සේවරි රොටි

අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි 500g
- ලුණු කුඩු තේ හැඳි 1 1/2ක්
- මාගරින් මේස හැඳි 2යි
- බිත්තර දෙකයි
- මිරිස් කුඩු තේ හැන්දක් පුරවා
- අමු මිරිස් කරල් හතරයි
- ලූනු ගෙඩියක්
- කැරට් 100g
- ගෝවා හෝ ලීක්ස් 50g
- මස් හෝ මාළු 100g
- සිහින්ව ගා ගත් පොල් බෑයක්
සාදන ක්‍රමය
- පළමුව පිටි ටික හලා ගන්න. දැන් ගාගත් පොල්, ලුණු, බිත්තර ,බටර් ,මිරිස් කුඩු දමා හොඳින් අනා ගන්න.
- වතුර ස්වල්පයක්ද එක්කර අනාගන්න. එයට යාන්තම් තෙම්පරාදු කර ලීක්ස් කැරට් එක් කර ගන්න .
- එයටම මස් හෝ මාළු එක්කර තෙත නැති මිශ්‍රණයක් සාදා කුඩා බෝල සාදා රව්මට තූනී කර රොටී තැටියකට දමා රන්වන් පාට වන තුරු පුලුස්සා ගන්න.
- දැන් පිළිගන්වන්න.
