iwumphihum_ad

May 24, 2023
111.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අල ග්‍රෑම් 500 යි,
  • රතු ළූණු ගෙඩි 8 යි,
  • අමු මිරිස් කරල් 4 යි,
  • මිරිස් කුඩු මේස හැඳි 2 යි,
  • උම්බලකඩ කුඩු මේස හැඳි 2 යි,
  • කහ කුඩු සුවල්පයක්,
  • රම්පෙ, කරපිංචා,
  • පොල් තෙල් මේස හැඳි 1 1/2 යි,
  • ලුණු සහ දෙහි

සාදන ක්‍රමය

  • අල සෝදා තම්බාගන්න. පසුව පොතු ඉවත්කර කුට්ටි කපාගන්න. රතුළූණු සහ අමු මිරිස් සිහින්ව ලියාගන්න. 
  • මිරිස් කුඩු, උම්බලකඩ කුඩු, කහ, රම්පෙ, කරපිංචා, ලියාගත් රතුළූණු සහ අමු මිරිස් සමග පදමට ලුණු සහ දෙහි එක්කර අල කැබැලි වල හොඳින් තැවෙරෙන සේ වතුර ස්වල්පයකින් අනාගන්න. 
  • ඇතිලියකට තෙල් දමා ලිප තබා නටන විට අල මිශ්‍රණය දමා හොඳින් පෙරළමින් සුවඳ හමන තුරු බැදගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
110.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • නොමේරූ කන්කුන් මිටි 1 යි,
  • රතුළූණු ගෙඩි 10 යි (තීරු කපාගන්න),
  • අමු මිරිස් කරල් 3 යි (සිහින්ව ලියාගන්න),
  • කහ ස්වල්පයක්,
  • ලුණු ස්වල්පයක්,
  • මිරිස් කුඩු තේ හැඳි 1 යි,
  • උම්බලකඩ කුඩු මේස හැඳි 1 යි,
  • වතුර කෝප්ප 1/2 යි,
  • තෙල් ස්වල්පයක්

සාදන ක්‍රමය

  • කන්කුන් කුඩා තරමක් කුඩා කර කපාගන්න. කපාගත් කන්කුන් රතුළූණු, අමු මිරිස්, ලුණු, කහ, මිරිස් කුඩු, උම්බලකඩ කුඩු සමග අනාගන්න.
  • සියල්ල ඇතිළීයකට දමා වතුර කෝප්ප 1/2 ක් එකතු කරමින් හොඳින් පිසගන්න. පසුව ඇතිළියකට තෙල් දමා රත්වූ පස් එම තෙලට කලින් පිසගත් කන්කුන් එකතු කර තෙම්පරාදු කරගන්න.

ඔබට මෙය මෙසේද හැදිය හැක

  • තෙල් ටිකක් ලිප තබා කපාගත් කන්කුන් රතුළූණු, අමු මිරිස්, කහ, මිරිස් කුඩු, උම්බලකඩ කුඩු සමග අනාගත් සියල්ල තෙලෙන් ස්වල්ප මොහොතක් තම්බා එයට වතුර කෝප්ප භාගයක් හෝ කාලක් දමා පිස ගන්න. යන්තම් ඉස්ම හිදීගෙන එනවිට ලුණු බලා ලිපෙන් බා ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
109-1280x853.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • දැල්ලන් ග්‍රෑම් 250 යි,
  • තුනපහ කුඩු,
  • ගම්මිරිස් කුඩු,
  • රතු ළූණු ග්‍රෑම් 50 යි,
  • අමු මිරිස් කරල් 2 යි,
  • රම්පෙ, කරපිංචා,
  • සුදු ළූණු බික් 2 යි,
  • අමු ඉඟුරු කැබැල්ලක්,
  • තක්කාලි ගෙඩි 2 යි,
  • ලුණු ස්වල්පයක්,
  • කහ ස්වල්පයක්,
  • පොල් බෑවක කිරි,
  • දෙහි යුෂ

සාදන ක්‍රමය

  • දැල්ලන් හොඳින් සෝදා කපාගන්න. රතු ළූණු සහ අමු මිරිස් ලියාගන්න. අමු ඉඟුරු හා සුදු ළූණු ගලේ දමා අඹරාගන්න.
  • රම්පෙ, කරපිංචා, කුරුඳුපොතු, තුනපහ හා මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු හා තක්කාලි, දියකිරි හා ලුණූ දමා ළිප තබන්න. මද ගින්නේ තැම්බුණ පසු මිරිකිරි දමා ඉස්ම හිඳුන පසු ළිපෙන් ඉවත් කරන්න. ඉන්පසු දෙහි යුෂ ස්වල්පයක් දමාගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
108-1280x850.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කජු මද 200 යි,
  • ලුණූ කුඩු ස්වල්පයක්,
  • කහ කුඩු ස්වල්පයක්,
  • මිරිස් කුඩු මේස හැඳි 1 යි,
  • බටර් ස්වල්පයක්

සාදන ක්‍රමය

  • කජු පොතු ඉවත් කර ලුණු කුඩු, කහ කුඩු සහ මිරිස් කුඩු සමග මිශ්‍ර කරන්න. පැයක් හෝ දෙකක් තිබෙන්නට හරින්න.
  • තාච්චියක් වැනි භාජනයකට බටර් දමා රත්වන විට කජු ටික එයට දමා බදින්න. හැන්දකින් එහා මෙහා පෙරළන්න.
  • කරස් හඬින් හැපෙන තරමට බැදුනු පසු ලිපෙන් ඉවතට ගෙන මෘදු රෙදි කඩකින් පොට්ටනියකට බැඳ තෙල් ඉවත්වන්නට හරින්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
107.png

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඩාර්ක් චොකලට් 825 g,
  • බටර් 675 g,
  • පිටි 225 g,
  • බේකින් පවුඩර් 9 g,
  • සීනි 675 g,
  • බිත්තර 450 g

සාදන ක්‍රමය

  • මුලින් සීනි සහ බිත්තර හොඳින් බීට් කරගන්න.(සීනි දියවී හොඳින් පෙන නගින තුරු)
  • ඒ සමගම බටර් ටිකත් ගෙන ඩබල් බොයිල් ක්‍රමයට බටර් දියවෙන තුරු බොයිල් කර එයට චොකලට් ටික දමා හොඳින් දියවෙනතුරු කලවම් කර ගන්න.
  • පිටි ටික සහ බේකින් පවුඩර් ටික එකට දමා පැත්තකින් තබා ගන්න.
  • දැන් බිත්තර සහ සිනි මිශ්‍රණය ගෙන එයට චොකලට් මිශ්‍රණය දමා අතින් කලවම් කරන්න.
  • එලෙසම එයට පිටි මිශ්‍රනයද දමා කලවම් කර ගන්න.
  • බේකින් ට්‍රේ එකකට බටර් ගාගෙන පිටි ස්වල්පයක් ඉස සාදා ගත් මිශ්‍රණය එයට දමා ගෙන 160 C විනාඩි 25ත් 30ත් අතර බේක් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
106.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැරට් ග්‍රෑම් 750 යි,
  • කිරි ලීටර් 1 යි,
  • සීනි (අවශ්‍ය තරමට)

සාදන ක්‍රමය

  • කැරට් සිහින් තීරුවලට කපා ගන්න. නැතිනම් ග්‍රේටරයකින් සූරාගන්න. (අලය මැද ඇති ඝණකම් කොටස ඉවත් කරන්න) සියල්ල එකට මිශ්‍ර කර බ්ලෙන්ඩරයකින් බ්ලෙන්ඩ් කරගෙන එය හොදින් පෙරා ශීතකරණයෙහි තබන්න.
  • අවශ්‍ය වේලාවට අයිස් කැට එකතු කර පිළිගන්වන්න.
  • මෙය දින දෙක තුනක් ශීතකරණයක කල් තබා ගත හැකිය.
  • සමහරු මෙයට රම් හෝ බ්‍රැන්ඩි තේ හැන්දක්ද එකතු කරයි. එය ඔබේ රස අනුව.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
105.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • වැව්මාළුග්‍රෑම් 500 යි,
  • ලොකුළූණුගෙඩි 3 යි,
  • මුරුංගාකොළ,
  • අමුමිරිස්කරල් 5 යි,
  • ලුණූ ස්වල්පයක්,
  • ගම්මිරිස් ස්වල්පයක්,
  • කෑලි මිරිස් ස්වල්පයක්,
  • සුදු ළූණූ බික් 6-7ක්,
  • තක්කාලි ගෙඩි 1 යි,
  • කහ ස්වල්පයක්,
  • කරපිංචා, සේර, රම්පෙ, කුරුඳු ස්වල්පය බැගින්

සාදන ක්‍රමය

  • වැව් මාළු හම ගලවා කටු වලින් බේරාගන්න.
  • ළූණූ, අමු මිරිස්, රම්පෙ, කරපිංචා,යනාදිය සිහින්ව ලියා තෙලෙන් බැදගන්න, එයට තරමක් ලොකුවට කපා ගත් සුදුළූණූ එකතු කරන්න.
  • කැබලි කපා ගත් තක්කාලිද එකතු කරන්න. කහ, කෑලි මිරිස්, ගම්මිරිස්, ලුණූ පමනට එකතු කොට කලවම් කරන්න. මේ සියල්ල යන්තම් බැදීගෙන එනවිට හම,කටු ඉවත් කර සූදානම් කරගත් වැව්මාළු දමා තවත් ටික වේලාවක් බැදගන්න.
  • එයට මුරුංගා කොළ ටිකද එකතු කොට මාළු තැම්බී ඇතිනම් ලුණු බලා ලිපෙන් බා ගන්න.
  • ඔබට මුරුංගා කොළ වෙනුවට කංකුන්ද යොදා ගත හැක.(මාළු නිතර හැදි ගාන්න එපා. හැදිගෑමෙන් මාළු කුඩා කුඩා කැබලි වලට කැඩී යයි. එම නිසා වලඳ සොලවමින් කලවම් කර ගන්න.)
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
104.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • මයෝනිස් 3 හැදි (44 ml),
  • ලෙමන් යුෂ තේ හැඳි 2 ක් (9.9 ml),
  • සුදුළුනු කැඩුණු කැබලි 1 තේ හැදි (3g),
  • තද බිත්තර 6 ක්,
  • අලිගැට පේර 1 යි,
  • රස කිරීමට ලුණු හා කළු ගම්මිරිස්

සාදන ක්‍රමය

  • මධ්‍යම ප්‍රමාණයේ බඳුනකට මයෝනිස් මේස හැඳි 3 ක් (මිලි ලීටර් 44) සහ ලෙමන් යුෂ තේ හැඳි 2 ක් (මිලි ලීටර් 9.9) දමන්න. අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කරන්න. ඔබ කැමති නම්, රසයට ලුණු ස්වල්පයක් සහ ගම්මිරිස් එකතු කළ හැකිය.
  • තැම්බූ බිත්තර 6 ක් කපා දමන්න. අලිගැට පේර කියුබ් කරන්න. 
  • අලිගැට පේර, බිත්තර, මයෝනිස්  ලෙමන් යුෂ මිශ්‍ර කර බඳුනක තබන්න. 
  • අමුද්‍රව්‍ය මෘදු  ලෙස මිශ්‍ර කරන්න. 
  • ඔබේ රසවත් බිත්තර සලාද භුක්ති විඳින්න.

May 24, 2023
103.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අමු ඉස්සන්  250g
  • අලිගැට පේර1
  • තක්කාලි 1 ක්
  • රතු ළූණු 1/2
  • රස කිරීමට නැවුම් කොත්තමල්ලි හෝ parsley
  • උණු කළ බටර් හැදි 2 ක් (මිලි ලීටර් 30)
  • දෙහි යුෂ  මේස හැඳි 1 (15 ml)
  • ඔලිව් තෙල්  මේස හැඳි 1 (15 ml)
  • රස කිරීමට ලුණු හා කළු ගම්මිරිස්

සාදන ක්‍රමය

  • උණු කළ බටර්වල ඉස්සන් එක් කරන්න. බඳුනක පිසින ලද ඉස්සන් අවුන්ස 8 ක් (230g) තබා උණු කළ බටර් මේස හැඳි 2 ක් (30ml ) වත් කරන්න. ඉස්සන් බටර් සමග හොඳින් ආලේප කරන තෙක් සැහැල්ලුවෙන් විසි කිරීමට හැන්දක් භාවිතා කරන්න. 
  • ශීත කළ ඉස්සන් පළමුවෙන්ම වික්රියාකාරකයක් තුළට දමා විනාඩි 5 ක් පමණ සීතල වතුර දමන්න. 
  • මධ්යම අධික තාපයට වඩා ඉස්සන් ස්කයිලට් එකක බලන්න. මධ්යම අධික තාපයට වඩා ඉස්සන් සාස්පාන් එකක දමා විනාඩියක් පමණ උයන්න, නැතහොත් ඒවා රෝස පැහැයට හැරෙන තුරු. ඒවා පෙරළා අනෙක් පැත්තෙන් ඒවා පාරාන්ධ වන තුරු (නොපෙනෙන) සහ රෝස පැහැයට හැරෙන තෙක් උයන්න.
  • ඔබ ඉස්සන් පෙරළීමෙන් පසු, ඒවා පිසීමට විනාඩියකටත් අඩු කාලයක් ගත විය යුතුය.
  • ඉස්සන් තනි තට්ටුවකින් විහිදුවාලීමට තරම් විශාල ස්කයිලට් එකක් භාවිතා කරන්න. මෙය ඔවුන්ට වඩාත් ඉක්මණින් හා ඒකාකාරව පිසීමට උපකාරී වේ.
  • ඉස්සන් පිඟානකට මාරු කිරීම සඳහා spatula භාවිතා කරන්න. ඔබ සලාදයේ ඉතිරි කොටස එක්රැස් කරන අතරතුර ඒවා පසෙකට දමා සිසිල් වීමට ඉඩ දෙන්න.
  • අලිගැට පේර, තක්කාලි, රතු ළූණු සහ කොත්තමල්ලි කපන්න. ඔබට විශාල අලිගැට පේර 1 ක්, චෙරි තක්කාලි අතලොස්සක්, රතු ළූණු 1/2 ක් සහ නැවුම් කොත්තමල්ලි හෝ parsley පැළ කිහිපයක් අවශ්‍ය වේ. තියුණු මුළුතැන්ගෙයි පිහියක් සහ කැපුම් පුවරුවක් අල්ලා ඔබේ එළවළු අඹරන්න. ඒවා කුඩා කැබලිවලට කපන්න එවිට ඔබට පහසුවෙන් ඉස්සන් සමඟ මිශ්‍ර කළ හැකිය.
  • එළවළු විසි කිරීම සහ විශාල සලාද භාජනයක් තුළ එකට ඇඳීම. ඔබේ කැඩුණු එළවළු බඳුනකට වත් කරන්න. දෙහි යුෂ 1 tablespoon (15 mL) සහ ඔලිව් තෙල් 1 tablespoon (15 mL) මත බින්දු කරන්න, ඉන්පසු සියල්ල මෘදු ලෙස විසි කිරීමට සලාද ටොං භාවිතා කරන්න.
  • විකල්පයක් ලෙස, ඔලිව් තෙල් සහ දෙහි යුෂ කෙලින්ම පාත්‍රයේ දෙපැත්තට දමන්න, ඉන්පසු එළවළු වලට දමන්න. සැහැල්ලු හා වාතය සහිත ප්රති .
  • ඉස්සන් තුළට එකතු කර කලවම් කරන්න. පිසූ ඉස්සන් එළවළු සමග බඳුනට විසි කරන්න. ඉස්සන් තුළ මිශ්‍ර කිරීම සඳහා ඔබේ දෑතින් හෝ ලී හැන්දකින් සලාද මෘදු ලෙස කලවම් කරන්න. ඔබ කැමති නම්, රසයට ලුණු ස්වල්පයක් සහ නැවුම් බිම කළු ගම්මිරිස් එකතු කරන්න

May 24, 2023
101.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • තෝර මාළු ග්‍රෑම් 500 යි,
  • මිටි කිරි කෝප්පයක්,
  • සුදුළූණුබික් 6,
  • වියළිමිරිස්කරල්කිහිපයක්,
  • ලුණු,
  • කහ,
  • තෙල්,
  • කරපිංචා,
  • අබ,
  • දෙහි බෑවක්

සාදන ක්‍රමය

  • මාළු තරමක තුනියට තීරු කපා ලුණු ස්වල්පයක් අතගා තෙලෙන් බැදගන්න.
  • සුදු ළූණු, වියළි මිරිස්, කරපිංචා, අබ එකට අඹරාගන්න. දැන් මිටි කිරි වලට අඹරාගත් සියල්ල දියකර ගන්න.
  • එයට ලුණු, කහ සහ දෙහි ඇඹුල් ස්වල්පයක් එකතු කරන්න. බැදගත් මාළු කැබළි එම මිශ්‍රණයේ දවටා (සීසන් වීමට) පැය භාගයක් පමණ තබන්න.
  • අවන් එකේ විනාඩි 10 ක් පමණ පිස මේසයට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!