iwumphihum_ad

May 23, 2023
30.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බිත්තර 4 ,
  • වැනිලා තේහැදි 2 
  • පාන් පිටි ග්‍රෑම් 60
  • සීනි ග්‍රෑම් 60 
  • බේකින් පවුඩර් තේහැදි 1 
  • කොකෝවා පවුඩර් මේස හැදි 2 -3 (කැමතිනම්)

සාදන ක්‍රමය

කේක් එක හදාගන්න කලින් බීටර් හෙඩ්ස් 2යි බෝල් එකයි වතුර නැති විදියට වියලාගන්න.ඊළඟට බේකින් ට්‍රේ එකට පාච්මන්ට් පේපර් එකක් දාලා හදාගෙන පැත්තකින් තියන්න.අවන් එක සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් වෙන්න තියලා අපි කේක් එක හදන්න පටන්ගමු.

ඊට පස්සේ පිටි ටිකට බේකින් පවුඩර් සහ චොක්ලට් පවුඩර් ටික දාලා දෙපාරක් හලාගන්න.

ඊළඟට බිත්තර කහමද සුදුමද වෙන් කරගන්න.මුලින්ම සුදුමද ටික පීක්ස් එනකල් බීට් කරගන්න. 

දැන් කහමද ටිකට සීනි ටික දාලා හොඳින් බීට් කරගෙන බිත්තර මිශ්‍රණ 2 සහ වැනිලා ද එකට දමා කවලම් කරගන්න.ඊළඟට පිටි මිශ්‍රණයෙන් ටික ටික දමා ෆෝල්ඩ් කරගන්න.දැන් මේ කේක් මිශ්‍රණය තැටියට දාලා සෙල්සියස් අංශක 180 විනාඩි 15-20අතරෙ බේක් කරගන්න.බේක් වුනාට පස්සෙ උණුවෙන්ම කිචන් ටවල් එකක තදට ඔතාගෙන නිවෙන්නෙ තියන්න.

මේ අතරට අපි අයිසින් එක හදාගමු.

අයිසින් සීනි ග්‍රෑම් 90

බටර් ග්‍රෑම් 35

චොක්ලට් පවුඩර් මේස හැන්දක් 

මෙම ද්‍රව්‍ය අරගෙන හොඳින් කවලම් කරගෙන අයිසින් මිශ්‍රණය හදාගන්න.

දැන් නිවෙන්නෙ තියාපු කේක් රෝල් එක අරගෙන දිගහැරලා අයිසින් මිශ්‍රණය ගාලා ආයෙත් හොඳින් ඔතලා කූල් වෙන්න ෆ්‍රිජ් එකෙහි තියන්න.


May 23, 2023
29.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • එළුමස් 500g,
  • සිහින්ව කපාගත් රටළුණු ගෙඩියක්, 
  • තලාගත් ඉඟුරු, සුදු ළුණු,
  • කරපිංචා, 
  • රම්පා,
  • අමු මිරිස් ,
  • සේර ,
  • කුරුඳු පොත්තක් ,
  • තලාගත් එනසාල් කරල් 2-3ක් ,
  • කරාඹු නැටි 3ක්,
  • බැදපු මිරිස් කුඩු මේස හැඳි 2ක්,
  • බැදපු තුනපහ මේස හැන්දක්,
  • අමු තුනපහ තේ හැන්දක් ,
  • කහ තේ හැන්දක් ,
  • ගම්මිරිස් කුඩු තේ හැන්දක් ,
  • දුඹුරු සීනි තේ හැඳි බාගයක් ,
  • ලුණු රස පදමට ,
  • මිටි පොල් කිරි මේස හැඳි 3ක්,
  • පොල් තෙල් මේස හැඳි 2ක්,
  • වතුර ,
  • සියඹලා ඉස්ම මේස හැඳි 2ක්

සාදන ක්‍රමය

  • එළුමස් ටිකට බැදපු මිරිස් කුඩු, බැදපු තුනපහ, කහ සහ ලුණු තේ හැන්දක් එකතු කර හොඳින් කවලම් කරගන්න. මැටි ඇතිලියක් ලිපේ තියල ඒකට තෙල්  එකතු කරන්න. 
  • රත් වෙනකොට කුරුඳු, එනසාල්, කරාඹු නැටි, අමු තුනපහ, ගම්මිරිස්, සීනි සහ ලුණු තේ හැඳි බාගයක් එකතු කරලා බැදෙන්න තියන්න. ඊට පස්සෙ ඒකට රටළුණු, ඉඟුරු සුදු ළුණු පේස්ට් එක, සේර, අමු මිරිස්, කරපිංචා, රම්පා එකතු කරලා කලවම් කරගන්න. 
  • ඒ ටිකත් බැදුනම එළුමස් ටික, මිටි පොල් කිරි ටික දාගන්න. විනාඩි 2ක් විතර කලවම් කරලා වැහෙන ප්‍රමාණයට වතුර දාලා විනාඩි 15ක් මද ගින්නේ උයා ගන්න. 
  • ඊලගට සියඹලා ඉස්ම සහ රස පදමට ලුණු එකතු කරලා තවත් විනාඩි 5ක් පියන ඇරලා උයා ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
28.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

පෆ් ඩෝ එකට

  • පාන් පිටි ග්‍රෑම් 250
  • ලුණු කුඩු තේහැදි 1/2
  • බටර්/මාගරින් මේසහැදි 2
  • කූල් වතුර කෝප්ප1/2
  • බේකින් පවුඩර් තේහැදි 1 1/2

කරි එකට

  • අල
  • මාලු/සැමන්/සොසෙජස් 
  • බී ළූණු
  • කරපිංචා 
  • සුදු ළූණු 
  • ගම්මිරිස් කුඩු 
  • ලුණු කුඩු 
  • කෑලි මිරිස් 
  • දෙහි බිංදු 4-5

සාදන ක්‍රමය

  1. මුලින්ම අල ටිකයි මාලු දානවනම් ඒවයි තැම්බෙන්න තියලා ඩෝ එක අනාගෙන ඉමු.
  2. පිටි වලට ලුණු කුඩු ,බටර් (කාමර උෂ්ණත්වයේ දියවුණු) දමා හොඳින් කවලම් කරගෙන කූල් වතුර ටික ටික දාන ගමන් ගුලියක් විදියට අනාගන්න..විනාඩි 2-3ක් පමණ නීඩ් කරලා පැය 1/2ක් වහලා තියන්න.
  1. දැන් අපි කරි එක හදමු..තැම්බූ අල,මාලු හෝ සැමන් එකට පොඩිකරගන්න.
  1. බී ළූණු ,කරපිංචා, සුදු ළූණු තෙම්පරාදු කරලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු ගම්මිරිස් කුඩු සහ කෑලි මිරිස් දමා කවලම් කර අල මාලු මිශ්‍රණය දමා කවලම් කර ලිපෙන් ඉවත්කර දෙහි බිංදු 4-5 ක් දමා කවලම් කරන්න.
  2. දැන් ඩෝ එක අරගෙන ටිකක් අත්ගහලා තුනී කරලා අගල් 2.5*4 සයිස් එකට කොටු කපාගන්න.
  1. ඒවායෙන් එකකට කරි එක තියලා තවත් කොටුවකින් කවර් කරන්න..ගෑරැප්පුවක් අරගෙන වටේට තද කරලා සීල් කරගන්න.
  2. දැන් මේ හදපු මැක් පෆ් ටික පැය 1/2ක් විතර ෆ්‍රිජ් එකේ තියලා අරගෙන හොඳින් රත් වූ ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගන්න.
  1. මේකට ඔයාලට දාන්න පුලුවන් ඕනෙනම් අල කොටු කපලා තම්බලා,මොසරැල්ලා චීස්,කැමති එලවලු වගේ දේවල් ඒකෙ වෙනමම රසක් තියෙන්නෙ.
  1. බේක් කරනවනම් සෙල්සියස් අංශක 180 පැය භාගයක් වගේ බේක් කරන්න

May 23, 2023
27-1280x853.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බිත්තර 2 ,
  • ලුණු කුඩු ,
  • ගම්මිරිස් කුඩු 

සාදන ක්‍රමය

  • බිත්තර කහමද සහ සුදුමද වෙන්කරගන්න.
  • වෙන්කරගත් සුදුමද ටික පීක්ස් එනකල් හොඳින් බීට් කරගන්න .
  • ඉන්පසු බේකින් ට්‍රේ එක අරගෙන තැන් දෙකකින් වලාකුළු වගේ මැද වලක් තියෙන්න හදාගෙන සෙල්සියස් අංශක 180  (ෆැරන්හයිට් අංශක 350) මිනිත්තු 5ක් බේක් කරගන්න.
  • ඉන්පසුඒමතටකහමදයබැගින්දමාරසඅනුවලුණුකුඩුසහගම්මිරිස්කුඩුඉසගෙනනැවතත්සෙල්සියස්අංශක 180 මිනිත්තු 3ක් බේක් කරගන්න. 
  • බේක් උනු පසු අවන් එකෙන් ඉවතට ගෙන නිවෙන්නට තබා ආහාරයට ගන්න .

May 23, 2023
26.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පාන් පිටි  250g,
  • සීනි  50g,
  • කිරි පිටි  25g,
  • මද රස්නෙ වතුර 150 ml,
  • බටර් හෝ මාගරින්  50g,
  • ලුණු තේ හැඳි 1/2,
  • බිත්තර  2,
  • යීස්ට් තේ හැඳි 1 ⅓

සාදන ක්‍රමය

  • මද රස්නෙ වතුර 30ml පමන කෝප්පයකට දමා එයට යීස්ට් හා සීනි තේ හැන්දක් පමණ එක් කර විනාඩි දහයක් පමන පිපෙන්නට තබන්න .
  • මෙම මිශ්‍රණය අතේ ඇනීමට නොහැකි තරම් දියාරු එකක් නිසා stand mixture  එකක් හෝ විස්ක් එකක් භාවිතයෙන් ඇනිය යුතුය .
  • එමනිසා පිටි ටික stand mixture එකේ භාජනයට හෝ විස්ක් එකෙන් අනනවානම් වෙනත් භාජනයකට හෝ දමා ගන්න.
  • දැන් එයට පිපුණු යීස්ට් මිශ්‍රනය,සීනි, බිත්තර එකක්,බටර්, කිරි පිටි, ලුණු සහ ඉතිරි වතුර ටික එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න .
  • මිශ්‍රණය හොඳින් මිශ්‍ර වූ පසු වඩා වැඩි නොවූ නමුත් තරමක දියාරු ස්වභාවයක් නොහොත් අතේ ඇලෙන සුලු ස්වභාවයක් ගන්නවා.
  • පසුව අතේ බටර් තවරාගෙන මිශ්‍රනය අතට ගෙන වෙනත් බටර් තැවරූ භාජනයකට දමා පොලිතින් එකකින් වසා පැය දෙකක් පමණ පිපෙන්නට හරින්න .
  • හොඳින් පිපුණු පසු භාජනයෙන් ඉවතට ගෙන එය අවශ්‍ය ප්‍රමාණයේ කැබලි වලට වෙන් කරගන්න. (කැබලි 6ක් හෝ 8 කට)
  • දැන් අවන් එකට දමන ට්‍රේ එකට හොඳින් බටර් හෝ මාජරින් තැවරූ පාච්මන්ට් පේපර් එකක් තබා එය උඩින් කැබලි කරගත් බනිස් මිශ්‍රනය බනිස් වල හැඩයට බෝල කර පිපීමට ඉඩ ඇති වන සේ අතුරා ගෙන අනෙක් බිත්තරය හොඳින් ගාසා ගෙන පින්සලක් භාවිතයෙන් බනිස් උඩ තවරා ගන්න .
  • එලෙස අතුරා පැය භාගයක් හෝ විනාඩි 40 ක කාලයක් පිපෙන්නට තබන්න .
  • ඒ අතර තුර අවන් එක 200 °C වලට ප්‍රී හීට් කර ගන්න .
  • * බනිස් හොඳින් පිපුණු පසු අවන් එකට දමා රන් වන් පැහැය වන තෙක් බේක් කරගන්න . (අවන් එකෙන් අවන් එකට කාලය වෙනස් වන නිසා නිශ්චිත කාලයක් සඳහන් කළ නොහැක )
  • බේක් උනු පසු අවන් එකෙන් ඉවතට ගෙන නිවෙන්නට තබා ආහාරයට ගන්න .
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
25.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කැකුලු  හාල්  125g,
  • පොල්  ගෙඩියක  පොල්,
  • මාගරින්  මේස හැදි  1,
  • හකුරු  225g,
  • කරදමුන්ගු  ස්වල්පයක්,
  • කජු  50g

සාදන ක්‍රමය

  • හාල්  වතුරේ  දමා  පෙගෙන්නට  හැර   හාල් සමග  ගා ගත්  පොල්  එකට දමා  බ්ලෙන්ඩ්  කරන්න .
  • එයට කුඩු කර ගත්  හකුරු  , කරදමුන්ගු  එකතු කර  ලිප තබා  මාගරින්   එකතු  කර  ගනකම්  වී  එන විට  කජු  දමා  කලවම්  කර  තැටියක   මාගරින් හෝ  තෙල් ගා  මිස්රනය  තුනි  කර  කෑලි  කපා  ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
24.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පාන් පිටි කප් 2,
  • මුදවපු කිරි 1/2 හෝ යෝගට් කප් 1,
  • මද උනුසුම් වතුර කප් 1/2,
  • ඉස්ට් 17g පැකට් එකක්,
  • සීනී තේ හැදි 1,
  • ලුණු තේ හැදි 1/2,
  • තෙල් මේස හැදි 1,
  • පුළුස්සන විට ගෑමට තෙල් හෝ බටර් ටිකක් 

සාදන ක්‍රමය

  • මුලින්ම කුඩා භාජනයකට සීනි දමා එයට වතුර සහ ඉස්ට් පැකට්ටුව දමන්න.
  • ඉන් පසු එම මිශ්‍රණය කලවම් කර පෙණ දමා ඉස්ට් සකීය වන තෙක් වි 10 පැත්තකින් තියන්න.
  • ඉන් පසු ලොකු භාජනයකට පිටි ලුණු ,තෙල් සහ යෝගට් දමන්න.
  • දැන් සකීය වු යීස්ට් මිශ්‍රණය එයට එකතු කරගන්න.
  • ඉන් පසු සුමුදු පිටි බෝලයක් ලැබෙන සේ විනාඩි කිහිපයක් හොදින් මිශ්‍රණය අනාගන්න.
  • දැන් අන්තිමට ප්ලාස්ටික් රැප් එකකින් හෝ තෙත රෙදි කඩකින් ආවරණය කර උණුසුම් ස්ථානයක පැයක් පමණ පිපෙන්නට තබන්න.
  • පැයකට පසු පිටි ස්වල්පයක් අතුරා ගත් මේසයක් මත පිටි බෝලය තබා දිගටි හැඩයකට සකසා ගන්න.
  • ඉන් පසු එය සමාන කොටස් 6කට කඩාගන්න.
  • ඉන් පසු එම කොටස් කුඩා පිටි බෝල 6වන සේ බෝල කරගන්න.
  • දැන් එම බෝල එකිනෙක රෝලින් පින් එකක් ගෙන රොටියක් සේ තුනී කරගන්න.
  • දැන් බටර් හෝ තෙල් තැවරු තැටියක් ලිපේ තබා මදයම ප්‍රමාණය ට රත් කරගන්න.
  • ඉන් පසු එයට රොටිය දමා බුබුළු මතු වන තෙක් විනාඩි 2 පමණ පැත්තක් පුළුස්සා අනික් පැත්තද පුළුස්සා ගන්න.
  • ඒ විදිහට අනික් රොටි පහ ත් පුළුස්සා ගන්න .
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
23.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • නූඩ්ල්ස් 500g,
  • තම්බාගත් චිකන් 250g  ,
  • කැරට්, ලීක්ස්,  සිහින්ව කපාගන්න,
  • ළුණු කොළ කප් 1/2 ,
  • ළුණු ගෙඩියක් (කුඩාවට කපාගත්),
  • සුදු ළුණු මේස හැඳි 2 (තලාගත්),
  • ඉඟුරු මේස හැඳි 2 (තලාගත්),
  • බටර් මේස හැඳි 2 හෝ තෙල් ,
  • සෝයා සෝස් මේස හැඳි 3,
  • තක්කාලි සෝස් මේස හැදි 2,
  • ඔයිස්ටර් සොස් මේස හැදි 2 (තිබේ නම්) ,
  • චිලි පේස්ට් මේස හැඳි 2,
  • කෑලි මිරිස් තේ හැඳි 1/2,
  • ගම්මිරිස් තේ හැඳි 1/2,
  • කරපිංචා ඉති 2,
  • ලුනු කුඩු

සාදන ක්‍රමය

  • ලොකු සාස්පානක් ලිප තබා බටර් දමා දියවෙන්න හරින්න.
  • එයට සුදු ළුණු, ඉගුරු, කරපිංචා, ළුණු ටික දමා රන්වන් පැහැ වෙන තෙක් බැදගන්න.
  • පසුව එයට චිකන්, බිත්තර  ටික දමා හොදින් කලවම් කර ගන්න.
  • එයට කැරට් ටික දමා මද වේලාවක් කලවම් කරන්න.
  • පසුව එයට  ලීක්ස් දමාගෙන කෑලි මිරිස්, ගම්මිරිස්, ලුනු කුඩු, සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, තක්කාලි සෝස්  දමා හොදින් කලවම් කරන්න.
  • දැන් එලවළු ටික තැම්බිගෙන එන විට තම්බාගත් නූල්ඩස් ටික එක්කරන්න.
  • එයට චිලි පේස්ට් සහ රස අනුව ලුණු කුඩු දමා හොදින් කලවම් කරන්න.
  • අවසානයේ ළුණු කොළ දමා කළවම් කර ලිපෙන් ඉවත් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 22, 2023
22.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • අමුමිරිස් 50g (යන්තම් පලාගන්න),
  • රතුළූණු 75g,
  • උකු පොල්කිරි කෝප්ප 3/4,
  • අබ ඇට තේ හැඳි 3/4 පමණ,
  • විනාකිරි තේ හැඳි 02,
  • සීනි තේ හැඳි 01,
  • ඉඟුරු පොඩි කෑල්ලක්,
  • සුදුළූණු බික් 05-06,
  • ලුණු රස අනුව,
  • සියඹලා යුෂ තේ හැදි 2 පමණ,
  • තෙල්

සාදන ක්‍රමය

  • වම්බටු තීරු වලට කපා ගෙන කහ ලුණු අතගාගෙන හොඳින් බැදගන්න. 
  • අබඇටටිකවිනාකිරෙන්අඹරාගෙනඒකටමිරිස්කුඩුසහලුණුදාලාමිශ්‍රකරලාපැයක්විතරතියන්‘*(එතකොට අබ වල තිත්ත ගතිය යනවා).
  • රතුළූණු, අමුමිරිස් සෝදලා *පේපර් සර්වියට් එකකින් හරි රෙදි කෑල්ලකින් හරි හොඳට තෙත මාත්තු කරගන්න.
  • උකු පොල්කිරි එක මැටි හට්ටියකට දාලා ඒකට හොඳට අඹර ගත්ත ඉඟුරු, සුදුලූනු ටික දාන්න. එකටම අබ මිශ්‍රණයත්, සීනිත් දාන්න.
  • සියඹලා යුෂ අරගෙන ඒකත් මේ මිශ්‍රණයට දාලා හොඳට කලවම් කරන්න .
  • දැන් ලිප ඔන් කරලා මේ මෝජු ග්‍රේවි එක හදාගන්න. අන්තිමට කහ දාල පොල්කිරි උතුරනකම් උයාගන්න.
  • ග්‍රේවි එක නටනකොට ඒකට යාන්තම් පලා ගත්ත අමු මිරිස් ටිකත්, රතු ලූණු ටිකක් දාලා ටිකක් විතර ඉදෙන්න අරින්න.
  • ඒකට බැදපු වම්බටු ටික දාන්න.තැලෙන්නේ නැතිව හෙමීට මිශ්‍ර කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 22, 2023
21.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කරවිල 500g,
  • තක්කාලි ගෙඩි 2ක් ,
  • රටලූණූ  ගෙඩියක් ,
  • සුදු ලූණු  ගෙඩි  දෙකක බික්,
  • මිරිස්  කුඩු  මේස හැන්දක්,
  • කහ කුඩු තේ හැන්දක් ,
  • තුනපහ කුඩු මේස හැන්දක් ,
  • කලු කුඩු  තේ හැන්දක් ,
  • අමුමිරිස් කරල් 5ක් ,
  • රම්පා කරපිංචා ,
  • සියබලා ඉස්ම මේස හැදි 3ක් 4ක්,
  • පොල් කිරි කෝප්ප 2ක් 3ක් ,
  • තෙල් ස්වල්පයක්, 
  • අවශ්‍ය ප්‍රමාණයට ලුනු ,
  • සියලුම පහේ ටික ලෑස්ති කරගන්න, 
  • සුදු ලූණු ගෙඩි පිටින් ගන්න

සාදන ක්‍රමය

  • කරවිල හොඳින් සෝදා  අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න මෙය භාජනයකට වතුර් දමා (එයට කහා සහ ලුණු කුඩු දමා ගන්න ) එයට දමා ගන්න.
  • මැටි වලදක්  ලිපේ තබා  එයට තෙල් දමාගන්න තෙල් රත් වූ පසු එයට ලූණු  දමන්න මදක් රන් වන් පාට වීගෙන එඅන් විට අමුමිරිස් රම්පා කරපිංචා දමාගන්න.
  • සුදු ලූණු ගෙඩි ටිකද දමන්න. මදක් ශෝටේ කර එයට තක්කාලි  දමන්න.
  • ටිකක්  තෙලෙන්  බැදගෙන එයට  මිරිස් තුනපහ කහ එක් කරන්න . දැන් වතුරෙන් බේරා කරවිල එක් කර කවලම් කරන්න 
  • සියබලා සහා ලුනු එක්කරන්න . නැවත මිශ්‍ර කර එයට කිරි එකතු කරන්න .
  • හොඳින් මිශ්‍ර කර මද ගින්නේ  පිස ගන්න.
  • අවශ්‍ය නම් ලුනු එක් කරන්න . ගොඩාක් තම්බන්නෙපා.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!