Desserts and Sweets

June 26, 2023
296-1280x853.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  • මී කිරි කෝප්ප 1,
  • මිල්ක්මේඩ් කෝප්ප 3/4,
  • කෝන්ෆ්ලා මේස හැඳි 2,
  • ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1,
  • වැනිලා තේ හැඳි 1/2

 

සාදන ක්‍රමය 

  • මී කිරි, මිල්ක්මේඩ් සහ කෝන්ෆ්ලා හොඳට මිශ්‍ර කරගන්න. කැට නැතිව හොඳට ක්‍රීම් වෙනකම් මිශ්‍ර කරන්න. 
  • ඒකට ෆ්‍රෙශ් මිල්ක් සහ වැනිලා ටික එකතු කරගන්න. 
  • බටර් ගාගත් ට්‍රේ එකකට මේ මිශ්‍රණය දාලා ෆොයිල් පේපර් එකකින් වහලා විනාඩි 45ක් ස්ටීම් කරන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 20, 2023
181.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බැදගත් කොස් ඇට 30,
  • ගා ගත් පොල් කෝප්ප 1,
  • සීනි 100g,
  • ලුණු,
  • ගම්මිරිස්,
  • වතුර,
  • කොස් ඇට 30කට වඩා ඕනි නම් සීනි ප්‍රමාණ වෙනස් කරගන්න වෙනවා

 

සාදන ක්‍රමය

  • ඉස්සෙල්ලා ම කොස්ඇට ටික  වංගෙඩියකට දාලා කොටාගන්නවා. ඊට පස්සේ පොල් කෝප්පය දාලා ආයෙත් කොටාගන්නවා. 
  • මේ මිශ්‍රණය භාජනයකට දාලා ඒකට අවශ්‍ය පමණට ලුණු, ගම්මිරිස් කුඩු සහ වතුර එකතු කර හොඳට අනාගෙන අග්ගලා ගුලි හදාගන්නවා.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 14, 2023
96.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

1 බහාලුම් ෆිලඩෙල්ෆියා චීස්

2 පැකට් ප්‍රංශ විලාසිතාවේ ලේඩිෆින්ගර් කුකීස්

4 මේස හැඳි කුඩු සීනි

1 බහාලුම් විප් ක්‍රීම්

2 1⁄2 කෝප්ප තද උණුසුම් නෙස්කැෆේ සීනි

පැණිරස නොකළ කොකෝවා කුඩු,

1 ෆොස්ෆේට් වැනිලා වෙන් කිරීම සඳහා

සාදන ක්‍රමය

කෝපි පෙරන්න.

මධ්යම භාජනයක් තුළ, මෘදු කඳු මුදුන් ඇති වන තුරු විදුලි මික්සර් සමඟ චීස් හා සීනි ගසන්න. වෙනම භාජනයක් ගෙන විප් ක්‍රීම් ගසන්න. ක්‍රීම් චීස් වලට විප් ක්‍රීම් සහ වැනිලා එකතු කර නමා ගන්න.

තවත් භාජනයක් තුළ උණුසුම් කෝපි වත් කර කුකීස් දමන්න. පැණිරස ක්‍රීම් සමග ලේයර් කුකීස්

පතුලේ ඉහළින් දෙපැත්තට ඉක්මනින් පිළිවෙලට තැබීම

සහ තවත් කුකීස් කට්ටලයක් සමඟ ලේයරින් කිරීම දිගටම කරගෙන යන්න (ස්ථර තුනකට ඉඩ දෙනු ඇත).

ලේයරින් කිරීම සිදු කළ විට, ශීතකරණයක් තබා එය සැකසීමට අවම වශයෙන් පැය 8 ක් වත් ඉඩ දෙන්න. (රාත්‍රිය පුරා ඊටත් වඩා හොඳයි). 


June 12, 2023
100.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 5 යි (සුදු මදය පමනක්),
  • සීනි ග්‍රෑම් 200 යි,
  • වැනිලා ස්වල්පයක්,
  • නොසල් එකක්,
  • (නොසල් එකක් නැතිනම් හැන්දක් හෝ තෙල් කඩදාසියකින් සාදා ගත් ගොටුවක් භාවිතා කරන්න.)

සාදන ක්‍රමය

  • මුලින්ම බිත්තර සුදු මද (කහ මදය නොගෑවෙන සේ ඉවත් කර ගන්න) දීසියකට දමා බීටරයකින් හිම මෙන් පෙණ නගින තුරු ගසාගන්න.(බීට් කරන්න)[ඔබ හොදින් බීට් කර ඇත්නම් භාජනය අනික් පැත්ත හැරෙව්වත් මිශ්‍රනය නොසැලේ.]
  • ඊටම සීනි ටික ටික එකතු කරමින් ගසාගන්න. වැනිලා ස්වල්පයක්ද එකතු කරන්න.
  • ඔබට අවශ්‍ය නම් මෙයට ඔබ කැමති වර්න රසකාරකයක් (කලරින්) එකතුකර ගත හැක.
  • දැන් තෙල් කඩදාසියක් තැටියක අතුරා එහි බටර් සුවල්පයක් ගාගන්න.
  • ඒ මත නොසල් එකක් ආධාරයෙන් සාදා ගත් මිශ්‍රණයෙන් ටික ටික ඇතින් සිටින සේ වක්කරන්න.
  • මෙය සාමාන්‍ය උෂ්ණත්වය ඇති පෝරණුවක විනාඩි 15 පමන පුළුස්සාගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 5, 2023
168.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  • කිරිපිටි කෝප්ප 2,
  • පාන්පිටි තේ හැඳි 4,
  • රුලං තේ හැඳි 4,
  • බිත්තර 1,
  • බේකින් පව්ඩර් තේ හැඳි 4, 

සීනි සිරප් එකට,

  • සීනි කෝප්ප  2,
  • කුරුදුපොතු කෑල්ලක්,
  • වතුර කෝප්ප  2,
  • එනසාල් ඇටයක්

සාදන ක්‍රමය 

  • බිත්තරය හොඳට බීට් කරගන්න. ඊළඟට පාන්පිටි, රුලං, කිරිපිටි කලවම් කරලා බීට් කරගත් බිත්තරය දාගන්න. ඩෝ එක අනාගන්න අවශ්‍ය නම් කිරි ටිකකුත් එකතු කරගන්න.
  • ඩෝ එක හදලා පොඩි බෝල හදාගන්න. ගී ඔයිල් ලිපේ තියලා අඩු ගින්දරේ මේ බෝල ටික බැදගන්න.
  • භාජනයකට සීනි සිරප් එකට ඕන ඔක්කොම දාලා නූල් ඇදෙන පදමට උණුකරගෙන ගුලාබ් ජමුන් ටික දාලා හොඳට සිරප් එක උරාගන්න තියන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
170-1280x853.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුඩු කරගත් සීනි කප් 1/2,
  • බටර් 220g,
  • පිටි කප් 2

සාදන ක්‍රමය

  • බටර් සහ සීනි ක්‍රීම් වනතුරු බීට් කරගෙන පිටි ටිකෙන් ටික එකතු කර සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. ඔයිල් පේපර් එකක් දමාගත් තැටියක කුකීස් රවුම් තියාගන්න.
  • සෙල්සියස් 170-180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 20-25ක් බේක් කරගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
163-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • ගී කෝප්ප 1/4,
  • කිරි 120ml,
  • කිරිපිටි 250g,
  • අයිසින් ෂුගර්  40g,
  • චොප්කරගත් ආමන්ඩ් හා පිස්ටාචියො ඇට ටිකක්

 

සාදන ක්‍රමය

  • ට්‍රේ එකක් බටර් ග්ලේස් කරගෙන පැත්තකින් තියාගන්න.
  • පෑන් එකක් ලිපේ තියලා ගී ටික දාගන්න. ඒක රත් වෙනකොට කිරි ටික දාගන්න.
  • හොඳට හැඳි ගාන්න. ටිකකින් කිරිපිටි ටික දාගන්න. හැඳිගානගමන් ටික ටික තමයි එකතු කරන්න ඕනේ. එතකොට කැටි ගැහෙන්නෙ නෑ. තික් පේස්ට් එකක් එනකල් විනාඩි 5ක් විතර හැඳිගාන්න.
  • අඩියෙ නොඇලෙන තික් බැටර් එකක් ආවම අයිසින් ෂුගර් එකතු කරන්න. තව විනාඩි 5ක් හැඳිගාන්න. දැන් එක ගුලියක් වගේ එනකොට ලිපෙන් බාගන්න.
  • ට්‍රේ එකට දාලා තුනී කරගන්න. උඩින් චොප්කරගත් ආමන්ඩ් හා පිස්ටාචියෝ ටිකක් ඉසගන්න. පැයක් ෆ්‍රිජ් එකේ දාල කෑලි කපාගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
180-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • මිල්ක්මේඩ් ටින් එකක් (395 ml),
  • මිල්ක්මේඩ් ටින් එකේ ප්‍රමාණයෙන් 1/4ක වතුර,
  • මිල්ක්මේඩ් ටින් එකෙන්ම සීනි 1,
  • බටර් මේස හැන්දක්,
  • පොඩියට කපාගත් කජු ටිකක්

 

සාදන ක්‍රමය

  • භාජනයක් අරගෙන ඒකට මිල්ක්මේඩ් එක සහ වතුර ටික දාන්න. සීනි ටිකත් දාලා ලිපේ තියන්න. සාමාන්‍ය ගින්දරේ තියන්න. සීනි දියවෙනකල් හොඳට හැඳි ගාන්න. විනාඩි 10ක් වගේ යනකොට මිශ්‍රණය උකුවේගෙන එනවා. අඩිය අල්ලන්න නොදී හැඳි ගාන්න. 
  • ගින්දර ගැන නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.
  • පාට ටික ටික වෙනස් වේගෙන එනකොට කජු ටික දාගන්න. හොඳට ඝන මිශ්‍රණයක් හැදුනම ලිප ඕෆ්කරන්න. 
  • බටර් ගාලා කලින් ලෑස්ති කරගත්තු තැටියකට ඉක්මනින් දාලා කෑලි කපාගන්න. (මොකද මේක ඉක්මනින් හයි වෙන නිසා මේ පියවර ටික ටිකක් ඉක්මනින් වෙන්න ඕනේ. උණුවෙන්ම ඉරි ඇඳලා කෑලි කපන්න). 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
179-1280x960.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සීනි ග්‍රෑම් 250,
  • වතුර අඬු කෝප්ප 1/4,
  • තම්බාගත් අර්තාපල් ග්‍රෑම් 250,
  • එනසාල් ඇට 2ක්,
  • කලරින්ග් බිංදුදෙකක් (කැමති පාටකින්),
  • වැනිලා තේ හැන්දක්

 

සාදන ක්‍රමය

  • භාජනයක් ලිපේ තියලා ඒකට සීනි ටික දාගන්න. දැන් වතුර ටිකත් දාලා හොඳට කලවම් කරන්න. සීනි දියවේගෙන එනකොට හොඳට පොඩි කරගත් අල ටික දාන්න. එනසාල් ඇට දෙකත් එකතු කරන්න.
  • හැන්දෙන් හොඳට කලවම් කරන්න තලපයක් වගේ වෙනකල්. ගින්දර වැඩි කරගන්න එපා. දැන් කලරින් ටිකක් එකතු කරලා වැනිලා ටිකත් දාගන්න.
  • තෙත ගතිය හිඳෙනකල් හැඳිගාලා බටර් ගාගත්තු තැටියකට දාලා කෑලි කපා ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
122.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැකුළු හාල් කිලෝ 1 යි,
  • තරමක් පැසුණු පොල් ගෙඩි 2 යි,
  • ලුණු ස්වල්පයක්,
  • සීනි ග්‍රෑම් 400 යි,
  • පැණි ලීටර් 1/2 යි,
  • එන්සාල් ඇට කීපයක්,
  • කරබු නැටි 2ක් පමණ

සාදන ක්‍රමය

  • හාල් හොඳින් සෝදා ගරා වතුර පෙරාගෙන කොටා පිටි කරගන්න.
  • පෙනේරයකින් පිටි හොඳින් හලාගන්න. පොල් ගෙඩි දෙකෙන් එකක් සිහින්ව ගාගෙන මිටිකිරි සාදාගන්න.
  • මෙහිදී ඉතිරි වූ පොල් කුඩු සහ දෙවැනි පොල් ගෙඩිය ගාගෙන එම පොල්ද එකතු කර ඊට පිටි කැට සාදාගන්න. ඇගිලි තුඩු කවාකාරව පිටි බාජනය වටේ යවමින් ඉතා හීනියට කැට කරගන්න.
  • ඉන්පසු මේ පිටි පිට්ටු බම්බුවකට ඇතුළු කර තදකර වාෂ්පයෙන් තම්බාගන්න.
  • පැණි සාස්පානකට දමා ළිප මත රත් කරමින් ඊට සීනිද ටිකෙන් ටික එකතු කරමින් දිය කරගන්න.(නොනවත්වාම හැදි ගාන්න.) සාදාගත් පැණි ද්‍රාවණයට තලා කුඩුකරගත් එන්සාල් කරබු නැටි සවල්පයක් එකතු කරන්න.( කැමති නම් සූදුරු ඇට කීපයක්ද පැණි වලට එකතු කරන්න)
  • දැන් එයට අර මුලින් මිරිකාගත් මිටි කිරි සවල්පයද එකතු කරන්න.මේ අතර නොනවත්වාම හැදිගාන්න. කලින් සාදාගත් පිට්ටු කැට පොඩිකර ටිකෙන් ටික එකතු කරමින් හැඳි මිටකින් පත් ගාන්න. (ලිපේ ගින්දර හොදටම අඩු කරන්න.) හැන්දේ ඇලෙන පදමට ගෙන ළිපෙන් බාගෙන බටර් ගා ලෑල්ලක අතුරා රුවිත හැඩයට කෑලි කපාගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!