අවශ්‍ය ද්‍රව්‍ය
- මී කිරි කෝප්ප 1,
- මිල්ක්මේඩ් කෝප්ප 3/4,
- කෝන්ෆ්ලා මේස හැඳි 2,
- ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1,
- වැනිලා තේ හැඳි 1/2
සාදන ක්‍රමය
- මී කිරි, මිල්ක්මේඩ් සහ කෝන්ෆ්ලා හොඳට මිශ්‍ර කරගන්න. කැට නැතිව හොඳට ක්‍රීම් වෙනකම් මිශ්‍ර කරන්න.
- ඒකට ෆ්‍රෙශ් මිල්ක් සහ වැනිලා ටික එකතු කරගන්න.
- බටර් ගාගත් ට්‍රේ එකකට මේ මිශ්‍රණය දාලා ෆොයිල් පේපර් එකකින් වහලා විනාඩි 45ක් ස්ටීම් කරන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.










