Desserts and Sweets

May 24, 2023
120.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි ග්‍රෑම් 100 යි,
  • මාගරින් ග්‍රෑම් 50 යි,
  • සීනි ග්‍රෑම් 100 යි,
  • බිත්තර 2 යි,
  • ඇපල් ගෙඩි 2 යි,
  • ඇපල් යුෂ කෝප්ප 1/2 යි

සාදන ක්‍රමය

  • පිටි හලාගන්න, ඇපල් ගෙඩි 2 හි පොතු ඉවත් කරගන්න. භාජනයක පිටි, මාගරින්, සීනි සහ හොඳින් ගසාගත් බිත්තර සහ ඇපල් යුෂ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  • පුඩිං තැටියක් ගෙන පතුලේ පෙති ගසාගත් ඇපල් විසුරවමින් තබන්න.
  • ඊට උඩින් සාදාගත් මිශ්‍රණය වත් කරන්න.
  • සෙන්ටිග්‍රේඩ් අංශක 200 ක උෂ්ණත්වයක් ඇති පෝරණුවක මිනිත්තු 30 ක් පමණ තබා උණුවෙන් අයිස් ක්‍රීම් සමග සංග්‍රහ කරන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
107.png

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඩාර්ක් චොකලට් 825 g,
  • බටර් 675 g,
  • පිටි 225 g,
  • බේකින් පවුඩර් 9 g,
  • සීනි 675 g,
  • බිත්තර 450 g

සාදන ක්‍රමය

  • මුලින් සීනි සහ බිත්තර හොඳින් බීට් කරගන්න.(සීනි දියවී හොඳින් පෙන නගින තුරු)
  • ඒ සමගම බටර් ටිකත් ගෙන ඩබල් බොයිල් ක්‍රමයට බටර් දියවෙන තුරු බොයිල් කර එයට චොකලට් ටික දමා හොඳින් දියවෙනතුරු කලවම් කර ගන්න.
  • පිටි ටික සහ බේකින් පවුඩර් ටික එකට දමා පැත්තකින් තබා ගන්න.
  • දැන් බිත්තර සහ සිනි මිශ්‍රණය ගෙන එයට චොකලට් මිශ්‍රණය දමා අතින් කලවම් කරන්න.
  • එලෙසම එයට පිටි මිශ්‍රනයද දමා කලවම් කර ගන්න.
  • බේකින් ට්‍රේ එකකට බටර් ගාගෙන පිටි ස්වල්පයක් ඉස සාදා ගත් මිශ්‍රණය එයට දමා ගෙන 160 C විනාඩි 25ත් 30ත් අතර බේක් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
100.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 5 යි (සුදු මදය පමනක්),
  • සීනි ග්‍රෑම් 200 යි,
  • වැනිලා ස්වල්පයක්,
  • නොසල් එකක්,
  • (නොසල් එකක් නැතිනම් හැන්දක් හෝ තෙල් කඩදාසියකින් සාදා ගත් ගොටුවක් භාවිතා කරන්න.)

සාදන ක්‍රමය

  • මුලින්ම බිත්තර සුදු මද (කහ මදය නොගෑවෙන සේ ඉවත් කර ගන්න) දීසියකට දමා බීටරයකින් හිම මෙන් පෙණ නගින තුරු ගසාගන්න.(බීට් කරන්න)[ඔබ හොදින් බීට් කර ඇත්නම් භාජනය අනික් පැත්ත හැරෙව්වත් මිශ්‍රනය නොසැලේ.]
  • ඊටම සීනි ටික ටික එකතු කරමින් ගසාගන්න. වැනිලා ස්වල්පයක්ද එකතු කරන්න.
  • ඔබට අවශ්‍ය නම් මෙයට ඔබ කැමති වර්න රසකාරකයක් (කලරින්) එකතුකර ගත හැක.
  • දැන් තෙල් කඩදාසියක් තැටියක අතුරා එහි බටර් සුවල්පයක් ගාගන්න.
  • ඒ මත නොසල් එකක් ආධාරයෙන් සාදා ගත් මිශ්‍රණයෙන් ටික ටික ඇතින් සිටින සේ වක්කරන්න.
  • මෙය සාමාන්‍ය උෂ්ණත්වය ඇති පෝරණුවක විනාඩි 15 පමන පුළුස්සාගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
96.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

1 බහාලුම් ෆිලඩෙල්ෆියා චීස්

2 පැකට් ප්‍රංශ විලාසිතාවේ ලේඩිෆින්ගර් කුකීස්

4 මේස හැඳි කුඩු සීනි

1 බහාලුම් විප් ක්‍රීම්

2 1⁄2 කෝප්ප තද උණුසුම් නෙස්කැෆේ සීනි

පැණිරස නොකළ කොකෝවා කුඩු,

1 ෆොස්ෆේට් වැනිලා වෙන් කිරීම සඳහා

සාදන ක්‍රමය

කෝපි පෙරන්න.

මධ්යම භාජනයක් තුළ, මෘදු කඳු මුදුන් ඇති වන තුරු විදුලි මික්සර් සමඟ චීස් හා සීනි ගසන්න. වෙනම භාජනයක් ගෙන විප් ක්‍රීම් ගසන්න. ක්‍රීම් චීස් වලට විප් ක්‍රීම් සහ වැනිලා එකතු කර නමා ගන්න.

තවත් භාජනයක් තුළ උණුසුම් කෝපි වත් කර කුකීස් දමන්න. පැණිරස ක්‍රීම් සමග ලේයර් කුකීස්

පතුලේ ඉහළින් දෙපැත්තට ඉක්මනින් පිළිවෙලට තැබීම

සහ තවත් කුකීස් කට්ටලයක් සමඟ ලේයරින් කිරීම දිගටම කරගෙන යන්න (ස්ථර තුනකට ඉඩ දෙනු ඇත).

ලේයරින් කිරීම සිදු කළ විට, ශීතකරණයක් තබා එය සැකසීමට අවම වශයෙන් පැය 8 ක් වත් ඉඩ දෙන්න. (රාත්‍රිය පුරා ඊටත් වඩා හොඳයි). 


May 24, 2023
92.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර අටක් (සුදු මදය සහ කහමදය වෙන්කරන්න)
  • සෙමි ස්වීට් කුකින් චොක්ලට් ග්‍රෑම් 120ක්
  • සීනිකෝප්ප කාලක් (ග්‍රෑම් 50ක්)
  • වැනිලා තේ හැඳි 1ක්
  • ක්‍රීම් ඔෆ් ටාටර් තේහැඳි ¾ක් (මෙය සුපර්මාකට් වලින් මිලදි ගත හැකිය. සුදු පාට පිටි වගේ දෙයක්)

සාදන ක්‍රමය

  • මුලින්ම අවන් එක රත්වෙන්නට සූදානම් කරගන්න. ෆැරන් හයිට් නම් 350 ක් සෙන්ටිග්‍රේට් නම් 177 ක් ගෑස් එකක් නම් ගෑස් මාක් 4 ක් ලෙස.
  • කේක් ට්‍රේ එක සූදානම් කරමු :- ට්‍රේ එකෙහි බටර් ස්වල්පයක් ගා අඟල් 17 x 12 ප්‍රමාණයේ පාච්මන්ට් පේපර් එකක් (baking parchment paper) දාන්න. පාච්මන්ට් පේපර් එක උඩින්ද බටර් ස්වල්පයක් තවරා පිටි ටිකක් යන්තම් ඉසින්න. (එහි වැඩිපුර පිටි ඉවත් කර පසෙක තබන්න)
  • බිත්තර සුදුමද හා කහමද වෙන්කරන්න. මෙය භාජන දෙකකට වෙන වෙනම දාගන්න. දැන් ඩබල්බොයිල්ඩ් ක්‍රමය යටතේ. චොක්ලට් ටික දියකර පසෙකින් තබන්න. දැන් වෙනම බෝල් එකක්ගෙන එයට බිත්තර කහමද හා සීනි වලින් භාගයක් දමා බීට් කරන්න. ටිකක් වේගයෙන් විනාඩි 5 ක් පමණ බීට් කර වැනිලා එකතු කරන්න. දැන් නැවතත් බීට් කරන්න. දැන් එයට උණු කර හොදින් නිවාගත්චොක්ලට් එකතු කරන්න. මේ සියල්ල එකට මික්ස් වන තුරු පමණක් බීට් කරන්න.
  • දැන් තවත් බෝල් එකකට බිත්තර සුදු මද ටික දාන්න. (පිරිසිදු කරගත් බිටරයෙන්) එය හොඳින් බීට් කරගන්න. බිත්තර සුදු මද පිපිලා එනතුරු. එයට ක්‍රීම් ඔෆ් ට්‍රාටර් එකතු කරන්න. ඉතුරු සීනි ටිකත් දමා සුදු මද ටික පිපිලා එනතුරුම හොඳින් බීට් කරන්න.
  • දැන් මේ සුදුමද ටික කලින් සකස්කරගත් කහමද චොකලට් මිශ්‍රණයට දමන්න. මෙහි ඇති විශේෂම දේ බීට් කරන්න එපා. බටර් හැන්දකින් ඉතා හෙමින් පෙරලමින් මික්ස් කරගන්න.
  • දැන් මේ සකස්කරගත් කේක් බැටර් එක කලින් සදාගත් ට්‍රේ එකහි පාච්මනට් පේපර් එක උඩින් දමා පැතලි කරන්න. (මෙය පොතක් තරමට බටර් හැන්දකින් තුනී කරගන්න) දැන් මෙය විනාඩි 17 ක් විනාඩි 20 ක කාලයක් බේක් කරන්න. ඉන්පසුව පිටතට ගෙන සම්පූර්ණයෙන් සිසිල් වනතුරු තබන්න. එය උඩින් යන්තම් තෙත් තුවායක් දමන්න. (මිරිකා ගත් පිරිසිදු පුංචි ටවල් එකක්)

චොක්ලට් අයිසිං සාදාගැනීම

  • කුකින් චොකලට් ග්‍රෑම් 170 ක්
  • බටර් ග්‍රෑම් 230 ක් (කාමර උෂ්නත්වය තිබිය යුතුයි)
  • අයිසිං ශුගර් ග්‍රෑම් 250 ක්
  • වැනිලා තේ හැඳි 1 ක්

සාදන ක්‍රමය

  • චොක්ලට් ටික ඩබල් බොයිල්ඩ් ක්‍රමය යටතේ දියකරගන්න. පසුව ලිපෙන් බා හොඳින් සිසිල් වන තුරු පසෙකින් තබන්න. 
  • දැන් වෙනම බෝල් එකක් ගෙන එයට බටර් දමා ඉතා හොඳින් බීට් කරන්න. දැන් එයට ටිකෙන් ටික අයිසිං ශුගර් හා වැනිලා එකතුකොට දිගටම බීට් කරන්න. (මෙම අයිසිං ශුගර් සම්පූර්ණයෙන්ම බටර් සමග මුසුවිය යුතුයි) අවසානයේ දියකරගත් චොක්ලට් එකතු කර සෙමින් බීට් කරන්න. (සිල්ක් ගතියක් එනතුරු) දැන් ඔබට විශේෂ චොකලට් අයිසිං එකක් සූදානම් වී ඇති.
  • තෙත තුවාය ඉවත්කොට එය මතුපිට සාදාගත් චොක්ලට් අයිසින් තවරන්න. එය හොඳින් තුනී කරන්න (අයිසිං එක) දැන් එක පැත්තක සිට හිමිහිට කේක් එක රෝල් කරගෙන එන්න. රෝල් කරන ගමන් හෙමිහිට පාච්මන්ට් පේපර් එක ඉවත් කරන්න. මෙය ඉතාමත් පරිස්සමින් කල යුතුයි. මේ අවසානයේ ලස්සන චොකලට් රෝල් එකක් ඔබට දැකගත හැකිවනු ඇත.
  • දැන් මෙම චොකලට් රෝල් එක උඩින් කොකෝවා පවුඩර් ස්වල්පයක් ඉස ශීතකරණයේ තබන්න. පැය භාගයකට පසු මෙය ලස්සනට කපා පිළිගන්වන්න.

May 24, 2023
89.jpg

අවශ්‍ය දුව්‍ය

  • පාන් පිටි මේස හැඳි 4යි,
  • සිනි මේස හැඳි 3යි (කුඩා ඇට),
  • බිත්තර 1යි,
  • චොක්ලට් පවුඩර් තේ හැඳි 1යි,
  • කිරි තේ හැඳි 1යි,
  • බටර් මේස හැඳි 2යි,
  • බේකින් පවුඩර් තේ හැඳි 1/4,
  • අවන් කිරීමට මයික්‍රෝවේව් අවන් එකක් හෝ පෝරණුවක්

සාදන ක්‍රමය

  • පාන් පිටි, බේකින් පවුඩර්, සීනි (සීනි ඇට ලොකු නම් ග්‍රයින්ඩ් කර ගන්න.) හා චොක්ලට් කුඩු සියල්ල එකට මිශ්‍ර කොට ගෙන දෙවරක් හොඳින් හලා ගන්න.
  • බටර් ටික උණු කර ගන්න.
  • බිත්තරය වෙනම භාජනයක ගෑරුප්පුවකින් ගසා ගන්න.
  • ගසා ගත් බිත්තරය හා බටර් ටික ටික එකට එකතු කරමින් නැවත ගසා ගන්න.
  • පිටි හා බිත්තර ඇතුළු සියලුම දෑ එකට දමා එකම පැත්තට හොඳින් කලවම් කර ගන්න.
  • මයික්‍රෝ වේව් අවන් කල හැකිතේ බොන කෝප්පයකට හෝ තසිමකට මෙම මිශ්‍රණය දමා විනාඩි 3 ක් අවන් කර එළියට ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
78-1280x853.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ස්පොන්ජ් කේක් 1,
  • පළතුරු සිරප් ½ කෝප්පයක්,

පළමු ස්ථරය සඳහා,

  • පිස්ටා අයිස්ක්‍රීම් ලීටර්,
  • කැඩුණු පිස්ටා 10-15,

දෙවන ස්ථරය සඳහා,

  • ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් ලීටර්,
  • සිහින් ව කැඩුණු ස්ට්රෝබෙරි 2-3,

තෙවන ස්ථරය සඳහා,

  • චොකලට් අයිස්ක්‍රීම් ලීටර්,
  • චොකලට් චිප්ස් ½ කෝප්පයක්,

අලංකාර සඳහා,

  • ගාන ලද චොකලට්,
  • විප්ඩ් ක්‍රීම් 1 කෝප්පයක්,
  • කැඩුණු වියළි මිශ්‍ර පලතුරු සහ ඇට වර්ග (ආමන්ඩ්, සුල්තානා, කරන්ට් ඇතුළු මුද්දරප්පලම්) ½ කෝප්ප

සාදන ක්‍රමය

  • පළමු ස්ථරය සඳහා, ක්ලින්ග් ෆිල්ම් සමඟ රොටියක් ටින් කරන්න. 
  • අයිස්ක්‍රීම් ශීතකරණයේ තබා ගන්න.
  • පිස්ටැචියෝ අයිස්ක්‍රීම් තුළ කැඩුණු පිස්ටා මිශ්‍ර කරන්න. ස්ට්රෝබෙරි අයිස්ක්‍රීම්වල සිහින් ව කැඩුණු ස්ට්‍රෝබෙරි සහ චොකලට් අයිස්ක්‍රීම්වල චොකලට් චිප්ස් එක් කරන්න.
  • කැසටා අයිස්ක්‍රීම් ස්ථර කිරීම සඳහා, පළමුව ස්පොන්ජ් කේක් තුනී ස්ථරයක් තබා පළතුරු සිරප් සමඟ තෙතමනය කර, පසුව පිස්ටා අයිස්ක්‍රීම් එකතු කර, ඉහළට සුමට කර කැටි කිරීමට ඉඩ දෙන්න.
  • එය හොඳින් ශීත කළ පසු ස්පොන්ජ් කේක් තුනී ස්ථරයක් එකතු කර නැවත තෙතමනය කර ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් දමා කැටි කිරීමට ඉඩ හරින්න.
  • ඊළඟට තුනී ස්පොන්ජ් තට්ටුවක් තෙතමනය කර ඉහළට චොකලට් අයිස්ක්‍රීම් එක් කරන්න.
  • ඇලවීම සමඟ ආවරණය කර සියල්ල හොඳින් කැටි කිරීමට ඉඩ දෙන්න.
  • ඊළඟ දවසේ රොටි ටින් වලින් ගලවා, පරිස්සමින් ඇලවීම ඉවත් කර සේවය කරන තැටියක තබන්න.
  • කැඩුණු වියළන ලද මිශ්‍රිත ඇට වර්ග සහ පලතුරු තදින් එකතු වන තෙක් ක්‍රීම් බීට් කර ඉහළින් ගාන ලද චොකලට් ඉසිය යුතු ය. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
71.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි 75g
  • සීනි 75g
  • බටර් 100g
  • ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 2
  • කොකෝවා පව්ඩර් 35g
  • බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  • බිත්තර දෙකක්
  • වැනිලා තේ හැඳි 1
  • උකු කල කිරි මේස හැඳි 3

සාදන ක්‍රමය

  • පිටි, බේකින් පව්ඩර්, කොකෝවා පව්ඩර් සහ එකට මිශ්‍ර කර තුන් වරක් හලාගන්න.
  • සීනි ,බටර් මධ්‍යම වේගයකින් බීට් කරන්න.(සීනි දියවෙනකම්)
  • දැන බිත්තර එකින් එක එක් කරමින් ඉතාම අඩු වේගයකින් බීට් කරගන්න.
  • ඉන්පසු මිශ්‍රණයට ෆ්‍රෙෂ් මිල්ක් , උකු කල කිරි ,වැනිලා එකතු කර බීට් කරන්න එපා ලී පත්තකින් හිමීට එකතු කරන්න.
  • දැන් කලින් හලා ගත් පිටි ටිකින් ටික එක්කරමි පරිස්සමින් මිශ්‍ර කර ගන්න.
  • අවන් එකට දාන්න පුලුවන් කේක් තැටියකට හොඳින් බටර් තවරා, තෙල් කඩදාසි දමා කේක් මිශ්‍රණය ද දමාගන්න.
  • ඉන්පසු සෙල්සියස් 180ට පෙර රත් කරන ලද අවන් එකක විනාඩි 30–35 අතර කාලයක් බේක් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
69-1280x854.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බටර් 250g යි,
  • සීනි 250g යි,
  • පිටි 250g යි,
  • බිත්තර 4 යි ,
  • බේකින් පවුඩර් තේ හැඳි 2 ක් ,
  • කජු කැබලි කෝප්ප 1/2 ක්,
  • සිහින්ව කපාගත් චෙරිස් කෝප්ප 1ක්,
  • කිරි ස්වල්පයක්,
  • වැනිලා ස්වල්පයක්,
  • රෝස පාට කලරින් ටිකක් 

සාදන ක්‍රමය 

  • මුලින්ම පිටි සහ බේකින් පවුඩර් එකට එක් කර හලා පසෙකින් තබා ගන්න. බිත්තර,සීනි සහ බටර් බඳුනකට දමා එය හොඳින් ගසාගන්න. 
  • ඉන්පසු මෙයට පිටි ටික දමමින් කලවම් කරගන්න.කිරි ස්වල්පයක් ද දමා වැනිලා සහ රෝස පාට කලරින් එක් කරගන්න. මෙසේ සකසා ගත් මිශ්‍රණයට කපා ගත් කජු කැබලි චෙරිස් දමා සැහැල්ලුවට කලවම් කර බටර් තවරා ගත් තැටියක දමා ගන්න. 
  • උඩින් කජු සහ චෙරිස්  කැබලි දමා ෆැරන්හයිට් අංශක 150 ක උෂ්ණත්වය යටතේ විනාඩි 45ක් පමණ බේක් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
63.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හාල් පිටි කෝප්ප 2 1/4,
  • මිටි පොල් කිරි කෝප්ප 1,
  • දිය පොල් කිරි කෝප්ප 1,
  • ලුණු කුඩු මේසහැදි 1/2,
  • පොල් තෙල්,
  • දවුල් කුරුදු කොළ මිටි 1,
  • සීනි කෝප්ප 1 1/2,
  • වතුර කෝප්ප 1

සාදන ක්‍රමය

  • දවුල් කුරුදු කොළ දියකිරි වලින් අඹරා නානු සාදා පෙරාගන්න .
  • හාල් පිටි, සාදාගත් නානු මිශ්‍රණය සහ මිටි කිරි එකට එකතුකර ආප්ප මිශ්‍රණය මෙන් අනාගන්න .
  • දැන් තාච්චියක් ලිපේ තියලා එයට පොල්තෙල් දමා හොදින් රත් වූ පසු ආස්මි හැන්දකින් රවුමට කරකවමින් වත්කරගන්න.(සිදුරු සහිත ගැඹුරු පොල්කටු හැන්දක් ගන්න පුළුවන් )
  • මෙය මදක් බැදෙනකොට තෙල් හැන්දකින් අඩරවුමක් ලෙස නවා දෙපැත්ත දමා බැදගන්න.තෙල් ඉවත් වූ ආස්මි හුලන් නොවදින සේ අසුරා තැබීමෙන් සති 2-3ක් පමණ තබාගැනීමට හැකිය.
  • දින දෙකකින් මේ ආස්මි නැවත බැදගන්න.එතකොට හොද ලස්සන සුදු පාටක් එනවා වගේම හොඳින් පිපිලා එනවා.
  • දැන් මේ බැදුණු ආස්මි වලට උඩින් පැණි මිශ්‍රණයක් දාන්න ඕනෙ රස වෙන්න නම්. ඒකට සීනි සහ වතුර උණු කරලා ඝන වෙන්න කලින් රටාවකට ආස්මි උඩින් වත්කරගන්න. හකුරු උණු කරලා ගන්නත් පුලුවන්. නැත්නම් සීනි මිශ්‍රණය ට කැමති වර්ණයක් යොදාගන්නත් පුළුවන්.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!