iwumphihum_ad

May 24, 2023
103-1-1280x960.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි මිරිස් ග්‍රෑම් 100 ක්,

සියඹලා ග්‍රෑම් 50ක් ,

ලුණුකැට මේස හැඳි එකක් ,

යම්තමට බැදගත් සූදුරු මාදුරු සහ කොත්තමල්ලි මේස හැඳි 1 බැගින් ,

කුරුදු පොතු කැබැල්ලක් ,

එනසාල් කරාබු නැටි කිහිපයක් සහ කහ ටිකක් ,

සෝදා වේලාගත් කරපිංචා 

සාදන ක්‍රමය 

  • මිරිස් සියඹලා සහ ලුණු ටික මැටි වළඳක දමා දින දෙකක් පෙනෙන්නට තබා ඉන්පසු ගලේ අඹරාගන්න .නැතහොත් මිරිස් කෑලි කපා ගොරකා  කුඩු කෑලි කපා   කුඩු කරගන්න.

  • පහේ ටික සියල්ල කරපිංචා සමග වෙනම සිහින්ව කුඩු කරගන්න.

  • ඉන්පසු හැන්දකින් මේ වර්ග දෙකම එකට දමා හොඳින් මිශ්‍ර කරන්න .

May 24, 2023
102-1280x720.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

වියළි මිරිස් කරල් ග්‍රෑම් 100 ක් ,

වියලි ගොරකා බික් තුනක් 4 ක් ,

ලුණුකැට හෝ මේස ලුණු තේ හැඳි 1 ක් ,

කරපිංචා ,

සූදුරු ටිකක් ,

කහ ස්වල්පයක් 

සාදන ක්‍රමය 

  • වියලි මිරිස් නැති කඩා සෝදා වේලෙන්නට තබන්න.ගොඩක් අද සෝදා වේලා ගන්න.

  • හොඳින් තෙත හිදි වේළුණු පසු මිරිස් සහ ගොරකා ලුණු වතුරේ දමා දින දෙකක් පමණ පෙඟෙන්නට හරින්න .

  • ඉන්පසු  කෑලි වලට කඩා ලුණුකැට කිසිසේත් මිශ්‍ර නොකර ගලේ අඹරන්න  කිසිසේත් මිශ්‍ර නොකර ගලේ අඹරන්න.අඹරන්න වතුර අවශ්‍ය නම් ලුණු වතුර ගන්න. ඔබට මෙය ගයින්ඩරයේ හොඳින් කුඩු කර ගත හැකිය.

  • අවශ්‍ය නම් සුදුලූනු දෙකක් කුරුඳුපොතු කැබැල්ලක් ආදියද දැමිය හැකිය .

  • කරපිංචා සෝදා අව්වේ වේලා එය අතින්ම කුඩු කර ගත හැකිය .සූදුරු ටික තරමක් කබලේ බැදගත් කර එයද අඹරා මිරිස් කුලියට මිශ්‍ර කරන්න.

  • කරපිංචා කුඩු එකතු කරගන්න .නැතහොත් මිරිස් සමග අන් සියලු ද්‍රව්‍ය එකට අඹරා ගන්න පුළුවන්. මේවා අඹරන විට වතුර එකතු නොකරන්නට වගබලාගන්න.
  • එසේ වුවහොත් දින කිහිපයක් තබා ගැනීම අසීරු වේ.

May 24, 2023
95-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

දිවුල් ගෙඩි 2 ක් ,

සීනි මේස හැඳි 2 ක් ,

ගම්මිරිස් ඇට කෑලි දෙකට තුනට සිටිනසේ ,

තේ හැදි1 ක් ,

ලුනු තේ හැදි 2 ක් ,

සිහින්ව කපා බැදගත් කරපිංචා තේ හැඳි  2 ක් ,

කෑලි මිරිස් තේ හැඳි 1 ක් 

සාදන ක්‍රමය 

  • දිවුල් ටික දෙතුන් වරක් පොඩි කළ සෝදා පෙරා ගන්න.

  • ලිපේ තබා හිදින්නට හරින්න.හිඳෙන විට උඩට මතුවන පෙන ඉවත් කරන්න.

  • අනෙකුත් සියල්ල එකට දමා මදගින්නේ උකු වන විට ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හැර සෝස් එකක් වශයෙන් පාවිච්චි කරන්න .

May 24, 2023
94-1-1280x960.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

තක්කාලි ග්‍රෑම් 250 ක්,

විනාකිරි මේස හැදි 4 ක්,

මිරිස් කුඩු තේ හැඳි 1 ½ ක්,

සිහින් ව ලියා ගත් සුදුළූණු තේ හැඳි ½ ක්,

සීනි මේස හැඳි 5 ක් ,

කෝන් පිටි මේස හැදි 1 ක් 

සාදන ක්‍රමය 

  • තක්කාලි උණු වතුර දමා පිටපොත්ත හැලෙන තෙක් තම්බන්න.

  • ඉන්පසු තක්කාලිවල තක්කාලි වල පොතවල පොත්ත ඉවත් කර පොඩි කර හොඳින් පෙරා ගන්න .

  • එයට සියලුම ද්‍රව්‍ය එකතුකර එකතු කර ලිප තබා උකුවන තෙක් පිසගන්න.එය උකු වේගන එන විට කෝන්පිටි මේස හැන්දක් ඇල් වතුරෙ දියකර එයට එක්කරන්න.

  •  සෝස් ප්‍රමාණයට එනවිට ලිපෙන් ඉවතට ගත යුතුය.

  • එයට ලුණු තේ හැඳි එකක් එක් කරන්න.
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

May 24, 2023
93-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

බිත්තර කහමද 2 ක්,

විනාකිරි තේ හැඳි ½ ක්,

ලුණු ,

ගම්මිරිස් ,

අබ ක්‍රීම්,

එළවළු තෙල්

සාදන ක්‍රමය 

  • කෝප්පයක් සෝදා පිසදාගෙන මාත්තු කරගන්න.

  • එයට බිත්තර කහමද එකක් ලුණු ගම්මිරිස් ටිකක් අබ ක්‍රීම්  ස්වල්පයක් විනාකිරි තේ හැඳි ½ ක් මිශ්‍ර කළ ගමන් එළවළු තෙල් බින්දුව බැගින් එකතු කර ක්‍රීම් වනතෙක් සකසන්න.

  • මෙසේ සකසා ගත් ක්‍රීම් එක පළමුව සකස්කරගත් එළවළු සලාදය උඩින්ම දමන්න.

May 24, 2023
92-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

හතර දෙනෙක් සඳහා ,

අඹරාගත් බැටලු මස් ග්‍රෑම් 500 යි 

කුඩා වට චොප් කරන ලද  බී ළූණු ග්‍රෑම් 50 යි 

ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු රස පදමට ,

කුඩාවට චොප් කරන ලද පාස්ලි මේ හැඳි 2 ක් ,

කර සූදුරු ඇට මේ සැදී 2 ක්

මිරිස් කුඩු තේ හැඳි 1 ක්,

සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ මේස හැඳි 2 ක් 

සාදන ක්‍රමය 

  • අඹරාගත් මත් මාත් සමග සඳහන් කළ සියලුම ද්‍රව්‍ය එකට එක්කර එහි රස පදමට ලුණු, ගම්මිරිස් එක්කර එක් කර හොඳට කලවම් කරගන්න. මෙය ඔබ කැමති හැඩයකට කේක් එකක් ලෙස සාදා ගන්න .
  • දැන් හොඳට රත් වූ ඩ්‍රිල් එකක් මත තබා එක පැත්තක් විනාඩි දෙකක් අතර කාලයක් නැවත අනෙක් පැත්ත හරවා ඉහත කාලයම පිස දුඹුරු පැහැයට හැරුන පසු බා ගන්න.
  • මෙය නැවතත් තක්කාලි සෝස් එක මත බහා විනාඩි දහයක් පමණ කාලයක් පිස අරාබි පතක් හෝ අරාබි පාන් සමඟ උණුසුම්ව කෑම මේසයට යවන්න.

May 24, 2023
86-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය 

කෙහෙල්මුව 1 ක් ,

රතු ළූණු ගෙඩි 15 ක් ,

සුදුළූණු අමු ඉඟුරු ස්වල්පයක්,

අඹරාගත් අබ මේස හැඳි 1 ක් ,

විනාකිරි කෝප්ප ¼ ක්,

මිරිස් කුඩු තේ හැඳි 1 ක්

අමු මිරිස් කරල් 10 ක් ,

අවශ්‍ය නම් පමණක් සීනි

සාදන ක්‍රමය

  • කෙහෙල්මුව එහි ළපටි කොටස ගෙන සිහින්ව කපා එයට ලුණු සහ දෙහි මිශ්‍ර කර උතුරන වතුර වක්කර විනාඩි 5ක් පමණ තම්බා පසුව හොඳින් වතුර මිරිකා ගන්න.

  • රතු ළූණු, අමුමිරිස් දෙකට පලා පසෙකින් තබන්න.

  • විනාකිරි භාජනයකට දමා එයට සුදු ළූණු අඹරාගත් අබ, අමු මිරිස්, කහ, මිරිස් කුඩු, ලුණු අවශ්‍ය නම් සීනි එක් කර හොඳින් කලවම් කරන්න.
  • අවසානය කෙසෙල්මුව රතු ළූණුසහ අමුමිරිස් ඊට මිශ්‍ර කරන්න.

May 24, 2023
85-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

රතුළූණු ග්‍රෑම් 150 ක් ,

අමු මිරිස් ග්‍රෑම් 75 ක් ,

කැරට් ග්‍රෑම් 50 ක් ,

අමු ගස්ලබු ග්‍රෑම් 50 ක්,

අබ ස්වල්පයක් ,

මිරිස් කුඩු ස්වල්පයක් ,

විනාකිරි අවශ්‍ය පමණ ,

සුදු ළූණු ඉගුරු ස්වල්පයක් ,

ලුණු කුඩු ස්වල්පයක්

සීනි ස්වල්පයක්

කහ කුඩු ස්වල්පයක් ,

ගම්මිරිස් කුඩු ස්වල්පයක් ,

වතුර ස්වල්පයක්

සාදන ක්‍රමය

  • රතු ලූනු සුද්ද කර සුද්ද කර සෝදා දෙකට පලා ගන්න .දිග අතට පලාගන්න.
  • කැරට් ගස්ලබු සෝදා සුද්ද කර සිහින්ව කපා ගන්න.

  • අබ විනාකිරි වලින් සිහින්ව අඹරා ඉඟුරු, සුදු ළූණු, මිරිස්කුඩු, කහකුඩු, ගම්මිරිස් කුඩු, එකට දමා වතුර සමග හොඳින් නටවා ගන්න.

  • කොන්දෙන් වුණු පසු මිශ්‍රණයට රතු ළූණු ආදී සියලුම ද්‍රව්‍යයන් දමා එක් වර කලවම් කරගන්න. ඉවතට ගෙන ද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කර මැටි භාජනයකට දමා දින දෙකක් පමණ තබා කෑමට ගන්න.

May 24, 2023
84-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

බීට්රූට් ග්‍රෑම් 250 ,

විනාකිරි කෝප්ප 1 ක් ,

ලුණු තේ හැඳි 1 ක්,

කරාබුනැටි තේ හැදි 5 ක් ,

කුරුඳුපොතු කෑලි  1 ක්,

සීනි මේස හැඳි 1 ක්,

පොතුහැර සෝදා ගත් බීට් රූට් රවුම කපාගන්න 

සාදන ක්‍රමය 

  • භාජන එකට විනාකිරි ලුණු කරාබු නැටි කරාබුනැටි කුරුඳුපොතු සහ සීනි එකතු කර ලිප තබන්න.

  • එය කීප වරක් නටන විට ලිපෙන් ඉවතට ගෙන එයට බීට් රූට් ගවුම් දමා හොඳින් වසා තබන්න.

  • දින තුනකට පසුව කෑමට ගන්න .

May 24, 2023
83-1-1280x854.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

ඇඹරැල්ලා ග්‍රෑම් 450 ක් ,

විනාකිරි කෝප්ප බාගයක්,

අඹ අඹරාගන්න මේස හැඳි 1 ක් ,

වියළි මිරිස් ග්‍රෑම් 50 ක් ,

සුදුළූණු අමු ඉඟුරු අඹරා මේස හැදි 1 ක් ,

රස අනුව ලුණු ,

රස අනුව සීනි 

සාදන ක්‍රමය 

  • පළමුවෙන් ඇඹරැල්ලා පොතු හැර කැබලි කපා විනාකිරෙන් තම්බා ගන්න .

  • පසුව විනාකිරි ස්වල්පයක් ගෙන වෙනම බඳුනකට දමා බදුනකට දමා එයට අබ වියලි මිරිස් සුදුළූණු අමු ඉඟුරු ලුණු සහ සීනි මිශ්‍ර කරගන්න .

  • අවසානයේ තම්බාගත් ඇඹරැල්ලා විනාකිරි මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරන්න .

  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!