සැමන් ලොෆ්

අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි 300g,
- බේකින් පවුඩර් තේ හැඳි 1/2ක්,
- ලුණු තේ හැඳි 1ක්,
- මාජරින් තේ හැදි 3යි,
- කිරි කෝප්ප 3/4ක්,
පිරවුමට,
- සැමන් ටින් 1ක්,
- මාජරින් තේ හැදි 2,
- කුකිං සෝස් මේස හැඳි 1ක්,
- රස අනුව ලුණු,
- ගම්මිරිස් තේ හැඳි 1ක්,
- තක්කාලි ගෙඩි 1ක්,
- ඉගුරු හා සුදුළුණු තේ හැඳි 2ක බැගින්
- අමුමිරිස් කරල් 3ක්,
- කුඩාවට කැපු බී ළුණු ගෙඩි 1,
- මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
සාදන ක්‍රමය
- පිටි බේකින් පවුඩර් හා මාජරින් එකට දමා අනා ගන්න.
- මෙයට ලුණු එකතු කරගන්න හොඳින් කළවම් වූ පසු කිරි ටික ටික දමා අනා ගන්න.
පිරවුම සාදන ක්‍රමය
- මාජරින් රත්කර එයට ඉඟුරු සුදු ලූනු දමා බැඳුණු පසු අමුමිරිස් අමු මිරිස් , ළුණු එකතු කර ගන්න. හොඳින් තෙම්පරාදු වූ පසු තක්කාලි දමන්න ලුණු, ගම්මිරිස් ,මිරිස් කුඩු හා සෝස් දමන්න.
- ටික වේලාවකින් කුඩු කර ගත් සැමන් දමා කලවම් කරන්න.
- ඉන්පසු පෙර සෑදු පේස්ට්‍රිය තුනීකර ඒ මැදට පිරවුම තබා නවා ගන්න.
- බටර් ගාගත් දීසියක තබා බිත්තර කහමද උඩින් ගා 200° උශ්ණත්වයේ විනාඩි 45ක් බේක් කරන්න.
- දැන් පිළිගන්වන්න.
