සැන්ඩ්විච් පාන්

May 24, 2023by iwumphihum_ad0
123-1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කිලෝ 1 ,

ඊස්ට් ග්‍රෑම් 20 ( තේ හැඳි 2 ක්) ,

සීනි ග්‍රෑම් 50ක් ,

ලුණු ග්‍රෑම් 15 ක් ,

බටර් හෝ මාජරින් ග්‍රෑම් 500 ක්,

කිරිපිටි ග්‍රෑම් 5 0ක් ,

අයිස් වතුර මිලිලීටර් 500ක් 

සාදන ආකාරය

  • පාන් පිටි, සීනි, ලුණු, ඊස්ට්, කිරිපිටි එකම බඳුනකට දමා මිශ්‍ර කරන්න. එයට වතුර දමා අතේ තරමක් අනා අවසානයේ බටර් දමා අනන්න.
  • අතේ ඇලේ නම් තෙල් ටිකක් ගා මිශ්‍රණය විනාඩි 10ක් අතේ අනන්න. නැතිනම් මැෂිමෙන් විනාඩි 10ක් පමණක් ගසා ගන්න. මෙය විනාඩි 45ක් පිපෙන්න තබන්න.
  • මෙම මිශ්‍රණය තෙත රෙදි කැබැල්ලකින් වසා තබන්න. අවසානය මෝලීයෙන් ග්‍රෑම් 500 බර ප්‍රමාණයට හෝ හෝ 650 බර ප්‍රමාණයට කඩන්න.
  • ඉන්පසු මෙහි බර කිරා විනාඩි දහයක් තබන්න. දැන් පාන් ටින් එකක් ගෙන එහි අඩිය වටේට මාජරින් ගාන්න.
  • නැත්නම් එළවළු තෙල් ගාන්න විනාඩි 10 කින් පසු මිශ්‍රණය අතින් තලා පාන්පිටි එකේ ප්‍රමාණයට දෙපැත්ත නවා රෝල් කර පාන් අච්චුවල දමා විනාඩි 15 – 20 පමණ අච්චුවේ 3/4 කට පිපෙන තුරු උණුසුම් තැනක තබන්න.
  • ඉන්පසු 200’c විනාඩි 20ක් බේක් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!