ලුණූ දෙහි

අවශ්‍ය ද්‍රව්‍ය
- දෙහි ගෙඩි 40 ක් පමණ,
- ලුණු කැට ග්‍රෑම් 500 යි,
- කෑලි මිරිස් කුඩු ග්‍රෑම් 100 යි
සාදන ක්‍රමය
- දෙහි ගෙඩි 25 ක් පමණ ගෙන හතරට පලන්න (එක් එක් කොටස් වෙන් නොවන්න වගබලාගන්න) දැන් මෙසේ කපාගත් දෙහි මැදට ලුණු කැට හා කෑලි මිරිස් කුඩු ද දමන්න.
- දැන් කඩදාසියක් මත දෙහි තබා දින කිහිපයක් තද අව්වේ තබන්න. (දිනපතා අව්වේ වේලීමට පෙර එම දෙහි තීරු මතට මිරිකාගත් දෙහි යුෂ හා ලුණු එකතු කරන්න.)
- සතියක් පමණ දෙහි අව්වේ වේලාගෙන ඉතිරි දෙහි මිරිකා සාදාගත් දෙහි යුෂ වලට පදමට ලුණු එකතු කර ද්‍රාවණයක් සාදාගන්න.
- අව්වේ දමා පදම් කරගත් ලුණු දෙහි ඇතිළියකට දමා ඒවා වැසෙන්නට මෙම ද්‍රාවණය වත්කර ගෙන කට වසා දුම් මැස්සේ තබන්න. සතියකින් පමන පසු හොඳි ගතිය හිඳුන විට පාවිච්චියකට ගන්න.
- දැන් ඔබ කැමති ආකාරයකට පිළිගන්වන්න.
