Hopper & Pittu Breakfast

May 24, 2023
182.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පිටි ග්‍රෑම් 250 ක් ,

බිත්තරයක් ,

බේකින් පවුඩර් තේ හැඳි 2ක් ,

සූදුරු හා උළුහාල් ස්වල්පයක් ,

එළවළු තෙල් ටිකක් ,

ලුණු හා වතුර අවශ්‍ය ලෙස 

සාදන ක්‍රමය

  • පාන් පිටි හා බේකින් පවුඩර් කලවම් කරන්න. එයට බිත්තර කහ මදය, ලුණු, වතුර, එළවළු තෙල් දමා හොදින් කලවම් කරන්න, පදමට විට මිනිත්තු 30ක් පමණ වසා තබන්න. 
  • ඉන්පසු බිත්තර සුදු මදය හොඳින් ගසා එක් කරන්න. බැදගත් සූදුරු හා උළුහාල් ටිකද දමන්න. 
  • ඉන්පසු තෝස තැටියකට දමා දෙපැත්ත පුළුස්සා ගන්න .

May 24, 2023
180.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

ආට පිටි ග්‍රෑම් 500ක්, 

දුන්තෙල් ග්‍රෑම් 50ක් ,

ලුණු මේස හැදි 1/2ක් ,

බේකින් පවුඩර් තේ හැදි 1 ක් ,

අවශ්‍ය පමණට වතුර ,

බැද ගැනීමට තෙල් 

සාදන ක්‍රමය

  • පිටි හලා භාජනයකට දමා පිටි, බේකින් පවුඩර්, දුන්තෙල් එකතු කර හොඳින් අනන්න. 
  • දැන් අවශ්‍ය පමණට වතුර එකතු කර අතේ නොඇලෙන පදමට පිටි මාංශය සාදාගන්න. 
  • පැයකට පමණ පසු නැවතත් මේ පිටි මාංශය අතින් අනාගන්න. අනන්න. එයින් බිත්තරයක ප්‍රමාණය කුඩා බෝල සාදා ඒවා අඟල් 1/2 පමණ ඝනකමට තුනී කරන්න. 
  • දැන් තෙල් තාච්චිය ලිප තබා රත් වූ පසු එකවර එය එක වරක එක බැගින් ගැඹුරු තෙලේ ලා දුඹුරු පැහැවන තුරු බැද ගන්න.

May 24, 2023
163-1280x1066.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

රුලං කෝප්ප 1 ක්,

දිය කිරි කෝප්ප 1 ක්,

කුඩාවට කපාගත් කැරට් ග්‍රෑම් 50 ක්,

කුඩාවට කපාගත් බොංචි ග්‍රෑම් 50 ක්,

කුඩාවට කපාගත් ලීක්ස් ග්‍රෑම් 50 ක්,,

කපාගත් ළූණු ග්‍රෑම් 30 ක් ,

හීනියට කපාගත් කරපිංචා ටිකක් ,

වියළි මිරිස් කරල් 2 ක් ,

තලාගත් ඉඟුරු තේ හැඳි 1/2 ක් ,

තලාගත් සුදු ළූණු තේ හැඳි 1/2 ක්,

කපාගත් අමු මිරිස් කරල් 2 ක් ,

අබ ඇට ටිකක් ,

අවශ්‍ය පමණ ලුණු ,

එළවළු තෙල් හෝ එළඟිතෙල් මේස හැදි 1 ක් 

සාදන ක්‍රමය

  • රුලං ටික රන්වන් වන්නට බැදගන්න. භාජනයක් ලිපේ තබා එළඟි තෙල් රත් කරන්න . අබ ඇට ටික දමා පුපුරවා ගන්න ඉන්පසු ළූණු, අමු මිරිස් , කරපිංචා ,ඉඟුරු , සුදුළූණු, වියළි මිරිස් කෑලි දමා බැද ගන්න.
  • ඉන්පසු එයට කැරට්, ලීක්ස්, බෝංචි ටික එක්කරන්න.
  • මේවා හොඳින් බැදී ගෙන එන විට දිය කිරි වලට ලුණු කලවම් කර මෙයට එක් කරන්න.
  • ඉන්පසු මෙය උතුරාගෙන එන විට ගින්දර අඩුකර රුලං ටික හෙමින් ටික ටික දමමින් හැඳිගාන්න.
  • එසේ හැඳි ගාන විට හැදුනු ලිහිල්  වූ අපූරු පිටුවක් සාදා ගත හැක.
  • අවශ්‍ය නම් මිරිස් කුඩු ටිකක් දෙහි ටිකක් එක්කර ගත හැක.

May 24, 2023
161.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

බැදගත් පිටි ග්‍රෑම් 500, 

ගාගත් හකුරු ග්‍රෑම් 250 ,

ලුණු තේ හැඳි කාලක් ,

වතුර

සාදන ක්‍රමය 

  • හාල් පිටි බැදගන්න. එයට හකුරු කලවම් කර ලුණු එකතු කර මිශ්‍ර කරන්න. වතුරෙන් පිට්ටු මල් කරන්න.
  • අච්චුවට දමා ඉතිරි හාල්පිටි දවටා ගන්න.
  • ස්ටීමරය ලිප තබා උතුරන විට පිට්ටු සාදාගන්න.

May 24, 2023
155.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

හාල් පිටි  හුණ්ඩු 1/2 බැදගත් ,

බඩඉරිඟු පිටි හුන්ඩු 1/2 යි,

පොල් කෝප්ප 1/2 යි,

අවශ්‍ය තරමට ලුණු වතුර හෝ පොල්කිරි

සාදන ක්‍රමය 

  • පිටි වර්ග දෙක එක් කර හොඳින් හලාගන්න . 
  • භාජනයක් ගෙන පොල් කෝප්ප 1 හමාර , 1 හමාර දමා එයට ලුණු මිශ්‍රකර හලාගත් පිටි මිශ්‍රණය ටිකෙන් ටික දමමින් පොල් කිරි හෝ වතුරෙන් පිට්ටු මල් කරන්න.
  • පිට්ටු පොල් බෝල්කන් අනා ගත් විට මෘදු බවක් මෙන් රසය වැඩිවේ.
  • පිට්ටු තම්බා ගෙන පොල්කිරි ටිකක් ඉස කෑලි කපා ගෙන ආහාරයට ගන්න.

May 24, 2023
154.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

බැදගත්  හාල් හුන්ඩු 1 ක්,

බඩඉරිඟු පිටි හුන්ඩු 1 ක්,

අවශ්‍ය තරමට  ලුණු සහ වතුර 

සාදන ක්‍රමය 

  • බඩඉරිඟු පිටි රෙදි කැබැල්ලක ගැටගසා විනාඩි 20ක් පමණ තම්බා ගන්න.
  • එය උණුසුම්ම තිබියදීම තුන් වරක් පමණ හලාගෙන හාල් පිටි මිශ්‍ර කර නැවතත් හලා ගන්න.
  • එම මිශ්‍රණය භාජනයකට දමා ලුණු කලවම් කර  උණු වතුර ටිකෙන් ටික දමමින් පදමට අනාගන්න.
  • ඉන්පසු තට්ටුවලට ඉදියාප්ප සාදාගෙන ඉදි ආප්ප සාදා ගෙන හොඳින් තම්බා ගන්න.
  • මෙම මිශ්‍රණයෙන් ඉඳිආප්ප 30 ක් පමණ සාදා ගත හැකිය.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!