iwumphihum_ad

May 24, 2023
258.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හාල් අවශ්‍ය ප්‍රමාණයට (සම්බා ),
  • දුන් තෙල් හෝ බටර් ,
  • රට ලූනු රතු ලුණු අවශ්‍ය ප්‍රමාණයට ,
  • කැරට් ලීක්ස් ගෝවා වැනි එළවළු අවශ්‍ය ප්‍රමාණයට ,
  • අර්තාපල් ,
  • කරාබු නැටි,
  • කරද මුංගු, 
  • රම්පෙ

සාදන ක්‍රමය 

  • හාල් ගරා සෝදා පසෙකින් තබන්න.
  • දුන් තෙල් හෝ බටර් සාස්පානකට දමා ලිප තබා කුඩා කැබලි වලට කපා ගත් රතු ළූණු ,රම්පෙ ,කරාබු නැටි හා කරදමුංගු එයට දමන්න.
  • මේ ද්‍රව්‍ය රන්වන් පාට වන විට සේදූ හාල් දමා විනාඩි 10ක් පමණ වේලාවක් තබා බැදෙන්න හරින්න. 
  • ඊට පසු බත තැම්බෙන්නට සෑහෙන වතුර ප්‍රමාණයක් වත් කරන්න. 
  • වෙනත් භාජනයකට දුන් තෙල් ටිකක් දමා රට ලූනු පෙති ගසා එය එක් කරමින් ලිප තබන්න .
  • කුඩා කැබලි වලට කපාගත් කැරට් දමා පසුව ගෝවා කැබලි හීනි තීරු වලට කපා ගත් කපාගත් ලීක්ස් හා අවශ්‍ය පමණට ලුණු එයට එක් කරන්න .
  • තෙම්පරාදු කරගත් මේ එළවළු වලින් සෑහෙන පමණ බතට දමා හොඳහැටි කලවම් කරන්න .පැතිලි දීසියකට බත බෙදා සිහින්ව ලියා තෙලින් බැදගත් අල හා ඉතිරි කරගත් එළවළු මිශ්‍රණය  උඩින් ඉසින්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
257.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සම්බා සහල් ,
  • කැට් උම්බලකඩ ග්‍රෑම් 100ක්,
  • ගම්මිරිස් ඇට 20ක්-25ක්,
  • කරපිංචා ,රම්පේ, සේර,
  • ලුණු ,
  • දුන්තෙල් ,
  • රතු ලූනු පෙති අවශ්‍ය පමණ,
  • කරාබු නැටි 7ක් – 8ක් ,
  • කරද මුංගු කරල් 15ක් ,
  • බත් පාට කිරීමට අවශ්‍ය කහ,
  • පොල්කිරි අවශ්‍ය පමණ 

සාදන ක්‍රමය

  • සාස්පානක් හෝ හට්ටියක දමා දුන්තෙල් රත්කොට රම්පෙ, කරපිංචා, සේර කුඩා කැබලි වලට කපා සපයා ගත් රතු ළූණු පෙති වලින් 1/3 පමණ ගෙන එයත් සමග බදින්න .
  • ලූණු බැදුණා ට පසු සෝදන ලද හාල් ද එහි දමා විනාඩි 3ක් පමණ කලවම් කර කරදමුංගු හැර අනෙක් ද්‍රව්‍ය සියල්ලම මිශ්‍ර කර පොල්කිරි වත් කරන්න .
  • හාල් මඳක් තැම්බුණු පසු කරද මුංගු එකතු කළ යුතුයි . 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
213.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • කීරි සම්බා හෝ බාස්මතී හාල් 500g,
  • කරදමුංගු කරල් 6,
  • කුරුඳු පොතු අඟල් දෙකක කෑල්ලක්,
  • බේලීෆ් එකක් (තියෙනවා නම්),
  • බත පිස ගැනීමට චිකන් ස්ටොක් හෝ සුප් කැටයක් දිය කරගත් වතුර,
  • ලුණු,
  • කහ,
  • චොප් කරගත් ළූණු කප් 1/4,
  • රම්පෙ,
  • සිහින්ව කපා ගැඹුරු තෙලේ බැදගත් ළූණු, අල,
  • ගැඹුරු තෙලේ බැදගත් කරපිංචා,
  • බැදගත් කජු හෝ රට කජු,
  • තම්බාගත් ග්‍රීන් පීස්,
  • බටර් මේස හැඳි 2ක් සහ තෙල් තේ හැන්දක්

 

සාදන ක්‍රමය

  • චිකන් ස්ටොක් එක්කර බත බෙරි නොවන සේ පිස ගන්න. බටර් සහ තෙල් වෙනම භාජනයකට දමා රත් වෙන්න තියාගෙන ඒකට කරදමුංගු, කුරුඳු, බේලීෆ්, රම්පෙ, ළූණු, කහ සහ ලුණු එකතු කරගෙන තෙම්පරාදු කරගන්න.
  • සුවඳ එන තරමට තෙම්පරාදු උනාට පස්සෙ පිසගත් බත් ඇර අනිත් සේරම එකතු කරල හොඳින් මිශ්‍ර කරගෙන, අවසානයට බත් එකතු කරගෙන කලවම් කරගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
212.png

අවශ්‍ය ද්‍රව්‍ය

  • බාස්මතී හෝ කීරි සම්බා 600g,
  • කටු රහිත චිකන් 500g,
  • කපාගත් ළූණු ගෙඩි 2,
  • තලාගත් ඉඟුරු සුදු ළූණු මේස හැඳි 1,
  • සූදුරු මේස හැඳි 2,
  • කහ තේ හැඳි 1/2,
  • කරදමුංගු 6,
  • කුරුඳු අඟල් 3ක කෑල්ලක්,
  • මිංචි කොළ කප් එකක්,
  • ගරම් මසාලා තේ හැඳි 2,
  • කපාගත් තක්කලි ගෙඩි 3,
  • රස අනුව ලුණු, ගම්මිරිස්,
  • වියලි මිදි,
  • අවශ්‍ය නම් බැදගත් කජු

 

සාදන ක්‍රමය

  • සහල් හොඳින් සෝදා වතුර බේරා පසෙකින් තබාගන්න. තෙල් හෝ ගී ටිකක් රත් වෙන්න තියාගෙන ඒකට ළූණු, ඉඟුරු සුදුළූණු සහ සූදුරු එක් කර තෙම්පරාදු කරගන්න.
  • මේකටම සෝදා කපාගත් චිකන් ටික එකතු කරගෙන චිකන් ටික බැදෙනකම් පෙරලමින් තෙම්පරාදු කරගන්න. මේ බඳුනටම කහ, කරදමුංගු, කුරුඳු පොතු, මිංචි සහ ගරම් මසාලා එක් කර මිශ්‍ර කරගෙන උතුරන වතුර මිලිලීටර් 450ක් එකතු කරගන්න. 
  • ගින්දර අඩු කර විනාඩි 25ක් පමණ පිසගන්න.
  • විනාඩි 25කට 30කට පසු පියන හැර එයට තක්කලි, ලුණු ගම්මිරිස් සහ සෝදා දිය බේරාගත් හාල් එක් කරගන්න. 
  • හොඳින් මිශ්‍ර කරගෙන භාජනය දෙපැත්තට සොලවා මිශ්‍රණය සමබර කරගන්න. බත ඉදෙන්නට අවශ්‍ය පමණට වතුර එක් කර පියනකින් වසා පිසගන්න. පිසුණු බතට කජු සහ වියලි මිදි එක් කර, මිශ්‍ර කර වසා තබන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
26-2.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

  • හාල් ග්‍රෑම් 500 ක් 
  • ලීක්ස් ග්‍රෑම් 500 ක් 
  • අමු තුන පහ කුඩු තේ හැදි එකක් 
  • රස අනුව ලුණු 
  • කරපිංචා කොළ ටිකක් තක්කාලි ගෙඩියක් 
  • සුදු ලූණු බික් දෙකක් කහ ටිකක් 
  • මාගරින් මේස හැදි 2 ක් 

සාදන ක්‍රමය 

  • හාල් ගරා සෝදා බත් පිසින ලීක්ස් ගස් හොඳින් සෝදා එහි සුදු කොටස වෙනම සිහින ලියන්න. 
  • ලීක්ස් හැකි කොටස සිහින්ව දිග අතට ලියන්න කරපිංචා කොළ ටික සිහින කපන්න. තක්කාලි ගෙඩිය කුඩා කැබලිවලට කපන්න.බඳුනක් ගෙන එයට මාජරින්  දමා රත් කරන්න.
  • එය රත්වන විට  වන විට ලියා ගත් සුදුළූණු හා ලියා ගත් ලීක්ස් ගසේ සුදු කොටස දමා බැදෙන්නට හරින්න. 
  • එයට කහ සහ තුනපහ කුඩු දමන්න. හොඳින් තෙම්පරාදු පසු පිසගත් බත් සහ සුදු ලූණු දමා කවලම් කරන්න. ඉන්පසූ කපාගත් ලීක්ස් වතුර එක්කර කවලම් කර විනාඩියක් පමණ තබා ලිපෙන් ඉවතට ගන්න .

May 24, 2023
305-1280x1600.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

දෙදෙනෙකු සඳහා ,

බාස්මතී ග්‍රෑම් 250 ක්,

කැරට් ග්‍රෑම් 65 ක් ,

ලූණු කොළ ග්‍රෑම් 100 ක් ,

සුදු ළූණු ග්‍රෑම් 50ක් ,

චීන ගෝවා ග්‍රෑම් 75 ක්,

අවශ්‍ය පමණ ලුණු ,

බිත්තර 1 ක් ,

සොයා සෝස් තේ හැඳි 3ක් 

සාදන ක්‍රමය 

  • මත පිසින්නේ බාස්මතී සහල් සඳහා වතුර තබන විට හාල් ප්‍රමාණයට සමානව වතුර එක් කළ යුතුය. එනම් හාල් කෝප්ප 1ක් නම් වතුර කෝප්ප ද 1කි . භාජනයකට තෙල් දමා ලිප තබන්න . 
  • තෙල් රත්වන විට සිහින්ව කපාගත් ඉඟුරු එක්කර එක් කර හොඳින් කලවම් කරන්න.
  • පසුව කැරට් ගෝවා සිහින් තීරු ලෙස කපාගෙන බැදගෙන ඉඟුරු වලටම එකතු කරන්න .
  • එයටම බිත්තරය එකතු කර පිසගත් මතට දමන්න. එයට ලුණු රස අනුව සොයා සෝස් එකතු කර හොඳින් කලවම් කරගෙන කුඩාවට කපාගත් ළූණු කොළ එක් කරගෙන ලිපෙන් ඉවත් කරගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
303.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

හාල් කෝප්ප 2 ක්,

වතුර කෝප්ප 4ක් ,

ලුණු ස්වල්පයක්,

මාගරින් මේස හැඳි 2ක් ,

ලියා ගත් ලොකු ලූනු ගෙඩි 1ක් ,

රම්පේ කැබැල්ලක් 

කරපිංචා ස්වල්පයක් ,

කරද මුංගු 6ක් ,

කුරුඳු කැබැල්ලක් ,

උකු පොල් කිරි 1/4,

කහ කුඩු ස්වල්පයක් ,

රෝස් එසන්ස් බිංදු 3 ක්

සාදන ක්‍රමය

  • හාල් සෝදා වතුර හා ලුණු දමා උයාගන්න. සාස්පානකට තෙල් හෝ මාගරින් රත්කරන්න . 
  • රතු තෙලට ලූනු දමා බැදගන්න.එයටම රම්පෙ කරපිංචා කුරුඳු කරදමුංගු දමා විනාඩි දෙකක් බදින්න .උයා ගත් බත් දමා කලවම් කරන්න .
  • උකු පොල් කිරි වලට කහ ස්වල්පයක් සහ රෝස් එසන්ස් බිංදු ස්වල්පයක් කලවම් කර බත උඩින් පියන වසා විනාඩි පහකට පසු හොඳින් කලවම් කරගන්න. 
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
225.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • හාල් කප් 2,
  • කහ තේ හැඳි 1/4,
  • කරදමුංගු 4,
  • කරාබුනැටි 6,
  • කුරුඳු පොතු පොඩි කෑල්ලක්,
  • රම්පෙ කෑල්ලක්,
  • බටර් පුරවල මේස හැන්දක්,
  • ලුණු,
  • පොල්තෙල් තේ හැන්දක්

සාදන ක්‍රමය

  • හාල් හොඳට සෝදගෙන බටර් හැර අනෙක් සේරම එකතු කරගෙන බත් එක පිසගන්න.
  • බත ඉදුනට පස්සෙ උණුවෙන්ම තියෙද්දි බටර් ටික එකතු කරගෙන හොඳට කූරු ගාගන්න. 
  • රසවත් සුවඳවත් කහබතක් ලෑස්තියි.

May 24, 2023
128.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • බාස්මතී හෝ සුදු හාල් කිලෝ ග්‍රෑම් 1ක් ,
  • බී ලූනු ගෙඩි 2ක් ,
  • කුකුල් මස් හෝ ඉස්සන් ග්‍රෑම් 250ක් ,
  • නිවිති ග්‍රෑම් 250ක්,
  • තක්කාලි ගෙඩියක් ,
  • සුප් කැට 1ක් ,
  • තලාගත් ඉගුරු සුදු ළූණු තේ හැන්දක් ,
  • තෙල් මේස හැඳි 8 ක්

සාදන ක්‍රමය 

  • බත පිසගන්න. තෙල් රත්වන විට නිවිති හැර අනෙක් සියලුම දේ දමා බැදගන්න. මදක් බැඳෙන විට බතද මිශ්‍රකර බත ද මිශ්‍ර කර ලුණු පදමට දමා ගන්න.
  • ලිපෙන්බාන්නටආසන්නයේනිවිතිඑකතුකරන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
123.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • අල ග්‍රෑම් 400 යි (පොතු ඉවත් කර කුට්ටි කපාගන්න),
  • උම්බලකඩ කුඩු මේස හැඳි 1 යි,
  • කහ ස්වල්පයක්,
  • රම්පෙ, කරපිංචා,
  • කපාගත් අමුමිරිස් කරලක්,
  • උළු හාල් ස්වල්පයක්,
  • පොල් බෑයක මිටිකිරි හා දියකිරි,
  • රතු ළූණු ගෙඩි 6 යි. (සිහින්ව ලියාගන්න),
  • ලූණු අවශ්‍ය පමණ

සාදන ක්‍රමය

  • කපාගත් අමුමිරිස් කරල, රම්පෙ, කරපිංචා කුඩාවට කපාගෙන ඇතිළියකට දමන්න.
  • ඊට උම්බලකඩ, උළු හාල් ස්වල්පයක්, රතුළූණු සහ කහ එක් කරන්න. ඊලඟට අල කැබලි දමා ඒවා වැසෙන තෙක් කිරි වර්ග දෙකම වත්කරන්න. ඔබේ රස අනුව ලුණුද එකතු කර ගන්න.
  • සුවඳ හමන තුරු හා අල තැම්බෙන තුරු හොද්ද පිස ගන්න. හොද්ද උකු වැඩි නම් වතුර ටිකක් එක්කර නටවාගන්න (පිස ගන්න).
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!