Breakfast

May 30, 2023
248.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • උදු ඇට ග්‍රෑම් 50ක් ,
  • අමුමිරිස් හෝ කොච්චි මිරිස් ග්‍රෑම් 50ක් ,
  • ලුණු ග්‍රෑම් 50ක්,
  • ගම් මිරිස්, 
  • රම්පෙ, 
  • කරපිංචා ස්වල්පයක් බැගින් ,
  • බැද ගැනීමට තෙල් 

සාදන ක්‍රමය 

  • උළුදු ඇට දිනක් පෙඟෙන්නට හරින්න .එහි පියලි ඉවත් කරන්න .වතුර සියල්ල බේරා හොඳින් අඹරන්න.
  • ලුනු, රම්පෙ, කරපිංචා කුඩාවට කපා ගන්න .
  • අඹරාගත් උළිඳු වලට කපාගත් ල ගත් ළූණු, රම්පෙ, කරපිංචා ද ගම්බිරිස් හා ලුණු ද එක්කර කලවම් කරගන්න .කුඩා බෝල සාදා මැද සිදුරක් තනා රන්වන් පැහැය වන තෙක් බැදගන්න.
  • වඩේ 15ක් – 20ක් පමණ සෑදිය හැකිය.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 30, 2023
228.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • පාන් පිටි කෝප්ප 02,
  • කිරිපිටි තේ හැඳි 01,
  • ඔලිව් තෙල් මේස හැඳි 02,
  • ලුණු තේ හැඳි 1/2,
  • යීස්ට් තේ හැඳි 1,
  • සීනී තේ හැඳි 1,
  • මද උණු වතුර කෝප්ප 1/2,
  • තක්කාලි සෝස් අවශ්‍ය පමණ,
  • කපාගත් තක්කාලි,
  • කැරට්/මාළු මිරිස් අවශ්‍ය පමණ,
  • බෙල් පෙපර් අවශ්‍ය පමණ,
  • බී ළුණු ගෙඩි 1ක් (ලොකුවට කැපූ),
  • ගම්මිරිස් ස්වල්පයක්,
  • ගා ගත් මොසරැල්ල චීස්

 

සාදන ක්‍රමය

 

බෝල් එකක් ගෙන යන්තමින් රස්නේ ඇති උණු  වතුර කෝප්ප 1/2 හා සීනී තේ හැන්ද එයට දමා දියකරගන්න. එයට යීස්ට් තේ හැන්ද දියකරගෙන විනාඩි 10ක් පමණ පිපෙන්න වහලා තියන්න.

 

පීසා ඩෝ එක සඳහා

 

  • තව බෝල් එකකට පාන්පිටි, කිරිපිටි හා ලුණු ටික දමා කලවම් කරන්න. සාදාගත් යීස්ට් සහ සීනි මිශ්‍රණය දමා හොඳට අනා ගන්න. එම පිටි මෝලිය හොඳට විනාඩි 15ක් පමණ අනන්න. 
  • මෝලිය වීදුරු බෝල් එකකට දමා එයට උඩින් ඔලිව් තෙල් ටිකක් ගා, එය ඩබල් සයිස්  වෙනකන් ලන්ච් ෂීට් එකකින් හෝ හොඳට වසා තබන්න. 
  • නන්ස්ටික් පෑන් එකක් ගෙන පිටි මෝලිය පෑන් එකේ ප්‍රමාණයට කඩා හොඳට සිහින්ව රොටියක් සාදන ආකාරයට අතින් වඩන්න. එහි වටේ පොඩි ගැට්ටක් පවතින පරිදි සකසාගන්න. 
  • ගෑරුප්පුවකින් රොටිය පුරාම සිදුරු කරන්න. රොටිය වටේ ගැට්ටේ නොගෑවෙන පරිදි තක්කාලි සොස් හොඳට තවරගන්න. මොසරැල්ලා චීස් එයට උඩින් දමන්න. කපාගත් එළවළු ඊට උඩින් ලස්සනට දමන්න. එයට උඩින් තවත් චීස් තට්ටුවක් දමන්න.
  • මල්ටිපර්පස්කුකර්එකකටපීසාඑකදමාසෙල්සියස්අංශක 140 දමා විනාඩි 20-25 පමණ තියා ගන්න අවශ්‍ය ප්‍රමාණයට. නැති නම් නන්ස්ටික් පෑන් එකකට පීසා එක දමා හොඳින් රත්වෙන පියනකින් වසා විනාඩි 20-25ක් අඩුම ගින්දරේ ලිපේ තබා පුළුස්සා ගන්න.

May 30, 2023
256.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සොසේජස් කීපයක් ,
  • බේකන් හෝ හැම්,
  • තක්කාලි ,
  • බෙල්පෙපර්

සාදන ක්‍රමය 

  • සොසේජස් තරමක කැබලි කපා බේකන් තීරුවල ඔතා ගන්න .පසුව දිග ඉරටු කැබලි ගෙන බෙල්පෙපර්, තක්කාලි කැබලි ,සොසේජස් මිශ්‍ර බේකන් රෝල් ගෙන පිළිවෙලින් ග්‍රිල් කර තසිමක තබා සරසා මේසෙට යවන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 29, 2023
260-1280x853.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • තෝරාගත් පරිප්පු ග්‍රෑම් 200ක්,
  • ළූනු ග්‍රෑම් 30ක්,
  • මිනිස් කුඩු ස්වල්පයක් ,
  • අමු මිරිස් කරල් 3ක් ,
  • කරපිංචා ඉත්තක්,
  • දුරු ස්වල්පයක් ,
  • ලුණු ස්වල්පයක් ,
  • අවශ්‍ය නම් උම්බලකඩ කුඩු ග්‍රෑම් 10ක් 

සාදන ක්‍රමය 

  • පරිප්පු පෙගෙන්නට දමන්න.මෙහිදී තෝර පරිප්පු තෝරාගත්තත් ඔබට කැමති වර්ගයකින් සාදා ගන්නට පුළුවන. 
  • ලූනු, අමු මිරිස්, කරපිංචා සිහින්ව ලියාගන්න ලියා ගන්න.පරිප්පු පෙගුණු පසු ජලය වත්කර අනෙකුත් ද්‍රව්‍ය සියල්ල දමා අඹරා ගන්න. 
  • අඹරාගන්න නැත්නම් කොටා ගන්න.  සම්පූර්ණයෙන් පිටි මෙන් වන ලෙස නොව බාගෙට කොටා ගන්න.  එය ගුලි ගැසීමට හැකි පමණට තිබිය යුතුය.
  • ලුණු රස බලන්න .දැන් තෙල් රත්වෙන්නට තබා ගුලි සාදා ගෙන අඩු ගින්දරේ බැදගන්න. මෙම මිශ්‍රණය බොහෝ වේලාවක් තබා ගැනීම සුදුසු නොවේ. සාදා ගත් විගස අඩු ගින්දරෙ බැඳගෙන නැවත බදින්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 29, 2023
265.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පිටි ග්‍රෑම් 250 ක්,
  • ඊස්ට් තේ හැඳි භාගයක්,
  • ලූණු තේ හැඳි භාගයක්,
  • මාගරින් මේස හැඳි 2ක්,
  • වතුර ,
  • ස්ටොක්සාරය කෝප්ප 1 1/2ක්,
  • තක්කාලි සෝස් මේස හැදි 4ක්,
  • සීනි තේ හැදි 1/2 ක්,
  • කෝන්පිටි මේස හැදි 1ක්,
  • ඔරිගාගෝ  තේ හැදි 1/2,
  • බී ලුණු ස්වල්පයක්,
  • සුදුළූණු, අමු ඉඟුරු  ,
  • ඉස්සෝ 250g

සාදන ක්‍රමය 

  • පළමුවෙන් පිටි මිශ්‍රණය සාදා ගැනීමේදී පිටි වලට ලුණු, වතුර සහ මාගරින් දමා හොඳින් අනා මද වේලාවක් පිටි ගුලියට අත් ගසන්න. 
  • පසුව එය පැය භාගයක් පමණ පිපෙන්නට තබන්න. ඉන්පසු තෙල් ස්වල්පයක් අඩු ගින්දර රස්නයට ලිප තබා සුදුළූණු, අමු ඉඟුරු එයට දමා බැදගන්න. 
  • පසුව බී ළූණු , සෝස් , සීනි, ස්ටොක් සාරය ,වතුර ස්වල්පයක් දමා දියකර ගත් කෝන් පිටි ලුණු පිළිවෙලින් දමා හොදින් කලවම් කර උකු වූ පසු ඔරිගාගෝ මිශ්‍ර කරන්න. 
  • අනතුරුව පිටි මිශ්‍රණය ගෙන තුනීවට රවුම් හැඩ සාදා ඔරිගාගෝ  මිශ්‍රණය සමග කැමති පිරවුමක් දමා ඊට උඩින් මොසරැල්ලා චීස් ද සූරා දමා අවසානයේ උදුනක බහා විනාඩි 20-30ක් පමණ බේක් කරන්න. 
  • පීසා සඳහා පිරවීම පිළියෙල කිරීමේදී මාලු මිරිස් ,බීලූනු ,තක්කාලි, ඉස්සෝ එකතු කරගත්  මිශ්‍රණය තෙම්පරාදුවට සාදාගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 29, 2023
139.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පිටි කිලෝ 1 ක්,

ලූනු ග්‍රෑම් 15 ක්,

යීස්ට්  ග්‍රෑම් 20ක් ,

බටර් ග්‍රෑම් 100 ක් ,

බිත්තර 3 ක් ,

පිටිකිරි ග්‍රෑම් 100 ක් ,

අයිස් වතුර මිලිලීටර් 500 ක් ,

බටර් ග්‍රෑම් 500 ක්,

සීනි ග්‍රෑම් 75ක්,

කස්ටඩ් මිශ්‍රණය, 

කිරි ලීටර් 1 ක් ,

සීනි ග්‍රෑම් 150 ක් ,

කස්ටඩ් පවුඩර් මේස හැදි 3 ක් 

සාදන ක්‍රමය 

  • බඳුනකට පාන් පිටි පාන් පිටි, ලූනු ,යීස්ට්සීනි, කිරිපිටි වතුර දමා අනන්න.
  • එයට බටර් එක්කර නැවතත් අනා පැය 1/2 ක් තබාගන්න.
  • බටර් ග්‍රෑම් 500 තුනී කරගන්න.
  • මෝලිය තුනීකර අධිශීතකරණය කොටසේ තබා පැය 1/2 කින් ඉවතට ගන්න .
  • දැන් මෝලිය මත තුනී කරගත් බටර් තබා බටර් නොපෙනෙන ලෙස වසන්න.
  • ඉන්පසු රෝලින් පින් එකකින්  කරන්න .
  • එය නැවතත් දෙකට නමා නැවත සැරයක් දෙකට නමන්න.
  • තුනීකර අනිත් පැත්ත හරවා හතරට නමා විනාඩි 10 ක් තබා ශීතකරණය යට තට්ටුවේ තබා තුනීකර 4 නමන්න.
  • ඉන්පසු එය ශීතකරණයේ තබා පැයකින් ඉවතට ගෙන තුනී තුනීකර හතරැස් කොටු කපන්න. එහි මැදට ජෑම් හෝ කස්ටඩ් දමන්න.
  • එහි මුළු හතර නම බිත්තර සාරු ගා තැටියක තබා පැය භාගයක් 200C උෂ්ණත්වයකට විනාඩි 15 බේක් කරන්න.

කස්ටඩ් මිශ්‍රණය 

සාදන ක්‍රමය 

  • බඳුනකට කිරි සීනි දමා දියකර ලිප තබන්න.
  • උතුරන විට වතුර ටිකකින් දියකරගත් කස්ටර්ඩ් මිශ්‍රණය දමා ඝන වන විට ලිපෙන් ඉවතට ගන්න .
  • මෙම කස්ටඩ් මිශ්‍රණයේ ප්‍රේස්ට්ය පිරුමක් ලෙස එක් කරන්න.

May 25, 2023
198.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් භාගයක්,
  • සොසේජස් 4,
  • ළූණු ගෙඩියක්,
  • මාළුමිරිස් කරලක්,
  • තක්කාලි ගෙඩියක්,
  • ගම්මිරිස් කුඩු,
  • ලුණු කුඩු,
  • බිත්තර 3

 

සාදන ක්‍රමය

  • භාජනයක් ලිපේ තියල එකට තෙල් ටිකක් එකතු කරන් පොඩියට කපාගත්ත සොසේජස් දාල බැදගන්න.
  • ඒ ටික බැදුනම ඒකටම කපාගත්ත ළූණු, මාළුමිරිස්, තක්කාලි එක්ක ගම්මිරිස් කුඩු, ලුණු කුඩු ටිකක් එකතු කරල කලවම් කරගෙන, ඒකට පාන් පොඩියට කඩල එකතු කරගන්න.
  • කැමති නම් තම්බල බැදගත්ත හතු ටිකක් හෝ මස් වර්ගයක් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. මේ මිශ්‍රණය බටර් ගාපු තැටියකට දාගෙන පැතලි කරන් ඒකට උඩින් හොඳින් ගසාගත්තු බිත්තර වත් කරගන්න. දැන් මේක සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත්ත අවන් එකක විනාඩි 20-30 බේක් කරගන්න උඩ දුඹුරු පාට වෙනකම්. (ගන්න ප්‍රමාණ අනුව අවන් එකේ තියන වෙලාව වෙනස් වෙනව. මතුපිට රන්වන් පාට වෙලා එන ගාණට තිබ්බම ඇති)
  • අවන් නොකර හදාගන්න නම් නන්ස්ටික් පෑන් එකක එළවළු තෙම්පරාදු කරගෙන ඒකටම පාන් ටිකත් එකතු කරන් ඒ පෑන් එකටම බිත්තර එකතු කරල අඩුම ගින්දරේ පියනකින් වහල තියන්න විනාඩි 20ක්.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
337.webp

අවශ්‍ය ද්‍රව්‍ය 

කොහිල අල රාත්තල් 1/2 ක්,

රතු ළුණු අවුන්ස 2 ක්,

අමු මිරිස් අවුන්ස 1/2 ක්,

පොල් අවුන්ස 2 ක්,

දෙහි යුෂ තේ හැඳි 2 ක්,

ලුණු තේ හැඳි 2 ක්

සාදන ක්‍රමය

  • කොහිල පිරිසුදු කරලා, හෝදලා, අඟල් 1/4 කැබලි වලට කපන්න. හැඳි මිටකින් නූල් ඉවත් කරලා කැපූ කොහිල ටික වැහෙන විදිහට උතුරන වතුර දාන්න. 
  • ටික වේලාවකට පස්සේ වතුර මිරිකළා ඇරලා කොහිල අල කැබලි ටික බඳුනකට දාන්න. 
  • රතු ළූණු හා අමු මිරිස් සිහින්ව ලියල කොහිල වලට අනිත් සියලු දේවලුත් එක්කම එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
205-1280x848.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුඩා බිලිං ගෙඩි 50,
  • උම්බලකඩ කුඩු මේස හැඳි 01,
  • කහ ස්වල්පයක්,
  • ලියූ අමු ඉඟුරු පෙති 02,
  • රම්පෙ,
  • කරපිංචා,
  • කෑලි මිරිස් අවශ්‍ය පමණට,
  • කපාගත් රතු ළුනු අහුරක්,
  • ලියූ සුදු ළුනු බික් 03,
  • කුරුඳු කැබැල්ලක්,
  • සේර කැබල්ලක් (අවශ්‍යම නැත),
  • පොල්තෙල් මේස හැඳි 04,
  • ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය

  • හොඳින් සෝදා ගත් බිලිං පෙති කපාගන්න එය ලුණු මිශ්‍ර වතුරේ පැය ½ ක් පමණ තිබෙන්නට හරින්න. ඉන් පසු හොඳින් දිය මිරිකා හැර, අනෙක් ද්‍රව්‍ය සමඟ කලවම් කරන්න. 
  • අවසානයේ පොල්තෙල් ටික භාජනයකට දමා රත් කර, බිලිං මිශ්‍රණය එහි දමා විනාඩි කිහිපයක් බැද ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
125.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලපටි පතෝල ග්‍රෑම් 25 ක්
  • රතුළූණු ග්‍රෑම් 100ක් 
  • අමු මිරිස් කරල් 3ක් 
  • දෙහි,ලුණු 
  • අඹරාගත් අබ තේ හැදි 1ක් 
  • ගම්මිරිස් තේ හැදි 1/2ක් උම්බලකඩ,කෑලි මිරිස් තේ හැදි 2ක් 

සාදන ක්‍රමය 

  • ළපටි පතෝල සුද්ද කර හීනියට රවුම් පෙති කපාගන්න. 
  • එයට ලුණු ස්වල්පයක් දමා එහි ඇති වතුර ගතිය පොල් මිරිකන ආකාරයට ඉවත් කරන්න. 
  • ලූනු අමු මිරිස් හීනියට ලියා ගන්න. එයට අබ, ගම්මිරිස්, ලුණු, දෙහි, උම්බලකඩ දමා හොඳින් අනා ගන්න. පසුව මෙයට පතෝල ටික දමා කලවම් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!