ස්පොන්ජ් රෝල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 4 ,
- වැනිලා තේහැදි 2
- පාන් පිටි ග්‍රෑම් 60
- සීනි ග්‍රෑම් 60
- බේකින් පවුඩර් තේහැදි 1
- කොකෝවා පවුඩර් මේස හැදි 2 -3 (කැමතිනම්)
සාදන ක්‍රමය
කේක් එක හදාගන්න කලින් බීටර් හෙඩ්ස් 2යි බෝල් එකයි වතුර නැති විදියට වියලාගන්න.ඊළඟට බේකින් ට්‍රේ එකට පාච්මන්ට් පේපර් එකක් දාලා හදාගෙන පැත්තකින් තියන්න.අවන් එක සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් වෙන්න තියලා අපි කේක් එක හදන්න පටන්ගමු.
ඊට පස්සේ පිටි ටිකට බේකින් පවුඩර් සහ චොක්ලට් පවුඩර් ටික දාලා දෙපාරක් හලාගන්න.
ඊළඟට බිත්තර කහමද සුදුමද වෙන් කරගන්න.මුලින්ම සුදුමද ටික පීක්ස් එනකල් බීට් කරගන්න.
දැන් කහමද ටිකට සීනි ටික දාලා හොඳින් බීට් කරගෙන බිත්තර මිශ්‍රණ 2 සහ වැනිලා ද එකට දමා කවලම් කරගන්න.ඊළඟට පිටි මිශ්‍රණයෙන් ටික ටික දමා ෆෝල්ඩ් කරගන්න.දැන් මේ කේක් මිශ්‍රණය තැටියට දාලා සෙල්සියස් අංශක 180 විනාඩි 15-20අතරෙ බේක් කරගන්න.බේක් වුනාට පස්සෙ උණුවෙන්ම කිචන් ටවල් එකක තදට ඔතාගෙන නිවෙන්නෙ තියන්න.
මේ අතරට අපි අයිසින් එක හදාගමු.
අයිසින් සීනි ග්‍රෑම් 90
බටර් ග්‍රෑම් 35
චොක්ලට් පවුඩර් මේස හැන්දක්
මෙම ද්‍රව්‍ය අරගෙන හොඳින් කවලම් කරගෙන අයිසින් මිශ්‍රණය හදාගන්න.
දැන් නිවෙන්නෙ තියාපු කේක් රෝල් එක අරගෙන දිගහැරලා අයිසින් මිශ්‍රණය ගාලා ආයෙත් හොඳින් ඔතලා කූල් වෙන්න ෆ්‍රිජ් එකෙහි තියන්න.
