iwumphihum_ad

May 24, 2023
70.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සුදු මාළු (මලට්, කටු ඉවත් කර ග්‍රෑම් 450ක්),
  • අර්තාපල් ග්‍රෑම් 450 ක්(තම්බා පොඩිකර ගන්න),
  • හාඩ් බටර් මේස හැදි 2 ක් (සිහින් කෑලි තබන්න ),
  • කුඩාවට කපාගත් පාස්ලි මේස හැදි 3ක් ,
  • බිත්තර 1ක් (සුදු මද කහ මද වෙන් කරන්න),
  • පාන් කුඩු කෝප්පයක් ,
  • ගම්මිරිස් ලුණු රස අනුව ,
  • බැද ගැනීමට තෙල් 

සාදන ක්‍රමය

  • මාළු සිහින්ව පොඩි කරන්න.බදුනකට ගෙන එයට පොඩි කරගත් මාළු, අර්තාපල්, බටර් පාස්ලි, බිත්තර කහ මද, ලුණු, ගම්මිරිස් දමා මිශ්‍රණය ගෑරුප්පුවක අධාරයෙන් කලවම් කරන්න.
  • දැන් මෙම මිශ්‍රණය කොටස් කිහිපයකට වෙන් කරන්න.එම කොටස් පැතිලි හැඩයකට අඟල් 1/2 ක් පමණ ඝනකමට තුනී කරන්න. දැන් ඉතිරි බිත්තර සුදු මදය හා අනෙක් බිත්තරය බදුනකට දමා හොඳින් ගසන්න. 
  • දැන් සාදාගත් ෆිෂ් කේක්  බිත්තර වල දවටා පාන් කුඩු තවරා ගැඹුරු තෙලේ බදින්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
69-1280x854.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බටර් 250g යි,
  • සීනි 250g යි,
  • පිටි 250g යි,
  • බිත්තර 4 යි ,
  • බේකින් පවුඩර් තේ හැඳි 2 ක් ,
  • කජු කැබලි කෝප්ප 1/2 ක්,
  • සිහින්ව කපාගත් චෙරිස් කෝප්ප 1ක්,
  • කිරි ස්වල්පයක්,
  • වැනිලා ස්වල්පයක්,
  • රෝස පාට කලරින් ටිකක් 

සාදන ක්‍රමය 

  • මුලින්ම පිටි සහ බේකින් පවුඩර් එකට එක් කර හලා පසෙකින් තබා ගන්න. බිත්තර,සීනි සහ බටර් බඳුනකට දමා එය හොඳින් ගසාගන්න. 
  • ඉන්පසු මෙයට පිටි ටික දමමින් කලවම් කරගන්න.කිරි ස්වල්පයක් ද දමා වැනිලා සහ රෝස පාට කලරින් එක් කරගන්න. මෙසේ සකසා ගත් මිශ්‍රණයට කපා ගත් කජු කැබලි චෙරිස් දමා සැහැල්ලුවට කලවම් කර බටර් තවරා ගත් තැටියක දමා ගන්න. 
  • උඩින් කජු සහ චෙරිස්  කැබලි දමා ෆැරන්හයිට් අංශක 150 ක උෂ්ණත්වය යටතේ විනාඩි 45ක් පමණ බේක් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
68.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ගර්කින් ගෙඩි 1ක්,
  • බේබි කෝන් 5-6ක්,
  • බාගෙට තැම්බූ කැරට් අල  2ක්,
  • වාෂ්පයෙන් (යන්තමට ) තම්බාගත් ගෝවා,
  • ලීක්ස් ගස් දෙකක සුදු කොටස්,
  • බෙල්පෙපර් 2ක් ,
  • සුදුලූනු බික් ලූණු බික් 2ක් ,
  • ලුණු ගම්මිරිස්( රස ඇවැසි පමණට ),
  • සෝයා සෝස් ,
  • එළවළු තෙල් ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • පළමුවෙනි ගර්කින්, බේබිකෝන් බාගෙට  තම්බාගත් ගෝවා, තම්බාගත් කැරට්, ලීක්ස් බෙල්පෙපර්,  තක්කාලි තරමක කැබලි වලට කපා ගන්න.
  • පසුව තෙල් ස්වල්පයක් රත්වන්නට තබා සුදු ලූනු බැද එයට තම්බාගත් එළවළු සියල්ල දමා අඩු ගින්දරේ රස්නයට බැදගන්න. රන්වන් පැහැයට බැදුණු පසු ලුණු, ගම්මිරිස් හා සෝයා සෝස් එකතු කර මද වේලාවකට පසු ලිපෙන් ඉවතට ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
67.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කඩල (තම්බා ගත්) ග්‍රෑම්  250 ක්,
  • මිරිස් කුඩු තේ හැඳි 1ක්,
  • කහ තේ හැදි 1/2,
  • උලුහාල් තේ හැදි 1/2 ,
  • රම්පෙ, කරපිංචා ,
  • බී ළූණු ගෙඩි එකක් ,
  • වියළි මිරිස් කරල් 4 ක් ,
  • බැදපු තුන පහ කුඩු තේ හැන්දක් ,
  • මිටි කිරි කෝප්ප 2ක්– 3ක්,
  • පොඩි තක්කාලි ගෙඩියක්  ,
  • අබ ඇට තේ හැදි බාගයයි 

සාදන ක්‍රමය 

  • බෙරි නොවන සේ හොඳින් තම්බා ගත් කඩල වලට පොල් කිරි හා ලුණු දමා පසෙකින් තබන්න. තෙල්  ස්වල්පයක් අඩු ගින්දර රස්නයට ලිප තබා ඒ රත් වී එන විට රම්පෙ, කරපිංචා හා අබ ඇට දමා බැදගන්න.අබ ඇට පුපුරා එන විට කපාගත් බීලූනු, අමුමිරිස්, තක්කාලි, වියලි මිරිස්, තෙලට එක්කර ගත යුතුයි.
  • මිරිස් කුඩු හා අමු තුන පහ කුඩු ද එකතු කර කරගත් පසුව මිශ්‍රණයේ රන්වන් පැහැවන තුරු බැද ගත් පසුව කඩල මිශ්‍රණයට එකතු කරගන්න. ව්‍යංජනය හොඳින් උතුරා එන විට බැදපු තුන පහ කුඩු එකතු කර ලිපෙන් ඉවතට ගන්න .
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
66.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉස්සෝ ග්‍රෑම් 100 ,
  • අමු තුනපහ කුඩු තේ හැඳි 1ක්,
  • මිරිස් කුඩු තේ හැදි 1/2,
  • බී ළූණු ගෙඩි 1,
  • ලුණු රස අනුව ,
  • ගිතෙල්  ස්වල්පයක්

සාදන ක්‍රමය

  • පළමුව ඉස්සන් ඔලු කපා සෝදා ගන්න.බණ්ඩක්කා ද (ළපටි බණ්ඩක්කා කරල් තෝරාගන්න) සෝදා නටුව වත්කර තරමක කැබලි වලට කපා ගන්න. 
  • ගිතෙල් ස්වල්පයක් බඳුනකට දමා අඩු ගින්දරේ රස්නයට ලිප තබන්න.තෙල් රත් වී එන විට පළමුවෙන් ඉස්සන් දමා බැදගන්න. ඉන් පසු කපාගත් බීලූනු සමග මිරිස් කුඩු ,කහ, අමු තුනපහ, ලුණු එකතු කර අනතුරු බණ්ඩක්කා ද දමා( බණ්ඩක්කාවල කොළ පැහැය වියැකී නොයන සේ ) බැද ගත යුතුය.
  • බැද මද  වේලාවකට පසුව ලිපෙන් ඉවතට ගන්න. අවශ්‍ය නම් පොල්කිරි, මුදවාපු කිරි ස්වල්පයක් එකතු කර ගත හැක .
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
65-1280x853.jpeg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ස්ප්‍රින්ග් ෂීට්,
  • සැමන් (ලොකු හෝ කුඩා ටිං 01ක්),
  • අල ( සැමන් එකට අවශ්‍ය ප්‍රමාණයට ),
  • ලූනු ගෙඩියක්,
  • මිරිස් ( අවශ්‍ය නම් ),
  • ගම්මිරිස් ( අවශ්‍ය ප්‍රමාණයට ),
  • කෑලි මිරිස් ( අවශ්‍ය ප්‍රමාණයට ),
  • ලුනු රස අනුව,
  • සුප් කැටයක් ,
  • තෙල් පොඩ්ඩක්,
  • අබ ස්වල්පයක්

සාදන ක්‍රමය

  • අල හොදට හොදලා තැම්බෙන්න තියන්න. ඒ අතර තුර මිරිස් පොඩියට කපා ගන්න, ළූණුත් පොඩියට කපා ගන්න. සැමන් එක කඩලා භාජනයකට දාගෙන පොඩි කරගන්න.
  • අල තැම්බුනාට පසේ පොත්ත ඇරලා පොඩි කරගන්න. (රස්නෙයි පරිස්සමෙන් කරන්න ) තෙල් ටිකක් ලිපේ තියලා රත් වී ගෙන එද්දි අබ ටික දාන්න ඊට පස්සේ ළූණු ටික ඒවා බැදීගෙන එද්දි අල සැමන් මිරිස් එකතු කරන්න.
  • කැමති නම් සැමන් එකේ වතුර එකත් එකතු කරන්න පුලුවන්. කෑලි මිරිස් ගම්මිරිස් කුඩු ලුනු එකතු කරලා හොදින් කලවම් කරගන්න. සුප් කැටෙත් එකතු කරන්න ( අර කට්ලට් වලට හදන්නේ ඒ වගේ )
  • පදමට ආවාම ලිප ඕෆ් කරලා බාගන්න. ඉන්පසු ස්ප්‍රින්ග් ෂීට් එකක් ගෙන අපි හදාගත් අල සැමන් මිශ්‍රනයෙන් පොඩ්ඩක් ස්ප්‍රින්ග් ෂීට් එකේ තියාගෙන රෝල් කරගන්න. ( අයින හරියෙන් වගේ තියලා එක සැරයක් රෝල් කරලා දෙපැත්තෙන් නමලා ආයේ රෝල් කරන්න. නැත්තම් ගොට්ට හදන විදියට මුල්ලකින් තියලා රෝල් කරන්න. කැමති විදියට හැඩයක් හදාගන්න පුලුවන්.)
  • එහෙම හැදු රෝල් තෙල් තාච්චියක් ලිපේ තියලා තෙල් රත් උනාට පස්සේ බැදලා ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
64.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පෙති පාන් 10,
  • බිත්තර 02,
  • බැදපු සොසේජස් 10,
  • නැවුම් කිරි 50ml ( fresh milk),
  • ලුනු (රස අනුව),
  • චීස් ස්ලයිස් ( චීස් පෙති) 05,
  • තෙල් පොඩ්ඩක්

සාදන ක්‍රමය

  • ඉක්මනින් හදාගන්න පුලුවන් කෑමක් වේ.
  • පෙති පාන් ගෙන හතර පැත්තෙ වාටිය කපාගන්න ඊට පස්සේ රෝලින් පින් එකක් ආදාරයෙන් පාන් පෙති තුනි කරගන්න. (රෝලින් පින් එකක් නැත්තම් රෝල් කරගන්න පුලුවන් දෙයක් යොදාගන්න)
  • බිත්තර, කිරි, ලුනු සේරම පොඩි භාජනයට දාගෙන හොදින් කලවම් කරගන්න ( ගම්මිරිස්,මිරිස් අවශ්‍ය නම් යොදාගන්න )
  • දැන් තුනී කරගත් පාන් පෙත්ත උඩින් චීස් පෙති භාගයක් කපාගෙන තියන්න (කැමති නම් පෙත්තම යොදාගන්න) ඊට පසේ බැදපු සොසේජස් එකක් තියන්න.
  • පසුව චීස් හා සොසේජස් තිබු පාන් පෙත්ත අතින් රෝල් කරන්න ( රෝල්ස් වගේ) ඉන්පසු කිරි,බිත්තර,ලුනු දැමු භාජනයේ හොදින් පොගවා ගෙන පිගනක් මත තබා ගන්න.
  • තෙල් ස්වල්පයක් දැමු සෝස් පෑන් එකක් අඩු ගින්දරේ ලිපමත තබා රත්වු පසු අපි රෝල් කර සාදාගත් රෝල් ටික සෝස්පෑන් එකෙ තියා බැදගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
63.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හාල් පිටි කෝප්ප 2 1/4,
  • මිටි පොල් කිරි කෝප්ප 1,
  • දිය පොල් කිරි කෝප්ප 1,
  • ලුණු කුඩු මේසහැදි 1/2,
  • පොල් තෙල්,
  • දවුල් කුරුදු කොළ මිටි 1,
  • සීනි කෝප්ප 1 1/2,
  • වතුර කෝප්ප 1

සාදන ක්‍රමය

  • දවුල් කුරුදු කොළ දියකිරි වලින් අඹරා නානු සාදා පෙරාගන්න .
  • හාල් පිටි, සාදාගත් නානු මිශ්‍රණය සහ මිටි කිරි එකට එකතුකර ආප්ප මිශ්‍රණය මෙන් අනාගන්න .
  • දැන් තාච්චියක් ලිපේ තියලා එයට පොල්තෙල් දමා හොදින් රත් වූ පසු ආස්මි හැන්දකින් රවුමට කරකවමින් වත්කරගන්න.(සිදුරු සහිත ගැඹුරු පොල්කටු හැන්දක් ගන්න පුළුවන් )
  • මෙය මදක් බැදෙනකොට තෙල් හැන්දකින් අඩරවුමක් ලෙස නවා දෙපැත්ත දමා බැදගන්න.තෙල් ඉවත් වූ ආස්මි හුලන් නොවදින සේ අසුරා තැබීමෙන් සති 2-3ක් පමණ තබාගැනීමට හැකිය.
  • දින දෙකකින් මේ ආස්මි නැවත බැදගන්න.එතකොට හොද ලස්සන සුදු පාටක් එනවා වගේම හොඳින් පිපිලා එනවා.
  • දැන් මේ බැදුණු ආස්මි වලට උඩින් පැණි මිශ්‍රණයක් දාන්න ඕනෙ රස වෙන්න නම්. ඒකට සීනි සහ වතුර උණු කරලා ඝන වෙන්න කලින් රටාවකට ආස්මි උඩින් වත්කරගන්න. හකුරු උණු කරලා ගන්නත් පුලුවන්. නැත්නම් සීනි මිශ්‍රණය ට කැමති වර්ණයක් යොදාගන්නත් පුළුවන්.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
62.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • චොකලට් 50g,
  • මාෂ්මෙලෝස් 10,
  • කිරි කෝප්ප 1,
  • චොක්ලට් පවුඩර් මේස හැදි 2,
  • මිලික්මේඩ් මේස හැදි 1

සාදන ක්‍රමය

  • මුලින්ම චොක්ලට් ටික සිහින්ව ග්‍රේට් කරගන්න.
  • දැන් කිරි ටික ලිපේ තියලා මිලික්මේඩ් මේස හැදි 1 ත් දාලා ඒකටම මාෂ්මෙලෝස් 10 විතර දාලා දියවෙනකල් නොනවත්වා මදගින්නෙ විස්ක් එකකින් කවලම් කරන්න.
  • රත් වූ කිරි මිශ්‍රණය ග්‍රේට් කරගත් චොක්ලට් ටික ට දාලා එයට චොක්ලට් පවුඩර් ටිකත් දාලා හොඳින් දියවෙනකල් විස්ක් එකකින් කවලම් කරගන්න .
  • දැන් මෙසේ මූස් එක ඔයාලා ගෙ ඩෙසර්ට් කප්ස් වලට දාලා ෆ්‍රිජ් එකේ යට කොටසේ තියලා සෙට් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 23, 2023
61.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොහිල අල 400g,
  • ලූනු 300g,
  • අමුමිරිස් 50g,
  • කරපිංචා,
  • කුනිස්සන්/උම්බලකඩ/හාල්මැස්සන් 100g,
  • මිරිස් කුඩු,
  • කෑලි මිරිස්,
  • තුනපහ කුඩු,
  • කහ,
  • ලුනු කුඩු,
  • සියඹලා මේස හැදි 2,
  • සීනි තේ හැදි 1/2,
  • තෙල්

සාදන ක්‍රමය

  • මේ බැදුම හදන විට කොහිල අල සහ ලූනු ඔයාලට කැමති ප්‍රමාණයට ගන්න පුලුවන්. අඩු වැඩි වුනාට රසයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේමයි මේ බැදුම නිර්මාංශ ආහාර වේලකට එකතු කරගන්න.
  • කැමතිනම්කුනිස්සන්වෙනුවටරටකජු, කජු වගේ දෙයක් එකතු කරගන්නත් පුලුවන්. මුලින්ම කොහිල සිහින්ව කපාගන්න. කපාගත් කොහිලවල එකට ඇලෙන ගතිය ඉවත් වෙන්න පොල්තෙල් මේස හැන්දක් දමා කපාගත් කොහිල සමග හොදින් කලවම් කරන්න. 
  • මේ අතර ලූනු සහ අමුමිරිස් වෙන වෙනම කපාගන්න. කපාගත් සියල්ලට ලුනු කුඩු, කහ එකතු කර හොදින් මිශ්‍ර කරගන්න. මේ බැදුමට මම එකතු කරගත්තේ කුනිස්සන්.
  • දැන් පෑන් එකක් ලිපේ තබා එයට තෙල් එකතු කර තෙල රත්වන විට කොහිල, ලූනු, අමුමිරිස්, කරපිංචා, කුනිස්සන් වෙන වෙනම හොදින් බැදගන්න.
  • ඉන්පසුව සියඹලා පේස්ට් එකක් සාදා ගන්න.ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඇඹුල් එකතු කරගන්න. දැන් මැටි ඇතිලියක් ලිපේ තබා එයට සියඹලා පේස්ට් එක දමා රත් වෙන විට එයට මිරිස් කුඩු, තුනපහ කුඩු, කෑලි මිරිස්, ලුනු කුඩු, සීනි එකතුකර රත් වෙන විට බැදගත් සියල්ල එකතු කර හොදින් මිශ්‍ර කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!