iwumphihum_ad

May 24, 2023
122.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැකුළු හාල් කිලෝ 1 යි,
  • තරමක් පැසුණු පොල් ගෙඩි 2 යි,
  • ලුණු ස්වල්පයක්,
  • සීනි ග්‍රෑම් 400 යි,
  • පැණි ලීටර් 1/2 යි,
  • එන්සාල් ඇට කීපයක්,
  • කරබු නැටි 2ක් පමණ

සාදන ක්‍රමය

  • හාල් හොඳින් සෝදා ගරා වතුර පෙරාගෙන කොටා පිටි කරගන්න.
  • පෙනේරයකින් පිටි හොඳින් හලාගන්න. පොල් ගෙඩි දෙකෙන් එකක් සිහින්ව ගාගෙන මිටිකිරි සාදාගන්න.
  • මෙහිදී ඉතිරි වූ පොල් කුඩු සහ දෙවැනි පොල් ගෙඩිය ගාගෙන එම පොල්ද එකතු කර ඊට පිටි කැට සාදාගන්න. ඇගිලි තුඩු කවාකාරව පිටි බාජනය වටේ යවමින් ඉතා හීනියට කැට කරගන්න.
  • ඉන්පසු මේ පිටි පිට්ටු බම්බුවකට ඇතුළු කර තදකර වාෂ්පයෙන් තම්බාගන්න.
  • පැණි සාස්පානකට දමා ළිප මත රත් කරමින් ඊට සීනිද ටිකෙන් ටික එකතු කරමින් දිය කරගන්න.(නොනවත්වාම හැදි ගාන්න.) සාදාගත් පැණි ද්‍රාවණයට තලා කුඩුකරගත් එන්සාල් කරබු නැටි සවල්පයක් එකතු කරන්න.( කැමති නම් සූදුරු ඇට කීපයක්ද පැණි වලට එකතු කරන්න)
  • දැන් එයට අර මුලින් මිරිකාගත් මිටි කිරි සවල්පයද එකතු කරන්න.මේ අතර නොනවත්වාම හැදිගාන්න. කලින් සාදාගත් පිට්ටු කැට පොඩිකර ටිකෙන් ටික එකතු කරමින් හැඳි මිටකින් පත් ගාන්න. (ලිපේ ගින්දර හොදටම අඩු කරන්න.) හැන්දේ ඇලෙන පදමට ගෙන ළිපෙන් බාගෙන බටර් ගා ලෑල්ලක අතුරා රුවිත හැඩයට කෑලි කපාගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
121.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • තක්කාලි ගෙඩි 4 යි,
  • දෙහි බෑවක්,
  • බී ළූණු ගෙඩි 2 යි,
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්,
  • ලුණු කුඩු ස්වල්පයක්

සාදන ක්‍රමය

  • භාජනයකට මිරිකා ගත් දෙහි, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, අවශ්‍ය පරිදි දමා කළවම් කරන්න. 
  • පෙති කපාගත් තක්කාලි හා බී ළූණු වලට මේ මිශ්‍රණය පොඩි නොවන සේ කළවම් කරගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
120.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි ග්‍රෑම් 100 යි,
  • මාගරින් ග්‍රෑම් 50 යි,
  • සීනි ග්‍රෑම් 100 යි,
  • බිත්තර 2 යි,
  • ඇපල් ගෙඩි 2 යි,
  • ඇපල් යුෂ කෝප්ප 1/2 යි

සාදන ක්‍රමය

  • පිටි හලාගන්න, ඇපල් ගෙඩි 2 හි පොතු ඉවත් කරගන්න. භාජනයක පිටි, මාගරින්, සීනි සහ හොඳින් ගසාගත් බිත්තර සහ ඇපල් යුෂ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  • පුඩිං තැටියක් ගෙන පතුලේ පෙති ගසාගත් ඇපල් විසුරවමින් තබන්න.
  • ඊට උඩින් සාදාගත් මිශ්‍රණය වත් කරන්න.
  • සෙන්ටිග්‍රේඩ් අංශක 200 ක උෂ්ණත්වයක් ඇති පෝරණුවක මිනිත්තු 30 ක් පමණ තබා උණුවෙන් අයිස් ක්‍රීම් සමග සංග්‍රහ කරන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
119-1280x720.jpg

අවශ්‍ය දුව්‍ය

  • සම්බා කිලෝ 2 යි,
  • ඉස්සන් ග්‍රෑම් 500,
  • ළූණු කොළ ග්‍රෑම් 400,
  • රට ළූණු ග්‍රෑම් 200,
  • එළඟිතෙල් ග්‍රෑම් 200,
  • ගම්මිරිස්,
  • කරාඹුනැටි,
  • එනසාල් (අඹරාගත්) මේස හැඳි 1 1/2,
  • ලුණූ ස්වල්පයක්

සාදන ක්‍රමය

  • ඉස්සන් සුද්ද කරගෙන තම්බා ගන්න. එළඟිතෙල් නටවාගෙන ඉස්සන්, ළූණු කොළ, රට ළූණු සමග ගම්මිරිස් මිශ්‍රණය හොඳින් තෙම්පරාදු කරගන්න. 
  • ඊලඟට හාල්ද ඊට උඩින් ඉස්සන් තැම්බූ වතුරද, අවශ්‍යනම් තවත් වතුරද ලුණුද එකතුකර බත තම්බාගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
118-1280x720.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • පොඩි සැමන් ටින් 1 යි,
  • අමු මිරිස් කරල් 3 යි,
  • රතු ළූණු ගෙඩි 10 යි,
  • අර්තාපල් ගෙඩි 3 යි,
  • ලුණු, ගම්මිරිස් කුඩු, දෙහි ඇඹුල්,
  • පාන්,
  • තෙල්

සාදන ක්‍රමය

  • අල තම්බා පොඩි කරගන්න. සැමන්ද පොඩි කරගන්න.
  • එක බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. ලුණු, ගම්මිරිස්, එක් කරන්න. එය තෙම්පරාදු කරගන්න. පසුව දෙහි ඇඹුල් එක්කරන්න.
  • පාන් පෙති කපා (හෝ පෙති පාන්) විනාඩියක් පමණ වතුරේ දමාගන්න.
  • පසුව එය අත්ල උඩ තබා වතුර ඉවත් කරගන්න. කලින් පිළියෙල කරගත් මිශ්‍රණයෙන් ටිකක් ගෙන පාන් පෙත්තේ මැදින් තබා රෝල් කරන්න.
  • පසුව රත්වු තෙලට දමා බැදගන්න. මෙය සෝස් සමග කෑමට ගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
116-1280x957.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බීට්රූට් ග්‍රෑම් 100 යි,
  • කැරට් ග්‍රෑම් 100 යි,
  • ලොකු ළූණු ගෙඩි 2 යි,
  • තක්කාලි ගෙඩි 2 යි,
  • දෙහි ස්වල්පයක්,
  • අබ ස්වල්පයක්,
  • ලුණු ස්වල්පයක්,
  • සීනි ස්වල්පයක්,
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්,
  • විනාකිරි මේස හැඳි 1 ක්

සාදන ක්‍රමය

  • බීට්රූට් හා කැරට් වෙන වෙනම තම්බා පොතු ඉවත්කර කුඩා හතරැස් කැබලි වලට කපාගන්න. ලුනු හා තක්කාලි ද කුඩා හතරැස් කැබලි වලට කපාගන්න.
  • බීට්රූට්, කැරට්, ලොකු ළූණු, තක්කාලි හැර අනෙක් සියළුම ද්‍රව්‍ය බඳුනකට දමා මිශ්‍රණය සාදා ගන්න. ඉන්පසුව බීට්රූට් ඇතුළු අනෙක් ද්‍රව්‍යද කළවම් කරන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
115.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • උම්බලකඩ ග්‍රෑම් 200 යි,
  • රතු ළූණු හෝ රටළූණු ග්‍රෑම් 50 යි,
  • සුදු ළූණු බික් 3 ක්,
  • රම්පෙ, කරපිංචා,
  • පොල් (මිටක්),
  • කෑලි මිරිස් ස්වල්පයක්,
  • දෙහි යුෂ ස්වල්පයක්,
  • ලුණු ස්වල්පයක්,
  • තෙල් බෝතල් 1/2 යි

සාදන ක්‍රමය

  • උම්බලකඩ කැබැලි සිටින සේ කුඩු කරගන්න. රතු ළූණුද සිහින්ව ලියාගන්න. තෙල් ලිප තබා ලියාගත් ළූණු, උම්බලකඩ හා පොල් වෙනම බැදගන්න.
  • වෙනත් බඳුනක් ගෙන ලිප තබා රත්වන විට තෙල් ස්වල්පයක් දමා, ලියාගත් සුදු ළූණු, රම්පෙ, කරපිංචා දමා බැදගන්න. ටික වේලාවකින් කෑලි මිරිස්ද එක් කරන්න. 
  • අවසානයේ වෙන වෙනම බැදගෙන තිබූ පොල්, උම්බලකඩ හා ළූණු ද එක්කර කලවම් කරගන්න. ළිපෙන් ඉවත්කර දෙහි යුෂ හා ලුණු අවශ්‍ය පමණට දමා රසවත් කර ආහාරයට ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
114.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • දෙහි ගෙඩි 40 ක් පමණ,
  • ලුණු කැට ග්‍රෑම් 500 යි,
  • කෑලි මිරිස් කුඩු ග්‍රෑම් 100 යි

සාදන ක්‍රමය

  • දෙහි ගෙඩි 25 ක් පමණ ගෙන හතරට පලන්න (එක් එක් කොටස් වෙන් නොවන්න වගබලාගන්න) දැන් මෙසේ කපාගත් දෙහි මැදට ලුණු කැට හා කෑලි මිරිස් කුඩු ද දමන්න.
  • දැන් කඩදාසියක් මත දෙහි තබා දින කිහිපයක් තද අව්වේ තබන්න. (දිනපතා අව්වේ වේලීමට පෙර එම දෙහි තීරු මතට මිරිකාගත් දෙහි යුෂ හා ලුණු එකතු කරන්න.)
  • සතියක් පමණ දෙහි අව්වේ වේලාගෙන ඉතිරි දෙහි මිරිකා සාදාගත් දෙහි යුෂ වලට පදමට ලුණු එකතු කර ද්‍රාවණයක් සාදාගන්න. 
  • අව්වේ දමා පදම් කරගත් ලුණු දෙහි ඇතිළියකට දමා ඒවා වැසෙන්නට මෙම ද්‍රාවණය වත්කර ගෙන කට වසා දුම් මැස්සේ තබන්න. සතියකින් පමන පසු හොඳි ගතිය හිඳුන විට පාවිච්චියකට ගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
113.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • හොඳින් පැසුණු ලොකු දිවුල් ගෙඩි 2 යි,
  • සීනි ග්‍රෑම් 250 යි,
  • පොල් ගෙඩි 3/4 ක කිරි (මිටි කිරි සහ දියකිරි),
  • අයිස් කැට කිහිපයක්

සාදන ක්‍රමය

  • දිවුල් කටුව කඩා භාජනයකට දිවුල් ටික සූරා ගන්න. 
  • සීනි එකතුකර හොඳින් පොඩි කරගන්න. ඊටම පොල් කිරි වර්ග දෙකම එකතුකර හොඳින් අනා මිශ්‍ර කර ගන්න. පෙනේරයකින් පෙරා අයිස් කැට එකතුකර බීමට ගන්න.

වගේම මෙහෙමත් පුළුවන්.

  • දිවුල් මද ටික සූරා බේලෙන්ඩර් එකකට දමා වතුර හා පොල් කිරි සමග හොදින් බ්ලෙන්ඩර් උනාට පස්සේ එය හොදින් පෙරා සීනි පමනට යොදා. යාන්තම් ලුනු බින්දු දෙකක් විතර එකතු කර ශීත කරනයේ තබා කූල් උනාට පස්සේ බීමට ගන්න.
  • කැමති නම් අයිස් ක්‍රීම් ටිකකුත් උඩින් දමා පිළිගන්වන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න

May 24, 2023
112.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • හතු ග්‍රෑම් 300 යි,
  • අමු මිරිස් කරල් 4 යි (සිහින්ව ලියාගන්න),
  • එළවළු තෙල් මේස හැඳි 1 යි,
  • මිරිස් කුඩු තේ හැඳි 1 යි,
  • කහ ස්වල්පයක්,
  • කෝන් පිටි තේ හැඳි 2 යි,
  • ලුණු පදමට,
  • වතුර කෝප්ප 1/2 යි

සාදන ක්‍රමය

  • හතු සෝදා කැබලි කඩා හෝ කපා ගන්න. අමු මිරිස්, කහ, මිරිස් කුඩු, කෝන් පිටි (කෝන් පිටි අත්‍යවශ්‍යම නැත) සහ ලුණු එකට අනා හතුද මේ මිශ්‍රණයට එකතු කොට අනාගන්න. 
  • තෙල් ලිප තබා නටන විට හතු මිශ්‍රණය ඊට දමා එහා මෙහා පෙරළා ගන්න. සුවඳ හමන විට වතුර එකතු කර භාජනය වසා මද ගින්නේ පිසගන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!