සව් පුඩිං

May 22, 2023by iwumphihum_ad0
1.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සව් ඇට කොප්ප 1,
  • ෆෙෂ් මිල්ක් කොප්ප 3 1/2,
  • සීනි කොප්ප 1/2 ටිකක් වැඩිපුර හෝ හකුරැ කොප්ප 1,
  • දොඩම් යුෂ කොප්ප 1/4,
  • කරාබුනැටි 3,
  • ලුණු ටිකක්,
  • බටර් මේස හැදි 2,
  • ආමන්ඩ් හෝ කජු ටිකක්,
  • මුද්දරප්පලම් ටිකක්,
  • වැනිලා තේ හැදි 1 1/2

සාදන ක්‍රමය

  • පලමුවෙන්ම සව් ඇට හොදට හොදලා වතුර පෙරලා ගන්න. ටිකක් ලොකු භාජනයකට කිරි ටික දලා ටිකක් රත් වෙනකොට සව් ටික සීනි හෝ හකුරැ ටික, වැනිලා ,ලුණු කුඩු දලා මද ගින්දරේ දිගටම හැදිගාමින් උයාගන්න ඔනා. සව් හොදට තැම්බු නාම විදුරැ බොල වගේ තමයි පෙන්නේ.
  • අඩිය අල්ලන්න දෙන්න එපා නොනවත්වා හැදි ගාන්න ඔනා. අවසානයට දොඩම් යුෂ ටිකක් දලා බටර් ටිකකුත් දලා කලවම් කරන්න. මේ සව් එකට මේ වෙලාවේම ඔයාට ඔනා නම් මුද්දරප්පලම් කජු පොඩි කැලිවලට කපලා දාන්න පුලුවන්. ගොඩාක් රසයි එතකොට.
  • ඔයාට සව් එක කැද වගේ බොන්න ඔනා නම් සව් තැම්බුනාට පස්සේ ගොඩාක් වෙලා තියන්නෙ නැතුව ලිපෙන් බාගන්න.
  • සව් පුඩිං එක හැදුවේ සිනි දලා නිසා සුදු පාටට තියෙනවා. හකුරැ දාම්මා පැණිපාටට එනවා. එක ඔයා කැමති විදිහට දාගන්න.
  • කැමති කෙනෙක්ට මෙකට කස්ටඩ් පවුඩර් කිරිපිටි ටිකකුත් එකතු කරලා රසට කස්ටඩ් සව් පුඩිං උනත් හදාගන්න පුලුවන්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!