iwumphihum_ad

May 22, 2023
20.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පාන් පිටි 250g,
  • බටර් 130g,
  • එක බිත්තරයක්,
  • මේස හැදි 4 ක වතුර ,
  • ලුණු ස්වල්පයක් 

සාදන ක්‍රමය

පළමුවෙන් ඩෝ එක හදා ගන්න.

  • භාජනයක් අරගෙන එයට පාන් පිටි, බිත්තර, ලුණු ,බටර් ටික දමා ගෙන කවලම් කර ගන්න .හොඳට අතින් අනා ගන්න. එම කවලම් කර ගත්ත පිටි ගුලියක් ආකාරයට සකස් කර ගෙන . තමන්ට තියෙන දෙයකින් කවර් කරගෙන .
  • ෆ්රිජ් එකේ පැයක් තියන්න. පැයකට පස්සේ එය යළිත් එළියට අරගෙන යළිත් හොඳට හොදට කවලම් කර පිටි අතේ ගා ගන්න මින් හොඳට තුනී කර ගන්න .

දෙවනියට Qiche එක හදා ගන්න ආකාරය 

  • හදා ගත් ඩෝ එක කේක් තැටිය ට සමාන ලොකු තැටියක් අර ගෙන .එම තැටිය උඩට ඩෝ එක දමා .වැඩි කොටස කපා දමන්න .  මම නම් ඩෝ එක  කඩෙන් ගත්තෙ .
  • Qiche අවශ්‍ය මිශ්‍රණය සඳහා කුකුල් මස් ,කැරට් ,ලීක්ස් ,ලූණු ගෙඩි භාගයක් අරගෙන හීනියට කපා . මම oli oil භාවිතා ගත්තේ . Oli oil  නැත්නම් කැමති තෙල් භාවිතා කර බලන්න .
  • භාජනයක් අරගෙන එය තෙල් දමා . සුදු ලුණු භාවිතයට ද  ගන්න ඕනේ. ලූණු , සුදු ලූණු , කැරට් , ලීක්ස් ,ඒ සියල්ලම එකට දමා  ගම්මිරිස් කුඩු එකකුත් දමා,ලුණු ස්වල්පයක් දමා ,පොඩ්ඩක් රත් කර ගන්න . පසුව හීනියට කපා ගත් කුකුල් මස් ටික එය ට දමා. මද ගින්නේ තැම්බෙන්න  හරින්න.

තුන් වෙනි අදිරය.

  • කුකුල් මස් ටික මද ගින්දරෙ තැම්බෙන කල්. පොඩි භාජනයක් අරගෙන ෆ්‍රෙෂ් ක්‍රීම් (cream fresh) 40g පමණ අරගෙන. එම මිශ්‍රණයටම බිත්තර හතරක් දමා හොදට කවලම් කර ගන්න. එයට ගම්මිරිස්, ලුණු කුඩු ස්වල්පයක් දමා.නැවතත් කවලම් කර ගත් ඩෝ එක තියන භාජනය අරගෙන.පොඩි ගෑරුප්පුවකින්  පොඩ්ඩක් ඩෝ එක වටේට ඇනගන්න .
  • පසුව කුකුල් මස් මිශ්‍රණය එයට දමා.එයට උඩින් ෆ්‍රෙෂ් ක්‍රීම්  මිශ්‍රණය දමා ගෙන. කැමති නම් චීස් ටිකකුත් දැම්ම නං තවත් රසයි. මමනම්  දැන්මේ නැත්තෙ.
  • අවන් එක 180 C උශ්ණත්වයට විනාඩි 45 තියා කෑමට ගන්න .
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 22, 2023
19.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • අල 250g,
  • ගේට් කරගත් B ළූණු ගෙඩියකින් 1/4 පමණ,
  • පාන් පිටි මේස හැදි 2,
  • ලුණු හා ගම්මිරිස් ,
  • කූල් වතුර ටිකක් ,
  • තෙල් ටිකක් 

සාදන ක්‍රමය

  • මුලින්ම අල ටික පොතු ඇරගන්න .
  • අල ටික ගේට් කරගන්න.
  • ගේට් කරද්දී ගොඩක් පොඩියට ගේට් කරන්නත් එපා. සාමාන්‍ය ගාණට ගේට් කරගන්න .
  • ගේට් කරන ගමන් අල ටික කූල් වතුර එකට දාන්න .
  • දැන් අල ටික කූල් වතුරෙන් දෙතුන් වතාවක් සෝදන්න.
  • අල සෝදන විට වතුර වලට පිටි වගේ එකතු වෙනවා .
  • තුන් වතාවක් විතර සෝදන විට ඒ ගතිය නැති වෙනවා .
  • වතුර පැහැදිලි පාට වෙනකන් සෝදන්න .
  • අල ටික පිරිසිදු රෙදි කෑල්ලකට දාලා මිරිකන්න.
  • දැන් අල ටිකයි පිටියි ළූණුයි රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩුයි එකතු කර ගන්න .
  • දැන් ඔක්කොම එකට අනා ගන්න.
  • දැන් pan එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් වෙන්න දෙන්න.
  • තෙල් චුට්ටක් විතර වැඩිපුර දාන්න.
  • අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් අතට අරන් රවුමට තුනී කර ගන්න.පොඩි රොටියක් වගේ.
  • දැන් pan එකට දාන්න.
  • මේ වගේ 4ක් 5ක් විතර දාලා පියනකින් වහන්න .
  • විනාඩි 5කින් විතර පියන ඇර අනිත් පැත්ත දාන්න 
  • දුඹුරු පාට වගේ වෙනකන් තියලා ගන්න.එතකොට crispy.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 22, 2023
18-1280x853.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බාගෙට ඉදුණු පෙති කපන ලද අඹ 200g (කැමති අඹ වර්ගයක් ගන්න පුලුවන්)(මං හැදුවේ අඹ ගෙඩි දෙකකින්),
  • සිහින්ව පෙති කපන ලද බීළූණු 150g,
  • අමු මිරිස් 100g,
  • කරපිංචා (ඉති 5-6ක් පමණ) ,
  • කෑලි මිරිස් තේ හැදි 02,
  • රස අනුව ලුණු ,
  • ගම්මිරිස් කුඩු තේ හැදි 02,
  • සීනි තේ හැදි 02,
  • දෙහි යුෂ හෝ විනාකිරි මේස හැදි 03 ,
  • බැද ගැනීමට පොල්තෙල්,
  • මේ දේවල් ඔයාලට අවශ්‍ය ගානට එහා මෙහා කරගන්න පුලුවන්.,
  • විනාකිරි ඇලජික්  කෙනෙක් ඉන්නවා නම් විනාකිරි වෙනුවට දෙහියුශ යොදාගන්න පුලුවන්.

සාදන ක්‍රමය

  • මුලින්ම 1/2ට ඉදුණු හොද අඹ ටිකක් හොයාගන්න ඕනේ. ගොඩක් ඉදුණු අඹවත්, ගොඩක් අමු අඹවත් මේ බැදුමට හරියන්නේ නෑ. බාගෙට ඉදුණු අඹ බැදලා ගත්තම තමා ඇඹුල් රසකුත් එක්ක පොඩි පැණිරස ගතියක් එන්නේ. ඒ තමයි මේ බැදුමේ නියම  රස.
  • අඹ ටික හොදට හෝදලා පොතු කපලා අයින් කරගන්න. දැන් අඹ ටිකක් තරමක් මහත පෙති වලට කපා ගන්න.
  • බීළූණුත් තරමක් මහතට පෙති කපාගන්න.
  • අමු මිරිස් කරල් දෙකට වෙන් නොවන සේ මැදින් පලාගන්න.
  • කරපිංචා හොදින් හෝදලා, සම්පූර්ණයෙන්ම වතුර බහින්න තියන්න. වතුර පොඩ්ඩක්වත් නැති වෙනකන්ම හොදට තෙත බේරෙන්න තියන්නම ඕනේ.
  • මම මේ ප්‍රමාණයට ගත්තේ කරපිංචා ඉති 5-6ක් වගේ ප්‍රමාණයක්. ඔයාලා කැමතිනම් මේ ප්‍රමාණය වැඩි හෝ අඩු කරගන්න පුලුවන්.. අඹ කෑලිත් එක්ක කරපිංචා හැපෙද්දි අමුතුම රසයක් එනවා.ඒ නිසා ටිකක් වැඩියෙන් එකතු කරගන්න තරමට තමයි හොද
  • දැන් මේ සියල්ලම වෙන වෙනම ගැඹුරු තෙලේ බැදගන්න ඕනේ. ගින්දර සැර ගොඩක් වැඩි කරන්නේ නැතුව, මද ගින්නේ බැදගන්න. එකම ගානකට ගින්දර සැර දිගටම තියාගන්න.

බැදගැනීමට උපදෙස්

  • මේ බැදුම හදන්න අලුත්ම පොල්තෙල් භාවිතා කිරීම ඉතාම වැදගත්.. මේ බැදුම ටිකක් කල් තියාගෙන කන්න හදනවානම් හෝ රට ඉන්න කෙනෙක්ට යවනවානම් අනිවාර්‍යෙන්ම අලුත්ම තෙල් භාවිතා කරන්න..කලින් බටු, පපඩම්, කට්ලට්, හාල්මැස්සෝ හෝ කිසිම දෙයක් බැදපු තෙල් මේ බැදුමට ගන්න එපා.. ඒකෙන් රසය වෙනස් වෙනවා වගේම කල්තබා ගැනීමේ ගැටලු මතුවෙනවා.
  • අඹ කැබලි වටා රන්වන් පැහැ වන තෙක් ගැඹුරු තෙලේ බැදගන්න.
  • අඹ පෙති බැදලා තෙල් බේරෙන්න ටිෂූ කොලයක් මතට හෝ තෙල් කඩදාසියක් මතට දමන්න. හොදටම තෙල් බේරෙන්න තියන්න ඕනේ.. ටික වෙලාවකින් බැදපු ගමන්ම සමහර කැබලි වල තියන ක්‍රිස්පි ගතිය ගිහින් පෙගුණ ගතියක් එයි.. ඒ ගැන කලබල වෙන්න එපා. මේ අඹ බැදුම හදලා ඉවර වෙනවිට අඹ කැබලි පෙගුණ/මෘදු ගතියට කොහොමත් පත්වෙනවා.
  • අඹ පෙතිවල තෙල් බේරෙන්න තියලා ඒ තෙලෙන්ම ඉතුරු ටිකත් බැදගමු.
  • අඹ තෙල් බේරෙන්න පසෙකින් තබා ඒ තෙලට ලූණු පෙති දමා බැදගන්න. ලූණු ඉතාම හොදින් රන්වන් පැහැ වෙනතුරු බැදගන්න. ලූණු වලත් හොදින් තෙල් බේරෙන්න තියන්න.
  • කරපිංචා සහ අමු මිරිස් ටිකත් වෙන වෙනම ගැඹුරු තෙලේ හොදින් බැදගන්නහොදින් තෙල් බේරෙන්න තියන්න.
  • දැන් අපි අපේ මූලික අමු ද්‍රව්‍ය සියල්ලම ගැඹුරු තෙලේ බැදගෙන ඉවරයි.. තෙල් හොදින්ම බේරෙන්න ඇරලා ඊළග පියවරට යමු 
  • තරමක් ලොකු මැටි හට්ටියක් ගන්න.. අඹ බැදුම කලවම් කරන්න ඕනෙ නිසා ලොකු හට්ටියක් එකක් ගන්න එක වැදගත්.. විනාකිරි දාන නිසත් මැටි හට්ටියක් හොදයි 
  • පෑන් එක මද ගින්නේ තබා එයට විනාකිරි, කෑලි මිරිස්, ලුණු (අපි බැදගත්ත අඹ ප්‍රමාණයට රස අනුව ප්‍රමාණවත් කියලා හිතෙන ලුණු ප්‍රමාණයක් එක් කරගන්න.. එක එක්කනාට ලුණු රසය වෙනස් වෙන නිසා නියමිත ප්‍රමාණයක් හරියටම කියන්න අමාරුයි), ගම්මිරිස් කුඩු, සීනි දමා හොදින් පැසවන්න.
  • මෙය හොදින් පැසවෙන විට සීනි සියල්ල දිය වී විනාකිරි වල  බුබුළු මතු වෙනවා.ඒ වෙලාවෙදි අපි බැදගෙන තෙල් බේරෙන්න තියපු අඹ පෙති, ළූණු, කරපිංච හා අමු මිරිස් සියල්ලම එයට දමා හොදින් කලවම් කරන්න.
  • විනාඩි 2-3ක් පමණ මද ගින්නේ කලවම් කරන්න.. අඹ කැබලි වටා හොදින් මිරිස්, දෙහි, ලුණු තැවරෙන තෙක් කලවම් කරන්න.
  • දැන් ලිප නිවා සම්පූර්ණයෙන් මෙය නිවෙන්න තබන්න.. රස්නේ පිටින්ම හෝ නිවුනට පසුව බත් එක්ක රස විදින්න. ගොඩක්ම රසවත් වගේම අමුතුම රසයක් විදින්න පුලුවන් වෙයි.
  • හොදට හෝදලා පිහදාලා ගත්ත බෝතලේක  හරි box එකක හරි දාලා ටික දවසක් තියාගෙන කන්න පුලුවන්.
  • දැන් පිළිගන්වන්න.

May 22, 2023
17.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අල ගෙඩි  දෙකක් 
  • ලුනු ස්වල්පයක් 
  • බැදීමට තෙල්

සාදන ක්‍රමය

  • අල පොතු හැර සොදා ගන්න 
  • පසුව  එය තීරූ හැඩයට කපා ගන්න.
  • හොඳින් සෝදා ලුනු දමා ගත් ජලයේ මද වෙලවක්  තම්බා ගන්න .
  • මෙය ජලයෙන් ඉවතට ගෙන  කිචන් ටිසූ හෝ කිචන් ටවල් එකක් මත හොදින් වියලා ගන්න.
  • පසුව ගැබුරු තෙලේ පාට වෙනස් වන තුරු බැද ගන්න.
  • බැදගන්නා ලද අල හොඳින් තෙල් බේරෙන්නට හරින්න විනාඩි 20 ක් පමන තබා නැවත ගැඹුරු තෙලේ රන් වන් පාට වන තෙක් බැද ගන්න.
  • පසුකාලීනවබාවිතයටගැනීමටඅවශ්‍යනම්එක්වරක්බැදගන්නාලදඅල  ඉටි කොල බෑගයක දමා අදිශීතකරනයේ තබන්න.
  • දැන් පිළිගන්වන්න.

May 22, 2023
16.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • හකුරු 300g,
  • උකු පොල් කිරි 250ml,
  • බිත්තර 5ක්,
  • තලාගත් කරදමුංගු කාරාබූනැටි 5ක්,
  • කජුමද ස්වල්පයක්

සාදන ක්‍රමය

  • හකුරු ඉතා කුඩාවට කපා ගන්න. එය පොල් කිරි සමග හොදින්  මිශ්‍ර කර ගන්න.දැන් වෙනම බෝල් එකක් ගෙන එයට බිත්තර දමා හොදින් බීට් කර ගන්න. 
  • පසුව එයට හකුරු මිශ්‍රණය එකතු කරගෙන බිට් කර ගන්න. 
  • අවසානයේ කරදමුංගු ටිකද එකතු කර ගන්න.  
  • දැන්  මෙම මිශ්‍රණය පෙරා, ඇලුමිනියම් බාජනයකට දමා අවන් එකට දාන්න. පැයක් පමණ බේක් කර ගන්න.කැමති නම් හුමාලයෙන් තම්බා ගන්නත් පුළුවන්. මම නම් බේක් කලේ.
  • දැන් පිළිගන්වන්න.

May 22, 2023
15.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර 9 ,
  • සීනී 260g,
  • පිට් 200g,
  • කොකෝවා පවුඩර් 50g,
  • කොන්ෆ්ලා 15 g,
  • බේකින් පවුඩර් තේ හැදි 2 

සාදන ක්‍රමය

  • පළමුව බිත්තර හා සීනී බීට් කර ගන්න.මෙය බීට් වන අතරතුර උදුනේ උෂ්ණත්වය සාදා ගත් යුතුය . 
  • මෙම චොකලට් ස්පොන්ච් එක සෑදීමට උෂ්ණත්වය 185 C ට තිබිය යුතුය . පිට් , කොකෝවා පවුඩර් , කොන්ෆ්ලා ,බේකින් පවුඩර් සියල්ල හලා ගත යුතුය . 
  • ඉන්පසු බිත්තර හා සීනි හොදින් බීට් වු පසුව පිට් අතින් කලවම් කරන්න. බේක් කිරීමට උෂ්ණත්වය 185C ක් හා විනාඩි 35 කාලයක් සෑහේ.
  • දැන් පිළිගන්වන්න.

May 22, 2023
14.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි 500g
  • ලුණු කුඩු තේ හැඳි 1 1/2ක්
  • මාගරින් මේස හැඳි 2යි
  • බිත්තර දෙකයි
  • මිරිස් කුඩු තේ හැන්දක් පුරවා
  • අමු මිරිස් කරල් හතරයි
  • ලූනු ගෙඩියක්
  • කැරට් 100g
  • ගෝවා හෝ ලීක්ස් 50g
  • මස් හෝ මාළු 100g
  • සිහින්ව ගා ගත් පොල් බෑයක්

සාදන ක්‍රමය

  • පළමුව පිටි ටික හලා ගන්න. දැන් ගාගත් පොල්, ලුණු, බිත්තර ,බටර් ,මිරිස් කුඩු දමා හොඳින් අනා ගන්න.
  • වතුර ස්වල්පයක්ද එක්කර අනාගන්න. එයට යාන්තම් තෙම්පරාදු කර ලීක්ස් කැරට් එක් කර ගන්න . 
  • එයටම මස් හෝ මාළු එක්කර තෙත නැති මිශ්‍රණයක් සාදා කුඩා බෝල සාදා රව්මට තූනී කර රොටී තැටියකට දමා රන්වන් පාට වන තුරු පුලුස්සා ගන්න.
  • දැන් පිළිගන්වන්න.

May 22, 2023
12.1-1280x960.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • තෝසෙ මිශ්‍රණය,
  • හීනියට ගා ගත් පොල් ගෙඩියක පොල්,
  • කිතුල් පැණි හෝ සීනි කෝප්ප 1/2,
  • වැනිලා තේ හැඳි දෙකක් හෝ බැද කුඩුකරගත් එනසාල් කුඩු හැඳි ¼

සාදන ක්‍රමය

  • සීනි ළිප තබා වතුර කෝප්ප 1/4 ක් දමා පැණි වනතුරු උණු කර ගන්න . ( කිතුල් පැණි නම් ලිප තබා මදක් උණු කර ගන්න) එයට එනසාල් කුඩු හෝ වැනිලා කලවම් කර පොල් දමා හොදින් මලවා ගන්න. 
  • තැටියක් ලිප තබා තෝස මිශ්‍රණයෙන් සාදාගන්නා ලද පෑන් කේක් පේස්ට්‍රිය මතට මැදට පොල් පැණි දමා රස්නය තිබෙන විට ම රෝල් කරගන්න .

May 22, 2023
11.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැරට් 100g ක්,
  • ලීක්ස් 100g ක්,
  • අර්තාපල් 200g ක්,
  • සැල්දිරි 25ක්,
  • බෝංචි 100g ක්,
  • ළූනු 50g ක් (කුඩාවට කපාගත්),
  • තක්කාලි 30gක් (කුඩාවට කපාගත් ),
  • පාන් කුඩු 200g ක්,
  • පාන් පිටි 100g ක්,
  • කරි කුඩු මේස හැඳි 1ක්,
  • කහ කුඩු තේ හැදි 1/2ක්,
  • මිරිස් කුඩු තේ හැදි 1/4ක්,
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්,
  • අමු මිරිස් කරල් 2ක්,
  • තෙල් අඬු කෝප්ප 1ක්,
  • මිටි කිරි අඩු කෝප්ප 1/2ක්,
  • බිත්තර 2ක්,
  • තෙල් බෝතලයක්,
  • කරපිංචා කිනිත්තක්,
  • කුරුදු පොතු කැබැල්ලක්,
  • දෙහි ගෙඩියක යුෂ ස්වල්පයක්,

 

පෑන් කේක් මිශ්‍රණට අවශ්‍ය ද්‍රව්‍ය,

  • පිටි 200g ක්,
  • බිත්තර 2ක්,
  • මාජරින් මේස හැඳි 1ක්,
  • පිටි කිරි අඩු කෝප්ප 3ක්,
  • ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය

  • අර්තාපල් තම්බා පොඩි කර ගන්න.කැරට්, සැල්දිරි, බෝංචි, ලීක්ස් කුඩාවට කපා ගැඹුරු තෙලේ බැද හොඳින් තෙල් මිරිකා හරින්න. 
  • බඳුනක් ලිප තබා කරි කුඩු, කහ කුඩු ,ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු මදගින්නේ බැදෙන්න හරින්න. එයට තක්කාලි හා මිටිකිරි දමා ඉස්ම හිදෙන තුරු තම්බා ගන්න .
  • ඉන් පසු බැදගත් එළවළු තක්කාලි මිටි කිරි මිශ්‍රණය තම්බා පොඩි කරගත් අල සමග දෙහි ස්වල්පයක් මිශ්‍ර කරගන්න.
  • පෑන් කේක් සෑදීමට
  • බදුනකට පිටි බිත්තර බටර් ලුණු දමා කිරි එකතු කර තරමක් දියාරු පිටි මිශ්‍රණයක් සාදන්න. 
  • සාස්පානක් ගෙන එයට තෙල් ටිකක් තවරා රත් කර පිටි හැන්ද බැගින් දමා තුනීකර පෑන්කේක් දෙපැත්ත දමා පුළුස්සා ගන්න. 
  • දැන් පෑන් කේක් එකක් ගෙන එයට සාදාගත් මිශ්‍රණය දමා දෙකොන නමා රෝල් කර සාදාගත් පිටි හා බිත්තර මිශ්‍රණය දමා පාන්කුඩු දවටා ගැඹුරු තෙලේ බැදගන්න .
  • දැන් පිළිගන්වන්න.

May 22, 2023
10-1280x1280.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි 300g,
  • බේකින් පවුඩර් තේ හැඳි 1/2ක්,
  • ලුණු තේ හැඳි 1ක්,
  • මාජරින් තේ හැදි 3යි,
  • කිරි කෝප්ප 3/4ක්,

පිරවුමට,

  • සැමන් ටින් 1ක්,
  • මාජරින් තේ හැදි 2,
  • කුකිං සෝස් මේස හැඳි 1ක්,
  • රස අනුව ලුණු,
  • ගම්මිරිස් තේ හැඳි 1ක්,
  • තක්කාලි ගෙඩි 1ක්,
  • ඉගුරු හා සුදුළුණු තේ හැඳි 2ක බැගින් 
  • අමුමිරිස් කරල් 3ක්,
  • කුඩාවට කැපු බී ළුණු ගෙඩි 1,
  • මිරිස් කුඩු තේ හැඳි 1/2ක්

සාදන ක්‍රමය

  • පිටි බේකින් පවුඩර් හා මාජරින් එකට දමා අනා ගන්න. 
  • මෙයට ලුණු එකතු කරගන්න හොඳින් කළවම් වූ පසු කිරි ටික ටික දමා අනා ගන්න.

පිරවුම සාදන ක්‍රමය

  • මාජරින් රත්කර එයට ඉඟුරු සුදු ලූනු දමා බැඳුණු පසු අමුමිරිස් අමු මිරිස් , ළුණු එකතු කර ගන්න. හොඳින් තෙම්පරාදු වූ පසු තක්කාලි දමන්න ලුණු, ගම්මිරිස් ,මිරිස් කුඩු හා සෝස් දමන්න. 
  • ටික වේලාවකින් කුඩු කර ගත් සැමන් දමා කලවම් කරන්න.
  • ඉන්පසු පෙර සෑදු පේස්ට්‍රිය තුනීකර ඒ මැදට පිරවුම තබා නවා ගන්න. 
  • බටර් ගාගත් දීසියක තබා බිත්තර කහමද උඩින් ගා 200° උශ්ණත්වයේ විනාඩි 45ක් බේක් කරන්න.
  • දැන් පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!