iwumphihum_ad

May 25, 2023
182-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ෆ්‍රෙශ් මිල්ක් ලීටර් 1,
  • මුහුන් සඳහා යෝගට් එකක්,
  • ජෙලටින් මේස හැන්දක්,
  • සීනි ග්‍රෑම් 120,
  • වැනිලා තේ හැඳි 1,
  • ලුණු පින්ච් එකක්

සාදන ක්‍රමය

  • ජෙලටින් ටික පෙඟෙන්න තියලා ඩබල් බොයිල් කරගන්න. භාජනයකට කිරි ටික දාලා ලිපේ තියන්න. සීනි හා ලුණු ටික දාගන්න. ජෙලටින් ටිකත් දාගෙන හැඳිගාන්න. අඩිය අල්ලන්න දෙන්න එපා. විනාඩි 20ක් විතර යනකොට බුබුලු දාලා උතුරන්න ගන්නවා. 
  • ඉතුරුවාට පස්සෙ ලිපෙන් බාගන්න. එහෙම්ම තියන්න ටිකකින් යොදය මිදෙනකල්. ඊට පස්සෙ යොදය අයින් කරන්න. 
  • තරමකට නිවුනට පස්සෙ යෝගට් එක හා වැනිලා ටික එකතු කරලා බීට් කරන්න. 
  • දැන් පෙරලා අරන් යෝගට් කප් වලට දාලා නොසෙල්වෙන තැනක තියලා, වොට් 60ක බල්බ් එකක් දාපු පෙට්ටියක පැය 3ක් වගේ තියලා ෆ්‍රිජ් දාගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
180-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • මිල්ක්මේඩ් ටින් එකක් (395 ml),
  • මිල්ක්මේඩ් ටින් එකේ ප්‍රමාණයෙන් 1/4ක වතුර,
  • මිල්ක්මේඩ් ටින් එකෙන්ම සීනි 1,
  • බටර් මේස හැන්දක්,
  • පොඩියට කපාගත් කජු ටිකක්

 

සාදන ක්‍රමය

  • භාජනයක් අරගෙන ඒකට මිල්ක්මේඩ් එක සහ වතුර ටික දාන්න. සීනි ටිකත් දාලා ලිපේ තියන්න. සාමාන්‍ය ගින්දරේ තියන්න. සීනි දියවෙනකල් හොඳට හැඳි ගාන්න. විනාඩි 10ක් වගේ යනකොට මිශ්‍රණය උකුවේගෙන එනවා. අඩිය අල්ලන්න නොදී හැඳි ගාන්න. 
  • ගින්දර ගැන නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ.
  • පාට ටික ටික වෙනස් වේගෙන එනකොට කජු ටික දාගන්න. හොඳට ඝන මිශ්‍රණයක් හැදුනම ලිප ඕෆ්කරන්න. 
  • බටර් ගාලා කලින් ලෑස්ති කරගත්තු තැටියකට ඉක්මනින් දාලා කෑලි කපාගන්න. (මොකද මේක ඉක්මනින් හයි වෙන නිසා මේ පියවර ටික ටිකක් ඉක්මනින් වෙන්න ඕනේ. උණුවෙන්ම ඉරි ඇඳලා කෑලි කපන්න). 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
179-1280x960.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සීනි ග්‍රෑම් 250,
  • වතුර අඬු කෝප්ප 1/4,
  • තම්බාගත් අර්තාපල් ග්‍රෑම් 250,
  • එනසාල් ඇට 2ක්,
  • කලරින්ග් බිංදුදෙකක් (කැමති පාටකින්),
  • වැනිලා තේ හැන්දක්

 

සාදන ක්‍රමය

  • භාජනයක් ලිපේ තියලා ඒකට සීනි ටික දාගන්න. දැන් වතුර ටිකත් දාලා හොඳට කලවම් කරන්න. සීනි දියවේගෙන එනකොට හොඳට පොඩි කරගත් අල ටික දාන්න. එනසාල් ඇට දෙකත් එකතු කරන්න.
  • හැන්දෙන් හොඳට කලවම් කරන්න තලපයක් වගේ වෙනකල්. ගින්දර වැඩි කරගන්න එපා. දැන් කලරින් ටිකක් එකතු කරලා වැනිලා ටිකත් දාගන්න.
  • තෙත ගතිය හිඳෙනකල් හැඳිගාලා බටර් ගාගත්තු තැටියකට දාලා කෑලි කපා ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
337.webp

අවශ්‍ය ද්‍රව්‍ය 

කොහිල අල රාත්තල් 1/2 ක්,

රතු ළුණු අවුන්ස 2 ක්,

අමු මිරිස් අවුන්ස 1/2 ක්,

පොල් අවුන්ස 2 ක්,

දෙහි යුෂ තේ හැඳි 2 ක්,

ලුණු තේ හැඳි 2 ක්

සාදන ක්‍රමය

  • කොහිල පිරිසුදු කරලා, හෝදලා, අඟල් 1/4 කැබලි වලට කපන්න. හැඳි මිටකින් නූල් ඉවත් කරලා කැපූ කොහිල ටික වැහෙන විදිහට උතුරන වතුර දාන්න. 
  • ටික වේලාවකට පස්සේ වතුර මිරිකළා ඇරලා කොහිල අල කැබලි ටික බඳුනකට දාන්න. 
  • රතු ළූණු හා අමු මිරිස් සිහින්ව ලියල කොහිල වලට අනිත් සියලු දේවලුත් එක්කම එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
205-1280x848.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුඩා බිලිං ගෙඩි 50,
  • උම්බලකඩ කුඩු මේස හැඳි 01,
  • කහ ස්වල්පයක්,
  • ලියූ අමු ඉඟුරු පෙති 02,
  • රම්පෙ,
  • කරපිංචා,
  • කෑලි මිරිස් අවශ්‍ය පමණට,
  • කපාගත් රතු ළුනු අහුරක්,
  • ලියූ සුදු ළුනු බික් 03,
  • කුරුඳු කැබැල්ලක්,
  • සේර කැබල්ලක් (අවශ්‍යම නැත),
  • පොල්තෙල් මේස හැඳි 04,
  • ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය

  • හොඳින් සෝදා ගත් බිලිං පෙති කපාගන්න එය ලුණු මිශ්‍ර වතුරේ පැය ½ ක් පමණ තිබෙන්නට හරින්න. ඉන් පසු හොඳින් දිය මිරිකා හැර, අනෙක් ද්‍රව්‍ය සමඟ කලවම් කරන්න. 
  • අවසානයේ පොල්තෙල් ටික භාජනයකට දමා රත් කර, බිලිං මිශ්‍රණය එහි දමා විනාඩි කිහිපයක් බැද ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
125.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලපටි පතෝල ග්‍රෑම් 25 ක්
  • රතුළූණු ග්‍රෑම් 100ක් 
  • අමු මිරිස් කරල් 3ක් 
  • දෙහි,ලුණු 
  • අඹරාගත් අබ තේ හැදි 1ක් 
  • ගම්මිරිස් තේ හැදි 1/2ක් උම්බලකඩ,කෑලි මිරිස් තේ හැදි 2ක් 

සාදන ක්‍රමය 

  • ළපටි පතෝල සුද්ද කර හීනියට රවුම් පෙති කපාගන්න. 
  • එයට ලුණු ස්වල්පයක් දමා එහි ඇති වතුර ගතිය පොල් මිරිකන ආකාරයට ඉවත් කරන්න. 
  • ලූනු අමු මිරිස් හීනියට ලියා ගන්න. එයට අබ, ගම්මිරිස්, ලුණු, දෙහි, උම්බලකඩ දමා හොඳින් අනා ගන්න. පසුව මෙයට පතෝල ටික දමා කලවම් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
271.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ස්ටීම් කරගත් ඕට්ස් කප් 1,
  • චිකන් කරි සහ කැබලි,
  • කැරට්,
  • ලීක්ස්,
  • සුදුළූණු,
  • ළූණු,
  • රස අනුව ලුණු, ගම්මිරිස්,
  • බිත්තරයක්

 

සාදන ක්‍රමය

  • තෙල් ටිකක් රත් වෙන්න තියාගෙන ඒකට එළවළු සහ ළූණු, සුදුළූණු එකතු කර තෙම්පරාදු කරගන්න.
  • එයට බිත්තරය එකතු කර ස්ක්‍රැම්බල් කරගෙන චිකන් කැබලි එක් කරගන්න.
  • ලුණු සහ ගම්මිරිස් සමඟම ස්ටීම් කරගත් ඕට්ස් එකතු කරගෙන කැමැත්ත පරිදි හොදි එක් කර මිශ්‍ර කරගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
160.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • හීනියට කපා තම්බාගත් කොස්,
  • කපාගත් කැරට්,
  • කපාගත් ලීක්ස්,
  • කපාගත් ළූණු,
  • තලාගත් ඉඟුරු සුදු ළූණු,
  • කරපිංචා කොළ ටිකක්,
  • කෑලි මිරිස්,
  • සෝයා සෝස් ටිකක්,
  • සකසාගත් තක්කාලි හොද්දක්

සාදන ක්‍රමය

  • තෙල් ටිකක් රත් වෙන්න හැර ඒකට කරපිංචා, ඉඟුරු සුදු ළූණු එක් කරගෙන තෙම්පරාදු කරගන්න. එයටම ළූණු සහ කැරට් එක් කර තෙම්පරාදු වෙන්නට හරින්න.
  • එයට කෑලි මිරිස් සහ සෝයා සෝස් එක් කරගෙන, එයටම තක්කාලි හොද්ද අවශ්‍ය පමණ එක් කර, හොඳින් කලවම් කරගෙන ලීක්ස් සහ තම්බා ගත් කොස් එක් කර කලවම් කරගෙන ලිපෙන් ඉවත් කරගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
166.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

බ්ලැක් කරන්ට් කෝඩියල්  1ක්,

සීනි කිලෝ 1ක්,

වතුර බෝතල් 1/2ක්,

මත් පැන් ස්වල්පයක් ( වයින් වීදුරුවකින් 1ක්)

සාදන ක්‍රමය 

  • කෝඩියල් බෝතලය කඩා වතුරට එක් කරන්න. එයටම සීනි එකතු කළ යුතු වෙනවා. 
  • අවසානය බ්‍රැන්ඩි දමා මුල් ආකාරයටම බෝතලයකට දමා අඳුරු ස්ථානයක සතියක් තබනවා. 
  • මෙම වයින් සෑදීම සඳහා ඊස්ට් භාවිත කරන්නේ නැහැ. මෙය කළුවරේ තබන දින 7 තුළ දී 3 පාරක් පමණයි පෙරීමට ලක් වෙන්නේ. 
  • ඉන්පසු අවුරුදු 2ක් පමණ තබා භාවිතයට ගන්න පුළුවන්.

May 25, 2023
165.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

බීට් කිලෝ 2 ක් ,

සීනි කිලෝ 2 ක් ,

යීස්ට් ග්‍රෑම් 30 ක් ,

කුරුඳු පොතු කෑලි 2 ක්,

කරද මුංගු  ස්වල්පයක්, 

කරාබුනැටි ස්වල්පයක් ,

වතුර බෝතල් 1 1/2 ක්,

ලෙමන් මේස හැඳි 8 ක්

සාදන ක්‍රමය

  • බීට් පිරිසිදු කර පුංචි කෑලි වලට කපාගන්න. බීට් කුඩාවට කැපීම තුලින් බීට් වල ඇති සියලුම සීනි ප්‍රමාණය හා වර්ණය වතුරට එකතු වීමක් සිද්ධ වෙනවා. 
  • දැන් කපාගත් බීට් වලට වතුර දමා හොඳින් තම්බා ගන්න. තම්බාගත් බීට් ටික ඉන්පසු පෙරා කෑලි අයින් කර වතුර පමණක් සූදානම් කරගන්න. සුදානම් කරගත් බීට් වතුර ටික හොඳින් නිවා ගැනීම නිවාගැනීම කරන්න ඕනේ. 
  • දැන් නිවාගත් බීට් වතුරට සීනි, ඊස්ට්, ලෙමන් යුෂ කරදමුංගු, කරාබු නැටි දමා හොදින් මිශ්‍ර කරන්න. අනෙක් වර්ග සෑදූ ආකාරයටම දින 7ක් කළුවර තබා පෙරා ගැනීම කළ යුතුමයි. 
  • වතුර බෝතලයට දැමූ පසු බෝතලේ මූඩිය තබා ගැනීම ඉතා ඉතාමත් අවශ්‍ය දෙයක්. මූඩිය බුරුල් වෙලා තිබුනොත් ඇතුලත තියෙන ස්ප්‍රිට් ගතිය අඩුවෙන්න පුළුවන්. 
  • එහෙම වුනොත් වයින් එකේ තියෙන පෝෂණ ගතිය නැති වෙලා යනවා. වගේම බෝතලය අරින්න මත්තෙන් පොඩ්ඩක්වත් හොලවන්න එපා. පෙන ගතිය වැඩි වගේ නම් මූඩිය ස්වල්පයක් බුරුල් කර තබා ඉන් පසුව තමයි අරින්න ඕන. 
  • බෝතලය සෙලවුවොත් උතුරලා යන්න පුළුවන් මුලින් ආකාරයටම 7 තවත් පෙරා ගත් බීට් වයින් අවුරුදු දෙක තුනක් පරණ කිරීමෙන් පසු පාවිච්චියට ගන්න පුළුවන්.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!