සැමන් තෙල්දාලා

May 23, 2023by iwumphihum_ad0
53.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලොකු සැමන් ටින් 1,
  • පොඩියට කපාගත් බොම්බයිලූණු ගෙඩි 1 1/2,
  • පොඩියට කපාගත් තක්කාලි ගෙඩි 1,
  • සුදුලූණු බික් 3,
  • ඉගුරු කෑල්ලක්,
  • කෑලිමිරිස් තේහැදි 2,
  • අමුමිරිස් කරල් 3-4,
  • තෙල් මේසහැදි 1,
  • කරපිංචා,
  • ලුනු

සාදන ක්‍රමය

  • මුලින්ම ඉගුරු සුදුලූණු ටික තලාගන්න. සැමන් ටින් එක කඩා සැමන් කැබලි වල මැද ඇති කටු ඉවත්කර ගන්න.
  • පෑන් එකක් ලිප තබා එයට තෙල් දමා තෙල් රත්වූ පසු තලාගත් ඉගුරු සුදුලූණු ට්ක දමා රන්වන් පැහැ ගැන්වෙන තෙක් පිස එයට බොම්බයිලූණු , කරපිංචා හා අමුමිරිස් දමා බොම්බයිලූණු ටික රන්වන් පැහැ ගැන්වීගෙන එන විට එයට ලුනු හා කෑලිමිරිස් දමා හොඳින් කළවම් කර තත්පර 20 පමණ පිසගන්න. 
  • දැන් සැමන් ටික දමා හොඳින් කළවම් කර පියනකින් වසා විනාඩි 2-3 පමණ ලිපේ ගින්දර අඩුකොට පිස ගන්න . පසුව පියන ඉවත් කර ලිපේ ගින්දර වැඩි කර වතුර ගතිය ඉවත් වෙනතෙක් පිස ගන්න .
  • දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!