පසුව පෙරා ගන්න. දැන් ඔබ කැමති විදිහේ කප් හෝ බෝල් වලට දමා ඔබ කැමති නම් එයට උඩින් ඩෙකරේට් කිරීමට කපාගත් කජු කැබලි හා චොකලට් ප්‍රින්කල්ස් දමා ඩෙකරේට් කර පොළිතින් රැප් එකකින් රැප් කොට පැයක් දෙකක් පමණ ශීතකරණයේ තබා ආහාරයට ගන්න.

May 23, 2023
44.jpg

අවශ්‍ය ද්‍රවය  

  • කෝන් පිටි කෝප්ප 1/2 ක් ,
  • වතුර කෝප්ප 2 ක් ,
  • සීනි කෝප්ප 1 1/4 ක් ,
  • ආහාර වර්ණක ,
  • කජු හෝ ආමන්ඩ් ,
  • දෙහි යුෂ මේස හැදි 1 ක් ,
  • ගිතෙල් මේස හැදි 2  ක් 

සාදන ක්‍රමය 

  • කෝන් පිටි වතුර කෝප්පයක් දමා දිය කරගන්න. භාජනයක් ලිප මත තබා සීනි සහ වතුර කෝප්පයක් දමා සීනි දිය කරගන්න. ඉන් පසු කෝන් පිටි එකතු කරගන්න.
  • මෙහිදී ලිප අඩු ගින්දරේ තබා ගැනීම සහ දිගින් දිගටම කලවම් කිරීම වැදගත්. මිශ්‍රණය උකු වන විට, ගිතෙල් එකතු කරන්න.ඉන් පසු කජු සහ දෙහි යුශ එකතු කරගන්න. 
  • විනාඩි 5ට පමන පසු වෙනත් භාජනයකට දමා ශීතකරණයේ පැයක් පමණ තබා සිසිල් කල ගත් පසු රස විදින්න.

May 23, 2023
43.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි කප් 1,
  • කෝන් පිටි මේස හැඳි 1,
  • යෝගට් මේස හැඳි 1,
  • සීනි තේ හැඳි 1,
  • තෙල් මේස හැඳි 1,
  • ඊස්ට් තේ හැඳි 1,
  • වතුර කප් ¾,
  • සීනි සිරප්,
  • සීනි කප් ½,
  • වතුර කප් ¾

සාදන ක්‍රමය 

  • මුලින්ම පාන් පිටි,කොන් පිටි,සීනි සහ ඊස්ට් ටික බෝල් එකකට දාල හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් එම මිශ්‍රණයට යෝගට් ටික සහ වතුර එකතු කර ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. (වතුර ටික ටික එකතු කර ගන්න.)අවසානයට තෙල් ටිකත් එකතු කරල හොඳින් මිශ්‍ර කර ගන්න.
  • දැන් එම මිශ්‍රණය පොලිතින් එකකින් වහල පැයක් තියෙන්න අරින්න.
  • පයිපින් බෑග් එකකට සාදා ගත් මිශ්‍රණය දා ගෙන කුඩා කොටස් කතුරකින් කපල තෙල් එකට එකතු කර ගන්න. මේක ගොඩක් ඇලෙන ඩෝ එකක් නිසා කතුරෙ තෙල් ටිකක් ගාල ගන්න.
  • මේක හැඳි දෙකක් ආදරයෙන් උනත් තෙල් එකට එකතු කර ගන්න පුළුවන්.රන් වන් පාට වෙනකන් මද ගින්නෙ බැද ගන්න.

සීනි සිරප් 

  • සීනි ටිකට වතුර එකතු කරලා ටිකක් උකු වෙනකන් උණු කර ගන්න.
  • දැන් සාදා ගත් සීනි සිරප් ටික බැද ගත් ලුකෙය්මාට් ටික උඩින් එකතු කර ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
42.jpg

අවශ්‍ය  ද්‍රව්‍ය 

  • නිල්, කොළ, රතු, කහ වැනි පාට 4කින් ජෙලි පැකට් 4ක් (නිල් පාට නැත්නම් blue berry එක හොයා ගන්න් ටිකක් අඩුයි),
  • ටිං කිරි ටිං 1,
  • ජෙලටීන් මේස හැදි 1 1/2 ,
  • වතුර 350ml

සාදන ක්‍රමය 

  • ජෙලි පැකට් 4 වෙන වෙනම සාදා ගෙන නිසි පරිදි සෙට් වුණු පසු 1cm-2cm අතර කුඩා කොටු වලට කපා ගන්න.
  • වීදුරු බෝල් එකක් ගෙන එයට කපා ගත් ජෙලි කැබලි වර්ණ විසිරෙන සේ අතුරා පසෙකින් තබන්න.
  • දැන් ක්‍රීම් එක සාදා  ගමු. 
  • වෙනම කුඩා බදුනක් ගෙන ජෙලටීන් මේස හැදි 1 1/2 දමන්න. දැන් එයට වතුර 100ml දමා කැටි නොගැසෙන සේ දිය කර ගන්න. (මෙය මද ගින්නේ ලිප මත තබා ගැනීමෙන් කැටි නොගැසෙන සේ හොදින් දිය කර ගත හැක.)
  • දැන් ඉතිරි වතුර ද එක් කර හොදින් දිය කර සිසිල් වෙන්නට තබන්න.
  • සිසිල් වු පසු ජෙලටීන් මිශ්‍රණයට ටිං කිරි ද එක් කර හොදින් මිශ්‍ර කරන්න.
  • අවසානයේ එම මිශ්‍රණය ජෙලි කැබලි දමා ඇති බෝල් එක මත  ක්‍රමවත්ව දමා ජෙලි කැබලි අතරට මිශ්‍රණය හොදින් යන පරිදි හිමිහිට භාජනය සොල වන්න.
  • පැය 2, 3ක් පමණ සෙට් වීමට ශීතකරණයේ තබන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!