අවශ්‍ය ද්‍රව්‍ය
කොහිල අල රාත්තල් 1/2 ක්,
රතු ළුණු අවුන්ස 2 ක්,
අමු මිරිස් අවුන්ස 1/2 ක්,
පොල් අවුන්ස 2 ක්,
දෙහි යුෂ තේ හැඳි 2 ක්,
ලුණු තේ හැඳි 2 ක්
සාදන ක්‍රමය
- කොහිල පිරිසුදු කරලා, හෝදලා, අඟල් 1/4 කැබලි වලට කපන්න. හැඳි මිටකින් නූල් ඉවත් කරලා කැපූ කොහිල ටික වැහෙන විදිහට උතුරන වතුර දාන්න.
- ටික වේලාවකට පස්සේ වතුර මිරිකළා ඇරලා කොහිල අල කැබලි ටික බඳුනකට දාන්න.
- රතු ළූණු හා අමු මිරිස් සිහින්ව ලියල කොහිල වලට අනිත් සියලු දේවලුත් එක්කම එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.




