Carbonated Drinks

June 19, 2023
148.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

කිරි පිටි මේස හැදි 3ක්, 

අඟල් 6 ක පමණ උස වීදුරුවකින් උණු වතුර 1ක්,

සීනි මේස හැඳි 3ක්,

රෝස සිරප් ඉහත ගත් වීදුරුවෙන් 1/4 ක්,

රෝස් එසන්ස් තේහැදි 1/4 ක්

සරසා ගැනීමට,

කපාගත් ලෙලි කැබලි කස කසා ඇට ,

වැනිලා අයිස් ක්‍රීම් 

සාදන ක්‍රමය

  • වීදුරුවට රෝස සිරප් ටිකක් දමාගන්න. වෙනත් වීදුරුවකට උණු වතුරේ සහ කිරිපිටි සීනි කලවම් කර කිරි එකක් සාදාගන්න. 
  • මේ රෝස සිරප් වීදුරුවට දමන්න. දැන් රෝස් එසන්ස් දමන්න. ඉන්පසුව පොඟවා ගත් කස කසා ඇට කැබලි සහ වැනිලා අයිස් ක්‍රීම් වලින් සරසා ගන්න. 
  • ෆලුඩා පිළිගැන්වීමට පැය 2 පමණ කලින් කස කසා ඇට ඇල් වතුරෙ දමා පෙඟෙන්නට තැබිය යුතුයි.

May 25, 2023
166.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

බ්ලැක් කරන්ට් කෝඩියල්  1ක්,

සීනි කිලෝ 1ක්,

වතුර බෝතල් 1/2ක්,

මත් පැන් ස්වල්පයක් ( වයින් වීදුරුවකින් 1ක්)

සාදන ක්‍රමය 

  • කෝඩියල් බෝතලය කඩා වතුරට එක් කරන්න. එයටම සීනි එකතු කළ යුතු වෙනවා. 
  • අවසානය බ්‍රැන්ඩි දමා මුල් ආකාරයටම බෝතලයකට දමා අඳුරු ස්ථානයක සතියක් තබනවා. 
  • මෙම වයින් සෑදීම සඳහා ඊස්ට් භාවිත කරන්නේ නැහැ. මෙය කළුවරේ තබන දින 7 තුළ දී 3 පාරක් පමණයි පෙරීමට ලක් වෙන්නේ. 
  • ඉන්පසු අවුරුදු 2ක් පමණ තබා භාවිතයට ගන්න පුළුවන්.

May 25, 2023
165.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

බීට් කිලෝ 2 ක් ,

සීනි කිලෝ 2 ක් ,

යීස්ට් ග්‍රෑම් 30 ක් ,

කුරුඳු පොතු කෑලි 2 ක්,

කරද මුංගු  ස්වල්පයක්, 

කරාබුනැටි ස්වල්පයක් ,

වතුර බෝතල් 1 1/2 ක්,

ලෙමන් මේස හැඳි 8 ක්

සාදන ක්‍රමය

  • බීට් පිරිසිදු කර පුංචි කෑලි වලට කපාගන්න. බීට් කුඩාවට කැපීම තුලින් බීට් වල ඇති සියලුම සීනි ප්‍රමාණය හා වර්ණය වතුරට එකතු වීමක් සිද්ධ වෙනවා. 
  • දැන් කපාගත් බීට් වලට වතුර දමා හොඳින් තම්බා ගන්න. තම්බාගත් බීට් ටික ඉන්පසු පෙරා කෑලි අයින් කර වතුර පමණක් සූදානම් කරගන්න. සුදානම් කරගත් බීට් වතුර ටික හොඳින් නිවා ගැනීම නිවාගැනීම කරන්න ඕනේ. 
  • දැන් නිවාගත් බීට් වතුරට සීනි, ඊස්ට්, ලෙමන් යුෂ කරදමුංගු, කරාබු නැටි දමා හොදින් මිශ්‍ර කරන්න. අනෙක් වර්ග සෑදූ ආකාරයටම දින 7ක් කළුවර තබා පෙරා ගැනීම කළ යුතුමයි. 
  • වතුර බෝතලයට දැමූ පසු බෝතලේ මූඩිය තබා ගැනීම ඉතා ඉතාමත් අවශ්‍ය දෙයක්. මූඩිය බුරුල් වෙලා තිබුනොත් ඇතුලත තියෙන ස්ප්‍රිට් ගතිය අඩුවෙන්න පුළුවන්. 
  • එහෙම වුනොත් වයින් එකේ තියෙන පෝෂණ ගතිය නැති වෙලා යනවා. වගේම බෝතලය අරින්න මත්තෙන් පොඩ්ඩක්වත් හොලවන්න එපා. පෙන ගතිය වැඩි වගේ නම් මූඩිය ස්වල්පයක් බුරුල් කර තබා ඉන් පසුව තමයි අරින්න ඕන. 
  • බෝතලය සෙලවුවොත් උතුරලා යන්න පුළුවන් මුලින් ආකාරයටම 7 තවත් පෙරා ගත් බීට් වයින් අවුරුදු දෙක තුනක් පරණ කිරීමෙන් පසු පාවිච්චියට ගන්න පුළුවන්.

May 24, 2023
98.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඇපල් ගෙඩි 3,
  • ලෙමන්,
  • ඇපල් ලීටර් 2 යුෂ,
  • ලෙමනේඩ් ලීටර් 1 ක් හෝ මින්ට් ස්ප්‍රිග්ස්,
  • අයිස් කැට 7 ක්

සාදන ක්‍රමය

  • ඇපල්  සහ ලෙමන් ගෙඩියක් ගන්න. ඒවා පෙති වලට කපන්න.
  • වීදුරු බඳුනක් ගන්න. දැන් ඇපල් සහ ලෙමන් පෙති ඕනෑ තරම් මින්ට් පැළෑටි බඳුනට එක් කරන්න. 
  • ඉන්පසු එයට ඇපල් යුෂ එකතු කර මෘදු ලෙස කලවම් කරන්න. මිනිත්තු 15-20 අතර කාලයක් රැඳී සිටීමට ඉඩ දෙන්න. 
  • මිනිත්තු 20 කට පසු එයට ලෙමනේඩ් හෝ 7up එක් කරන්න. හොඳින් මිශ්‍ර කරන්න. පානය කිරීමට පෙර අයිස් කැට එක් කරන්න.

May 24, 2023
91.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • දෙහි යුෂ වීදුරු 1/4 ක්,
  • සාමාන්‍ය සෝඩා වීදුරු 1/2 ක් (carbonated water),
  • වතුර වීදුරු 1/4 ක්,
  • සීනි සහ ලුණු රස පදමට

සාදන ක්‍රමය

  • දෙහි ගෙඩියේ පොත්ත ඉවත් කොට පැඟිරි එක් නොවන සේ යුෂ මිරිකා වෙන්කරගන්න. දෙහි ඇටද ඉවත් කරන්න.
  • අනතුරුව දෙහි යුෂ වීදුරු 1/4 කෝප්පයකට දමා වතුර වීදුරු 1/4 ද එක්කර සීනි ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් දමා හොඳින් දියවන තුරු කලවම් කරන්න.
  • සීනි සහ ලුණු දියවූ පසු සෝඩා වීදුරු 1/2 ද මෙයට එක්කරමින් හොඳින් මිශ්‍රකරගන්න.
  • අනතුරුව වීදුරුවකට දමා අයිස් කැට කිහිපයක්ද දමා පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!