Snacks Breakfast

July 5, 2023
df34b1bd-01a5-4d75-b3df-b8a8cd26b197-1280x720.jpeg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සැන්ඩ්විච් පාන් පෙති 6ක්
  •  අල ගෙඩි එකක්
  •  කුඩා ලොකු ගෙඩියක්
  •  බිත්තර ගෙඩි එකක් 
  • බටර් ස්වල්පයක් 
  •  චීස් කෑලි 2ක් ( අනිවාර්ය නොවේ)
  •  අමු මිරිස් කරල් 1ක් 
  • ගම්මිරිස් කුඩු
  • අබ කුඩු
  •  රස අනුව ලුණු
  • මයෝනයිස්

 

   සාදන ආකාරය

 

  • බිත්තරය හා අල තම්බා පොඩි කර ගන්න.
  • දැන් එයට අනෙකුත් ද්‍රව්‍ය සියල්ලම එකට එක්තු කර කලවම් කර ගන්න.
  • දැන් මෙම පේස්ට් එක පාන් පෙති වල දවට ගන්න.
  • දැන් සැන්ඩ්විච් හැඩයට කපා ඔබ කැමති ආකාරයට පිළිගන්වන.

June 22, 2023
283-1280x832.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  • පාන්පිටි හෝ ආටාපිටි ග්‍රෑම් 200,
  • ලියාගත් කරපිංචා ටිකක්,
  • තෙල් හෝ බටර් මේස හැන්දක්,
  • ලුණු ටිකක්,
  • බැදගැනීමට තෙල්

 

සාදන ක්‍රමය

  • පූරි හරියටම හදන්නෙ ආටා පිටි වලින්. ආටා වල රසට අකමැති අයට පාන්පිටි වලිනුත් හදන්න පුළුවන්. මුලින්ම පිටි වලට කරපිංචා, ලුණු හා බටර් දාලා හොඳට අනාගන්න.
  • දැන් ඒකට වතුර ටික ටික දාලා අතේ නොඇලෙන මෝලියක් හදාගන්න.
  • හොඳට අත් ගහලා මෝලිය හදන් පිටි ඉහගත්ත ලෑල්ලක රෝලින් පින් එකෙන් තුනී කරගන්න. 
  • දැන් රවුම් කටර් එකක් අරන් රවුම් කපාගෙන කරලා ගැඹුරු තෙලේ බැදගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 20, 2023
192.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳ කෙසෙල් මුවයක් (ග්‍රෑම් 250),
  • උම්බලකඩ,
  • කොච්චි මිරිස් කරල්,
  • රතු ළූණු,
  • කරපිංචා,
  • පරිප්පු (ග්‍රෑම් 250),
  • පොල් තෙල්

සාදන ක්‍රමය

  • කෙසෙල් මුවය හොඳට සෝදා ඉතා සිහින් ලෙස කපා උතුරණ වතුරට දමන්න.
  • විනාඩි 5 ක් පමණ කාලයක් කපාගත් කෙසෙල් මුව තම්බාගන්න. තම්බාගත් කෙසෙල් මුව වතුර මිරිකාහැර මිරිස්ගලක හෝ වංගෙඩියක දමා තරමක් තලාගන්න.
  • සුළු මොහොතක් පරිප්පු පෙඟෙන්නට හැර සෝදා ගලෙන් අඹරාගන්න. ඊටපසු ලියාගත් ලූණු, කරපිංචා, කොච්චි, උම්බලකඩ, අඹරාගන්නා ලද පරිප්පු සියල්ල කෙසෙල් මුව වලට දමා ලුනු එකතුකරමින් හොඳින් සියල්ල එකට මිශ්‍රවන සේ අනාගන්න.
  • පසුව තමන් කැමති ප්‍රමාණයට (වඩයක ප්‍රමාණයට) මිශ්‍රණයෙන් ගුලියක් ගෙන මදක් පැතලි කොට හොඳින් රත්වූ තෙල් තාච්චියකට දමා රන්වන්පැහැ වන තුරු බැදගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 15, 2023
139.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • ගෝවා ගෙඩි 1,
  • අඹරාගත් චිකන් ග්‍රෑම් 200,
  • ඉඟුරු, සුදුළූණු පේස්ට් මේස හැඳි 1,
  • චොප්කරගත් ළූණු ගෙඩි 1,
  • කපාගත් ළූණු කොළ ටිකක්,
  • සෝයා සෝස් මේස හැඳි 1,
  • බිත්තර 1,
  • චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්,
  • මිරිස්කුඩු තේ හැඳි 1,
  • කෑලිමිරිස් තේ හැඳි 1,
  • ලුණු හා ගම්මිරිස්කුඩු,
  • පාන්පිටි කෝප්ප 1

 

සාදන ක්‍රමය

  • ගෝවා ගෙඩියෙන් කොළෙන් කොළය ඉරෙන්නෙ නැතුව පරිස්සමට ගලවගන්න. 
  • බෝල් එකක් අරගෙන ගෝවා කොළ දාලා ඒක පිරෙන්න වතුර දාලා ලුණු ටිකක් දාලා විනාඩි 5ක් විතර තම්බගන්න.
  • චිකන් වලට ඉඟුරු සුදුළූණු පේස්ට්, ළූණු, ළූණු කොළ, බිත්තරය, සෝයාසෝස්, මිරිස්කුඩු, කෑලිමිරිස්, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරගන්න. අන්තිමට කොත්තමල්ලි කොළ දාලා කලවම් කරගන්න.
  • දැන් ගෝවා කොළ එකින් එකඅරන් ෆිලින් එකෙන් ටිකක් තියලා දෙපැත්ත නවලා රෝල් කරගන්න. ස්ටීමරයක තියල හොඳට ස්ටීම් කරගන්න.
  • පෑන් එකට තෙල් ටිකක් දාලා ස්ටීම් කරගත්ත රෝල් ටික දාගෙන වටේ ටිකක් පෑන් ෆ්‍රයි කරලා කෑමට ගන්න.

June 8, 2023
270.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අවශ්‍ය පමණ පාන් පෙති,
  • තම්බා තරමක කෑලි හිටින්න පොඩි කරගත් අල ගෙඩි 2,
  • තම්බාගත් ග්‍රීන් පීස් කප් 1/4,
  • කජු මද 10,
  • චොප් කරගත් ළූණු මේස හැඳි 2,
  • වියලි මිදි මේස හැන්දක්,
  • සූදුරු තේ හැඳි 1/4,
  • අබ තේ හැඳි 1/4,
  • රස අනුව ලුණු,
  • ගරම් මසාලා තේ හැඳි 1/2

 

සාදන ක්‍රමය

  • තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට අබ ටික එකතු කරගන්න. අබ පුපුරන කොට සූදුරු සහ ළූණු එකතු කරගන්න. 
  • ළූණු රන්වන් පැහැ වන විටම ග්‍රීන්පීස්, වියලි මිදි, ලුණු, කජු සහ ගරම් මසාලා එක් කරගෙන විනාඩියක් පමණ තෙම්පරාදු කරගන්න. අවසානයට අල එක් කර මිශ්‍ර කරගන්න.
  • පාන් පෙති වල වාටි කපා ඉවත් කර රෝලින් පින් එකකින් පාන් පෙති තලාගන්න. 
  • සමෝසා මිශ්‍රණය මැදට තබා ත්‍රිකෝණාකාරව ඔතාගෙන, වතුරෙන් හෝ බිත්තර සාරු වලින් කොන් අලවාගෙන, ගැඹුරු තෙලේ රන්වන් පාට වනතෙක් බැදගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

 link


June 1, 2023
254.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • අර්තාපල් ග්‍රෑම් 150ක් (තම්බා පොඩි කරගත් ),
  • මස් ග්‍රෑම් 500ක් ,
  • අඹරාගත් සුදු ලූනු ග්‍රෑම් 400ක් ,
  • පාන් පිටි ග්‍රෑම් 100ක් ,
  • පාන් කුඩු ග්‍රෑම් 200ක්,
  • සුදු ලුනු තේහැදි 1/2 ක්,
  • බිලිං මේස හැඳි 1/2ක්,
  • කරි කුඩු මේස හැඳි  1ක් ,
  • කහ කුඩු මේස හැදි 1/2ක්,
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්,
  • කරද මුංගු කරල් 2ක් ,
  • කරාබු නැටි 2ක්,
  • බිත්තර 2ක්,
  • තෙල් බෝතලයක් ,
  • පෑන් කේක් තලප 15 ක්,
  • රම්පේ කැබැල්ලක් ,
  • සේර පොඩි කැබැල්ලක්,
  • ඉඟුරු පොඩි කැබැල්ලක් ,
  • කුරුදු පොතු කැබැල්ලක්, 
  • කරපිංචා කිනිත්තක් ,
  • ලුණු 

සාදන ක්‍රමය 

  • භාජනයක් ලිප තබා තෙල් දමා රත් කර ළූණු, රම්පෙ ,කරපිංචා, අමුමිරිස් රන්වන්  පැහැ වන තෙක් තෙලේ බැදගන්න.
  • එයටම සුදුළූණු ,අමු ඉඟුරු ,කරි කුඩු ,සේර, කහ ,ගම්බිරිසමිරිස්, බිලිං, ලුණු, මිරිස්කුඩු, කරද මුංගු ,කරාබු නැටි දමා තරමක් බැදෙන්න හරින්න .
  • එසේ බැඳී ගෙන එන වදී ගෙන එන විට මස් එක්කොට ඉක්මනින් හැඳිගාන්න . මස් තැම්බී ගෙන ඉස්ම හිඳුන පසු තම්බා පොඩි කරගත් අල එකතු කරන්න .
  • දැන් පෑන් කේක් එකක් ගෙන එහි මැදට තුනී දිගට සිටින සේ සාදා ගත් මිශ්‍රණය ටික ටික දමන්න දෙපැත්ත නමා රෝල් කරගන්න පාන් පිටි බිත්තර මිශ්‍ර කර එම මිශ්‍රනේ දවටා පාන්කුඩු දවටා ගැඹුරු තෙලේ බදින්න .
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 30, 2023
248.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • උදු ඇට ග්‍රෑම් 50ක් ,
  • අමුමිරිස් හෝ කොච්චි මිරිස් ග්‍රෑම් 50ක් ,
  • ලුණු ග්‍රෑම් 50ක්,
  • ගම් මිරිස්, 
  • රම්පෙ, 
  • කරපිංචා ස්වල්පයක් බැගින් ,
  • බැද ගැනීමට තෙල් 

සාදන ක්‍රමය 

  • උළුදු ඇට දිනක් පෙඟෙන්නට හරින්න .එහි පියලි ඉවත් කරන්න .වතුර සියල්ල බේරා හොඳින් අඹරන්න.
  • ලුනු, රම්පෙ, කරපිංචා කුඩාවට කපා ගන්න .
  • අඹරාගත් උළිඳු වලට කපාගත් ල ගත් ළූණු, රම්පෙ, කරපිංචා ද ගම්බිරිස් හා ලුණු ද එක්කර කලවම් කරගන්න .කුඩා බෝල සාදා මැද සිදුරක් තනා රන්වන් පැහැය වන තෙක් බැදගන්න.
  • වඩේ 15ක් – 20ක් පමණ සෑදිය හැකිය.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 30, 2023
228.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • පාන් පිටි කෝප්ප 02,
  • කිරිපිටි තේ හැඳි 01,
  • ඔලිව් තෙල් මේස හැඳි 02,
  • ලුණු තේ හැඳි 1/2,
  • යීස්ට් තේ හැඳි 1,
  • සීනී තේ හැඳි 1,
  • මද උණු වතුර කෝප්ප 1/2,
  • තක්කාලි සෝස් අවශ්‍ය පමණ,
  • කපාගත් තක්කාලි,
  • කැරට්/මාළු මිරිස් අවශ්‍ය පමණ,
  • බෙල් පෙපර් අවශ්‍ය පමණ,
  • බී ළුණු ගෙඩි 1ක් (ලොකුවට කැපූ),
  • ගම්මිරිස් ස්වල්පයක්,
  • ගා ගත් මොසරැල්ල චීස්

 

සාදන ක්‍රමය

 

බෝල් එකක් ගෙන යන්තමින් රස්නේ ඇති උණු  වතුර කෝප්ප 1/2 හා සීනී තේ හැන්ද එයට දමා දියකරගන්න. එයට යීස්ට් තේ හැන්ද දියකරගෙන විනාඩි 10ක් පමණ පිපෙන්න වහලා තියන්න.

 

පීසා ඩෝ එක සඳහා

 

  • තව බෝල් එකකට පාන්පිටි, කිරිපිටි හා ලුණු ටික දමා කලවම් කරන්න. සාදාගත් යීස්ට් සහ සීනි මිශ්‍රණය දමා හොඳට අනා ගන්න. එම පිටි මෝලිය හොඳට විනාඩි 15ක් පමණ අනන්න. 
  • මෝලිය වීදුරු බෝල් එකකට දමා එයට උඩින් ඔලිව් තෙල් ටිකක් ගා, එය ඩබල් සයිස්  වෙනකන් ලන්ච් ෂීට් එකකින් හෝ හොඳට වසා තබන්න. 
  • නන්ස්ටික් පෑන් එකක් ගෙන පිටි මෝලිය පෑන් එකේ ප්‍රමාණයට කඩා හොඳට සිහින්ව රොටියක් සාදන ආකාරයට අතින් වඩන්න. එහි වටේ පොඩි ගැට්ටක් පවතින පරිදි සකසාගන්න. 
  • ගෑරුප්පුවකින් රොටිය පුරාම සිදුරු කරන්න. රොටිය වටේ ගැට්ටේ නොගෑවෙන පරිදි තක්කාලි සොස් හොඳට තවරගන්න. මොසරැල්ලා චීස් එයට උඩින් දමන්න. කපාගත් එළවළු ඊට උඩින් ලස්සනට දමන්න. එයට උඩින් තවත් චීස් තට්ටුවක් දමන්න.
  • මල්ටිපර්පස්කුකර්එකකටපීසාඑකදමාසෙල්සියස්අංශක 140 දමා විනාඩි 20-25 පමණ තියා ගන්න අවශ්‍ය ප්‍රමාණයට. නැති නම් නන්ස්ටික් පෑන් එකකට පීසා එක දමා හොඳින් රත්වෙන පියනකින් වසා විනාඩි 20-25ක් අඩුම ගින්දරේ ලිපේ තබා පුළුස්සා ගන්න.

May 30, 2023
256.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සොසේජස් කීපයක් ,
  • බේකන් හෝ හැම්,
  • තක්කාලි ,
  • බෙල්පෙපර්

සාදන ක්‍රමය 

  • සොසේජස් තරමක කැබලි කපා බේකන් තීරුවල ඔතා ගන්න .පසුව දිග ඉරටු කැබලි ගෙන බෙල්පෙපර්, තක්කාලි කැබලි ,සොසේජස් මිශ්‍ර බේකන් රෝල් ගෙන පිළිවෙලින් ග්‍රිල් කර තසිමක තබා සරසා මේසෙට යවන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 29, 2023
260-1280x853.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • තෝරාගත් පරිප්පු ග්‍රෑම් 200ක්,
  • ළූනු ග්‍රෑම් 30ක්,
  • මිනිස් කුඩු ස්වල්පයක් ,
  • අමු මිරිස් කරල් 3ක් ,
  • කරපිංචා ඉත්තක්,
  • දුරු ස්වල්පයක් ,
  • ලුණු ස්වල්පයක් ,
  • අවශ්‍ය නම් උම්බලකඩ කුඩු ග්‍රෑම් 10ක් 

සාදන ක්‍රමය 

  • පරිප්පු පෙගෙන්නට දමන්න.මෙහිදී තෝර පරිප්පු තෝරාගත්තත් ඔබට කැමති වර්ගයකින් සාදා ගන්නට පුළුවන. 
  • ලූනු, අමු මිරිස්, කරපිංචා සිහින්ව ලියාගන්න ලියා ගන්න.පරිප්පු පෙගුණු පසු ජලය වත්කර අනෙකුත් ද්‍රව්‍ය සියල්ල දමා අඹරා ගන්න. 
  • අඹරාගන්න නැත්නම් කොටා ගන්න.  සම්පූර්ණයෙන් පිටි මෙන් වන ලෙස නොව බාගෙට කොටා ගන්න.  එය ගුලි ගැසීමට හැකි පමණට තිබිය යුතුය.
  • ලුණු රස බලන්න .දැන් තෙල් රත්වෙන්නට තබා ගුලි සාදා ගෙන අඩු ගින්දරේ බැදගන්න. මෙම මිශ්‍රණය බොහෝ වේලාවක් තබා ගැනීම සුදුසු නොවේ. සාදා ගත් විගස අඩු ගින්දරෙ බැඳගෙන නැවත බදින්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!