Snacks Breakfast

May 23, 2023
60.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කෙසෙල්මුව,
  • බිත්තර 1,
  • බිස්කට් කුඩු,
  • කෝන් පිටි තේ හැදි 2,
  • ලුනු,
  • කහ,
  • ගම්මිරිස්

සාදන ක්‍රමය

  • මුලින්ම බිත්තර මිශ්‍ර තැවරුම හදාගමු. බිත්තර, කෝන්පිටි, ලුනු, ගම්මිරිස් කුඩු එකතුකර හොදින් මිශ්‍ර කරන්න.
  • දැන් කෙසෙල්මුව සිහින්ව රවුම් හැඩයට කපාගන්න. කපාගත් කෙසෙල්මුව කහට පිපෙන නිසා කහ මිශ්‍ර වතුරට දමා ගන්න.
  • ඉන්පසුව වතුර ඉවත් කර කපා ගත් කෙසෙල්මුව රවුම්වලට ලුනු කුඩු ටිකක් මිශ්‍ර කරගන්න. පසුව කෙසෙල්මුව, බිත්තර මිශ්‍රයේ තවරා බිස්කට් කුඩුවල දවටා ගන්න.
  • දැන් ගැඹුරු තෙලේ බැදගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
55-1280x960.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • Fresh milk කෝප්ප 1,
  • සීනි කෝප්ප 1,
  • බිත්තර 1,
  • තෙල් කෝප්ප 1/3,
  • වැනිලා ස්වල්පයක්,
  • කේක් පිටි කප් 2,
  • බේකින් පවුඩර් තේ හැඳි 1 1/2,
  • ලුණු ස්වල්පයක්,
  • කැමති නම් පමණක් කහ පාට ෆුඩ් කලරින්

සාදන ක්‍රමය

  • මුලින්ම කිරි, සීනි, බිත්තරය, තෙල් වැනිලා ස්වල්පයක් දලා හොදට බීට් කරන්න ඕන.
  • හොදින් බීට් වූ පසු. පිටි ටිකට බේකින් පවුඩර්, ලුණු දමා පෙනේරයකින් මිශ්‍රණයට දෙපාරකට විතර හලා ගන්න.ඕන. පිටි ටික දෙපාරකට වගේ දාලා මිශ්‍ර කරන්න. ඒකට වැනිලා,කලරින් දාලා මික්ස් කරන්න.
  • දැන් ඔයිල් ස්ප්‍රේ කර ගත් කප් කේක් ට්‍රේ එකකට මෙම මිශ්‍රණය දමා.160’c රත් කර ගත් අවන් එකේ විනාඩි 25ක් විතර බේක් කරගන්න පුළුවන්.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
28.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

පෆ් ඩෝ එකට

  • පාන් පිටි ග්‍රෑම් 250
  • ලුණු කුඩු තේහැදි 1/2
  • බටර්/මාගරින් මේසහැදි 2
  • කූල් වතුර කෝප්ප1/2
  • බේකින් පවුඩර් තේහැදි 1 1/2

කරි එකට

  • අල
  • මාලු/සැමන්/සොසෙජස් 
  • බී ළූණු
  • කරපිංචා 
  • සුදු ළූණු 
  • ගම්මිරිස් කුඩු 
  • ලුණු කුඩු 
  • කෑලි මිරිස් 
  • දෙහි බිංදු 4-5

සාදන ක්‍රමය

  1. මුලින්ම අල ටිකයි මාලු දානවනම් ඒවයි තැම්බෙන්න තියලා ඩෝ එක අනාගෙන ඉමු.
  2. පිටි වලට ලුණු කුඩු ,බටර් (කාමර උෂ්ණත්වයේ දියවුණු) දමා හොඳින් කවලම් කරගෙන කූල් වතුර ටික ටික දාන ගමන් ගුලියක් විදියට අනාගන්න..විනාඩි 2-3ක් පමණ නීඩ් කරලා පැය 1/2ක් වහලා තියන්න.
  1. දැන් අපි කරි එක හදමු..තැම්බූ අල,මාලු හෝ සැමන් එකට පොඩිකරගන්න.
  1. බී ළූණු ,කරපිංචා, සුදු ළූණු තෙම්පරාදු කරලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු ගම්මිරිස් කුඩු සහ කෑලි මිරිස් දමා කවලම් කර අල මාලු මිශ්‍රණය දමා කවලම් කර ලිපෙන් ඉවත්කර දෙහි බිංදු 4-5 ක් දමා කවලම් කරන්න.
  2. දැන් ඩෝ එක අරගෙන ටිකක් අත්ගහලා තුනී කරලා අගල් 2.5*4 සයිස් එකට කොටු කපාගන්න.
  1. ඒවායෙන් එකකට කරි එක තියලා තවත් කොටුවකින් කවර් කරන්න..ගෑරැප්පුවක් අරගෙන වටේට තද කරලා සීල් කරගන්න.
  2. දැන් මේ හදපු මැක් පෆ් ටික පැය 1/2ක් විතර ෆ්‍රිජ් එකේ තියලා අරගෙන හොඳින් රත් වූ ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගන්න.
  1. මේකට ඔයාලට දාන්න පුලුවන් ඕනෙනම් අල කොටු කපලා තම්බලා,මොසරැල්ලා චීස්,කැමති එලවලු වගේ දේවල් ඒකෙ වෙනමම රසක් තියෙන්නෙ.
  1. බේක් කරනවනම් සෙල්සියස් අංශක 180 පැය භාගයක් වගේ බේක් කරන්න

May 22, 2023
19.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • අල 250g,
  • ගේට් කරගත් B ළූණු ගෙඩියකින් 1/4 පමණ,
  • පාන් පිටි මේස හැදි 2,
  • ලුණු හා ගම්මිරිස් ,
  • කූල් වතුර ටිකක් ,
  • තෙල් ටිකක් 

සාදන ක්‍රමය

  • මුලින්ම අල ටික පොතු ඇරගන්න .
  • අල ටික ගේට් කරගන්න.
  • ගේට් කරද්දී ගොඩක් පොඩියට ගේට් කරන්නත් එපා. සාමාන්‍ය ගාණට ගේට් කරගන්න .
  • ගේට් කරන ගමන් අල ටික කූල් වතුර එකට දාන්න .
  • දැන් අල ටික කූල් වතුරෙන් දෙතුන් වතාවක් සෝදන්න.
  • අල සෝදන විට වතුර වලට පිටි වගේ එකතු වෙනවා .
  • තුන් වතාවක් විතර සෝදන විට ඒ ගතිය නැති වෙනවා .
  • වතුර පැහැදිලි පාට වෙනකන් සෝදන්න .
  • අල ටික පිරිසිදු රෙදි කෑල්ලකට දාලා මිරිකන්න.
  • දැන් අල ටිකයි පිටියි ළූණුයි රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩුයි එකතු කර ගන්න .
  • දැන් ඔක්කොම එකට අනා ගන්න.
  • දැන් pan එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් වෙන්න දෙන්න.
  • තෙල් චුට්ටක් විතර වැඩිපුර දාන්න.
  • අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් අතට අරන් රවුමට තුනී කර ගන්න.පොඩි රොටියක් වගේ.
  • දැන් pan එකට දාන්න.
  • මේ වගේ 4ක් 5ක් විතර දාලා පියනකින් වහන්න .
  • විනාඩි 5කින් විතර පියන ඇර අනිත් පැත්ත දාන්න 
  • දුඹුරු පාට වගේ වෙනකන් තියලා ගන්න.එතකොට crispy.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 22, 2023
17.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අල ගෙඩි  දෙකක් 
  • ලුනු ස්වල්පයක් 
  • බැදීමට තෙල්

සාදන ක්‍රමය

  • අල පොතු හැර සොදා ගන්න 
  • පසුව  එය තීරූ හැඩයට කපා ගන්න.
  • හොඳින් සෝදා ලුනු දමා ගත් ජලයේ මද වෙලවක්  තම්බා ගන්න .
  • මෙය ජලයෙන් ඉවතට ගෙන  කිචන් ටිසූ හෝ කිචන් ටවල් එකක් මත හොදින් වියලා ගන්න.
  • පසුව ගැබුරු තෙලේ පාට වෙනස් වන තුරු බැද ගන්න.
  • බැදගන්නා ලද අල හොඳින් තෙල් බේරෙන්නට හරින්න විනාඩි 20 ක් පමන තබා නැවත ගැඹුරු තෙලේ රන් වන් පාට වන තෙක් බැද ගන්න.
  • පසුකාලීනවබාවිතයටගැනීමටඅවශ්‍යනම්එක්වරක්බැදගන්නාලදඅල  ඉටි කොල බෑගයක දමා අදිශීතකරනයේ තබන්න.
  • දැන් පිළිගන්වන්න.

May 22, 2023
12.1-1280x960.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • තෝසෙ මිශ්‍රණය,
  • හීනියට ගා ගත් පොල් ගෙඩියක පොල්,
  • කිතුල් පැණි හෝ සීනි කෝප්ප 1/2,
  • වැනිලා තේ හැඳි දෙකක් හෝ බැද කුඩුකරගත් එනසාල් කුඩු හැඳි ¼

සාදන ක්‍රමය

  • සීනි ළිප තබා වතුර කෝප්ප 1/4 ක් දමා පැණි වනතුරු උණු කර ගන්න . ( කිතුල් පැණි නම් ලිප තබා මදක් උණු කර ගන්න) එයට එනසාල් කුඩු හෝ වැනිලා කලවම් කර පොල් දමා හොදින් මලවා ගන්න. 
  • තැටියක් ලිප තබා තෝස මිශ්‍රණයෙන් සාදාගන්නා ලද පෑන් කේක් පේස්ට්‍රිය මතට මැදට පොල් පැණි දමා රස්නය තිබෙන විට ම රෝල් කරගන්න .

May 22, 2023
11.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැරට් 100g ක්,
  • ලීක්ස් 100g ක්,
  • අර්තාපල් 200g ක්,
  • සැල්දිරි 25ක්,
  • බෝංචි 100g ක්,
  • ළූනු 50g ක් (කුඩාවට කපාගත්),
  • තක්කාලි 30gක් (කුඩාවට කපාගත් ),
  • පාන් කුඩු 200g ක්,
  • පාන් පිටි 100g ක්,
  • කරි කුඩු මේස හැඳි 1ක්,
  • කහ කුඩු තේ හැදි 1/2ක්,
  • මිරිස් කුඩු තේ හැදි 1/4ක්,
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්,
  • අමු මිරිස් කරල් 2ක්,
  • තෙල් අඬු කෝප්ප 1ක්,
  • මිටි කිරි අඩු කෝප්ප 1/2ක්,
  • බිත්තර 2ක්,
  • තෙල් බෝතලයක්,
  • කරපිංචා කිනිත්තක්,
  • කුරුදු පොතු කැබැල්ලක්,
  • දෙහි ගෙඩියක යුෂ ස්වල්පයක්,

 

පෑන් කේක් මිශ්‍රණට අවශ්‍ය ද්‍රව්‍ය,

  • පිටි 200g ක්,
  • බිත්තර 2ක්,
  • මාජරින් මේස හැඳි 1ක්,
  • පිටි කිරි අඩු කෝප්ප 3ක්,
  • ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය

  • අර්තාපල් තම්බා පොඩි කර ගන්න.කැරට්, සැල්දිරි, බෝංචි, ලීක්ස් කුඩාවට කපා ගැඹුරු තෙලේ බැද හොඳින් තෙල් මිරිකා හරින්න. 
  • බඳුනක් ලිප තබා කරි කුඩු, කහ කුඩු ,ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු මදගින්නේ බැදෙන්න හරින්න. එයට තක්කාලි හා මිටිකිරි දමා ඉස්ම හිදෙන තුරු තම්බා ගන්න .
  • ඉන් පසු බැදගත් එළවළු තක්කාලි මිටි කිරි මිශ්‍රණය තම්බා පොඩි කරගත් අල සමග දෙහි ස්වල්පයක් මිශ්‍ර කරගන්න.
  • පෑන් කේක් සෑදීමට
  • බදුනකට පිටි බිත්තර බටර් ලුණු දමා කිරි එකතු කර තරමක් දියාරු පිටි මිශ්‍රණයක් සාදන්න. 
  • සාස්පානක් ගෙන එයට තෙල් ටිකක් තවරා රත් කර පිටි හැන්ද බැගින් දමා තුනීකර පෑන්කේක් දෙපැත්ත දමා පුළුස්සා ගන්න. 
  • දැන් පෑන් කේක් එකක් ගෙන එයට සාදාගත් මිශ්‍රණය දමා දෙකොන නමා රෝල් කර සාදාගත් පිටි හා බිත්තර මිශ්‍රණය දමා පාන්කුඩු දවටා ගැඹුරු තෙලේ බැදගන්න .
  • දැන් පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!