සරුවත්

May 24, 2023by iwumphihum_ad0
93.jpg

අවශ්‍ය ද්‍රව්‍ය

  • සිනි ග්‍රෑම් 500,
  • වතුර ලීටර් 1,
  • ඉදුනු අන්නාසි ග්‍රෑම් 250,
  • දෙහි ගෙඩි 1

සාදන ක්‍රමය

  • අන්නාසි ගෙඩියේ පොතු ඉවත් කර කපා එහි නාරටියද ඉවත් කර ගන්න.
  • පසුව අන්නාසි සිහින් කැබලිවලට කපා එහි ඉස්ම මිරිකා පෙරා ගෙන පසෙකින් තබන්න.
  • සීනි හා වතුර භාජනයක දමා ලිප තබා භාගයට අඩුවන තෙක් හැඳිගාමින් සිඳුවා ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට තබන්න.
  • දැන් මෙයට අන්නාසි ඉස්ම එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.
  • මෙය ශීතකරණයේ තබා පිළිගන්වන විට අන්නාසි කැබලි, අයිස් කැට හා කස කසා ඇට(පොගවා ගත්) දමා පිළිගන්වන්න.
  • අන්නාසි කපා යුෂ ලබාගන්නවා වෙනුවට ඔබට මෙහිදී අන්නාසි රස කාරක හා කහ පැහැති වර්ණකාරක යොදා ගැනීමටද පුළුවනි.

දොඩම් සරුවත්

  • පෙර ආකාරයටම සිනි හා වතුර ලිප තබා සකස් කොට එය නිවූනු පසු මිරිකා ගත් දොඩම් ඉස්ම කළවම් කොට ශීතකරණයේ තබා අවශ්‍ය විට අයිස් කැට,කස කසා ඇට යොදා බීමට ගන්න.
  • (මෙහිදීද ඔබට අවශ්‍යනම් ස්භාවික දොඩම් වෙනුවට රසකාරක හා වර්ණ යොදා ගත හැක.)
  • මේ ආකාරයට ඔබට සරුවත් සිරප් එක යොදා ගනිමින්,
  • නෙල්ලි සරුවත්, දෙහි සරුවත්, අඹ සරුවත් වැනි ඔබ කැමති සරුවත් වර්ගයක් සාදා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


WRITE

Our team

We are like to hear you.
info@iwumpihum.hulands.com




GET IN TOUCH

Follow Our Activity

Keep in touth with us with social media


error: Content is protected !!