Steamed කප් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය
- කිරි කෝප්ප 1( full cream, evaporated හෝ උකු පොල් කිරි ),
- බිත්තර 1,
- දිය කරගත් බටර් මේස හැදි 3,
- සීනි කෝප්ප 3/4,
- පාන් පිටි කෝප්ප 1,
- බේකින් පවුඩර් තේ හැදි 3/4,
- ලුනු ස්වල්පයක්
සාදන ක්‍රමය
- මුලින්ම කිරි ටික භාජනයකට දමා ගන්න. එයටම බිත්තර, සීනි සහ බටර් එකතු කර, සීනි දිය වන තෙක් හොදින් කලවම් කරන්න.
- දැන් පෙනේරයකට පිටි, බේකින් පවුඩර් සහ ලුනු දමා කිරි මිශ්‍රණයට පිටි හලා ගන්න. දැන් හොදින් මිශ්‍ර කරන්න.මිශ්‍රණය කුඩා කප් වලට දමා විනාඩි 25-30 වාෂ්පයෙන් තම්බා ගන්න.
- අවශ්‍ය නම් ජෑම් හෝ වෙනත් දෙයක් යොදා සරසා ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
