iwumphihum_ad

May 28, 2023
204-1280x960.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳින් තම්බාගත් බිත්තර 4,
  • චීස් වෙජස් 2,
  • ගම්මිරිස් කුඩු,
  • ලුණු කුඩු,
  • චොප් කරගත් ළූණු,
  • චොප් කරගත් පාස්ලි කොළ,
  • පොඩි රතු අල ගෙඩියක්

 

සාදන ක්‍රමය

  • බීට් ගෙඩිය පොඩි කෑලි වලට කපාගෙන බඳුනකට දමා, එයට වතුර එක් කර උතුරුවා ලිප නිවා ගන්න. තම්බා ගත් බිත්තර වල කටු ඉවත් කරගන්න. බීට් තම්බාගත් වතුරට බිත්තර එක් කර විනාඩි 10ක් තියාගන්න.
  • බිත්තර ඉවතට ගෙන අයිස් වතුරෙන් සෝදා දෙකට පලාගන්න. සුදු මදය කැඩෙන්නෙ නැති වෙන්න පරිස්සමින් කහ මදය ඉවත් කරගන්න.
  • වෙනම භාජනේකට කහමද, චීස්, ලුණු, ගම්මිරිස්, ළූණු සහ පාස්ලි කොළ එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
  • පයිපින් බෑග් එකකට සාදාගත් මිශ්‍රණය දමාගෙන බිත්තර සුදු මද වලට පුරවා ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 27, 2023
127.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කුකුළු මස් ඩ්‍රම්ස්ටික් 5ක් ,
  • ලුණු කුඩු තේ හැඳි  1ක්,
  • මිරිස් කුඩු තේ හැඳි 1ක්,
  • අඹරාගත් ඉගුරු කැබැල්ලක් ,
  • අඹරාගත් සුදුළුනු බික් 3ක් ,
  • විනාකිරි මේස හැදි 1ක් ,
  • සෝයා සෝස් තේ හැඳි 2ක් ,
  • බැදීමට තෙල් බිත්තරයක් 

සාදන ක්‍රමය 

  • ඩ්‍රම්ස්ටික්  එක වටා පිහියෙන් වටේට ඉරි මෙන් කපාගන්න. ඉඟුරු සුදු ලූනු, මිරිස් කුඩු,ලුණු, විනාකිරි, සෝයා සෝස් සියල්ල එකට කලවම් කරන්න ඩ්‍රම්ස්ටික් එම මිශ්‍රණය දමා පැය 1/2 ක කාලක් පමණ තබන්න. 
  • බිත්තරය ගසාගෙන සාදාගත් ඩ්‍රම්ස්ටික්  එහි තවරා පාන්කුඩු දවටා ගැඹුරු තෙලේ බදින්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
170-1280x853.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුඩු කරගත් සීනි කප් 1/2,
  • බටර් 220g,
  • පිටි කප් 2

සාදන ක්‍රමය

  • බටර් සහ සීනි ක්‍රීම් වනතුරු බීට් කරගෙන පිටි ටිකෙන් ටික එකතු කර සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. ඔයිල් පේපර් එකක් දමාගත් තැටියක කුකීස් රවුම් තියාගන්න.
  • සෙල්සියස් 170-180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 20-25ක් බේක් කරගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
163-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

 

  • ගී කෝප්ප 1/4,
  • කිරි 120ml,
  • කිරිපිටි 250g,
  • අයිසින් ෂුගර්  40g,
  • චොප්කරගත් ආමන්ඩ් හා පිස්ටාචියො ඇට ටිකක්

 

සාදන ක්‍රමය

  • ට්‍රේ එකක් බටර් ග්ලේස් කරගෙන පැත්තකින් තියාගන්න.
  • පෑන් එකක් ලිපේ තියලා ගී ටික දාගන්න. ඒක රත් වෙනකොට කිරි ටික දාගන්න.
  • හොඳට හැඳි ගාන්න. ටිකකින් කිරිපිටි ටික දාගන්න. හැඳිගානගමන් ටික ටික තමයි එකතු කරන්න ඕනේ. එතකොට කැටි ගැහෙන්නෙ නෑ. තික් පේස්ට් එකක් එනකල් විනාඩි 5ක් විතර හැඳිගාන්න.
  • අඩියෙ නොඇලෙන තික් බැටර් එකක් ආවම අයිසින් ෂුගර් එකතු කරන්න. තව විනාඩි 5ක් හැඳිගාන්න. දැන් එක ගුලියක් වගේ එනකොට ලිපෙන් බාගන්න.
  • ට්‍රේ එකට දාලා තුනී කරගන්න. උඩින් චොප්කරගත් ආමන්ඩ් හා පිස්ටාචියෝ ටිකක් ඉසගන්න. පැයක් ෆ්‍රිජ් එකේ දාල කෑලි කපාගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
198.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් භාගයක්,
  • සොසේජස් 4,
  • ළූණු ගෙඩියක්,
  • මාළුමිරිස් කරලක්,
  • තක්කාලි ගෙඩියක්,
  • ගම්මිරිස් කුඩු,
  • ලුණු කුඩු,
  • බිත්තර 3

 

සාදන ක්‍රමය

  • භාජනයක් ලිපේ තියල එකට තෙල් ටිකක් එකතු කරන් පොඩියට කපාගත්ත සොසේජස් දාල බැදගන්න.
  • ඒ ටික බැදුනම ඒකටම කපාගත්ත ළූණු, මාළුමිරිස්, තක්කාලි එක්ක ගම්මිරිස් කුඩු, ලුණු කුඩු ටිකක් එකතු කරල කලවම් කරගෙන, ඒකට පාන් පොඩියට කඩල එකතු කරගන්න.
  • කැමති නම් තම්බල බැදගත්ත හතු ටිකක් හෝ මස් වර්ගයක් උනත් මේකට එකතු කරගන්න පුළුවන්. මේ මිශ්‍රණය බටර් ගාපු තැටියකට දාගෙන පැතලි කරන් ඒකට උඩින් හොඳින් ගසාගත්තු බිත්තර වත් කරගන්න. දැන් මේක සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත්ත අවන් එකක විනාඩි 20-30 බේක් කරගන්න උඩ දුඹුරු පාට වෙනකම්. (ගන්න ප්‍රමාණ අනුව අවන් එකේ තියන වෙලාව වෙනස් වෙනව. මතුපිට රන්වන් පාට වෙලා එන ගාණට තිබ්බම ඇති)
  • අවන් නොකර හදාගන්න නම් නන්ස්ටික් පෑන් එකක එළවළු තෙම්පරාදු කරගෙන ඒකටම පාන් ටිකත් එකතු කරන් ඒ පෑන් එකටම බිත්තර එකතු කරල අඩුම ගින්දරේ පියනකින් වහල තියන්න විනාඩි 20ක්.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
197.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පෙති 8,
  • ෆ්‍රෙශ් මිල්ක් හෝ පිටිකිරි,
  • ලුණු,
  • පාස්ලි කොළ,
  • ගම්මිරිස් කුඩු,
  • තම්බගත්ත අල ගෙඩියක්,
  • චීස් කැමති වර්ගයකින්,
  • බිත්තරයක්,
  • පාන් කුඩු

 

සාදන ක්‍රමය

  • පාන් පෙති වාටි ඉවත් කරල පොඩි කෑලි වලට කඩල අරගන්න. මේක රොටි පදමට අනාගන්න පුළුවන් ගාණට කිරි එකතු කරන්න. මේකටම ලුණු පෝඩ්ඩක්, හීනියට කපාගත්ත පාස්ලි කොළ (අවශ්‍යම නැහැ), ගම්මිරිස් කුඩු පොඩ්ඩක්, පොඩි කරගත්තු අල දාල හොඳින් අනාගන්න.
  • මේ මිශ්‍රණයෙන් ටිකක් අතට අරන් රවුම් හැඩේට පැතලි කරල මැදට චීස් කෑල්ලක් තියල හොඳට ඔතල බෝලයක් හදාගන්න. 
  • මෙහෙම හදාගත්තු බෝල බිත්තර සාරු වල දවටල, පාන් කුඩු තවරල ගැඹුරු තෙලේ අඩු ගින්දරේ රන්වන් පාට වෙනකම් බැදගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
191-1280x720.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඔලිව් තෙල් තේ හැඳි 2,
  • ලසංඥා ෂීට් පැකට් 01,
  • සිහින්ව කපාගත් බෙල්පෙපර් කෝප්ප 02,
  • සිහින්ව කපාගත් වම්බටු කෝප්ප 02,
  • සිහින්ව කපා තම්බාගත් අල කෝප්ප 2,
  • කපාගත් රටලූනු කෝප්ප 01,
  • සිහින්ව ලියාගත් සුදුලූනු කෝප්ප 1/2,
  • තක්කාලි පේස්ට් තේ හැඳි 4,
  • වතුර කෝප්ප 1 1/2,
  • ගම්මිරිස් තේ හැඳි 1/4,
  • කැබැලි මිරිස් මේස හැඳි 01,
  • සූදුරු කුඩු මේස හැඳි 01,
  • සිහින්ව කපාගත් මොසරැල්ලා චීස් අවශ්‍ය තරම්,
  • බිත්තර 01,
  • කළු ගම්මිරිස් තේ හැඳි 01,
  • ඔරිගානෝ තේ හැඳි 1/4,
  • රිකෝටෝ චීස් කෝප්ප 1/4

සාදන ක්‍රමය

  • භාජනයක් ළිප තබා වතුර හා ලුණු ස්වල්පයක් එක්කර ලසංඥා ෂීට්ස් ටික විනාඩි 8ක් හෝ 10ක් හොඳින් තම්බා ගන්න. 
  • එම ෂීට් හොඳින් නිවුණු පසු සීතල වතුරේ දමා ගන්න. 
  • නැත්නම් තෙල් කඩදාසියක් මත තබා ශීතකරණයේ තබන්න. 
  • පසුව භාජනයක් ළිප තබා ඔලිව් තෙල් එක්කර එයට ලූනු දමා රන්වන් පැහැ වනතෙක් බැදගන්න.
  • අනතුරුවඑයටසුදුලූනු, රතු, කහ, කොළ බෙල් පෙපර්, වම්බටු, අල එකතු කරන්න. 
  • පසුව තක්කාලි, තක්කාලි පේස්ට්, ගම්මිරිස්, කැබැලි මිරිස්, සූදුරු එක්කර රසවත් මිශ්‍රණයක් සාදා ගන්න. 
  • ඉන්පසු තවත් භාජනයක් ගෙන මොසරැල්ලා චීස්, රිකෝටෝ චීස්, බිත්තර, ඔරිගානො එක්කර තවත් මිශ්‍රණයක් සාදා ගන්න. 
  • පසුව තරමක බෝල් එකක් ගෙන එහි අඩියට ලසංඥා ෂීට් එකක් දමන්න. 
  • ඉන්පසු එළවළු මිශ්‍රණයත් චීස් මිශ්‍රණයත් පිළිවෙළින් එක්කරන්න. නැවතත් ලසංඥා ෂීට් එකක් දමා කැමැති නම් උඩින් මොසරැල්ලා චීස් සිහින්ව ගාගෙන එක් කරන්න. 
  • ඉන්පසු එම බෝල් එක හොඳින් වසා සෙල්සියස් අංශක 190ක උෂ්ණත්වයක විනාඩි 40ක් පමණ බේක් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 25, 2023
185.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  • ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1,
  • එළවළු තෙල් කෝප්ප  1 1/2,
  • ලුණු පින්ච් එකක්

 

සාදන ක්‍රමය

  • මේ ඔක්කොම  එකට දාලා හෑන්ඩ් මික්සර් එකෙන් ගසාගන්න. 
  • උකු ගතියට එනකල් බීට් කරගන්න

May 25, 2023
184.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  • විප් ක්‍රීම් 200ml,
  • ලුණු

 

සාදන ක්‍රමය

  • සාමාන්‍යෙන් අපි විප් ක්‍රීම් පාවිච්චි කරන්නෙ විපින් අයිසින් එකටනෙ. එතකොට බීට් කරන්නෙ හිම වගේ මිදෙනකල්නෙ. මේක ඊටත් වඩා බීට් කරන්න ඕනෙ. 
  • ලුණු එක් කරගත් විපින් ක්‍රීම් දිගටම බීට් කරන් යනකොට හිම ගතිය නැතිවෙලා ආයෙම එකතු වෙනවා. 
  • තවදුරටත් බීට් කරනකොට ක්‍රීම් එකේ ෆැට් එක වෙන් වෙලා භාජනයට වතුර එකතුවෙනවා පෙනෙයි.ඒ වගේම බටර් හැදිලා තියනවත් පෙනෙයි. 
  • දැන් පිරිසිදු රෙදිකෑල්ලක් අරගෙන මේ ටික දාලා වතුර ටික මිරිකලා අයින් කරගන්න. දැන් වතුර නැති පීරිසියකට දාලා ෆ්‍රිජ් එකට දාගන්න.

May 25, 2023
183-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ෆ්‍රෙශ් මිල්ක් ලීටර් 1,
  • මුහුන් සඳහා මුදවපු කිරි මේස හැඳි 3,
  • ලුණු (කැමතිනම්)

සාදන ක්‍රමය

  • භාජනයකට කිරි ටික දාලා ලිපේ තියාගන්න. බුබුලු දාලා නටනකොට වෙන භාජනයකට දාගන්න. නිවෙන්න තියන්න.
  • උණු කරගත් කිරි වලට ඇඟිල්ලක් දාන්න පුළුවන් රස්නෙට නිවුනම මුදවපු කිරි ටික දාගෙන කලවම් කරගන්න.දැන් හෙලවෙන්නෙ නැති වෙන්න පැත්තකින් තියලා තියන්න. 
  • මිදුණට පස්සෙ ෆ්‍රිජ් එකට දාගන්න.
  • ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!