අවශ්‍ය ද්‍රව්‍ය
- සිනි ග්‍රෑම් 500,
- වතුර ලීටර් 1,
- ඉදුනු අන්නාසි ග්‍රෑම් 250,
- දෙහි ගෙඩි 1
සාදන ක්‍රමය
- අන්නාසි ගෙඩියේ පොතු ඉවත් කර කපා එහි නාරටියද ඉවත් කර ගන්න.
- පසුව අන්නාසි සිහින් කැබලිවලට කපා එහි ඉස්ම මිරිකා පෙරා ගෙන පසෙකින් තබන්න.
- සීනි හා වතුර භාජනයක දමා ලිප තබා භාගයට අඩුවන තෙක් හැඳිගාමින් සිඳුවා ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න.
- දැන් මෙයට අන්නාසි ඉස්ම එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
- මෙය ශීතකරණයේ තබා පිළිගන්වන විට අන්නාසි කැබලි, අයිස් කැට හා කස කසා ඇට(පොගවා ගත්) දමා පිළිගන්වන්න.
- අන්නාසි කපා යුෂ ලබාගන්නවා වෙනුවට ඔබට මෙහිදී අන්නාසි රස කාරක හා කහ පැහැති වර්ණකාරක යොදා ගැනීමටද පුළුවනි.
දොඩම් සරුවත්
- පෙර ආකාරයටම සිනි හා වතුර ලිප තබා සකස් කොට එය නිවූනු පසු මිරිකා ගත් දොඩම් ඉස්ම කළවම් කොට ශීතකරණයේ තබා අවශ්‍ය විට අයිස් කැට,කස කසා ඇට යොදා බීමට ගන්න.
- (මෙහිදීද ඔබට අවශ්‍යනම් ස්භාවික දොඩම් වෙනුවට රසකාරක හා වර්ණ යොදා ගත හැක.)
- මේ ආකාරයට ඔබට සරුවත් සිරප් එක යොදා ගනිමින්,
- නෙල්ලි සරුවත්, දෙහි සරුවත්, අඹ සරුවත් වැනි ඔබ කැමති සරුවත් වර්ගයක් සාදා ගත හැකිය.







