iwumphihum_ad

June 14, 2023
213.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කීරි සම්බා හෝ බාස්මතී හාල් 500g,
  • කරදමුංගු කරල් 6,
  • කුරුඳු පොතු අඟල් දෙකක කෑල්ලක්,
  • බේලීෆ් එකක් (තියෙනවා නම්),
  • බත පිස ගැනීමට චිකන් ස්ටොක් හෝ සුප් කැටයක් දිය කරගත් වතුර,
  • ලුණු,
  • කහ,
  • චොප් කරගත් ළූණු කප් 1/4,
  • රම්පෙ,
  • සිහින්ව කපා ගැඹුරු තෙලේ බැදගත් ළූණු, අල,
  • ගැඹුරු තෙලේ බැදගත් කරපිංචා,
  • බැදගත් කජු හෝ රට කජු,
  • තම්බාගත් ග්‍රීන් පීස්,
  • බටර් මේස හැඳි 2ක් සහ තෙල් තේ හැන්දක්

 

සාදන ක්‍රමය

  • චිකන් ස්ටොක් එක්කර බත බෙරි නොවන සේ පිස ගන්න. බටර් සහ තෙල් වෙනම භාජනයකට දමා රත් වෙන්න තියාගෙන ඒකට කරදමුංගු, කුරුඳු, බේලීෆ්, රම්පෙ, ළූණු, කහ සහ ලුණු එකතු කරගෙන තෙම්පරාදු කරගන්න.
  • සුවඳ එන තරමට තෙම්පරාදු උනාට පස්සෙ පිසගත් බත් ඇර අනිත් සේරම එකතු කරල හොඳින් මිශ්‍ර කරගෙන, අවසානයට බත් එකතු කරගෙන කලවම් කරගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 13, 2023
99.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • වට්ටක්කා 300g යි,
  • වතුර ලීටර් 1 යි,
  • සේර කැබැල්ලක්,
  • කැරට් අලයක්,
  • රට ළූණු ගෙඩි 1 යි,
  • එල කිරි කෝප්පයක්,
  • අවශ්‍ය පමනට ලුනු,
  • සීනි මේස හැදි 1 යි,
  • බටර් මේස හැදි 1 යි

සාදන ක්‍රමය

  • වට්ටක්කා සහ කැරට් අලය හොදින් සෝදා සිහින් කැබලි කපා ගන්න.ළූණු ගෙඩියද සිහින්ව කපා ගන්න. භාජනයක් ලිප තබා එයට තෙල් සුවල්පයක් එයතු කර ළූණු තෙම්පරාදු කර ගන්න.
  • එයට සේර කැබැල්ල පිටින්ම දමන්න.
  • දැන් පිළිවෙලින් කැරට් සහ වට්ටක්කා එකතු කර තෙලෙන් බැද ගන්න. එයට වතුර එකතු කර මඳ ගින්නේ පිස ගන්න. වරින් වර හැදිගාන්න.
  • සියල්ල හොදින් තැම්බුනු පසු ලිපෙන් බා මදක් නිවුනු සේර කැබැල්ල පමනක් ඉවත් කොට තම්බාගත් වට්ටක්කා සහ කැරට් හොදින් බ්ලෙන්ඩර් එකකින් පොඩිකර ගන්න.
  • බ්ලෙන්ඩර් එකක් නොමැති නම් එළවලු කුඩාවට නොකපා ගේටර් එකක් මගින් ගා ගන්න. පසුව තම්බාගත් එම එළවලු පෙනේරයකට ගෙන හැන්දකින් පොඩි කරමින් පෙරා ගන්න.
  • දැන් එයටම කිරි කෝප්පය සහ සීනි හැන්ද එකතුකර, සියල්ලම නැවත ලිප තබා අවශ්‍ය ප්‍රමානයට ලුනු හා ගම්මිරිස් යොදා හැදි ගාමින් විනාඩි 5 පමන පිස ගන්න. දැන් ඔබ සාදාගත් රසවත් වට්ටක්කා සුප් උණු උණුවේම මේසයට පිලිගන්වන්න.

June 13, 2023
47.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හාල් කිලෝ 1 ක් 
  • ලුණු තේ හැඳි 2 ක් 
  • මුදවපු කිරි මේස හැඳි 5ක් 
  • වතුර කෝප්ප 5 ක්
  • සුදුරු ඇට තේ හැඳි 4 ක් 
  • කරාබු නැටි10 ක් 
  • එළු මස් හෝ කුකුල් මස් ග්‍රෑම් 750
  • රතු ළූණු හෝ ලොකු ළූණු කෝප්ප 1 ක් 
  • සුදු ළූණු බික් 10 ක්
  • ඉඟුරු සිහින්ව ලියාගත් තේ හැඳි 2 ක් 
  • කහ කුඩු තේ හැදි1/2 
  • මාජරින් මේ හැඳි 3 ක්

සාදන ක්‍රමය 

  • හාල් ගරා සෝදා ගත් පසු විනාඩි පහළොවක් පහලොවක් පමන වතුරේ තබන්න .
  • එළු මස් හෝ කුකුල් මස් කුට්ටි වලට කපා විනාඩි විස්සක් පමණ මුදවාපු කිරි වල දමා තබන්න.
  • සූදුරු සුදු ළූණු ඉඟුරු සිහින්ව අඹරන. ළූණු ලියන්න. බඳුනක් ගෙන එයට මාජරින් දමා රත් කරන්න.
  • එය රත් වූ පසු ලියාගත් ළූණු දමා රන්වන් පැහැවන තෙක් බදින්න.
  • එයට කරාඹු නැටි කරදමුංගු කුරුඳු සහ මස් එකතු කර බැදගන්න .
  • එය දුඹුරු පැහැ වන තෙක් බදින්න.
  • වතුරේ දමා ඇති සහල් බේරා එක්කර ගන්න. සහල් ඉතා ස්වල්ප වෙලාවක් බැදගන්න .ඉන්පසු බතට වතුර එක් කරන්න. දැන් හාල් ඉදෙන තෙක් පිසින්න.
  • බත තුන් කාලකට තැම්බුණු පසු කහ කුඩු තේ හැඳි භාගයකට දමා මදගින්නේ පිසින්න.

June 12, 2023
100.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 5 යි (සුදු මදය පමනක්),
  • සීනි ග්‍රෑම් 200 යි,
  • වැනිලා ස්වල්පයක්,
  • නොසල් එකක්,
  • (නොසල් එකක් නැතිනම් හැන්දක් හෝ තෙල් කඩදාසියකින් සාදා ගත් ගොටුවක් භාවිතා කරන්න.)

සාදන ක්‍රමය

  • මුලින්ම බිත්තර සුදු මද (කහ මදය නොගෑවෙන සේ ඉවත් කර ගන්න) දීසියකට දමා බීටරයකින් හිම මෙන් පෙණ නගින තුරු ගසාගන්න.(බීට් කරන්න)[ඔබ හොදින් බීට් කර ඇත්නම් භාජනය අනික් පැත්ත හැරෙව්වත් මිශ්‍රනය නොසැලේ.]
  • ඊටම සීනි ටික ටික එකතු කරමින් ගසාගන්න. වැනිලා ස්වල්පයක්ද එකතු කරන්න.
  • ඔබට අවශ්‍ය නම් මෙයට ඔබ කැමති වර්න රසකාරකයක් (කලරින්) එකතුකර ගත හැක.
  • දැන් තෙල් කඩදාසියක් තැටියක අතුරා එහි බටර් සුවල්පයක් ගාගන්න.
  • ඒ මත නොසල් එකක් ආධාරයෙන් සාදා ගත් මිශ්‍රණයෙන් ටික ටික ඇතින් සිටින සේ වක්කරන්න.
  • මෙය සාමාන්‍ය උෂ්ණත්වය ඇති පෝරණුවක විනාඩි 15 පමන පුළුස්සාගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 12, 2023
240.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පිටි ග්‍රෑම් 100 යි,
  • සෙල්ෆ් රේසිං පිටි ග්‍රෑම් 100 යි,
  • ලුණු තේ හැඳි 1 යි ,
  • සුදු ගම්මිරිස් තේ හැදි කාලයි ,
  • වතුර කෝප්ප එකහමාරයි, 
  • ඉස්සො ,
  • බී ලූණු ගෙඩි 1 යි ,
  • සුදු ළූණු බික් 2 යි ,
  • ලූණු කොළ ඉති කිහිපයක් ,
  • කර්නල් කෝන්ස්

සාදන ක්‍රමය 

  • පළමුවෙන්ම ඉස්සන් ඔලු කපා සෝදා පොතු ඉවත් කර ගන්න.  ලූනු කොල,  බී ළූණු, සුදු ළූණු, සියල්ල වෙන වෙනම සිහින්ව කපාගන්න. 
  • පසුව පාන් පිටි හා  සෙල්ෆ් රේසිං  පිටි එකට මිශ්‍රකර මිශ්‍ර කර හොඳින් කලවම් කර එයට ලුණු, සුදු ගම්මිරිස් සහ වතුර දමා හොඳින් අනා ගන්න.
  • ඉන් පසුව කපාගත්  බී ළූණු, සුදු ළූණු ,ලූනු කොල , කර්නල් කෝන්ස්  ද එයට මිශ්‍ර කර හොඳින් අනා ගන්න . 
  • අවසානයේ සාදාගත් මිශ්‍රණය ටිකෙන් ටික ගෙන ගුලි සාදා ඒවා එකිනෙකට ඉස්සෙක් බැගින් දවටා ගැඹුරු තෙලේ බැදගන්න . ( කර්නල් කෝන්ස් හා ග්‍රීම්ස් පේස්ට් සුපිරි වෙළඳසැල්  වලින් ලබා ගත හැක ). 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 12, 2023
247.webp

අවශ්‍ය ද්‍රව්‍ය 

  • උඳු ඇට ග්‍රෑම් 500 යක්,
  • සහල් කිලෝ 1ක් ,
  • බේකින් පවුඩර් ග්‍රෑම් 20ක්,
  • ලුණු ස්වල්පයක්,
  • ජලය ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • උදු ඇට සහ සහල් වෙන වෙනම ගෙන පැය 12 ක් පමණ පොඟවා ගන්න. උදුපියලි ඉවත් කරගන්න. 
  • ජලය ඉතා ස්වල්පයක් එක් කොට උදු ඇට සහල් වෙන වෙනම ඉතා සිහින් අඹරා ගන්න .
  • පසුව ඉහත මිශ්‍රණ දෙක සමග මිශ්‍ර කොට පැය හයක් අටක් පසෙක තබා ඉට්ලි  තැටියට මිශ්‍රණය එක්කොට තම්බා ගන්න .පසුව උණුසුම්ව චට්නි, සාම්බාරු , අල ව්‍යංජනය සමග පිළිගන්වන්න . 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 9, 2023
264.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ස්පැගටි පැකට් 1ක්,
  • සොසේජස් ග්‍රෑම් 250 ක්,
  • චීස් මේස හැඳි 4ක්,
  • සෝස් මේස හැඳි 4ක්,
  • ලුණු, 
  • ගම්බිරිස්,
  • පාස්ලි ,
  • බී ළුණු ගෙඩි 1ක් 

සාදන ක්‍රමය 

  • පළමුව ස්පැගටි ලුණු මිශ්‍ර වතුරෙන් තම්බා ගන්න. පසුව තෙල් ස්වල්පයක් ලිප තබා සොසේජස් කැබලි කුඩාවට කඩා බැදගන්න. 
  • ඉන් පසු කපාගත් බීලූනු හා ගම්බිරිස් එකට මිශ්‍රකර කර සෝස් තම්බාගත් ස්පැගටි, චීස්,පාස්ලි ,ඔරිගාගෝ  පිළිවෙලින් එක්කර කලවම් කර මද වෙලාවකට පසු ලිපෙන් ඉවතට ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 9, 2023
287.jpg

අවශ්‍ය ද්‍රව්‍ය
  • කෑලි කපා දෙහි සහ ලුණු දමා සීසන් කරගත් චිකන් 1kg,
  • තලාගත් ඉඟුරු තේ හැන්දයි,
  • තලාගත් සුදු ළූණු බික් 3,
  • කොත්තමල්ලි කුඩු තේ හැන්දයි,
  • ගරම් මසාලා තේ හැන්දයි,
  • කුරුඳු කුඩු තේ හැඳි 1/2,
  • කපාගත් ළූණු ගෙඩි 4,
  • කපාගත් තක්කලි ගෙඩි 5,
  • දෙහි බෑයක යුශ,
  • ගම්මිරිස් කුඩු රස අනුව
සාදන ක්‍රමය
  • තෙල් හෝ ගී ටිකක් රත් වෙන්නට හැර ඒකට ළූණු, ඉඟුරු, සුදුළූණු එක් කර ලුණු ස්වල්පයක් දමා ළූණු මැලවෙන තුරු තෙම්පරාදු කරගන්න.
  • ළූණු තෙම්පරාදු වූ පසු එයට තක්කලි, ගරම් මසාලා, කුරුඳු කුඩු සහ කොත්තමල්ලි කුඩු එක් කර හොඳින් මිශ්‍ර කරගෙන එයට කපා ගත් චිකන් එක් කරගන්න.
  • ළූණු සහ තක්කලි වල තෙතමනයෙන් චිකන් එක අඩුම ගින්දරේ තැම්බෙන්නට හරින්න.
  • අවසානයට රස අනුව ගම්මිරිස් සහ ලුණු එකතු කර, දෙහි යුශ දමා ලිපෙන් ඉවත් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

June 8, 2023
29.jpeg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බාස්මතී සහල් ග්‍රෑම් 500 
  • කැමති මස් වර්ග කිහිපයකින් ග්‍රෑම් 50 බැගින් 
  • තලාගත් ඉගුරු සුදුලූනු 
  • එනසාල් කරාඹුනැටි 
  • හීනියට කපාගත් කැරට් ,ලීක්ස් ,බී ළූණු ලුණු ස්වල්පය බැගින් 
  • සොයා සෝස් 
  • අවශ්‍ය පමණ ලුණු 
  • කොටුව ආකාරයට කපා ගත් වියළි මිරිස් කරල් කිහිපයක් 
  • මාගරින් ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • පළමුව බත පිසගන්න. ඉන් පසු භාජනයක් ලිප තබා භාජනයට දමා රතු මස් කැබලි දමා බැදෙන්නට හරින්න.
  • ඉන්පසු පලාගත් ඉඟුරු සුදු ලූනු දමා අනතුරුව එළවළු මිශ්‍ර කරන්න.
  • වියලි මිරිස් සෝයා සෝස් ලුණු රස අනුව එක්කර අවසන් වශයෙන් බත් ටික දමා කලවම් කරන්න .

June 8, 2023
290.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉඳිආප්ප 50ක් විතර,
  • තම්බා කැබලි කරගත් චිකන්,
  • තම්බාගත් ග්‍රීන් පීස්,
  • ගරම් මසාලා තේ හැන්දක්,
  • මිරිස් කුඩු තේ හැන්දක්,
  • කහ ටිකක්,
  • කරදමුංගු 5,
  • කරාබුනැටි 6,
  • කුරුඳු පොතු කෑල්ලක්,
  • ස්ටාර් අනීස් (තියෙනව නම්),
  • බේ ලීෆ් එකක්,
  • ෆ්‍රෙශ් මිල්ක් කප් 1/4,
  • චොප් කරගත් ළූණු,
  • ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැන්දක්,
  • කොත්තමල්ලි කොළ මිටක්,
  • බැදගත් කජු,
  • බැදගත් ළූණු

සාදන ක්‍රමය

  • ඉඳිආප්ප ටික පොඩියට කඩාගෙන ෆ්‍රෙශ් මිල්ක් ටික ඉඳිආප්ප වලට ඉස ගෙන පැත්තකින් තියාගන්න.
  • ගී ටිකක් රත් වෙන්න තියල ඒකට ඉඳිආප්ප, කජු, කොත්තමල්ලි කොළ සහ බැදගත් ළූණු හැර අනික් සියළු ද්‍රව්‍ය එකතු කරන්න. 
  • සුවඳ එනතුරු තෙම්පරාදු කරගෙන මේ මිශ්‍රණයට ඉඳිආප්ප ටික එකතු කරගන්න.
  • හොඳින් මිශ්‍ර කර කජු, ළූණු සහ කොත්තමල්ලි කොළ උඩින් ඉස පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!