ස්පයිසි නුඩ්ල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය
- නූඩ්ල්ස් 500g,
- තම්බාගත් චිකන් 250g ,
- කැරට්, ලීක්ස්, සිහින්ව කපාගන්න,
- ළුණු කොළ කප් 1/2 ,
- ළුණු ගෙඩියක් (කුඩාවට කපාගත්),
- සුදු ළුණු මේස හැඳි 2 (තලාගත්),
- ඉඟුරු මේස හැඳි 2 (තලාගත්),
- බටර් මේස හැඳි 2 හෝ තෙල් ,
- සෝයා සෝස් මේස හැඳි 3,
- තක්කාලි සෝස් මේස හැදි 2,
- ඔයිස්ටර් සොස් මේස හැදි 2 (තිබේ නම්) ,
- චිලි පේස්ට් මේස හැඳි 2,
- කෑලි මිරිස් තේ හැඳි 1/2,
- ගම්මිරිස් තේ හැඳි 1/2,
- කරපිංචා ඉති 2,
- ලුනු කුඩු
සාදන ක්‍රමය
- ලොකු සාස්පානක් ලිප තබා බටර් දමා දියවෙන්න හරින්න.
- එයට සුදු ළුණු, ඉගුරු, කරපිංචා, ළුණු ටික දමා රන්වන් පැහැ වෙන තෙක් බැදගන්න.
- පසුව එයට චිකන්, බිත්තර ටික දමා හොදින් කලවම් කර ගන්න.
- එයට කැරට් ටික දමා මද වේලාවක් කලවම් කරන්න.
- පසුව එයට ලීක්ස් දමාගෙන කෑලි මිරිස්, ගම්මිරිස්, ලුනු කුඩු, සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, තක්කාලි සෝස් දමා හොදින් කලවම් කරන්න.
- දැන් එලවළු ටික තැම්බිගෙන එන විට තම්බාගත් නූල්ඩස් ටික එක්කරන්න.
- එයට චිලි පේස්ට් සහ රස අනුව ලුණු කුඩු දමා හොදින් කලවම් කරන්න.
- අවසානයේ ළුණු කොළ දමා කළවම් කර ලිපෙන් ඉවත් කරගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
