iwumphihum_ad

May 23, 2023
50.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලසඤ්ඤා නූඩ්ල්ස් කැබලි 12,
  • අඹරපු මස් 500 g,
  • (POLLy – O)රිකෝටා 450ml චීස් ටින් 1,
  • මොසරෙල්ලා චීස් කප් 3 1/2,
  • ග්‍රේට් කරගත් පමසන් චීස් කප් 3/4,
  • හීනියට කපාගත් පාස්ලි කප් 1/4,
  • ගසා ගත් බිත්තර 1,
  • ස්ෆැගති සෝස් 700 ml බෝතලයක්,
  • වතුර කප් 1

සාදන ක්‍රමය

  • මුලින්ම පෑන් එකක් ලිප තබා මස්ටික දමා තැම්බෙන්නට තබන්න .
  • මස් වල ඇති වතුර එලියට විත් මස් දුඹුරු පැහැ ගැන්වී මස් සහ වතුර වෙන්වූ පස මස්ටික පෙරා වතුර සම්පූර්ණයෙන්ම ඉවත්කර නැවතත් මස්ටික පෑන් එකට දමා එයට සෝස් එකකරන්න.
  • දැන් වතුර කප් එක සෝස් බෝතලය තුලට දමා මූඩිය හොඳින් වසා හොඳින් කලවම්කර එයද මස් මිශ්‍රණයට දමා ඉතා හොඳින් කලවම් කර විතාඩියක් පමණ පිසගන්න.
  • දැන් වීදුරු බෝල් එකක් ගෙන එයට පොලයි ඕ රෙකෝටා චීස් ටින් එක , මොසරෙල්ලා චීස් කප්2, පමශන් චීස් 1/2, පාස්ලි හා බිත්තර දමා ඉතාහොදින් කළවම් කරන්න .
  • දැන් අවන් එකේ දැමිය හැකි ගැඹුරු තැටියක් ගෙන මුලින්ම එයට මස් මිශ්‍රණයෙන් තට්ටුවක් දමන්න .
  • දැන් ලසන්න්‍යා නූඩ්ල්ස් තට්ටුවක් දමන්න .
  • ඉන්පසු එයට උඩින් සාදාගත් චීස් මිශ්‍රණයෙන් තට්ටුවක් දමන්න මෙලෙස තට්ටු තුනක දාගන්න .
  • ඉන්පසු එයට උඩින් මොසරෙල්ලා චීස් 1 1/2 හා පමශන් චීස් කප් 1/4 දමා කුකින්ස්ෆ්‍රේ ගැසූ ඇලුමිනියම් ෆොයිල් එකකින් හොඳින් වසා සෙල්සියස් අංශක 350 උෂ්ණත්වයේ පැයක් පිසගන්න. විනාඩි 15 පමණ නිවෙන්නට තබා පිළිගන්වන්න.

May 23, 2023
49-1280x853.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කටු රහිත කුකුල්මස් 600g,
  • කජු 200g,
  • බොම්බයිලූණු ගෙඩි 1,
  • තක්කාලි ගෙඩි 1,
  • අමුමිරිස් කරල් 3,
  • කොළ බෙල්පෙපර් කැබැල්ලක්,
  • කහ බෙල්පෙපර් කැබැල්ලක්,
  • තැබිලි බෙල්පෙපර් කැබැල්ලක්,
  • සුදුලූණු බික් 5,
  • අගලක පමණ ඉගුරු කැබැල්ලක්,
  • කරදමුංගු 4,
  • කරාබුනැට් 3,
  • අගලක පමණ කුරුදු කැබලි 2,
  • කෑලිමිරිස් මේසහැදි තේහැදි 2,
  • ගම්මිරිස්කුඩු තේහැදි 1/2,
  • සුදු විනාකිරි තේහැදි 1/2,
  • තෙල් මේසහැදි 2,
  • කරපිංචා,
  • ලුනු රස අනුව,
  • වතුර

සාදන ක්‍රමය

  • මුලින්ම මස් හොඳින් පිරිසිදු කර කැබලි කපාගන්න. දැන් ලුනු , ගම්මිරිස් ,විනාකිරි හා වතුර එක්කර දමා තම්බා ගන්න.
  • දැන්පෑන්එකේප්‍ර්යි (pan fry) කරගන්න. කජු ටික පැයක් පමණ පෙගෙන්නට තියන්න.වොක් එකක් ලිප තබා එයට තෙල් මේසහැදි 2 දමා තෙල් රත්වූ පසු එයට කරපිංචා ටික දමා කරපිංචා ටික බැදීගෙන එන විට එයට කරදමුංගු , කරාබුනැට් හා කුරුදු දමා ටික දමා එයද යන්තම් බැද ගන්න. 
  • පසුව තලාගත් සුදුලූණු හා ඉගුරු එක්කර එය රන්වන් පැහැ වෙනතෙක් පිස එයට හීනියට කපාගත් බොම්බයිලූණු එක්කරන්න. 
  • බොම්බයිලූණු ටික යන්තම්රන්වන් පැහැ ගැන්වීගෙන එන විට එයට අමුමිරිස් , කෑලිමිරිස් හා ලුනු දමා හොඳින් කළවම් කරමින් තත්පර 10 පමණ පිස එයට කපාගත් තක්කාලි එක්කර තක්කාලි ටික තැම්බෙන තෙක් පිස ගන්න . (පසුව පෙගෙන්නට තිබූ කජු එකේ වතුර සම්පූර්ණයෙන්ම ඉවත්කර )එයට කජු එක්කර හැන්දෙන් කළවම් කරමින් විනාඩියක් පමණ පිසගන්න. 
  • පසුව එයට පෑන් එකේ ප්‍ර්යි කර පසෙකින් තබාගත් මස් ටික එක්කර හොඳින් කළවම් කරන ගමන් තවත් විනාඩියක් පමණ පිස ගන්න දැන් කැබලි කපාගත් බෙල්පෙපර් එක්කර හොඳින් කළවම් කර ලිපෙන් ඉවතට ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
48.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කිරි කප් 3 ක්,
  • කෝන්පිටි කප් 1/2 ක්,
  • බටර් කප් 1/3 ක්,
  • බිත්තර 1 ක්,
  • බිත්තර කහමද 1 ක්,
  • දුඹුරු සීනි කප් 1 ක්,
  • වැනිලා තේහැදි 1 ක්,
  • කජු ( අවශ්‍ය නම් පමණක් ),
  • චොකලට් ස්ප්‍රින්කල්ස්

සාදන ක්‍රමය

  • මුලින්ම බෝල් එකක් ගෙන එයට කෝන් පිටි දමා පසුව කිරි ටිකෙන් ටික එක්කර මින් හොඳින් කළවම් කරන්න. පසුව එයට බිත්තරය හා බිත්තර කහමදය එක්කර හොඳින් කළවම් කරන්න. 
  • දැන් භාජනයක් ලිප තබා එයට සීනි දමා සීනි කැරමල් කරගන්න. සීනි ටික කැරමල් වූ විගස එයට බටර් ටික එක්කර හොඳින් මිශ්‍ර කරන්න. 
  • දැන් සාදාගත් කිරි මිශ්‍රණ එක්කර වික්ස් එකකින් හොඳින් කළවම් කරමින් ඉතා තික් ක්‍රීම් එකක් වෙනතෙක් පිසගන්න. 
  • පසුව පෙරා ගන්න. දැන් ඔබ කැමති විදිහේ කප් හෝ බෝල් වලට දමා ඔබ කැමති නම් එයට උඩින් ඩෙකරේට් කිරීමට කපාගත් කජු කැබලි හා චොකලට් ප්‍රින්කල්ස් දමා ඩෙකරේට් කර පොළිතින් රැප් එකකින් රැප් කොට පැයක් දෙකක් පමණ ශීතකරණයේ තබා ආහාරයට ගන්න.

May 23, 2023
47.jpg

අවශ්‍ය ද්‍රවය  

  • පාන්පිටි 1kg,
  • යීස්ට් 20g ( තේ හැන්දක් ),
  • ලුණු මේස හැදි 1 ක් ,
  • වතුර කෝප්ප 2 1/2 ක් ,
  • තක්කාලි සෝස්,
  • කැමති එළවළු වර්ග ( සුක්කීනි  වම්බටු),
  • ටූනා -tonno,
  • සොසේජස්,
  • කුඩා වට කපා ගත් මොසරැල්ලා චීස්,
  • ලොකු ළූනු ගෙඩි 2 ක් 

සාදන ක්‍රමය 

  • මුලින්ම යීස්ට් වලට මද රස්නේ වතුර දමා හොඳින් දිය කර ගන්න.
  • දැන් පිටි මෝලිය හදා ගමු. පාන් පිටි , ලුණු , යීස්ට් , බාජනේකට දමා වතුර ටික ටික දමා හොදින් අනාගන්න.
  • සාදාගත් මෝලිය කොටස් 2කට වෙන් කරලා තෙත කිචන් ටවල් එකකින් වහලා පැය 5 ක් තබන්න.
  • දැන්පිටිමෝලියඅරගෙනඑකඑකපීසාඑකකටඅවශ්‍යප්‍රමාණයටබෝලසාදානැවතතෙතටවල්එකෙන්වසාවිනාඩි 30ක් තියන්න.
  • දැන් තක්කාලි සෝස් ටික බාජනේකට දාගෙන එයට ලුණු , කැමති නම් ගම්මිරිස් චුට්ටක් දමා මිශ්‍ර කර ගන්න.දැන් එක එක බෝල රැගෙන රවුමට වඩා ගන්න.මතුපිට සෝස් තවරා, චීස් ඉස, tonno ළූනු අතුරා නැවත චීස් ඉස ගන්න.
  • Oven එක සෙල්සියස් අංශක 200 ට දමා විනාඩි 25ක් බේක් කර ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
46.jpg

අවශ්‍ය ද්‍රවය

  • ආටා පිටි 250g,
  • පරිප්පු අඩුකොප්ප 1/2,
  • හීනියට කපාගත් කැරට්, ලූනුකොල, මාලුමිරිස්, දබල, ගෝවා මල්, ගෝවා මේ එලවලු වලින් චුට්ට චුට්ට,
  • චොප් කරපු සුදුලූනු,
  • අබ,
  • සූදුරු,
  • පොල්තෙල්

සාදන ක්‍රමය 

  • මුලින්ම පරිප්පු ටික බෙරි වෙන්න තම්බගන්න.ඒක පැත්තකින් තියලා සාස්පානක් ලිපෙ තියලා ඒක රත් උනාම ඒකට තෙල් ටිකක් දාලාරත් වෙනකොට එකට අබ සූදුරු දාන්න. ඒවා පිපිරුනාම ඒකට සුදුලූනු ටික දාන්න.
  • ඒ ටික බදෙනකොට තම්බපු පරිප්පු ටික දාලා ඒකට ලුනු,ගම්බිරිස් ,තුනපහ දාලා කලවම් කර කපාගත් එලවලු ටික දාලා වතුර එලවලු මට්ටමට දාලා පියනකින් වහලා හින්දවා ගන්න.
  • ලිපවහලාඉටපස්සෙඑකටආටාපිටිටිකටිකදදාකලවම්කරන්න. ඉටපස්සෙ අතින් හොදින් අනා ගෙන බෝල හදලා රොටි හදනවා වගේ තුනී කරලා පුච්ච ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
45-1280x853.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පැස්ටා කෝප්ප 2 ක්,
  • සුදුළුණු බික් 5-6 ක්,
  • කැරට් අල 2 ක්,
  • ලොකුළුණු ගෙඩි 1/2 ක්,
  • බඩඉරිගු ඇට 50g (අත්‍යාවශ්ය්‍ය නෑ),
  • ග්‍රීන් පීස් 25 / ළුණුකොල 25g,
  • පොල්තෙල් මේස හැදි 5 ක්,
  • කිරි කෝප්ප 2 (Fresh Milk) ක්,
  • බටර් හෝ මාගරින් තේ හැදි 3 ක්,
  • ලුණු, ගම්මිරිස් රස අනුව ,
  • පාන් පිටි තේ හැදි 2 ක්,
  • කෑලි මිරිස් රස අනුව ,
  • චීස් කෝප්ප ½ ක්

සාදන ක්‍රමය 

  • නටන උණු වතුරට ලුණු එකතු කරලා පැස්ටා ටික හොදට තම්බ ගෙන වතුර පෙරා ගන්න. පෑන් එකක් ලිපේ තියගෙන තෙල් ටික දාලා තෙල් රත් උනාම පොඩියට කපා ගත්ත සුදුළුණු සහ ළුණු ටික දාලා බැද ගන්න. 
  • ලුණු එකතු කරන්න.විනාඩි 2ට විතර පස්සෙ ඔයා ගත්ත එළවලු ටික එකතු කරගන්න. එළවලු ගොඩාක් වෙලා බැද ගන්න ඕන නෑ යන්තම් මැල උනාම ඇති.
  • ඊට පස්සෙ ඒ ටික වෙන භාජනයකට අයින් කරලා ඒ පෑන් එකම ආයේ ලිපේ තියාගෙන ඒකට බටර් ටික එකතු කරගන්න. 
  • බටර් ටික දිය උනාම ඒකට පාන් පිටි ටික එකතු කරගෙන හොදට කලවම් කරන්න. ඒක හොදට කලවම් උනාට පස්සෙ කිරි එකතු කරලා ආයෙත් හොදින් කලවම් කරන්න.මේක අඩු ගින්දරේ හොදට කලවම් කර කර හදන්න. 
  • ටිකක් උකු වෙද්දි ඒකටම කෑලි මිරිස්, ගම්මිරිස්, ලුණු එකතු කරන්න.මේක නටන වෙලාවට චීස් ටික එකතු කරගන්න. 
  • ඒත් එක්කම ලිප නිවා ගන්න. දැන් වයිට් සෝස් එකට බැද ගත්ත එළවළු, පැස්ටා ටික එකතු කරලා හොදට කලවම් කරගන්න. ලුණු මදි නම් ලුණු එකතු කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
44.jpg

අවශ්‍ය ද්‍රවය  

  • කෝන් පිටි කෝප්ප 1/2 ක් ,
  • වතුර කෝප්ප 2 ක් ,
  • සීනි කෝප්ප 1 1/4 ක් ,
  • ආහාර වර්ණක ,
  • කජු හෝ ආමන්ඩ් ,
  • දෙහි යුෂ මේස හැදි 1 ක් ,
  • ගිතෙල් මේස හැදි 2  ක් 

සාදන ක්‍රමය 

  • කෝන් පිටි වතුර කෝප්පයක් දමා දිය කරගන්න. භාජනයක් ලිප මත තබා සීනි සහ වතුර කෝප්පයක් දමා සීනි දිය කරගන්න. ඉන් පසු කෝන් පිටි එකතු කරගන්න.
  • මෙහිදී ලිප අඩු ගින්දරේ තබා ගැනීම සහ දිගින් දිගටම කලවම් කිරීම වැදගත්. මිශ්‍රණය උකු වන විට, ගිතෙල් එකතු කරන්න.ඉන් පසු කජු සහ දෙහි යුශ එකතු කරගන්න. 
  • විනාඩි 5ට පමන පසු වෙනත් භාජනයකට දමා ශීතකරණයේ පැයක් පමණ තබා සිසිල් කල ගත් පසු රස විදින්න.

May 23, 2023
43.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි කප් 1,
  • කෝන් පිටි මේස හැඳි 1,
  • යෝගට් මේස හැඳි 1,
  • සීනි තේ හැඳි 1,
  • තෙල් මේස හැඳි 1,
  • ඊස්ට් තේ හැඳි 1,
  • වතුර කප් ¾,
  • සීනි සිරප්,
  • සීනි කප් ½,
  • වතුර කප් ¾

සාදන ක්‍රමය 

  • මුලින්ම පාන් පිටි,කොන් පිටි,සීනි සහ ඊස්ට් ටික බෝල් එකකට දාල හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් එම මිශ්‍රණයට යෝගට් ටික සහ වතුර එකතු කර ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. (වතුර ටික ටික එකතු කර ගන්න.)අවසානයට තෙල් ටිකත් එකතු කරල හොඳින් මිශ්‍ර කර ගන්න.
  • දැන් එම මිශ්‍රණය පොලිතින් එකකින් වහල පැයක් තියෙන්න අරින්න.
  • පයිපින් බෑග් එකකට සාදා ගත් මිශ්‍රණය දා ගෙන කුඩා කොටස් කතුරකින් කපල තෙල් එකට එකතු කර ගන්න. මේක ගොඩක් ඇලෙන ඩෝ එකක් නිසා කතුරෙ තෙල් ටිකක් ගාල ගන්න.
  • මේක හැඳි දෙකක් ආදරයෙන් උනත් තෙල් එකට එකතු කර ගන්න පුළුවන්.රන් වන් පාට වෙනකන් මද ගින්නෙ බැද ගන්න.

සීනි සිරප් 

  • සීනි ටිකට වතුර එකතු කරලා ටිකක් උකු වෙනකන් උණු කර ගන්න.
  • දැන් සාදා ගත් සීනි සිරප් ටික බැද ගත් ලුකෙය්මාට් ටික උඩින් එකතු කර ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
42.jpg

අවශ්‍ය  ද්‍රව්‍ය 

  • නිල්, කොළ, රතු, කහ වැනි පාට 4කින් ජෙලි පැකට් 4ක් (නිල් පාට නැත්නම් blue berry එක හොයා ගන්න් ටිකක් අඩුයි),
  • ටිං කිරි ටිං 1,
  • ජෙලටීන් මේස හැදි 1 1/2 ,
  • වතුර 350ml

සාදන ක්‍රමය 

  • ජෙලි පැකට් 4 වෙන වෙනම සාදා ගෙන නිසි පරිදි සෙට් වුණු පසු 1cm-2cm අතර කුඩා කොටු වලට කපා ගන්න.
  • වීදුරු බෝල් එකක් ගෙන එයට කපා ගත් ජෙලි කැබලි වර්ණ විසිරෙන සේ අතුරා පසෙකින් තබන්න.
  • දැන් ක්‍රීම් එක සාදා  ගමු. 
  • වෙනම කුඩා බදුනක් ගෙන ජෙලටීන් මේස හැදි 1 1/2 දමන්න. දැන් එයට වතුර 100ml දමා කැටි නොගැසෙන සේ දිය කර ගන්න. (මෙය මද ගින්නේ ලිප මත තබා ගැනීමෙන් කැටි නොගැසෙන සේ හොදින් දිය කර ගත හැක.)
  • දැන් ඉතිරි වතුර ද එක් කර හොදින් දිය කර සිසිල් වෙන්නට තබන්න.
  • සිසිල් වු පසු ජෙලටීන් මිශ්‍රණයට ටිං කිරි ද එක් කර හොදින් මිශ්‍ර කරන්න.
  • අවසානයේ එම මිශ්‍රණය ජෙලි කැබලි දමා ඇති බෝල් එක මත  ක්‍රමවත්ව දමා ජෙලි කැබලි අතරට මිශ්‍රණය හොදින් යන පරිදි හිමිහිට භාජනය සොල වන්න.
  • පැය 2, 3ක් පමණ සෙට් වීමට ශීතකරණයේ තබන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
41.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කොහිල අල 500g,
  • වේලපු හාල්මැස්සන් 100g,
  • රතු ළුණූ 100g,
  • අමුමිරිස් කරල් 50g,
  • විනාකිරි අඩු කෝප්ප 1ක්,
  • අබ ඇට තේ හැදි 1ක්,
  • ඉගුරු කැබැල්ලක්, 
  • සුදු ළුණූ බික් 3ක්,
  • මිරිස් කුඩු තේ හැන්දක් පමණ ,
  • සීනි තේ හැදි 3ක්,
  • රම්පේ, 
  • කරපිංචා ,
  • පොල් තෙල් බැද ගැනීමට,
  • ලුණු ,
  • අවශ්‍ය නම් ටොමැටෝ සෝස් ටිකක්

සාදන ක්‍රමය

  • පලමුව කොහිල අල පොතු හැර සුද්ද කර දිග අතට සුද්ද කරගන්න.
  • ලුණු මිශ්‍ර උනු වතුරෙ වි 10 පමණ තබා ගන්න.
  • හාල්මැස්සන් ඔලු කඩා උණු වතුරෙන් සෝදා ගන්න.
  • කපා ගත් කොහිල අල වතුර බේරෙන්නට හැර  රතු ළුණූ ගෙඩි පිටින්ම සුද්ද කරගන්න.
  • සෝදා ගන්න,අමුමිරිස් ද සෝදා දෙකට පලා ගන්න.
  • චාච්චියක් ලිප තබා එය රත් වු විට තෙල් දමා තෙල් රත් වු විට රම්පේ කරපිංචා දමා බැදගන්න.
  • ඒවායෙත් තෙල් බේරෙන්නට හරින්න.
  • ඉන් පසු කොහිල දමා රන් වන් පැහැවන තුරු බැද ගෙන තෙල් බේරීමට තබන්න.
  • ඉන් පසු ලුනු ගෙඩි සහ අමුමිරිස් ද ගැඹුරු තෙලෙහි බැදගන්න. යන්තම් බැදගත්තහම ඇති.
  • එයටම හාල්මැස්සන් ද එකතු කර බැද ගන්න. තෙල් බේරීමට තබන්න.
  • ඉන් පසු ඉගුරු, සුදු ළුණූ ,අබ ඇට ,විනාකිරි ටිකක් දමා කොටා ගන්න,නැතිනම් ගලේ අබරා ගන්න.නැතිනම් බෙලෙන්ඩර් කරගන්න.
  • ඉන් පසු භාජනයක් ලිප තබා එයට ඉගුරු විනාකිරි දමා රත් කරගන්න.
  • විනාකිරි රත් වීගෙන එනවිට එයට සීනි අඹරාගත් මිශ්‍රණය ,මිරිස් කුඩු සහ රස අනුව ලුණු එකතු කර සීනි දියවන තුරු හැදි ගාමින් රත් කරන්න.
  • ඉන් පසු බැදගත් රම්පේ ,කරපිංචා ,කොහිල ,රතු ළුණූ ,අමුමිරිස් ,හාල්මැස්සන් එකතු කර හොදින් කලවම් කරගන්න.
  • විනාඩියක් පමණ පිස ලිපෙන් බාගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!