රුලං පිට්ටු

අවශ්‍ය ද්‍රව්‍ය
රුලං කෝප්ප 1 ක්,
දිය කිරි කෝප්ප 1 ක්,
කුඩාවට කපාගත් කැරට් ග්‍රෑම් 50 ක්,
කුඩාවට කපාගත් බොංචි ග්‍රෑම් 50 ක්,
කුඩාවට කපාගත් ලීක්ස් ග්‍රෑම් 50 ක්,,
කපාගත් ළූණු ග්‍රෑම් 30 ක් ,
හීනියට කපාගත් කරපිංචා ටිකක් ,
වියළි මිරිස් කරල් 2 ක් ,
තලාගත් ඉඟුරු තේ හැඳි 1/2 ක් ,
තලාගත් සුදු ළූණු තේ හැඳි 1/2 ක්,
කපාගත් අමු මිරිස් කරල් 2 ක් ,
අබ ඇට ටිකක් ,
අවශ්‍ය පමණ ලුණු ,
එළවළු තෙල් හෝ එළඟිතෙල් මේස හැදි 1 ක්
සාදන ක්‍රමය
- රුලං ටික රන්වන් වන්නට බැදගන්න. භාජනයක් ලිපේ තබා එළඟි තෙල් රත් කරන්න . අබ ඇට ටික දමා පුපුරවා ගන්න ඉන්පසු ළූණු, අමු මිරිස් , කරපිංචා ,ඉඟුරු , සුදුළූණු, වියළි මිරිස් කෑලි දමා බැද ගන්න.
- ඉන්පසු එයට කැරට්, ලීක්ස්, බෝංචි ටික එක්කරන්න.
- මේවා හොඳින් බැදී ගෙන එන විට දිය කිරි වලට ලුණු කලවම් කර මෙයට එක් කරන්න.
- ඉන්පසු මෙය උතුරාගෙන එන විට ගින්දර අඩුකර රුලං ටික හෙමින් ටික ටික දමමින් හැඳිගාන්න.
- එසේ හැඳි ගාන විට හැදුනු ලිහිල් වූ අපූරු පිටුවක් සාදා ගත හැක.
- අවශ්‍ය නම් මිරිස් කුඩු ටිකක් දෙහි ටිකක් එක්කර ගත හැක.
